Citizens Portal of Sri Lanka

Citizens Portal of Sri Lanka ආයුබෝවන්! வணக்கம்! Welcome! to the Citizens Portal of Sri Lanka, the gateway to a space dedicated to all Sri Lankan citizens.

05/12/2025

වසර දෙකකට ප්‍රථම අප විසින් සියලු පුරවැසියන්, රාජ්‍ය ආයතන, සිවිල් ක්‍රියාකාරීන් සහ පෞද්ගලික පොදු සේවාවන් එකිනෙකට යා කරමින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය... ආපදාවකදී ක්ෂණිකව ක්‍රියාත්මක වියහැකි එමෙන් ම විනිවිදභාවයකින් යුතු මෙවන් පද්ධතියක අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා අද ඔබට දැනෙනවා නොවේද ...?
https://www.facebook.com/share/v/1CoCJu6TEH/

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද? (රු. 10,000-50,000)සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවරගංවතුරෙන් හානි වූ...
03/12/2025

රජයෙන් ලබා දෙන ගංවතුර සහන මුදල් ලබා ගන්නේ කෙසේද? (රු. 10,000-50,000)

සම්පූර්ණ ක්‍රියාවලිය පියවරෙන් පියවර

ගංවතුරෙන් හානි වූ පවුල්වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දෙනවා. මේ මුදල රුපියල් 10,000 සිට 50,000 දක්වා වෙන්න පුළුවන් ( මේ මුදල ලොකු ගානක් වගේ නොපෙනුනත් මේ අවස්තාවේ එය ඔබට ගොඩක් උදව් විය හැකියි ). හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. මෙන්න ඔබ අයදුම් කරන්න ඕනේ කරන සම්පූර්ණ ක්‍රියාවලිය:

1)කාටද සහන මුදල් ලැබෙන්නේ?

ගංවතුරෙන් නිවස හානි වූ පවුල්, ගෘහභාණ්ඩ හානි වූ අය, ජීවනෝපාය අහිමි වූ පවුල්, භෝග හානි වූ ගොවීන්, ව්‍යාපාර හානි වූ කුඩා ව්‍යාපාරිකයන්, තුවාල ලැබූ අයට අයදුම් කරන්න පුළුවන්. නමුත් ඔබ ආපදාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයක ජීවත් වෙන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන ලැයිස්තුවේ ඔබේ ප්‍රදේශය තියෙන්න ඕනේ.

2)අවශ්‍ය ලියකියවිලි මොනවද?

ජාතික හැඳුනුම්පත තිබීම අනිවාර්යයි ( මේ දේවලුත් විනාශ වෙලා නම් ඒවා හදාගන්න හැටි මුල ඉදල සම්පූර්ණ විස්තරයක් අපි දාන්න බලා පොරොත්තු වෙනවා ). ගෙදර හානි වෙලා තියෙන අයුරු ඡායාරූප අනිවාර්යයෙන් ගන්න. හැකි නම් හානියේ වීඩියෝ ගන්න. ගෘහභාණ්ඩවලට හානි වෙලා තියෙනවා නම් ඒවාගේත් ඡායාරූප ගන්න. භෝග හානි වෙලා තියෙනවා නම් ඒවගෙත් ගන්න.
බැංකු ගිණුම් විස්තර අනිවාර්යයි. බැංකු ගිණුම් ප්‍රකාශයක් ගන්න. ගොවීන්ට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් අවශ්‍ය වෙන්න පුළුවන්. ව්‍යාපාරික බලපත්‍රය හෝ වෙළඳ බලපත්‍රය ව්‍යාපාරික වලට අවශ්‍යයි.

3)අයදුම් කරන්නේ කොහෙන්ද?

ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි මුල්ම තැන. එතනට ගිහින් ආපදා සහන අංශයෙන් විමසන්න. ගොඩක් තැන්වල ඔවුන් ගම්මානවලටම ගිහින් ලියාපදිංචි කරනවා.
සමහර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ කවුන්ටර් දාන්න ඉඩ තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙනුත් මේ ගැන මුල ඉදලා අගට තොරතුරු ගන්න පුලුවන් . ගොඩක් වෙලාවට ජංගම සේවා කවුන්ටර් ගම්වලට යනවා.

4)අයදුම්පත් පුරවන හැටි

අයදුම්පත හොඳින් කියවලා තේරුම් ගන්න. සියලු තොරතුරු නිවැරදිව පුරවන්න. වැරදි තොරතුරු දුන්නොත් අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හානියේ වර්ගය හරියට සඳහන් කරන්න - නිවස හානිද, ගෘහභාණ්ඩ හානිද, භෝග හානිද කියලා.

