𝐏𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥 ඌරා 𝐒𝐋

𝐏𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥 ඌරා 𝐒𝐋 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐏𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥 ඌරා 𝐒𝐋, Community Center, Nugegoda.

Mahinda Deshapirya මහතාගෙ මේ අනාවැකිය 100% නිවැරදියි කියල මට නම් හිතෙන්නේ.
31/12/2025

Mahinda Deshapirya මහතාගෙ මේ අනාවැකිය 100% නිවැරදියි කියල මට නම් හිතෙන්නේ.

අවුරුදු ගානක් ඒ කෙල්ල කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද 💔 ආයේ නැගිටින්න ශක්තිය ලැබේවා 🥺🙏
30/12/2025

අවුරුදු ගානක් ඒ කෙල්ල කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද 💔 ආයේ නැගිටින්න ශක්තිය ලැබේවා 🥺🙏

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කඳුළු කතාව.ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ අපිට තියන ජාතික සම්පතක්.මීට අවුරුදු හතලිහකට උඩදී හිටපු ජ...
29/12/2025

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කඳුළු කතාව.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ අපිට තියන ජාතික සම්පතක්.මීට අවුරුදු හතලිහකට උඩදී හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධනට කෘතවේදීත්වය පිරිනැමීමක් විදිහට ජපානයෙන් අපට ලැබුණ තෑග්ගක්.ජපන් ජාතිකයන් මේ රෝහල හදද්දී ජනාධිපති ජේආර්ට ප්‍රතිකාර ගන්න ඕනි උනොත් ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් හැදීමෙන් ඒක තහවුරු වෙනවා.

ජපුර රෝහල කියන්නේ අවුරුදු හතලිහකට වැඩි කාලයක් රෝගීන් දස දහස් ගාණකට උසස් සේවයක් සපයලා දැවැන්ත කීර්තිනාමයක් ගොඩනගා ගත්ත රෝහලක්.කොළඹ ජාතික රෝහල කියන්නේ අපිට නොමිලේ ප්‍රතිකාර ගන්න පුළුවන් තැනක්.ජයවර්ධනපුර රෝහල ආර්ධ රාජ්‍ය ආයතනයක්. පෞද්ගලික රෝහලකින් ගන්න සේවා ගාස්තුවලට වඩා 50%ක් අඩුවෙන් උසස් මට්ටමේ සේවාවක් ලබාදෙන රෝහලක්.ඡපුර අඩුමිලට රෝගීන්ට සේවා සපයනවා විතරක් නෙවෙයි රජයට බරක් නොවී රෝහලේ බර පැනත් තමන් විසින්ම දරාගන්නවා

ජයවර්ධනපුර රෝහලේ ඇඳන් 1001ක් තියනවා.විශේෂඥ වෛද්‍යවරුන් 60කට වැඩි පිරිසකගේ සේවය ලබාගන්න අතර 1800ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉන්නවා.ඇත්තටම අපේ රටත් එක්ක හිතද්දී ජපුර කියන්නේ ලොකු Management එකක්. සාමාන්‍යයෙන් ජයවර්ධනපුර රොහලේ පරිපාලන ව්‍යුහය සකස්වෙලා තියෙන්නේ රජයේ රෝහලකට වඩා වෙනස් විදිහට. රජයේ රෝහලක නම් රෝහල් අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් තමයි රෝහලේ පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ.ජපුරේ රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඊට ඉහලින් නිසිබලධාරී සභාපතිවරයෙකුත් ඉන්නවා.

සභාපතිවරයා පත්කරන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකමි.ඒ කියන්නේ සභාපතිධූරය කියන්නේ දේශපාලන පත්වීමක්.රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂඥ වෛද්‍යවරු තුන් දෙනෙක් ඇතුලත් වෙනවා.ඒ තුන්දෙනා පත්වෙන්නේ රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ බහුතර කැමැත්තෙන්.ඒ විදිහටයි තමයි ජපුර රෝහලේ රෝගීන්ට සේවා සැපයිමට අවශ්‍ය පරිපාලනම සහය හම්බවෙන්නේ.ජපුරට රෝගීන් එන්නේ මුදල් ගෙවලා සේවා සපයා ගන්න.එතකොට එයාලා රජයේ රෝහලක තියන සේවයට වඩා උසස් සේවයක් බලාපොරොත්තු වෙන එක සාධාරණයි.

