vvs media team

vvs media team As VVS MEDIA TEAM our mission is
"discover colours through BLACK & WHITE"

අම්මාවරුන්ගේ දිනය - 2026අවසාන බත් පිඩත් පවුලටම බෙදාකන්න බඩගිනි නැතැයි කිවමුත් මුසාතේ කහට උගුරකින් වේල් තුන ගොතාහාමතේ නිද...
10/05/2026

අම්මාවරුන්ගේ දිනය - 2026

අවසාන බත් පිඩත් පවුලටම බෙදා
කන්න බඩගිනි නැතැයි කිවමුත් මුසා
තේ කහට උගුරකින් වේල් තුන ගොතා
හාමතේ නිදියගත් දවස් ඇත ඉතා

දැලි කකා ලිප එක්ක ඔට්ටු වෙන තරමක්
වසරකට සෑහෙන්න ගත්තෙ එක ඇඳුමක්
මවක් ගැන තරම් ලොව කොහිද වෙන හැඟුමක්
නිමක් නැති සංසාරේ මවක් යනු නිවනක්

නිවස තුළ හදවතේ ගැඹුරෙතම සෙනෙහේ නුඹ
හවස තේ සාදයෙහි නොපෙනෙනා රසය නුඹ
වෙහෙසකර ජීවිතේ සිනහවක රහස නුඹ
අවැසි ලෙස නොලියවුණු එකම එක කවිය නුඹ

දවසේම එහෙ මෙහා ඇවිදිනා කඟවේණි
නිවසේම දුක දරා විඳවනා උලලේණි
ඉවසීම හිත දරා හිනැහෙනා සිදේවී
රහසේම පියවරෙන් දිනවනා මුදේවී

රජුන් ඉරෙහි ගිනිපොත්තේ ඉපිල්ලී
විසල් ගැබෙහි හිනිපෙත්තේ ඉගිල්ලී
සුළං සැඩෙහි මතුමත්තේ නොසෙල්ලී
නුඹයි මගේ ලොවෙහි ගිනික්ස් කිරිල්ලී

අම්මේ!
නුඹයි මගේ ලොවෙහි ෆීනික්ස් කිරිල්ලී

විදුදය විද්‍යා සහෝදරත්වය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යන අංශයේ සිව්වන වසර ඉගෙනුම ලබන H.L. හසිත් ...
01/05/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යන අංශයේ සිව්වන වසර ඉගෙනුම ලබන H.L. හසිත් දුලංජන ශිෂ්‍යයාගේ මව මේ වන විට හෘදයාබාධ තත්වයකින් පෙළේ. ඇයගේ හදිසි හදවත් සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට අවශ්‍ය වී ඇත. එම මුදල සොයා ගැනීමට හැකි අයුරින් උපකාර කරමු.

බැංකු විස්තර:
-Name: H.L.H. Dulanjana
-Bank: BOC
-Account No: 530 2594
-Branch: Batapola branch

-Name: H.L.H. Dulanjana
-Bank: Commercial bank
-Account No: 8009706114
-Branch: Batapola branch

දුරකතන අංකය: 0772868563

06/04/2026

" විවර දොරගුලු සාර සිප්සවි
පිය තබනු මැන විශ්ව සරසවි "

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරට පිය තබන සහෝදර සහෝදරියන්ව පිළිගැනීම උදෙසා විදුදය විද්‍යා සහෝදරත්වයේ දෙවන වසර විසින් ඉදිකළ තොරණ.

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

සරා පිළිරැව් විශ්වයේ අඩහැරය දිනව් දිවි දියඹ අත දරා සිප්සවිය👨🏼‍🎓✨ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය...
06/04/2026

සරා පිළිරැව් විශ්වයේ අඩහැරය
දිනව් දිවි දියඹ අත දරා සිප්සවිය👨🏼‍🎓✨

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 24/25 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලය වෙත පියනැගූ ඔබ සැම සාදරයෙන් පිළිගනිමු

විදුදය විද්‍යා සහෝදරත්වය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

15 වන සහෘද යාත්‍රාවෙන් ප්‍රතිසංස්කරණය වූ වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල නැවත සිසු දරු දැරියන් වෙත පරිත...
31/01/2026

15 වන සහෘද යාත්‍රාවෙන් ප්‍රතිසංස්කරණය වූ වැල්හේන පොල්පිටිය විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල නැවත සිසු දරු දැරියන් වෙත පරිත්‍යාග කිරීම, එම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2026.01.30




FRATELLANZA 2025 🔥🥷Organized bySecond year brotherhood Vidudaya vidya sahodarathwayaFaculty of Applied sciencesUniversit...
30/01/2026

FRATELLANZA 2025 🔥🥷

Organized by
Second year brotherhood
Vidudaya vidya sahodarathwaya
Faculty of Applied sciences
University of sri jayewardenapura

Together for a cleaner coast. 🌴🌊Second year brotherhood Vidudaya vidya sahodarathwayaFaculty of Applied sciencesUniversi...
18/01/2026

Together for a cleaner coast. 🌴🌊

Second year brotherhood
Vidudaya vidya sahodarathwaya
Faculty of Applied sciences
University of sri jayewardenapura

17/01/2026

"ලඳුනේ..."

ගායනය: Udula Gunathilaka 21/22 VVS

මුල් ගායනය: අමරසිරි පීරිස්
ගී පද: රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය: ප්‍රේමසිරි කේමදාස

අම්මා 2025




"ඉගිලෙන්න වෙර දරන සියොතුන්ට දිරි දෙන්නරොද බැඳෙව් අහස හුරු විදුදැයේ සියොතුන් "සිප් සවිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ ...
10/01/2026

"ඉගිලෙන්න වෙර දරන සියොතුන්ට දිරි දෙන්න
රොද බැඳෙව් අහස හුරු විදුදැයේ සියොතුන් "

සිප් සවිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව

සහෘද යාත්‍රා 15 වන අදියරට සමගාමීව සිදුකරන අ.පො.ස. සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන වැඩසටහන ගණිත සහ විද්‍යාව යන විෂයයන් මූලික කරගනිමින්, දෙසැම්බර් මස 26, 27,28 තෙදින පුරා ගල්ගමුව බුල්නෑව කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව අවසන් කෙරිණි..


Address

විදුදය විද්‍යා සහෝදරත්වය
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when vvs media team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share