හානියේ වටිනාකම තක්සේරු කරලා ලියන්න. ඉතා විශාල ගණන් ලියන්න එපා. සාධාරණ වටිනාකමක් ලියන්න. බැංකු ගිණුම් අංකය හොඳින් පරීක්ෂා කරලා ලියන්න. වැරදි ගිණුම් අංකයක් දුන්නොත් මුදල් යන්නේ වෙන කෙනෙකුට. අත්සන දාන තැන් හරියට අත්සන දාන්න.

5) සත්‍යාපන ක්‍රියාවලිය

අයදුම්පත දීලා ඉවර වුණාට පස්සේ නිලධාරීන් ඔබේ නිවසට පරීක්ෂා කිරීමකට එනවා. මේකට සූදානම් වෙන්න. හානි වුණු තැන් ඔවුන්ට පෙන්වන්න. ඡායාරූප තියෙනවා නම් පෙන්වන්න. අසල්වාසීන්ගේ සාක්ෂි අවශ්‍ය වෙන්නත් පුළුවන්.

ග්‍රාම නිලධාරීයා හෝ ගොඩනැගිලි සාමාජිකයා හානිය සනාථ කරන්න ඕනේ. ඔවුන්ගේ වාර්තාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. එතැනින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යනවා. අවසානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙනවා.

6) මුදල් ලැබෙන්නේ කොහොමද?

මුදල් කෙළින්ම ඔබේ බැංකු ගිණුමට බැර වෙනවා. . මුදල් පැමිණි බව එස්එම්එස් පණිවිඩයකින් දැනුම් දෙනවා. බැංකුවට ගිහින් මුදල් ගන්න පුළුවන්. කිසිම මුදලක් කඩඉමක් විදිහට අය කරන්නේ නැහැ.

හානියේ තරම අනුව මුදල වෙනස් වෙනවා. කුඩා හානි වලට රුපියල් 10,000 විතර දෙනවා. මධ්‍යම හානි වලට රුපියල් 25,000 විතර. විශාල හානි වලට රුපියල් 50,000 දක්වා දෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නිවස විනාශ වෙලා තියෙනවා නම් වැඩි මුදලක් ලැබෙන්නත් පුළුවන්.

7 )කාලසීමා දැනගන්න

ගංවතුරෙන් පසු ඉක්මනින් අයදුම් කරන්න. සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් ඇතුළත අයදුම් කරන්න කියලා කියනවා. ප්‍රමාද වෙච්ච අයදුම් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. මුදල් ලැබෙන්න මාස එකහමාරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඉවසීම තියාගන්න.

සත්‍යාපන ක්‍රියාවලියට කාලය යනවා. ගොඩක් අයදුම් තියෙනවා නම් තවත් ප්‍රමාද වෙනවා. නමුත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා ඔබේ අයදුම නිවැරදි නම්.

8) මුදල් නොලැබුනොත් කරන්නේ මොකද?

කාලසීමාව ඉක්මවුණත් මුදල් නොලැබුනා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න. ඔබේ අයදුම්පත් තත්ත්වය පරීක්ෂා කරන්න කියන්න. අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් හේතුව විමසන්න. නැවත අයදුම් කරන්න පුළුවන්ද අහන්න.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්න පුළුවන්. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ හොට්ලයින් අංකය අමතන්න. දූෂණයක් හෝ අසාධාරණයක් තියෙනවා නම් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් කරන්න පුළුවන්.

9) වංචා වලින් ඈත්වෙන්න

මුදල් ලබා ගන්න කොමිස් ඉල්ලන අය ඉන්නවා. එහෙම කාටවත් මුදල් දෙන්න එපා. රජයේ සහන මුදල් සඳහා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අයදුම්පත නොමිලේ ලබා ගන්න පුළුවන්. සත්‍යාපනය නොමිලේ කරනවා. මුදල් කඩඉමක් නැතිව බැංකු ගිණුමට එනවා.

ව්‍යාජ අයදුම්පත් පුරවන්න උදව් කරන කියන අය ඉන්නවා. ඔවුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු දෙන්න එපා. ජාතික හැඳුනුම්පත වත් කාටවත් ලබා දෙන්න එපා. බැංකු ගිණුම් පොළී පොත අත හරින්න එපා. මුදල් බෙදාගන්න ගිවිසුම් වලට අත්සන් කරන්න එපා.