එයාලා උසස් වෛද්‍ය සේවයක්,උසස් හෙඳ සේවයක් සහ අනෙකුත් සමීපාරක්ෂක සේවාවල උසස් බවක් බලාපොරොත්තු වෙනවා.ඒ අතර ඖෂධවල සහ සෞඛ්‍ය උපකරණවල ගුණාත්මක බව විශේෂයි.මේ සේවාවන්වල ගුණාත්මක බවේ පහත වැටීමක් සිද්ධවුනොත් ඒ හරහා පහල වැටෙන්නේ මේ තාක්කල් රැකගෙන ආපු සහ ජයවර්ධනපුරේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඉතාමත් කැපවීමෙන් ගොඩනගාගෙන තිබුණ ජපුර කීර්තිනාමය.ඇත්තටම අද වෙද්දී ජපුර තියෙන්නේ හැම අතින්ම අවධානම් තැනක.එක පැත්තකින් ජපුර ගොඩනගාගෙන තිබුණ කීර්තිනාමය වේගයෙන් පළඳුවෙමින් තියනවා.

අනිත් පැත්තෙන් ජපුර නැවත ගොඩනැගීම වෙනුවට දවසින් දවස වලපල්ලට ගෙනියන තැනට ජපුරේ වර්තමාන පරිපාලනය පත්වෙලා තියනවා.ජපුර බිඳවැට්ටවීම වේගවත් වෙන්න වර්තමාන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ තක්කඩි දේශපාලන භාවිතාව බලපාලා තියනවා.ඒ වගේ කාලයක් තිස්සේ ජපුර රෝහලේ ක්‍රියාත්මක ජවිපෙ වෘත්තීය සමිතියත් ඒ බිඳවැටීමට වගකියන්න ඕනි.ජපුර බිඳවැට්ටවීමේ ආරම්භකයා ජවිපෙ වෘත්තීය සමිතිය බව රෝහල් සේවකයෝ ඕනි කෙනෙක් දන්නවා.

ඒ බිඳවැටවීමේ ක්‍රියාවලියේ අඛණ්ඩ දිගුවක් මාලිමා ආණ්ඩුව බලයට ඒමත් එක්ක දැන් ක්‍රියාත්මකයි.අද ජපුර රෝහලේ බළධාරියාවෙලා තියෙන්නේ ජවිපෙ වෘත්තීය සමිතිය මෙහෙයවන තුට්ටු දෙකේ වෘතීය සමිතිකාරයෙක්.චන්දන ජයලත්,එයා රෝහලේ විදුලි කාර්මිකයෙක් විදිහට සේවය කරන කෙනෙක්.සුළු සේවකයෙක් විදිහට රෝහලට බැදිලා ජපුරේ හිටපු ඇතැම් වෛද්‍යවරුන්ගේ අනුකම්පාව නිසා ජපුර රෝහලේ විදුලි කාර්මිකයෙක් විදිහට සේවය කරන මේ හාදයා අද ජපුර රෝහලේ නිල නොලත් සභාපති බවට පත්වෙලා.

මිනිහා කරන්නේ පැලවත්තේ බලය පෙන්නමින් ජපුර රෝහල් කටයුතු බිඳවැට්ටවීමයි.මාලිමා ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ දැන් එතන මිනිහගේ රජදහනවෙලා.මේ වගේ බත් මුට්ටු ජෙප්පොත් එක්ක හැපෙන්න රෝහලේ සේවය කරන වෛද්‍යවරු, හෙඳ කාර්යමණ්ඩල අකමැතිවීම මේ වගේ කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දා වගේ.පහුගිය කාලේ ජපුරේ හිටපු ජෙප්පන්ට එකඟ නැති විශේෂඥ වෛද්‍යවරු පවා ජෙප්පෝ බලහත්කාරය පාව්චිචි කරලා එලිය දැම්මා.පෝස්ටර් ව්‍යාපාරවලින් එක එක මඩ අවලාද ගහලා ඒ මිනිස්සු පන්නලා දාලා තියනවා.

