Dhammissara අපි 93

Dhammissara අපි 93 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhammissara අපි 93, Community Service, Marawila Road, Nattandiya.

We are the same group of students who entered Dhammissara College in 1999 as grade one students and appeared for the grade five scholarship exam in 2004, the GCE Ordinary Level exam in 2009 and the GCE Advanced Level exam in 2012.

දහසක් නෙත් මල් පුබුදු කළ,ආදරණීය ගුරු මව්නි, ඔබට නිවන් සුව ! ි93
24/11/2025

දහසක් නෙත් මල් පුබුදු කළ,
ආදරණීය ගුරු මව්නි,
ඔබට නිවන් සුව !
ි93

93' සයන්ස්කාරයෝ ••ධම්මිස්සර විද්‍යාලයීය 1993 කන්ඩායම 2012 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කන්ඩායම වන අතර එහි ...
04/04/2025

93' සයන්ස්කාරයෝ
••
ධම්මිස්සර විද්‍යාලයීය 1993 කන්ඩායම 2012 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කන්ඩායම වන අතර එහි විද්‍යා අංශයේ සොයුරන්ගේ සමූහ ඡායාරූපයක් වන මෙය බහුතරයක් ගණිත අංශයේත් කිහිප දෙනෙකු ජීව විද්‍යා අශයේත් ඉගෙනුම ලැබුවෝය.

පාසල් ජීවිතයේ අවසන් දවසේ ඓතිහාසික ධම්මිස්සර නුග ගහ සෙවණේ ගන්නා ලද මෙම ඡායාරූපය දශකයකට එහා ගිය අතීත මතකයන් ආවර්ජනය කරනවා සේම ඒ මතකයන් අලුත් කිරීමට, සිතියමේ තැන තැන විසිර සිටින ඔබ නුදුරු අනාගතයේදී නිසකයෙන් නැවත හමු විය යුතු බව මෙසේ ලියා තබන්නෙමු.

𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 අපි 𝟗𝟑

ි93

ධම්මිස්සරයට සියවසක් සපිරෙන මොහොතේ දී ඔවුන් ගෙනා ජය.•••ධම්මිස්සර විද්‍යාලයට වසර 100 ක් සපිරෙන වර්ෂ 2013 දී එම ඓතිහාසික සැ...
26/03/2025

ධම්මිස්සරයට සියවසක් සපිරෙන මොහොතේ දී ඔවුන් ගෙනා ජය.
•••
ධම්මිස්සර විද්‍යාලයට වසර 100 ක් සපිරෙන වර්ෂ 2013 දී එම ඓතිහාසික සැමරුම වර්ණවත් කරමින් ධම්මිස්සර විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ විදුහල සමග පැවති සමස්ත ලංකා 19 න් පහළ පිරිමි වොලිබෝල් අවසන් මහා තරඟයේදී 3-0 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ධම්මිස්සර විද්‍යාලය සමත් විය. එම කන්ඩායමේ ක්‍රීඩකයින් ලෙස,

• මංජුල නලීන් - නායක [ 93 Batch ]
• ඉසුරු සෙනවිරත්න [ 93 Batch ]
• කසුන් රත්නායක [ 93 Batch ]
• බ්‍රිනෝජ් ශ්‍රී පබුදික [ 93 Batch ]
• රන්දිම ශෙවෝන් [ 93 Batch ]
• සමුද්‍ර ගිහාන් [ 94 Batch ]
• මිතුන් මධුමාල් [ 94 Batch ]
• ජනිත් රන්දික [ 94 Batch ]
• යමිත මධුශංක [ 94 Batch ]

යන ක්‍රීඩකයින් ධම්මිස්සර විද්‍යාලය නියෝජනය කළ අතර කීර්ති ජයසේකර සහ චන්න ජයසේකර යන ක්‍රීඩා ආචාර්යවරුන්ගේ පුහුණුකාරීත්වය මෙම ජයග්‍රහණය තහවරු කලේය. එහිදී වර්තමාන වොලිබෝල් ජාතික කන්ඩායම නියෝජනය කරනු ලබන අප ශිෂ්‍ය කන්ඩායමේ මංජුල නලීන් සොයුරා "2013 සමස්ත ලංකා වොලිබෝල් දක්ෂතම ක්‍රීඩකයා" සම්මානයද දීනා ගැනීමද සුවීශේෂී සංධිස්ථානයක් විය.

මෙම ජයග්‍රහණය අගයනු වස් එම ජයග්‍රාහී කන්ඩායමේ ඡායාරූපයක් එවකට පළ වූ පුවත්පතක මුල් පිටු කවරයට යොදා ගත් අතර එම අතීතය මෙසේ සිහිකරනු ලබන්නේ එම ජයග්‍රහණය ධම්මිස්සර මාතාවගේ සියවස් පූර්ණයට දුන් ත්‍යාගයක් ලෙස අදටත් ධම්මිස්සර ඉතිහාසයේ සනිටුහන් වී ඇති බැවිනි.

𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 අපි 𝟗𝟑

ි93

"𝙏𝙧𝙚𝙣𝙙𝙞𝙣𝙜"ධම්මිස්සර විද්‍යාලයීය 1993 කන්ඩායමේ සොයුරන් වන අශාන් ප්‍රනාන්දු කන්ඩායම් නායක ලෙසත්, සමීර නුවන් ප්‍රධාන ගායකයා...
19/03/2025

"𝙏𝙧𝙚𝙣𝙙𝙞𝙣𝙜"
ධම්මිස්සර විද්‍යාලයීය 1993 කන්ඩායමේ සොයුරන් වන අශාන් ප්‍රනාන්දු කන්ඩායම් නායක ලෙසත්, සමීර නුවන් ප්‍රධාන ගායකයා ලෙසත් කටයුතු කරන 𝙁𝙡𝙖𝙨𝙝𝙗𝙖𝙘𝙠 සංගීත කන්ඩායමේ අනු කන්ඩායම වන 𝙏𝙧𝙚𝙣𝙙𝙞𝙣𝙜 සංගීත කන්ඩායම ඊයේ දිනයේ පවත්වන්නට යෙදුන "ශ්‍රී ලංකා ජනතා සම්මානය" ලෙස හැඳින්වෙන Slim Kantar Peoples' Awards සාම්මාන උළෙලේ වාද්‍ය වෘන්තය ලෙස පැමිණි සිටි ආරාධිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිණවන්නට විය.

එහිදී 𝙁𝙡𝙖𝙨𝙝𝙗𝙖𝙘𝙠 සංගීත කන්ඩායම "Most Popular Band of the Year" සහ "Youth Band of the Year" යන ජනතා සම්මානයන්ගේ පිදුම් ලැබූ අතර 𝙁𝙡𝙖𝙨𝙝𝙗𝙖𝙘𝙠 අනු කන්ඩායම ලෙස 𝙏𝙧𝙚𝙣𝙙𝙞𝙣𝙜 සංගීත කන්ඩායමේ ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන්ද ආරධිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මනා පැසසුමට ලක් විය.

ඔවුන්ගේ ඉදිරි ගමනට අපෙන් සුබ පැතුම් !

𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 අපි 𝟗𝟑

ි93

ධම්මිස්සර හාමුදුරුවෝ 🙏
17/03/2025

ධම්මිස්සර හාමුදුරුවෝ 🙏

අති පූජ්‍ය නාරවිල ධම්මිස්සර හිමි. 🔰🙏
[ 𝐀𝐈 තාක්ෂණය භාවිතා කොට සිතුවමක් ඇසුරෙන් ප්‍රති නිර්මාණය කරන ලද ජීවමාන රුවකි. ]
•••
ධම්මිස්සර විද්‍යාලීය ඉතිහාසයට අනුව වර්ෂ 1963 දී අප විද්‍යාලයට "ධම්මිස්සර" යන නාමය එකතු වූ බව සඳහන් වේ. එවකට වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය දැරූ අතී පූජ්‍යය නාරවිල ධම්මිස්සර හිමි, දරු දරියන්ගේ අධ්‍යාපනය උදෙසා කළ අමිල මෙහෙය රටවැසියාගේ විශේෂ පැසසුමකට ලක් වූ බව ඉතිහාසය සාක්ෂි දරයි.

එසේම උන්වහසේ ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යාපන කමිටුවේ සාමාජිකත්වය දරමින් පළාතේ සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික අංශ වෙත කළ මෙහෙවර හේතුවෙන් එවකට අප විද්‍යාලීය විදුහල්පති ධූරය දැරූ පර්සි බෝයි මහතා ගේ සහ ගුරු දෙගුරු සංගමයේ යෝජනාවක් අනුව නාරවිල ධම්මිස්සර හිමියන්ගේ ගුණ අගයනු වස් අප විද්‍යාලය "ධම්මිස්සර විද්‍යාලය" ලෙස නම් කෙරූ බව විද්‍යාලීය ඉතිහාසය පරිශීලනයේදී අපට අනාවරණය වේ.

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයන්ගේද ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබමින් ලක් අඹරේ දිලෙන ධම්මිස්සර විද්‍යාලීය නාමය රැව් පිළි රැව් පිලි දෙනවා සේම එතුළින් නාරවිල ධම්මිස්සර හිමියන්ගේ අමිල මෙහෙවර සාදානුස්මරණය වනු ඇත.