10) අමතර සහන වැඩසටහන්

මූලික සහන මුදලට අමතරව වෙනත් සහන වැඩසටහන් තියෙනවා. ආහාර පැකේජ දෙනවා. වියළි සලාක දෙනවා. ගෘහ නිර්මාණ ද්‍රව්‍ය දෙනවා. අධ්‍යාපන උපකරණ දරුවන්ට දෙනවා. ඖෂධ නොමිලේ ලබා දෙනවා. මේ සියල්ල ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසන්න.

ජාත්‍යන්තර සංවිධාන විශේෂ සහන වැඩසටහන් කරනවා. රතු කුරුස සංගමය, එක්සත් ජාතීන්ගේ ආයතන, පුණ්‍ය ආයතන උදව් කරනවා. මේවා ගැනත් තොරතුරු ලබා ගන්න.

*අවසාන උපදෙස

ගංවතුර සහන මුදල් ඔබේ අයිතියක්. නිවැරදිව අයදුම් කළොත් මුදල් අනිවාර්යයෙන් ලැබෙනවා. ඉවසීම තියාගන්න. වංචා වලින් ඈත්ව ඉන්න. රජයේ නිල නිලධාරීන් හරහා විතරක් කටයුතු කරන්න. ශක්තිමත්ව ඉදිරියට යන්න

🤙Calling All Sri Lankan 🇱🇰  Citizens Abroad...!!! 🌍 🇱🇰 🤙 විදේශයන්හි 🌍 ජීවත්වන සියලු ශ්‍රී ලාංකේය 🇱🇰 පුරවැසියන් වෙත කෙරෙන...
25/03/2025

🤙Calling All Sri Lankan 🇱🇰 Citizens Abroad...!!! 🌍 🇱🇰
🤙 විදේශයන්හි 🌍 ජීවත්වන සියලු ශ්‍රී ලාංකේය 🇱🇰 පුරවැසියන් වෙත කෙරෙන ආරාධනයයි...!!! 🇱🇰

🤝 Citizens Portal අපගේ ජාත්‍යන්තර සබඳතාවයන් වඩ වඩාත් තහවුරු කරනු පිණිස මෙන් ම සෑම අතින් ම සමෘද්ධිමත් සුරක්ෂිත සමාජයක් බිහිකරලීම උදෙසා මවු බිමට පෙම් බඳින, මවු බිමේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන ශ්‍රී ලාංකේය පුරවැසියන් සැමටම අප සමග එක්වන ලෙස මෙසේ ඉල්ලා සිටින්නෙමු....!!! 💝

🤝 In order to strengthen our international relations and to create a prosperous and secure society in all respects, we hereby request all Sri Lankan citizens who love their motherland and work for the welfare of the motherland to join us....!!! 💝‍👩‍❤️‍👩👨‍👩‍👧‍👦

🛑 ඔබ දැනුවත් ද...?ඔබේ දියණිය, ඔබේ බිරිඳ, ඔබේ සොහොයුරිය හෝ ඔබේ පෙම්වතිය ඔවුන් නොදැනුවත්වම අන්තර්ජාලය හරහා විකෘති ආශාවන් ව...
16/03/2025

🛑 ඔබ දැනුවත් ද...?
ඔබේ දියණිය, ඔබේ බිරිඳ, ඔබේ සොහොයුරිය හෝ ඔබේ පෙම්වතිය ඔවුන් නොදැනුවත්වම අන්තර්ජාලය හරහා විකෘති ආශාවන් වලින් පෙළෙන පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්විය හැකි බව..?

🛑 මේ වන විටත් පාසල් සිසුවියන් රැසකගේ ඡායාරූප රැසක් එවන් සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙත හුවමාරු වී ඇති බව..?

🛑 පාසල් සිසුවියන් කැමැත්තෙන් ම පවා මුදල් හෝ භාණ්ඩ ලබාගැනීමේ චේතනාවෙන් ජංගම දුරකථන කැමරාව ඉදිරියේ නිරුවත් වන බව..?

