Eco Brigade Sri Lanka - EBSL

Directions Contact the organization

Eco Brigade Sri Lanka - EBSL This group is for those who wish to take part in the environmental conservation programs, protection

This group is only for those who wish to take part in the environmental conservation programs, protection and nature based educational programs as the common objective irrespective of religion, race, cast etc... We responsibly declare that we are an independent group with no hidden political agendas behind and we muscularly request our members to kindly refrain from posting politically biased posts.
’’ Come let’s protect Mother Nature as a brigade for the generations yet to come’’


මෙම සමූහය වූ කලී හුදෙක් ජාති, ආගම්,කුල මල බෙදයකින් තොර පොදු අරමුණක් ලෙස පරිසර සංරක්ෂණ,ආරක්ෂණ හා සොබාදහම පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් කෙරේ සහභාගි වීමෙ ඇල්මකින් හෙබි පිරිස උදෙසා නිර්මාණය කරන ලද්දකි.අප සමුහය ස්වාධීන වන අතර කිසිදු දෙශපාලන න්යය ප්ත්‍රයක් නැත.අපගෙ දැඞි ඉල්ලීම වනුයෙ සමුහය තුල දෙශපාලනික මත හො ජාතීවාදී මත පල කිරීමෙන් වලකින ලෙසය.
''එන්න අපි සේනාංකයක් ලෙසින් එක් වී නූපන් අනගත පරපුර උදෙසා සොබාදම් මාතාව රැකගනිමු''.

21/09/2026

ශ්‍රී ලංකාවෙන් නව ආවේණික සර්ප විශේෂයක් සොයාගැනේ.

ශ්‍රී ලංකාවේ රදනකයන් සම්බන්දව Taprobanica සඟරාවේ පලවූ නවතම පාර්‍යේෂණ පත්‍රිකාවට පාදක වූ කරුණු ගැන පැහැදිලි කිරීමේදී ප්‍රධාන වශයෙන් මෙහිදී, අළු රදනකයා ලෙස පොදුවේ සිංහල බසින් ව්‍යවහාර කරන Lycodon aulicus විශේෂයේ මුල්ම නිදර්ශකය වන ලීනියස්ගේ නිදර්ශකය අස්ථානගත්වී හෝ විනාශවී ඇති පසුබිමක වෙනත් නිදර්ශයක් neotype ලෙස නම් කිරිමේ අවශ්‍යතාව පැවති බැවින් ඒ සදහා NHMUK 1904.10.18.5 දරන නිදර්ශකයක් නම් කිරිම හා එම නිදශකයේ මිනුම් හා දත්ත ඉදිරිපත් කිරිම මුලින්ම සිදු කරන ලදි.
පසුව ආසියානූ කලාපයේ lycodon aulicus විශේෂයේ පවතින ගැටලු හේතුවෙන් හා නිසි පරිදි විශේෂ හඳුනාගෙන නොමැති වීම නිසා නමක් නොතිබූ ශ්‍රී ලාංකීය ගහණයක් සදහා විස්තරාත්මක දත්ත පදනම් කරගනිමින් නව විශේෂයක් හදුන්වාදිම සිදුකරන ලදී. මෙහිදි ඒ සදහා අණුකජීව විද්‍යාත්මක දත්ත, බාහිර රූප විද්‍යත්මක ලක්ශන, හිස් කබලේ හා දන්ත විද්‍යාත්මක ලක්ශන හා විශේෂයේ පුරුෂ ලිංගික අවයවයේ ලක්ශන උපයෝගී කරගනිමින් මෙම නම් කිරිම ප්‍රධාන ලෙස සිදු කරන ලදි. මේ අනුව ශ්‍රී ලංකාවේ මුළු සර්පයන් සංඛ්‍යාව 113 දක්වා ඉහල යයි. මෙම පර්යේෂණය සිදුකළ තසුන් අමරසිංහ, පැට්‍රික් කැම්(ප්)බෙල්, සම්පත් සෙනෙවිරත්න, සංජය වීරක්කොඩි, ජොශුවා මාටා, ස්ටීව් කෙනඩි-ගෝල්ඩ්, අනූෂ අත්තනගොඩ, භානුක රණසිංහ, ගර්නොට් වොජෙල් සහ සමීර කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමට අපගේ සුභපැතුම්.