රටේ රාළට තියන තොරතුරු අනුව මේ විදුලි කාර්මික චන්දන ජයලත් සේවය කරන්නේ ජපුරට නෙවෙයි.වටේ පිටේ තියන පෞද්ගලික රෝහල්වලට.ඒවායින් දෙන කුට්ටි අරන් ජපුර වැට්ටවීම තමයි මේකාගේ කොන්ත්‍රාත්ව.ඒ වගේම ජපුර කියන්නේ ජවිපෙ කියන 76 අවුරුදු සාපය ඇතුලේ හම්බවුන ජාතික සම්පතක්.ජේආර් එක්ක තිබුණ ඇරියස් එක ජෙප්පෝ ගන්න එක තැනක් තමයි ජපුර.ඒ වෛර හොඳටම පේන්නේ ජේආර්ට ප්‍රතිකාර කරන්න ජපන් රජය විසින් හදලා දුන්න විශේෂ ඒකකය මෙයාලා දැන් කඩලා එතන වෙන මොකද්ද එකක් අටවමින් තිබීමෙන්.

සාමාන්‍යයෙන් පිටරටකින් දුන්න ඒ වගේ පරිත්‍යාගයක ආකෘතිය වෙනස් කරන්නේ නෑ.මොකද ඒක එක පැත්තකින් සිහිවටනයක්. මාලිමා ආණ්ඩුව බලයට එනකොට ජපුර රෝහලේ සභාපති විදිහට හිටියේ විශේෂඥ වෛද්‍ය සාරංග අලහප්පෙරුම. සාරංග සභාපති විදිහට හිටියේ බොහොම කෙටි කාලයක් උනත් ජපුරේ තිබුණ අඩුපාඩු ටික හදලා සාරංග රෝහල නැවත ප්‍රසස්ථ මට්ටමට ගෙනාවා.අනුර ජනාධිපති වෙනවත් එක්ක නිර්මාණය උන තුන් දෙනාගේ කැබිනට් මණ්ඩලයේදී රටේ සෞඛ්‍ය වගකීම පැවරුණේ හරිනිට.

හරිනි ඇවිත් වෛද්‍ය ජයංග තිලකරත්න සභාපති බවට පත්කරනවා.ඇත්තටම ජපුර වගේ තැනක් ජයංගට ලොකු වැඩියි. ජපුර පරිපාලනය මෙහෙයවන්න එයාට සුදුසුකම් සහ අද්දැකීම් නෑ.මෙයාලා මෙච්චර කල් ජපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරන්න තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට පයින් ගහලා ජේවිපෙට හිතවත් අය අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර ගත්තා. ජපුරේ හිටපු දක්ෂ විශේෂඥ වෛද්‍යවරු පන්නලා දැම්මා.ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ වෘතීය ජීවිතය පවා මාලිමා ආණ්ඩුව විනාශ කළා.

අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍ය කෞශල්‍ය කරුණාරත්නගේ කටයුතුවලට බධා කරමින් එයා ඉවත්වෙලා යන තැනට පත්කළා. ජවිපෙට හිතවත් අයට තිබුණ චෝදනාවලට අදාල විනය පරීක්ෂණ සියල්ල යටගැහුවා.ජවිපෙ වේදිකාවල කෑගහපු වෛද්‍ය ෆර්මිලා Deputy director කළා.ඇත්තටම එයත් විනය පරීක්ෂණයකට භාජනය වෙන්න ඕනි කෙනෙක්.එහෙම චෝදනා තියන වෛද්‍යවරු කීපදෙනෙක්ම තවමත් ජපුරේ සේවය කරනවා. ජවිපෙ පෝස්ටර් ගහන්න යන හින්දා එයාලට විනය පරීක්ෂණ නෑ.

ඊළඟට දැනට ජපුර රෝහලේ අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන ධම්මික අලහප්පෙරුම ජපුරට අමතරව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) අධ්‍යක්ෂක විදිහට කටයුතු කරනවා.එයාගේ permanent පත්වීම තියෙන්නේ එතන.ඇත්තටම මේ ආයතන දෙකට වෙන වෙනම අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඕනි. හැබැයි නලින්ද යාලුකමට එක්කෙනෙකුට දෙකක් බාරදීලා දෙකම විනාශ කරනවා.දෙකේම රෝගී ජීවිත අනතුරට දානවා.නලින්ද සෞඛ්‍ය ඇමති උනාට පස්සේ තවත් ජවිපෙ හිතවතෙක් උන තමර කළුබෝවිල ජපුරේ සභාපති කළා.ඇත්තටම තමර කියන්නේ දේශපාලන රූකඩයක්.

