Y Team Sri Lanka

අපේ අරමුණු OUR OBJECTIVES

1.තරුණ තරුණියන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධනය
Youth social and Economic Development
2.තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව සංවර්ධනය
Youth Biusness Development
3.අධ්‍යාපන සංවර්ධනය හා විවිධ භාෂා දැනුම වර්ධනය
Improving youth Education & Multi Language Knowledge
4. පරිසර සංරක්ෂණය හා මත්දුව්‍ය නිවාරණය
Environment Protection & Drug Prevention
5. ආපදා කළමනාකරනය හා සහන සේවා
Disaster Manage

ment & Re leaf Service
6. ළමා/කාන්තා අයිතීන් සුරැකීම හා ළමා/කාන්තා අපයෝජනයන් වැළැක්වීම
Women and children Right Protection and against sexual abuse, domestic violence, sexual harassment, r**e, in**st & all forms of violence against women & children.
7. යහපත් සෞඛ්‍ය පවර්ධනය
Promotion of good health
8. පවුල් ගැටලු අවම කිරීම හා යහපත් පවුල් සැලසුමිකරණය
Good Family Planning and reduce family problem
9.තරුණ තරුණියන්ගේ කලාත්මක හැකියාවන් පෝෂණය කිරීම
Develop Youth art skills
10. ජීවිතය රසවිදින තරුණ තරුණියන් පිරිසක් ඇතිකිරීම
Making Enjoyable youth team in the community

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”( 11 වන වරට )2025 මාර්තු 29, 30 , 31අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනා...
15/03/2025

“තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2024”
( 11 වන වරට )

2025 මාර්තු 29, 30 , 31

අතීතයේ සිට මුළු මහත් ලෝක ප්‍රජාවගේ ගෞරවයට ,වන්දනාමානයට පාත්‍ර වූ දුර්ලභ පින්බිමක් වේනම් ඒ බුදුන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මය සනිටුවහන් කරන ලද ශ්‍රී පාද පුදබිමයි. මේ පුණ්‍ය භුමිය බෞද්ධ ජනයාට පමණක් නොව ලොව සියලු ජනයාටම අද්‍යත්මික වශයෙන් ඉතා වැදගත්වෙයි.

උතුම් ශ්‍රී පාදස්ථානය මුලික කරගනිමින් තරුණ ශක්තිය , අධිෂ්ඨානය පෙරදැරිව බැති සිතින් දින 3ක් පුරාවට ශ්‍රී පාද කරුණා කරණ බැතිමතුන්, උතුම් ශ්‍රී පාද පුදබිම හා ඒ අවට කරනු ලබන සත්කාරය තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය වශයෙන් හැදින්විය හැක.

2013 වර්ෂයේ සිට අඛණ්ඩව වසර 10 ක් සාර්ථකව සිදු කරන ලද මෙම සත්ක්‍රියාව “තාරුණ්‍යයේ ශ්‍රී පාද සත්කාරය 2025” ලෙසින් 11 වන වරටත් මෙවර මාර්තු මස 29 , 30, හා 31 යන දින වලදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ( කොරෝනා රෝගය හේතුවෙන් 2020 හා 2021 වර්ෂ වල සිදු නොකරන ලදි.)

ඔබ අප සැමගේ සහභාගිත්වයෙන් ශ්‍රී පාද ජපන් සාම චෛත්‍ය පෙදෙස ආශ්‍රීතව තෙදිනක් පුරාවට පහත වැඩසටහන් ක්‍රියාත්මකවේ.

1. දන්සැල්
2. පරිසරික ක්‍රියාකාරකම්
3. මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්
4. ප්‍රථමාධාර කදවරු
5. දැනුවත් කිරීමේ වැඩසටහන්
6. ශ්‍රමදාන
7. මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන්

ඔබගේ කාරුණික ආධාර උපකාර, අනුග්‍රහකත්වයන් ලබාදීමට හා වැඩසටහන සමග සම්බන්ධ වීමට අමතන්න
0773 773 742 , 0712 453 782

වැඩසටහන සාර්ථක කරගැනීම සදහා කල්‍යාණ මිත්‍ර ඔබ සැමගේ ගෞරවනීය පැමිණීම හා දායකත්වයන් සුපහන් සිතින් බලාපොරොත්තු වන්නෙමු.

තෙරුවන් සරණයි 🙏🙏🙏

Address

Adam's Peak
Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Y Team Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Y Team Sri Lanka:

Share