Nilgala Biodiversity Conservation Center

Nilgala Biodiversity Conservation Center Conservation through education

New species alert  ❤️💚
10/12/2022

New species alert ❤️💚

ආසියාණු නාගයින් ගේ වර්ගීකරණ විද්‍යාවේ විශාල වෙනසක්.. ශ්‍රී ලංකාවේ නාගයාටත් නව නමක්

සර්ප ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති සර්පයන් ඛාන්ඩයක් ලෙසට නාගයින් සැළකිය හැක. මෙම සතුන්ට ඇති පෙනය කිරීමේ හැකියාව, විෂ විදීමේ හැකියාව, ආගමික වැදගත්කම හා වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම හේතුවෙන් බොහෝ සංස්කෘතීන් තුල අනෙක් සර්පයන්ට සාපේක්ෂව නාගයින් සඳහා වැඩි අනන්‍යතාවක් මිනිසා තුල තිබේ. ආසියාවේ නාගයින් සම්බන්දව පර්යේෂණ ඉතිහාසය සැලකුවහොත් ශ්‍රී ලංකානු පර්යේෂකයෙක් හා විද්‍යාඥයෙක් වූ පී. ඊ. පී දැරණියගල විසින් 1945දී විශාල වර්ගීකරණ වෙනසක් සිදුකර ඇති අතර 1998දී ජර්මාණු විද්‍යාඥ Wolfgang wüster විසින්ද පර්යේෂණ පත්‍රිකාවක් එළිදක්වා ඇත. ඉන් පසුව අද දක්වා කාලයේදී ආසියාණු නාගයින්ගේ වර්ගීකරණය පිළිබඳව එළිදැක්වූ විශාලතම පර්යේෂණ පත්‍රිකාව Animals ජර්නලයේ 2022/12/09 දින පළ වී ඇත. චීන හා ජර්මාණු පර්යේෂණ කණ්ඩායමක් එක්ව සිදුකර ඇති මෙම පර්යේෂණයේ ප්‍රතිඑලයක් ලෙස දකුණු චීනයෙන් නව නාගයන් විශේෂයකුත් ශ්‍රී ලංකාවට සම්බන්ද සමනාමයකුත් නැවත වලංගු කර ඇත.

මේ අනුව චීන නාගයා (Naja atra)ට ලඟම ඥාතීත්වය පෙන්වන නව විශේෂයක් දකුණු චීනයේ සිටින බව ජානමය දත්ත මගින් සොයාගෙන ඇත. මෙම ගහණය Naja fuxi ලෙස නම් කර ඇත. Naja kaouthia (Monocled Cobra) විශේෂයේද ජානමය වශයෙන් වෙනස් ගහන සිටින බව පෙන්වාදුන් පර්යේෂකයන් සත්‍ය N.kaouthia ගහණය උතුරු නැගෙනහිර ඉන්දියාව හා නේපාලය , බංගලාදේශය වැනි ආශ්‍රිත රටවල් වල සිටින බවත් මියන්මාරය, තායිලන්තය වැනි අග්නිදිග ආසියාණු රටවල N.kaouthia ලෙස හැඳින්වූ ගහණය නව විශේෂයක් විය හැකි බව පෙන්වාදී ඇත. මීට අමතරව බෝනියෝ හා පලවාන් දුපත් ආශ්‍රිතව සිටි සුමාත්‍රානු නාගයාගේ උප විශේෂය (Naja sumatrana miolepis) Naja miolepis ලෙස වලංගු කිරීමට සාක්ෂි ඇති බවත් ඉදිරි පර්යේෂණ සඳහා ඒ පිළිබඳ කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කර ඇත. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ Naja naja ලෙස හැඳින්වූ ගහණය ඉන්දියාණු ගහනයෙන් වෙනස් පරිණාමික පෙළපතක් පෙන්වීම නිසා වෙනස් විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව 1939 දී දැරණියගල මහතා විසින් මෙරට ගහණයට ලබා දුන් Naja naia polyocellata යන නම නැවත ස්ථාපිත කර Naja polyocellata ලෙස යොදා ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන නාගයා ආවේණික විශේෂයක් බවට පත්වේ. නව විද්‍යාත්මක නාමය ලෙස Naja polyoccelata භාවිතා කිරීමට සිදුවේ.

-සංජය -
ශ්‍රී ලංකාවේ උරග විද්‍යාවේ නව තොරතුරු පළමුවෙන්ම දැනගැනීමට අප පිටුව හා එක්වන්න
https://www.mdpi.com/2076-2615/12/24/3481

Address

Nilgala
91508

Telephone

+94774654362

Website

Alerts

Be the first to know and let us send you an email when Nilgala Biodiversity Conservation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nilgala Biodiversity Conservation Center:

Share