24/09/2026
සුරැකිය යුතු බොදුබිම වඩුන්නාගල!
උතුරු පළාතේ වවුනියාව දිස්ත්රික්කයේ 222 බී ඕලුමඩු ග්රාම නිලධාරී වසමට අයත්ව නයිනමඩු වනාන්තරය මධ්යයේ පිහිටා ඇති ක්රිස්තු පූර්ව අවධිය දක්වා දිවයන තහවුරු කළ ඉතිහාසයක් සහිත බෞද්ධ පුරාවිද්යා ස්ථානයක් වශයෙන්; දෙමළ බසින් වෙඩුක්කුනාරිමලෙයි (வெடுக்குநாறிமலை) සහ සිංහල බසින් වඩුන්නාගල නැතහොත් වඩ්ඪමාන පර්වතය වශයෙන් නම් කරන මෙම ස්ථානය හැඳින්වීමට හැකි ය.
මේ වෙත පිවිසීමට ඕලුමඩු පාසල අසළින් දකුණට ඇති මුදුනම්පිට්ටි මාර්ගයේ පැමිණ වනය තුළට ගමන් කළ යුතු ය. මෙය වනාන්තරය මධ්යයේ පිහිටි ප්රධාන ශේෂ පර්වතයකින් ද, ප්රමාණ කිහිපයක ශේෂ පර්වත සහ ගල්කුළුවලින් ද සමන්විත පිහිටීමකි.
මෙම ස්ථානය පිළිබඳ වංශකතා තුළ සඳහන්වේ ද, සඳහන් වන්නේ නම් ඒ කුමන නමකින් ද යන්න නිශ්චිත ව ම හඳුනා ගැනීම තරමක් අපහසු ය. එනමුත් මෙහි පිහිටීම, පුරාවස්තු, නාමකරණය සහ ජන විශ්වාස මත පදනම් ව මෙම ස්ථානය වංසකථාවල දැක්වෙන වඩ්ඪමාන පබ්බත හෙවත් වඩුන්නාගල නොහොත් චූලෝදර නාරජු ප්රධාන ස්ථල නාගයන්ගේ නුවර වශයෙන් ඇතැම් පසුකාලීන ලේඛකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.
මහාවංසයේ පළමු පරිච්ඡේදයේ 49 ගාථාවේ;
"කණිට්ඨිකා තස්ස කණ්හා, වඩ්ඪමානම්හි පබ්බතෙ;
නාගරාජස්ස දින්නා’සි, තස්ස චූළොදරො සුතො."
"ඔහුගේ නැගණිය කණ්හා වඩ්ඪමාන නම් පව්වෙහි නා රජුගේ භාර්යාව වීය. ඇයගේ පුත්රයා චූළෝදර නම් විය." යනුවෙන් ද,
සද්ධර්මාලංකාරයේ
"මෙම ලංකාද්වීපයෙහි දිවසත්රුවනින් විසිතුරු වූ පවුරුපදනමින් හා උද්යාන විමානාදියෙන් සශ්රීකව එක මගුල් ගෙයක් සේ සශ්රික දිව්ය නාගයන්ට වාසස්ථාන වූ නාග භවන තුනෙක් විය. එයින් වඩුන්නාගල නාග භවනයෙහි තිස්කෙළක් නයින්ට නායක වූ චුළොදර නම් නා රජෙක් වෙසෙයි." යනුවෙන් ද, එකී ස්ථානය පිළිබඳ සඳහන් කරයි.
මීට අමතරව පී. වීරසිංහ මහතා විසින් මෙම ස්ථානය පිළිබඳ අදහස් දැක්වීමේ දී මහාවංසයේ 49 වැනි පරිච්ඡේදයේ 21 ගාථාවේ "නාගවඩ්ඪනනාමස්ස, භොගගාමෙ බහූ අදා;
ලෙඛෙ’පුබ්බෙ න වාරෙත්වා, පාලෙත්වා පුබ්බසාසනං." යනුවෙන් සඳහන් වන, දෙවැනි දප්පුල රජතුමා විසින් භෝග ගම්මාන පූජා කළ නාගවඩ්ඪන නම් විහාරය ද මෙය විය හැකි බව පවසයි.
