04/09/2026
හිටපු PALTRA අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ ගරු උපාලි මාගෙදරගමගේ මහතාගේ අභාවය පිළිබඳව අපි බලවත් ශෝකයට පත්වෙමු.
ග්රාමීය සංවර්ධනය, ප්රජා සවිබලගැන්වීම සහ සිවිල් සමාජ ක්ෂේත්රය වෙනුවෙන් දශක ගණනාවක් කැප කළ එතුමා, ශ්රී ලංකාවේ සංවර්ධන ක්ෂේත්රයට වැදගත් දායකත්වයක් ලබාදුන් ගෞරවනීය සංවර්ධන ක්රියාකාරිකයෙකු සහ සමාජ සේවකයෙකු විය. PALTRA ආයතනයේ ගමන් මඟට සහ එහි වටිනාකම් හා මූලධර්ම ආරක්ෂා කිරීමට එතුමා ලබාදුන් දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරමු.
PALTRA අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන්, එතුමාගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සහෘදයන් සහ එතුමාගේ සේවයෙන් ජීවිත ස්පර්ශ වූ සියලු දෙනා වෙත අපගේ හෘදයාංගම ශෝකය පළ කරමු.
අවසන් කටයුතු 2026.09.06 දින පස්වරු 6.00ට ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරේ.
දේහය 2026.09.05 දින සවස සිට මහජන ගෞරවය සඳහා ගොඩිගමුව සුසාන භූමිය ඉදිරිපිට පිහිටි “රෝහිණී ෆෙයාර්වෙල් හෝම්” අවමංගල්ය ශාලාවේ බිම් මහලේ අංක 01 ශාලාවේ තැන්පත් කර ඇත.
It is with deep sadness that we learn of the passing of Mr. Upali Magedaragamage, a respected development practitioner, rural development activist, and former member of the PALTRA Board of Directors.
He dedicated decades of his life to community empowerment, rural development, civil society, and social transformation in Sri Lanka. As a former PALTRA Board member, he contributed his experience and commitment to the organisation’s values and principles.
On behalf of the PALTRA Board of Directors and team, we extend our deepest condolences to his family, friends, colleagues, and everyone touched by his long years of service.
Rest in peace, Mr. Upali Magedaragamage. Your contribution and legacy will be remembered.
The funeral will be held at Godigamuwa Cemetery at 6.00 p.m. on 6 September 2026. The remains will lie for public viewing at Rohini Farewell Home, opposite the cemetery, in Hall 01 on the ground floor, from the evening of 5 September 2026.
Rohini Farewell Home Location: https://share.google/BB416KDWX32tLpis4