⚠️ ️මේ වන විටත් සාමාජිකයන් 50,000 පවා ඉක්මවූ, ප්‍රසිද්ධ පුද්ගලයන් පවා අන්වර්ථ නාමයන්ගෙන් රැඳී සිටින එවන් සමාජ මාධ්‍ය කණ්ඩායම් රැසක් අප විසින් හඳුනාගෙන ඇත.⚠️️

👉 එන්න, සෑම අතින් ම සුරක්ෂිත හෙටක් ගොඩනැගීමට අපත් සමග එක්වන්න. 👩‍❤️‍👩👩‍❤️‍👩

👨‍👨‍👧‍👦 ඔබේ දියණිවරුන්, ප්‍රියයන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ කාලය කැප කරන්න... ⌚නිරන්තරයෙන් සොයා බලන්න....ඔබෙන් නොලැබෙන ආදරය හෝ රැකවරණය පතා අන් අය වෙත යොමුවිය හැකිය...👨‍👨‍👧‍👦💝💝

💝 ඔබේ ප්‍රියයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න... 💝

ඔබට හැකි පමණින් මෙම පණිවිඩය බෙදා හරින්න.....
'Citizens Portal" සුවිශේෂී සමාජ මෙහෙවරක්...



💝 ඔබේ ප්‍රියයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න... 💝

ඔබට හැකි පමණින් මෙම පණිවිඩය බෙදා හරින්න.....
'Citizens Portal" සුවිශේෂී සමාජ මෙහෙවරක්...

ආර්ථික දුෂ්කරතා ඇති, විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටින පවුලක් වෙත පරිත්‍යාග කිරීම සඳහා හිඳ ගැනීමට හෝ නිදි කරවීමට හැකි පර...
15/03/2025

ආර්ථික දුෂ්කරතා ඇති, විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටින පවුලක් වෙත පරිත්‍යාග කිරීම සඳහා හිඳ ගැනීමට හෝ නිදි කරවීමට හැකි පරිදි සීරුමාරු කළ හැකි Feeding Table එක සහිත, Lock කළ හැකි රෝද සහිත Baby Stroller එකක් සූදානම් කර ඇත. එවන් දරුවෙකු සම්බන්ධයෙන් ඔබ දැනුවත් නම්, 0112815331 / 0117382500 හෝ 0712555594 හරහා අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු.

14/03/2025

නිවැරදිව විද්‍යානුකූලව නව තාක්ෂණය උපයෝගී කොටගෙන සත්ත්ව සංගණනයක් සිදුකරන්නේ කෙසේ ද...?

🛑️ අද ඇයට වන හිරිහැරය හෙට ඔබේ මවට, සහෝදරියට, බිරිඳට, දියණියට හෝ හිතවතියකට විය හැකියි...නිහඬව නොසිටින්න...නොපමාව අප අමතන්...
12/03/2025

🛑️ අද ඇයට වන හිරිහැරය හෙට ඔබේ මවට, සහෝදරියට, බිරිඳට, දියණියට හෝ හිතවතියකට විය හැකියි...නිහඬව නොසිටින්න...නොපමාව අප අමතන්න...0704555594 දුරකථනය පැය 24 පුරාවට ඔබ වෙනුවෙන් විවෘතව පවතී. 👨‍👩‍👧‍👦

🛑 වෘත්තීයමය භාවය, සමාජ තත්ත්වය, ජාතිය, ආගම හෝ වයස් සීමාව දැරියකගේ හෝ කාන්තාවකගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීමේ ප්‍රමුඛ සාධකයක් නොවේ...!

🛑 සියලු තැන් හි දී දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමු..!

📢 ඇයගේ හෙට දවස සුරක්ෂිත කරන්නට, අද ඔබට හැකි පමණින් මෙම පණිවිඩය බෙදා හරින්න...

සමාජ සත්කාරයක්

11/03/2025

Citizens Portal හි සමාජයීය වගකීම් සහ කාර්යභාර්යය සමාජ ගතකිරීම සහ පාසල් සිසු සිසුවියන්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම පිළිබඳව පැහැදිලි කිරීම - පුරවැසි විද්‍යාඥ උපාලි චන්ද්‍රසිරි මහත්මා

28/02/2025

Citizens Portal Back 2 Village Art Competition Deadline Extended...!!
සිටිසන්ස් පෝ(ර්)ටල් "බැක් ටු විලේජ්" චිත්‍ර තරගයේ චිත්‍ර භාරගන්නා දිනය දීර්ඝ කිරීමට කටයුතු කළෙමු... ඔබගේ නිර්මාණ මාර්තු මස 05 වන දිනට ප්‍රථම අපවෙත ලැබීමට සලස්වන්න...

Citizens Portal Coexistence Research Centre is NOW OPEN...!!Call for Reservations...!!!
27/02/2025

Citizens Portal Coexistence Research Centre is NOW OPEN...!!
Call for Reservations...!!!

Deadline Extended!!!
27/02/2025

Deadline Extended!!!

Address

108 1/3, Stanley Thilakaratne Mawatha
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when Citizens Portal of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share