එවක සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයෙක් වූ ඊමාන් විලෙම් ෆැල්ක් විසින් මුල්ගිරිගල නායක ස්වාමීන් වහන්සේගෙන් මෙරට සහ බුද්ධාගම ගැන අසා යැවූ ප්රශ්න සඳහා උන්වහන්සේ ලබාදුන් පිළිතුරු එක්කර එඩ්වඩ් උපම් 1833 ප්රකාශයට පත් කළ ග්රන්ථයේ සඳහන් වන අයුරින්, එහි වඩුන්නාගල පිළිබඳ ප්රශ්න කිරීමේ දී උන්වහන්සේ පැහැදිලිවම එය නාගදීපයට පහතින් වන්නි කැලය තුළ පිහිටා ඇති බව "Wadunna-galle is situated at Wannia, which is to the south of Naga-Diepé." යනුවෙන් සඳහන් කරයි. ඇතැම් කඩයිම් පොත්වල පිහිටි රටේ දේශ සීමා දක්වන තැන පලුවක් රට (පල්ලවංක), කුරුඳු රට (කුරුන්දිය) ආදී උතුරේ රටවල් අතර වඩුන්නාගල් රට ද දක්වා ඇති අතර එය ද මෙම මතයට හේතුවක් වූවා විය හැකි ය.
යටත් විජිත යුගයෙන් පසු මෙම ස්ථානය ගැන දක්නට ඇති වාර්තා පිළිබඳ සැලකීමේ දී H. C. P. බෙල් මහතා විසින් එළිදක්වන ලද 1905 වාර්ෂික පුරාවිද්යා දෙපාර්තමේන්තු පාලන වාර්තාව සුවිශේෂී ය. එතුමා එහිදී මෙහි පිහිටි ලෙන්, ලෙන් ලිපි, පර්වතය මුදුනේ ඇති ස්ථූපය, පර්වතය මුදුනට නැති නැගීමට ඇති මාර්ගය, අවට ඇති ගොඩනැගිලි නටබුන් ආදිය නිරීක්ෂණය කොට අතර සෙල්ලිපි ත්රිත්වයක් කියවා වාර්තා කිරීම ද සිදුකරයි. එහි වූ කිසිදු හින්දු ආගමික නෂ්ටාවශේෂයක් ඔහු වාර්තා කොට නොමැත. 1905 දී ප්රකාශනය වූ එම වාර්තාවේ මෙම ස්ථානය පිළිබඳ සඳහන් කොට ඇත්තේ මෙසේ ය.
//Vedu-kunari-malal.
A small hill in the jungle a couple of miles north-west of Ariya-madu. The vedukunari tree is called kunumilla in Sinhalese.
Among the caves, hollows, and crevices formed as usual by the chaotic disposition of the rocks, there are about a dozen cells with cut drip ledges. All aro of very rough workmanship, and not to be compared with those at Periya Puliyan-kulam.
There are no inscriptions on the hill, but in a group of rocks 100 yards to the north there are three. At the foot of the hill on the east there are eight small boulders, shapeless save for their flat tops, in which in each case a socket hole 5 in. deep by 71 in. by 7 in. has been cut, presumably to hold a wooden pillar. As far as I could see, there were three rows of five pillars each, but excavation would probably show six by four to have been the arrangement. The building must have covered at least 30 ft. by 30 ft. Just above this, on the track up the hill, there is a slab rock with a cut cistern in it.
Originally the cistern seems to have been an ordinary rock water hole, which was found useful and helped out by the chisel. At one end a tongue of rock that projects into the water hole has been cut roughly into steps.
The group of rocks to the north contains two large cells, in which are three inscriptions, which are of early type.
The tracks of a bear leading into, but not again out of, a hole behind one of the cells added to the interest of copying these inscriptions.