අපි,
𝘿𝙝𝙖𝙢𝙢𝙞𝙨𝙨𝙖𝙧𝙖 𝙁𝙧𝙖𝙩𝙚𝙧𝙣𝙞𝙩𝙮

2011 වර්ෂයේදී 14 වන බලඇණි කඳවුරේ අනුශුරතාවය දිනාගත් ධම්මිස්සර විද්‍යාලීය කැඩෙට් කන්ඩායම. 🔰•••ධම්මිස්සර විද්‍යාලීය 1993 ක...
15/03/2025

2011 වර්ෂයේදී 14 වන බලඇණි කඳවුරේ අනුශුරතාවය දිනාගත් ධම්මිස්සර විද්‍යාලීය කැඩෙට් කන්ඩායම. 🔰
•••
ධම්මිස්සර විද්‍යාලීය 1993 කන්ඩායමේ අපේ සහෘදයෙක් වෙන කසුන් චානක එවකට කන්ඩයේ සැරයන් ලෙස තම මතකය මෙසේ විවර කර වගයි,

" 2011 දි මේ පොටෝ එක ගහන්නෙ 14 වෙනි බලඇණි ශුරතා කඳවුරේදී. අපි 25 දෙනාගෙම අරමුණ තිබ්බෙ හර්මන්ලෝස් කඳවුරට සුදුසුකම් ලබා ගන්න එක. හර්මන්ලොස් කියන්නෙ කැඩෙට්ලගෙ සිහිනය. ඒ කියන්නේ අපේ සමස්ත ලංකා කඳවුර. එතනට යන්න මොන කට්ටක් කන්න ඕනද කියලා කැඩෙට් කරපු ඕන කෙනෙක් දන්නවා.

ඒ වෙනකොට හර්මන්ලෝස් කුසලාන කඳවුරට යන්න අවස්ථාව ලැබෙන්නෙ බලඇණි ශූරතා කඳවුරක ශූරතාවය හා අනුශූරතාවය ලබාගත් කණ්ඩායම් දෙකට විතරයි. 2008 න් පස්සෙ අපේ විද්‍යාලයට හර්මන්ලෝස් යන්න හැකියාව ලැබෙන්නෙ නෑ. 2009 , 2010 පරාජයන් එක්ක තමයි අපි 2011 කඳවුරුගත වෙන්නෙ. හර්මන්ලෝස් කවදාවත් දැකපුවත් නැති කණ්ඩායමකට 2011 දි නැවත ජයග්‍රහණයේ සතුට විද්‍යාලයට අරන් එන්න අපට හැකියාව ලැබෙනවා.

2008 න් පස්සෙ කණ්ඩභාර නිළධාරී ලෙස කටයුතු කරපු උපුල් සර් යුධ හමුදා සක්‍රීය සේවයට යනවා. එතන ඉදන් කණ්ඩය පුහුණු කිරීමේ වගකීම දරන්න උනේ කණ්ඩයේ සැරයන්ට. ඉතින් 2011 වර්ෂයේ ඒ වගකීම සැරයන් විදියට මට ලැබුනා.

කඳවුරු ගතවීමට ආසන්න කාලය වන විට උපුල් සර් නැවත විද්‍යාලයේ රාජකාරි කටයුතු භාරගත්තත් සර්ට ඇතිවන අසනීප තත්වයක් මත අපිත් එක්ක කඳවුරු ගත්වෙන්න බැරි වෙනවා. හර්මන්ලෝස් කඳවුරක අත්දැකීම් තිබුන එකම ශිෂ්‍යභටයා ලෙස හර්මන්ලෝස් දැකලවත් නැති 24 දෙනෙක් වර්ෂයකට ආසන්න වෙහෙසකර පුහුණුවකින් පසු, කණ්ඩායමේ 25 දෙනාගෙම මොරාල් එක කැපවීම මත අපි 2011 අනුශූරතාව ලබාගෙන හර්මන්ලෝස් කුසලාන කඳවුරට සහභාගීවීමට වරම් දිනා ගන්නවා. තාමත් ඒ දවස එදා වගේම ඇස් වලට සතුටු කඳුලු පුරවන, හදවතේ අමතක නොවෙන දවසක්.. "

- කසුන් චානක

අතීතය මතින් වර්තමාන ගොඩ නැගෙන අතර අතීතය දැන සිටීම අනාගතයට පාර කපනු ඇත.

- 𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 අපි 𝟗𝟑

ි93

21/02/2025

අපි දැන් ප්‍රේක්ෂකයෝ වෙලා නේද බන් 🥹💔


ි93
*Video credit - Respective owners

18/02/2025

මතකද ?
ආයෙත් එන්නැති ඒ කාලේ 🥹🫂

ි93

Address

Marawila Road
Nattandiya
61190

Website

Alerts

Be the first to know and let us send you an email when Dhammissara අපි 93 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share