NEGPHO LK

NEGPHO LK Be With Us Share Experience & Knowledge https://chat.whatsapp.com/CuCRvUDGQxrAyjr9jJ1inq

අප සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික වනජීවී චාරිකාව හා ඡායාරූප වැඩමුළුව මෙවර හෝර්ටන් තැන්න ආශ්‍රිතව පුරා දවස් දෙකක් සිදු...
02/06/2026

අප සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික වනජීවී චාරිකාව හා ඡායාරූප වැඩමුළුව මෙවර හෝර්ටන් තැන්න ආශ්‍රිතව පුරා දවස් දෙකක් සිදු කරන අතර, එහිදී සම්පත් දායකයින් වනුයේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා මහතා හා තිවංක තෝමස් මහතයි. මෙම චාරිකාවට 40 දෙනකු පමණක් සහභාගි කිරීමට අදහස් කරන අතර Cameralk සමග sony ආයතනයේන් වටිනා ටී ෂර්ට් හා තව තෑගි ද, එදිනට ඔවුන්ගේ sony lenses වලින් ඔබට ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා ඇත.
තවද වටිනා සහතිකයක් ඔබට හිමි වනුඇත.
පළමු දින රාත්‍රියේ සුහද හමුවකින් රසවත් වෙන මෙම චාරිකාවට සාමාජික හා සාමාජික නොවන ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු 🙏මෙම චාරිකාවට සම්බන්ධ වන්නට..
සාමාජික බර පැන 16500/=
සාමාජික නොවන බර පැන 18000/=
පහත ගිණුම් අංකයට රුපියල් 10000/-; මුදලක් ගෙවා හැකි ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න..

200120090459
Nation trust bank
Kurunegala

මුදල් ගෙවපු අය අප සංගමයේ භාණ්ඩාගාරික රවි මහතාව සම්බන්ධ කරගන්න.
0773002606

මීගමුව  ඡායාරූප ශිල්පින්ගේ සංගම් ශාලාවේ හා අවට පරිසරයේ ශ්‍රමදානයට (මේ මස අටවෙනි සිකුරාදා සවස තුනට) ඔබගේ සහභාගිත්වය අපි බ...
06/05/2026

මීගමුව ඡායාරූප ශිල්පින්ගේ සංගම් ශාලාවේ හා අවට පරිසරයේ ශ්‍රමදානයට (මේ මස අටවෙනි සිකුරාදා සවස තුනට) ඔබගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙමු.

යළි කැමරාවට පණ දුන් සොඳුරු ජීවකයාණෙනි...ඔබේ නික්මයාම අප හදවතේ ෂටරය කැඩී ගියා මෙනී..අප මියනතුරු..ඔබ අප හදවතෙහිය...-මීගමුව...
09/04/2026

යළි කැමරාවට පණ දුන් සොඳුරු ජීවකයාණෙනි...
ඔබේ නික්මයාම අප හදවතේ ෂටරය කැඩී ගියා මෙනී..
අප මියනතුරු..ඔබ අප හදවතෙහිය...
-මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය -

03/04/2026
මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් මෙහෙයවන මාර්තු මාසයේ අධ්‍යාපන වැඩසටහනට සම්පත් දායකත්වය දරන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්...
27/03/2026

මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් මෙහෙයවන මාර්තු මාසයේ අධ්‍යාපන වැඩසටහනට සම්පත් දායකත්වය දරන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාය. කාචය හරහා රූපය සහ අධ්‍යාත්මිකත්වය සොයා ගන්න යන මැයෙන් හරවත් දේශනයක් කිරීමටත් තවත් බොහෝ දෑ එම දේශනයෙන් ඉගෙන ගැනීමට ඔබට හැකි වනු ඇත. සාමාජික හා සාමාජික නොවන සියලු දෙනාටම සුහද ආරාධනයයි! පැමිණෙන්න අපේ සංගම් ශාලාවට මේ මස 31 වැනි දා සවස පහට..

🙏පුණ්‍යානුමෝදනාවයි🙏දිට්වා ආපදාවෙන් මිය පරලොව ගිය ශ්‍රී ලාංකීය ජනතාව හා නැසී ගිය මීගමුව ඡායාරූප ශිල්පීන් සිහිපත් කරමින් ඔ...
02/03/2026

