28/12/2025
Our Commitment to the People of Sri Lanka – Eco Check Global
On 27th December 2026, Eco Check Global (Private) Limited proudly fulfilled its social responsibility by donating books and essential educational materials required for the year 2026 to 113 students studying at Sri Rahula Dhamma School, located in Delthota – Naranghinna village, Kandy District.
This meritorious social welfare initiative was implemented with an investment of over half a million Sri Lankan Rupees by Eco Check Global, clearly demonstrating the organization’s deep commitment to enhancing children’s education, moral development, and overall social well-being.
We respectfully extend our sincere gratitude to the Venerable Chief Incumbent of the temple, along with the entire teaching staff of the Dhamma School, and the respected parents of the students, for their guidance, blessings, and invaluable support in successfully carrying out this noble endeavor.
Furthermore, we wish to express our special appreciation and respect to Mr. Himarsha Rajapaksha, who provided strong institutional leadership and served with dedication as the Operations and Project Lead, as well as to all esteemed officers of Eco Check Global who contributed directly and indirectly to the success of this program.
Additionally, we gratefully acknowledge Dr. Rajapaksha of the Delthota Divisional Hospital for facilitating the initial connection with the Dhamma School and for generously dedicating his valuable time to participate in this meaningful occasion.
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් Eco Check Global අපේ යුතුකම ඉටු කලෙමු.
2026 දෙසැම්බර් 27 වන දින, Eco Check Global (පුද්ගලික) සමාගම විසින් මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට – නාරන්හින්න ගම්මානයේ පිහිටි ශ්‍රී රාහුල දහම් පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරුවන් 113 දෙනාගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම උදෙසා, එම දහම් පාසලට 2026 වර්ෂය සඳහා අවශ්‍ය වූ පොත්පත් සහ අනෙකුත් අධ්‍යාපනික ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මහත් ගෞරවයෙන් යුතුව සිදු කරන ලදී.
මෙම පුණ්‍යමය සමාජ සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා Eco Check Global ආයතනය විසින් මිලියන භාගයකට වඩා අධික මුදලක් වැය කරමින්, දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය සහ සදාචාරමය සංවර්ධනය පිළිබඳ තම සමාජීය වගකීම හා ගැඹුරු කැපවීම පැහැදිලිව අවධාරණය කරන ලදී.
මෙම මහත් පුණ්‍ය කටයුත්ත සාර්ථකව ඉටු කර ගැනීම සඳහා අපට මග පෙන්වමින්, ආශීර්වාදය සහ සහයෝගය ලබා දුන් එම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ සියලුම ගරු ආචාර්ය මණ්ඩලය වෙතද, එමෙන්ම සිසු දරුවන්ගේ ගරු දෙමාපියන් වෙතද අපගේ ගෞරවය හා හෘදයාංගම කෘතඥතාව මෙසේ පුද කරමු.
එසේම මෙම උතුම් සමාජ සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා ආයතනික වශයෙන් නායකත්වය ලබා දී, මෙහෙයුම් හා ව්‍යාපෘති ප්‍රධානී ලෙස කැපවී කටයුතු කළ හිමර්ෂ රාජපක්ෂ මහතා ඇතුළු, මෙම වැඩසටහන සඳහා සෘජුව හා පරෝක්ෂව දායක වූ Eco Check Global ආයතනයේ සියලුම ගරු නිලධාරීන් වෙතද අපගේ විශේෂ ගෞරවය හා ස්තූතිය මෙසේ පළ කරමු.
තවද, මෙම දහම් පාසල හා සම්බන්ධතා ස්ථාපිත කර දීමට මූලික වූ දෙල්තොට දිසා රෝහලේ ගරු වෛද්‍ය රාජපක්ෂ මහතා වෙතද, තම වටිනා කාලය අප වෙත කැප කරමින් මෙම උතුම් අවස්ථාවට සහභාගී වීම පිළිබඳවද, අපගේ ගෞරවය සහ හෘදයාංගම කෘතඥතාව මෙසේ පුද කරමු.