06/07/2025
රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ හා ජන සංහාර චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම සඳහා නීති පැනවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කර ඒකීය රාජ්‍ය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම වැළැක්වීම පිළිබඳව
"මාතෘභූමි සුරක්‍ෂා"නමින් ලිපියක් මගින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරුන් දැනුවත් කිරීම
"ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව" මගින් අද දින සිදු කර අතර මෙහෙදි,
අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ,
මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ,
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි මාහිමිපාණන් වහන්සේ,
අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහා ලේඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ,
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ,
මල්වතූ පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ,
යන නාහිමිපාණන් වහන්සේලා බැහැ දැකීම සඳහා අද එනම් 2025.07.06 දින
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ ආභයතිස්ස හිමි,
හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිනිය ,
රියර් අද්මිරාල් ඩි.කේ.පි.දසනායක මහතා ,
වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා,
නිමල් ලියනගේ මහතා,
නීතිඥ දර්ශන් වීරසේකර මහතා
යන ජාතික සංවිධාන ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
මෙම ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙතද අදහස් පළ කිරීමක් සිදු විය.
#මල්වතුමහානායක #අස්ගිරි #අස්ගිරිමහානායක #ඒකියාභාවය #ස්වෛරිදේශයක් #ජීවිතයකැපකළරණවිරුවෝ #රණවිරුගාය ゚
#සම්බුද්ධශාසනය