Lycodon trifasciatus
Three banded wolf snake
තුමුදු/තුන්මුදු රදනකයා.

ශ්‍රී ලංකාවේ ආනමඩුව ප්‍රදේශයෙන් එකතු කල නිදර්ශකයක් මුල් නිදර්ශකය ලෙස හා හුන්නස්ගිරිය, රඹුක්කන යන ප්‍රදේශ වලින් එකතු කල වෙනත් නිදර්ශක පදනම්. කර ගනිමින් මෙම විශේෂය තව දුරටත් විස්තර කරන ලදි.
ප්‍රාධාන ලෙස අළු රදනකයාගෙන් මෙම විශේෂය වෙන් වන්නේ වැඩුනු සතුන්ගේ ශරිරය මත පැහැදිලි මුදු තුනක් දැරීමත්, ශරීරයෙ වෙනත් සලකුනු, තිත්, ඉරි හෝ වෙනත් අපැහැදිලි කිසිදු සලකුනු නොදැරිමත් වේ. මොවුන්ගේ පැටවුන් මෙන්ම තරුන සතුන්ගේ පැහැදිලි ලෙස හරස් මුදු 4/5 දකගත හැකි අතර සතුන් වැඩුනු සතුන් වන විට මෙම මුදු, නගුට දෙස සිට හිස දෙසට යන අතර ඇති මුදු ක්‍රමක්‍රමයෙන් මැකි ගොස් ප්‍රධාන මුදු තුනක් පමනක් අවසානයේ ඉතිරිව පවතී. තවද හිසේ කොරල වල හැඩයන් හිසේ හැඩයෙන් හා සාපේක්ෂ වලියේ දිගින් හා අළු රදනකයාට සාපේක්ෂව සිහින් දිගු ශරීරය මගින් මොවුන් පැහැදිලිව වෙන්කර ගත හැකිය. නව විශේෂයේ උදරීය කොරල 182/295( L. aulicus හී 180/215)පමනද, පෞච්ජ උදරීය කොරල 40/65 ( L. aulicus 57/78) පමන වේ.
මෙම විශේෂය ශ්‍රී ලංකාවේ ආනමඩුව, රඹුක්කන, ගම්පහ, කෑගල්ල, අරනායක, මවනැල්ල, නුවර, කුරුණෑගල, අම්පාර කලුතර, මතුගම, අගලවත්ත, ගාල්ල, මාතර, බිබිල නිල්ගල ප්‍රදේශයන් ආශ්‍රීතව පර්‍යේෂකයන් විසින් නීරීක්ෂනය කර ඇත. මොවුන්ගේ පිරිමි හා ගැහැණු සතුන් කළු හා දුඹුරු පැහැයෙන් දක්නට ලැබෙන අතර පැටවුන් පැහැදිලි කලු පැහැති වේ. වරකට බිත්තර 4 ත් 5 අතර ප්‍රාමාණයක් දමන බව නිරීක්ෂණය කර ඇත.

✒ Research team: A.A. Thasun Amarasinghe, Patrick D. Campbell, Sampath S. Seneviratne, Sanjaya Weerakkody, Joshua Mata, Stevie R. Kennedy-Gold, Anusha Aththanagoda, Bhanuka Ranasinghe, Gernot Vogel & Suranjan Karunarathna
🔗 DOI: https://doi.org/10.47605/tapro.v15i2.422
📰 Issue: TAPROBANICA, ISSN 1800–427X. Vol. 15, No. 02 (2026): pp. 275–297.
📅 Published: 13 September 2026

♡ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
#පරිසර_සමාගම

Address

383/9B Thalapathpitiya
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Brigade Sri Lanka - EBSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Eco Brigade Sri Lanka - EBSL:

Shortcuts

Share