The rock beneath which the cells are hollowed is the highest in the group, and rises perhaps to 50 feet from ground level. On the top of it brick debris shows that, as at Maha-kachat-koli, there was a dagaba. There again the question arises "How did the worshippers get there!" But in this case an examination of the rocks made the answer almost certain. Two great rocks, with perpendicular sides, approach to within about 6 fect of each other, and in the sides of the chasm thus formed there are cut slots which must have received wooden beams. Below these slots, on the ground, there is a stone with a square-ent socket hole which probably held one of the uprights of the ladder that must have been supported by the beams in the slots.//
පසුව සී. ඩබ්ලිව්. නිකලස් මහතාගේ පුරාතන සහ මධ්යතන ශ්රී ලංකාවේ ස්ථාන නාම විස්තරයේ ද, සෙනරත් පරණවිතාන මහතා විසින් රචනා කරන ලද Inscriptions of Ceylon, පළමුවෙනි වැනි වෙලුමෙහි 373 සිට 375 දක්වා ද මෙම ස්ථානය සහ සෙල්ලිපි පිළිබඳ වාර්තා කොට තිබේ.
ඉන් අනතුරු ව මෙම ස්ථානය පරීක්ෂා කර බැලූ අයෙක් ලෙස පූජ්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ දැක්වීමට හැකි ය. උන්වහන්සේ මුල්වරට 1964හි ද, දෙවැනිවර 1973හි ද එම ස්ථානයට පැමිණි බව සඳහන් කරයි. මෙම ස්ථානය පරීක්ෂා කරන එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ පර්වතයේ තිබූ ස්ථූප ද්විත්වයක්, සිරිපතුල් ගලක් සහ බුදු පිළිමයක සිවුරු රැලි කොටසකැයි සැලකිය හැකි ශිලා කැබැල්ලක් නිරීක්ෂණය කරයි. එනමුත් 1973 දී එකී සිරිපතුල් ගල එහි නොතිබූ බව උන්වහන්සේ ම සඳහන් කරයි.
මීට අමතර ව 1972 අඟලේ සිතියමේ ද මෙම ස්ථානය "VEDAKINARIMALAI Monastery in Ruins" යනුවෙන් දක්වා ඇත.
මෙහි ඇති පුරාවස්තු ප්රධාන කොටස් කිහිපයකට බෙදීමට හැකි ය.
1. පර්වත පාමුල පවතින පැරැණි ලෙන්, කටාර, පූර්ව බ්රාහ්මී අභිලේඛන ඇතුළු පුරාවස්තු සමූහය
2. ප්රධාන ශේෂ පර්වතයෙහි ඉහළ පවතින පැරණි ස්ථූපය, එහි තිබූ බව සැලකෙන සිරිපතුල් ගල් ඇතුළු අනෙකුත් පුරාවිද්යාත්මක සාධක සහ මත්තෙහි කොටා ඇති කටාර, පඩි, කේතුකාවාට, කුඩුම්බි ආදිය
3. ආසන්න ප්රදේශයේ සාමාන්ය පොළොවේ පිහිටි විවිධාකාරයේ ගොඩනැගිලිවල අත්තිවාරම් සහ අවශේෂ
4. යාබද ව පවතින මෝලෙයිකුලම් නම් පැරණි වැවේ නටබුන්
මෙහි විවිධාකාර ලෙන් නවයක් පමණ දැක ගැනීමට ඇති අතර ඒවායේ කටාර කොටා ඇත. ඉන් ලෙන් දෙකක ලෙන් ලිපි දැක ගැනීමට ලැබේ. මෙම ලිපි සියල්ල මූල බ්රාහ්මී අක්ෂර යොදාගනිමින්, සිංහල ප්රාකෘත භාෂාවෙන් රචිත සෙල්ලිපි වන අතර කිසිවක් දමිළ භාෂාවෙන් ලියැවුණු ඒවා නොවේ.