🙏පුණ්‍යානුමෝදනාවයි🙏
දිට්වා ආපදාවෙන් මිය පරලොව ගිය ශ්‍රී ලාංකීය ජනතාව හා නැසී ගිය මීගමුව ඡායාරූප ශිල්පීන් සිහිපත් කරමින් ඔවුන්ට පින් පමණු වීමේ උදාර අරමුණ ඇතිව සංවිධානය කරපු ලේ දන් දීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස අවසන් විය. හැටකට වැඩි සංඛ්‍යාවක් රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණියත් යම් යම් හේතු මත 46 දෙනෙකුට රුධිරය පරිත්‍යාග කිරීමට හැකිවිය.
මිනිස් ජීවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි. රුධිරය දන්දීම අභය දානමය පින්කමකි. රුධිර දායකයින්ට ඇප උපකාර කිරීම,මෙවැනි වැඩ මුළු සංවිධානය කිරිම හා සහයෝගය ලබාදීමත් අති උතුම් වූ කුසලයකි. මෙවැනි අය සංසාර ගමනේ නිරෝගී ජීවිත ලැබීම, දීර්ඝායුෂ ලැබීම, යෝධ බල යෝධ ශක්තිය ලැබීම, විපතදී පිහිටවන කල්‍යාණ මිත්‍රයින් ලැබීම, භයානක ලෙඩ රෝග වලින් ඈත්වීම..ආනිශංස වශයෙන් දැක්විය හැක.
මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට අපට ශක්තිය වූ සියලුම සාමාජික හා සාමාජික නොවන මහතුන්, මුදලින් හා ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාත්, වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාත්, මේ පින්කම දැක බලා සතුටු වූ සියලු දෙනාමත්.. බොහෝ පින් අත් වේවා! සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා! මේ භවයේ කර ගත් උතුම්ම කුසල් කර්මය නිරෝගී සුවයටම හේතු වේවා!!!
- මීගමුව ඡායාරූප ශිල්පින්ගේ සංගමය-

27/02/2026

🩸 ලේ දන් දී ජීවිතයක් සුරකිමු: මහා ලේ දන් දීමේ පින්කම 🩸
දිට්වා ආපදාවෙන් අකාලයේ දිවි අහිමි වූ අපේම සහෝදර ලාංකික ජනතාවටත්, මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ අප අතරින් වෙන්ව ගිය ආදරණීය සාමාජිකයින්ටත් පින් පතා සංවිධානය කරනු ලබන මහා ලේ දන් දීමේ කඳවුර.

වචනයට එහා ගිය මනුෂ්‍යත්වය වෙනුවෙන්, තවත් ජීවිතයක් බේරා ගැනීමට ඔබත් එක්වන්න!

2026-02-28

වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව.03.00 දක්වා

ස්ථානය: මීගමුව ඡායාරූප සංගම් ශාලාවේදී ( කඩොල් කැලේ ළමා උද්‍යානය අසල )

"මියයන මොහොතේ අප රැගෙන යන්නේ අප කළ පින් පමණි... ඔබේ ලේ බිඳුවක් තවත් කෙනෙකුට ජීවිතය වනු ඇත."

සංවිධානය:
මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය (Negombo Photographers' Association)

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0771245575
📞 0773002605

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

ජීවිතයක් බේරා ගන්න... ඔයා එනවා නේද..එද්දි හැදුනුම්පතත් රැගෙන එන්න....මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය..
27/02/2026

ජීවිතයක් බේරා ගන්න... ඔයා එනවා නේද..එද්දි හැදුනුම්පතත් රැගෙන එන්න....මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය..

ජීවිත කිහිපයක් බේරා ගැනීමට අවශ්‍ය ලේ බිංදු සොයා ගැනීමට මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ දරන වෑයමක්....
25/02/2026

ජීවිත කිහිපයක් බේරා ගැනීමට අවශ්‍ය ලේ බිංදු සොයා ගැනීමට මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ දරන වෑයමක්....

24/02/2026

[21:39, 23/02/2026] Negombo Camera Rent: අප සංගමය විසින් සංවිධානය කරන ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්තට ඔබට ලේ දන්දීමට අවශ්‍යතාවය තිබුණත් යම්කිසි හේතුවක් නිසා එය නොහැකිනම්, පහත සඳහන් ආහාර ද්‍රව්‍ය පුළුවන් ආකාරයකට ලබාදීමෙන් හෝ එදිනට යන වියහියදම් වලට සුළු මුල්‍ය ආධාරයක් ලබාදීමෙන් හෝ තව කෙනෙකු මේ සඳහා යොමු කර හෝ මේ මහා පුණ්‍ය කටයුත්තට දායක වීමට ඔබට පුළුවන.

ලේ දන් දීමට පැමිණෙන පින්වතුන් සඳහා අවශ්‍ය කෙටි ආහාර වේල

කිරි පැකට් - 100
වතුර බෝතල් -100
මාළු පාන් -100
කෙසෙල් ගෙඩි - 100
කේක් කෑලි -100
පේපර් ප්ලෙට්, ටිශු හා
දහවල් ආහාරය 20 දෙනකුට පමණ..යන වියදම..
හට් වලට යන වියදම..
[21:44, 23/02/2026] Negombo Camera Rent: මුල්‍ය ආධාරයක් ලබා දෙනවා නම් භාණ්ඩාගාරික රවි මහතාට ලබා දෙන්න..0773002605
ආහාරපාන ලබා දෙනවා නම් මාව සම්බන්ධ කරගන්න. 0771245575

Address

Children Park, Archbishop Niculas Marcus Road, Kadolkelle
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when NEGPHO LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share