ජපුර රෝහල පරිහානියට යනවා දිහා බලා ඉන්නවා හැර තමරට කරන්න දෙයක් නෑ.තමර අර විදුලි කාර්මිකයා ඉස්සරහා දෙකට තුනට නැමෙන රූකඩයක් බවට පත්වෙලා.අද ජපුර රෝහලට වැලදිලා තියෙන්නේ මේ ආණ්ඩුවට හැදිලා තියන ලෙඩේම තමයි. වැඩ බැරි ටාසන්ලාගෙන් ජපුර පිරිලා.ජපුර රෝහල අද මාලිමාවේ ශාඛා සමිතියක් සහ ඉන්දියානු බාල බෙහෙත් ගබඩාවක්.ජපුරට මුදල් ගෙවලා බෙහෙත් ගන්න එන රෝගීන්ට උසස් තත්වයේ බටහිර ප්‍රමිතියේ බෙහෙත් ගන්න අවස්ථාවක් දැන් නෑ.

ඒ වගේ ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල හිඟය අද ජපුරට තියන ලොකු ප්‍රශ්ණයක්.උදාහරණයක් විදිහට හාට් ඇටෑක් එකක් අදුර ගන්න කරන පරීක්ෂණයක් වන Troponin test එක කරන්න අවශ්‍ය ටියුබිස් ජපුරේ තියෙන්නේ කීපයක් විතරයි.සුදුස්සන්ට අවස්ථාව නොදී,ජවිපෙට හිතවත් වැඩ බැරි ටාසන්ලා දාගෙන,ඉන්දියන් බාල බෙහෙත් පුරවගෙන නලින්දලා මේ සෙල්ලමි කරන්නේ රෝගී ජීවිතත් එක්ක.තමර කළුබෝවිල යටතේ නලින්ද ජපුර රෝහල " දුන්නා මළා " තත්වයට පත්කරමින් තියනවා.

රටේ රාළ අහන්නේ මේ තත්වය දිහා බාලාගෙන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට (GMOA) නිහඩව ඉන්න පුළුවන්ද කියලයි.ජපුර රෝහලේ තියෙන ජවිපෙ නොවෙන අනෙකුත් වෘත්තීය සමිති සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ තරම් නිහඩ ඇයි?ඔයාලාගේ නිහඬතාවයෙන් වෙන්නේ නලින්දලාට,තමරලාට තවත් රෝගී ජීවිත බිලිගන්න අවස්ථාව හදලා දෙන එක නොවෙයිද?ඒ ගැන ඔයාගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Copied...

20/12/2025

😮

20/12/2025

අනාගතය අද වගේ වෙන්න එපා .......
5G

18/12/2025

🛑 Breaking news 🛑🛑☠️
වික්ටෝරියා, රන්දෙනිගල හා රන්ටැබේ ජලාශවල වාන් දොරටු විවෘත කර ඇතිබැවින්
මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශ වෙත පැය 5ක් ඇතුළත ජලය ලගා විය හැක.
එබැවින් අවධානයෙන් සිටිමින් අවශ්‍ය නම් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන්න. 🌊

18/12/2025

කොළඹ - නුවර මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදුවු නාය යෑම😥😥

🎥උපුටාගැනිමකි

ඉන්දියාවත් එක්ක ගහපූ ගිවිසුම් වලින් ඉලියට දාපු එකක් තමයි , Indian pharmacopeia (IP) එක පිළිගන්නවා කියන එක..British pharm...
17/12/2025

ඉන්දියාවත් එක්ක ගහපූ ගිවිසුම් වලින් ඉලියට දාපු එකක් තමයි , Indian pharmacopeia (IP) එක පිළිගන්නවා කියන එක..

British pharmacopeia (BP) එකෙයි Indian එකෙයි තියෙන වෙනස්කම් තමයි, එකම කාණ්ඩයේ බෙහෙතේ Drug formula එක වෙනස් වෙන්න පුළුවන්, dose එක දෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්, ඒ අදාලා formula එක තියෙන බෙහෙතේ adverse effects වෙනස් වෙන්න පුළුවන්..

මේකේ අවුල මොකක්ද? මේකේ තියෙන ලොකුම අවූල තමයි Indian pharmacopeia එකට අනුව බෙහෙත් හදන company වලට නිකම්ම අපේ රටේ දොර ඇරෙන එක..

උදාහරණයක් එක්ක දැං මං හොයලා බලලා ගත්ත ටිකක් පෙන්නන්නං..

1. Paracetamol tablets ගත්තම, BP එකේ භාවිතා වෙන excipients (කල් තබාගැනීමේ රසායන, බන්ධන රසායන වගේ ඒවා ) බොහොම සීමිතයි, හැබැයි IP එකේ ඒවා limit කරලා නෑ.. එතකොට active ingredient එක සමාන වුනාට අනිත් සංගටක වෙනස්, ඕනි company එකකට ඕනි එකක් දාන්න පුලුවන්..