මෙහි ඇති සෙල්ලිපි ත්රිත්වයෙහි පෙළ සහ අරුත් IC, vol 1 අනුව පහත පරිදි ය;
373. "මහ-ශමුද-පුත-ගුතශ ලෙණෙ ශගශ පරුමක-බමදත-පුතහ මහගුත[හ] ලෙණෙ"
මහා-සමුද්ධගේ පුත් වන ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. ප්රමුඛ බ්රහ්මදත්තගේ පුත් වන මහාගුත්තගේ ලෙණ.
374. "බත-චුඩි-තිශහ ලෙණෙ"
ප්රධානි චූල තිස්සගේ ලෙණෙ.
375. "පරුමක-පුශමිත-පුත[හ] මහලෙණෙ අගත-අනගත-චදු-[දිශ]-ශගශ"
ප්රමුඛ ඵුස්සමිත්තගේ පුත්රයාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
මින් 373 සහ 374 යන සෙල්ලිපිත් ද්විත්වයම වන මාර්ගය තුළින් පැමිණි විටම හමුවන ලෙනෙහි දක්නට ඇත. 374 වෙනි කෙටි ලිපිය උඩුයටිකුරු කර ලියන ලද්දක් වන අතර එම සෙල්ලිපියෙන් කොටසක් වර්තමානය වන විට විනාශ වී ගොස් තිබීම ඛේදයට කරුණකි. 375 සෙල්ලිපිය දක්නට ලැබෙන්නේ තවත් ගලක් පියස්සක් මෙන් පිහිටි පෙර කී ලෙනට ම පිටුපසින් ඇති ලෙනෙහි ය.
තව ද පුරාවිද්යා දෙපාර්තමේන්තුව මඟින් 2025 වර්ෂයේදී ප්රසිද්ධියට පත් කරන ලද මූල බ්රාහ්මී සෙල්ලිපි සංග්රහයේ වෙඩික්කිනාරිමලෙෙ පුරාවිද්යා ස්ථානයෙන් හමු වූ ASI 4551 අංක දරන නව සෙල්ලිපියක් ප්රකාශයට පත්කර ඇත. එය තවදුරටත් සොයාබැලිය යුත්තකි.
කෙමෙන් පර්වතයට නගින විට පැරණි පොකුණක් දැක ගැනීමට හැකි අතර මීටරයක් පමණ ගැඹුරු බව කියැවෙන එයට යාබදව කේතුකාවාටයක් ද දැක ගැනීමට හැකි ය. පර්වතය මුදුනෙහි පවතින ස්ථූපය මේ වන විට බොහෝ සෙයින් හායනයට ලක්වී ඇත. එනමුත් තවමත් පැරණි ගඩොල් කැබලි සහ ගල් පාදම් ගල් ආදිය දැනගැනීමට හැකි ය. කළු ගලින් පාදමක් නංවා ඒ මත ගඩොල් යොදාගෙන මෙම දාගැබ ඉදිකර තිබූ බව පෙනී යයි.
ප්රධාන පර්වතයට යාබද බිමෙහි කණු පේළි තුනකින් පමණ සමන්විත ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක ඇති අතර ශිලාමය කණු මුල් මතින් දැව කණු සිටවා අදාළ ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නට ඇත. මීට අමතරව ගල් බිඳුම් ස්ථානයක් ද, පැරැණි වැව් බැම්මෙහි සාධක ද මීට ආසන්න ව ඇත.
වඩුන්නාගල වර්තමාන සිද්ධි දාමය පසුවට...
මූලාශ්රය
Archaeological survey of Ceylon annual report (1905) - H. C. P. Bell
වඩුන්නාගල ගවේෂණ වාර්තාව (2021) - පුරාවිද්යා දෙපාර්තමේන්තුව
Inscriptions of Ceylon, Volume 1 - Senarat Paranavitana
නාගයන්ගේ පාසටහන් - පී. වීරසිංහ
✍🏻 විනුක විදානපතිරණ Vinuka Manitha Vidanapathirana
#වඩුන්නාගල #වඩ්ඩමානපබ්බතවිහාරය #බෞද්ධඋරුමය #පුරාවිද්යාව #ඓතිහාසිකඋරුමය #අපේඋරුමය