17/12/2025
ඉන්දියාවත් එක්ක ගහපූ ගිවිසුම් වලින් ඉලියට දාපු එකක් තමයි , Indian pharmacopeia (IP) එක පිළිගන්නවා කියන එක..
British pharmacopeia (BP) එකෙයි Indian එකෙයි තියෙන වෙනස්කම් තමයි, එකම කාණ්ඩයේ බෙහෙතේ Drug formula එක වෙනස් වෙන්න පුළුවන්, dose එක දෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්, ඒ අදාලා formula එක තියෙන බෙහෙතේ adverse effects වෙනස් වෙන්න පුළුවන්..
මේකේ අවුල මොකක්ද? මේකේ තියෙන ලොකුම අවූල තමයි Indian pharmacopeia එකට අනුව බෙහෙත් හදන company වලට නිකම්ම අපේ රටේ දොර ඇරෙන එක..
උදාහරණයක් එක්ක දැං මං හොයලා බලලා ගත්ත ටිකක් පෙන්නන්නං..
1. Paracetamol tablets ගත්තම, BP එකේ භාවිතා වෙන excipients (කල් තබාගැනීමේ රසායන, බන්ධන රසායන වගේ ඒවා ) බොහොම සීමිතයි, හැබැයි IP එකේ ඒවා limit කරලා නෑ.. එතකොට active ingredient එක සමාන වුනාට අනිත් සංගටක වෙනස්, ඕනි company එකකට ඕනි එකක් දාන්න පුලුවන්..
2. Aspirin ( acetylsalicylic acid) ,
මේකෙදී, BP එකේදී salicylic acid එකේ අපවිත්‍රතා පරීක්ෂණයට වෙනම ක්‍රමයක් තියෙනවා,ඒ ක්‍රමේන් පාස් වුන ඒවා විතරයි ගන්න ඕනි.. හැබැයි IP එකේදී එහෙම නෑ.. පෙට්ටි කඩෙන් salicylic acid අරන් දාලා හැදුවත් දන්නෑ .
3. Adrenaline එන්නත් vial එක,
BP එකේදී, ඔක්සිහාරක විදිහට පාවිච්චි කරන්න බෑ කියලා තියෙන sodium metabisulfite IP එකේදී පාවිච්චි කරනවා.
මේවගේ ඕනි තරම් උදාහරණ තියෙනවා... I'll put the links in comments.
එතකොට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය company එක ඇතුලුව Indian ගොඩකට දොර විවෘත වුනේ රජය විසින් ගහපූ agreement එකෙන් කියන එක..
කලින් මේ ගැන අහද්දි ආණ්ඩුව කිව්වෙ, අපේ NRMA එකෙන් check කරනවා කියලා, එහෙම check කරන්න පුළුවන් purity වගේ බොහොම limited දේවල් විතරයි... In and out decision ගන්න තමයි pharmacopeia තියෙන්නේ..
ජාත්‍යන්තරව පිළිගත් දෙක තමයි , BP හා USP .. ඊයේ වුන සිද්ධිය මුල්කරගෙන හරි, රජයට දැං තීරණයක් ගන්න බැරිනං, ආයේ මේවගේ සිද්ධි බල බල , හෝද හෝද ඉන්න වෙයි..
Btw, The Ondansetron which caused this issue found to be under USP.. yet it won't justify the decision to accept IP
✍️ Rafsanja