2. Aspirin ( acetylsalicylic acid) ,
මේකෙදී, BP එකේදී salicylic acid එකේ අපවිත්‍රතා පරීක්ෂණයට වෙනම ක්‍රමයක් තියෙනවා,ඒ ක්‍රමේන් පාස් වුන ඒවා විතරයි ගන්න ඕනි.. හැබැයි IP එකේදී එහෙම නෑ.. පෙට්ටි කඩෙන් salicylic acid අරන් දාලා හැදුවත් දන්නෑ .

3. Adrenaline එන්නත් vial එක,
BP එකේදී, ඔක්සිහාරක විදිහට පාවිච්චි කරන්න බෑ කියලා තියෙන sodium metabisulfite IP එකේදී පාවිච්චි කරනවා.

මේවගේ ඕනි තරම් උදාහරණ තියෙනවා... I'll put the links in comments.

එතකොට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය company එක ඇතුලුව Indian ගොඩකට දොර විවෘත වුනේ රජය විසින් ගහපූ agreement එකෙන් කියන එක..

කලින් මේ ගැන අහද්දි ආණ්ඩුව කිව්වෙ, අපේ NRMA එකෙන් check කරනවා කියලා, එහෙම check කරන්න පුළුවන් purity වගේ බොහොම limited දේවල් විතරයි... In and out decision ගන්න තමයි pharmacopeia තියෙන්නේ..

ජාත්‍යන්තරව පිළිගත් දෙක තමයි , BP හා USP .. ඊයේ වුන සිද්ධිය මුල්කරගෙන හරි, රජයට දැං තීරණයක් ගන්න බැරිනං, ආයේ මේවගේ සිද්ධි බල බල , හෝද හෝද ඉන්න වෙයි..

Btw, The Ondansetron which caused this issue found to be under USP.. yet it won't justify the decision to accept IP

✍️ Rafsanja

🚨🚨🚨BREAKING NEWS🚨🚨🚨ලංකාවේ සෑහෙන්න පිරිසක් මේ වෙලාවේ නිදි නැතුව අහස දිහා බලන් ඉන්න බව ඔබ දන්නවද?ඔව්, මේ මොහොත (රාත්‍රී 11...
16/12/2025

🚨🚨🚨BREAKING NEWS🚨🚨🚨

ලංකාවේ සෑහෙන්න පිරිසක් මේ වෙලාවේ නිදි නැතුව අහස දිහා බලන් ඉන්න බව ඔබ දන්නවද?

ඔව්, මේ මොහොත (රාත්‍රී 11:45) වන විට හලාවත ආශ්‍රිත ඉහළ අහසේ 20 වෙනි වටයත් සම්පූර්ණ කරමින් අහසේ රවුම් ගසන ගුවන් යානයක් නිසා ගොඩක් අය ඉන්නේ අවදියෙන්.

අද (16) රාත්‍රී 10:01 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත් වූ Turkish Airlines ගුවන් සමාගමට අයත් THY34D (TK733) ගුවන් යානයේ Landing Gear එකේ ඇති වී තිබෙන දෝෂයක් නිසා එය නැවත කටුනායකට හදිසි ගොඩ බැස්වීමක් කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ.

මෙය Airbus A333 වර්ගයේ ගුවන් යානයක්.

එයට අවශ්‍ය අවම බර සකස් කර ගැනීම සඳහා ගුවන් යානයේ ඇති ඉන්ධන ඉවත් කර ගැනීමට තමයි මේ "රවුම් ගැසීම" කරන්නේ.

මෙය ඉතාමත් පිලිවෙලකට වෙන ආරක්ෂිත ක්‍රියාවලියක් නිසා කිසිවෙකු බිය විය යුතු නැති බවයි ක්ෂේත්‍රයේ අය කියන්නේ.

ගුවන් යානයට මොකද වෙන්නේ කියලා තොරතුරු ලැබෙන විදියට කියන්නම්.

එකතු වෙලා ඉන්න.

- විකුම් හර්ෂණ -

13/09/2025

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි..🙂

මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි..🙄
😣🌷👎🏻

10/09/2025

😂

❤️🚩
09/09/2025

❤️🚩

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐏𝐨𝐥𝐢𝐭𝐢𝐜𝐚𝐥 ඌරා 𝐒𝐋 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share