06/02/2026
දිට්වා සුළි කුණාටුව හා ගංවතුර හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලයට අයත් නාගුලියද්ද ගමේ පිහිටි සුපිපි පෙර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ (පෙර පාසල්) සිසු සිසුවියන්ටත්, එම අවට ප්‍රදේශවල පාසල් යන දරුවන් සඳහාත් පාසල් උපකරණ සහ සෙල්ලම් බඩු ලබා දෙන ලදී.
එමෙන්ම, ඒ අවට පිහිටි අනෙකුත් පෙර පාසල්වල දරුවන්ගේ භාවිතය සඳහා ළමා කතාන්දර පොත්, ටී-ෂර්ට් සහ සෙල්ලම් බඩු එම පෙර පාසල්වල ගුරුවරුන්ට පරිත්‍යාග කරන ලදී.
මෙම කුසල කර්මය 2026.01.15 දින සිදු කරන ලදී.
මෙම කුසල කර්මයට නන් අයුරින් දායක වූ සියලුම පරිත්‍යාගශීලී පින්වතුන්ටත්, ප්‍රවාහන කටයුතු සාර්ථකව සැපයූ NCG Express ආයතනයේ කළමනාකාරීත්වයටත් අපගේ හෘදයාංගම ස්තුති සහ බොහෝම පිං 🙏
Due to the Dithwa Cyclone and the floods, school supplies and toys were distributed to the students of the Supipi Early Childhood Development Centre (preschool) in Naguliyadda village, belonging to the Ambanganga Korale of the Matale District in the Central Province, as well as to school-going children in the surrounding areas.
In addition, children’s storybooks, T-shirts, and toys were donated to the teachers of other nearby preschools for the benefit of their students.
This initiative was carried out on 15.01.2026.
We extend our heartfelt gratitude and sincere appreciation to all the generous donors who contributed in various ways to make this meritorious act possible, as well as to the management of NCG Express for successfully providing the transportation support. 🙏