18/10/2024
✳️ රජයේ ලියාපදිංචි පිළිගත් වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ සංගමයක අභිමානවත් සාමාජිකයකු වීමට දැන් ඔබටත් අවස්ථාවක්...
මනෝ උපදේශන වෘත්තියේ නියැලෙන, උපදේශනය පිළිබඳ රජයේ ලියාපදිංචි සංගමයක සාමාජිකත්වය ලබා නොමැති නමුත් සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබ හට "ලංකා මනෝවිද්‍යාඥයින්ගේ සහ උපදේශන වෘත්තියවේදීන්ගේ සංගමය ( LAPCP)" මගින් අවස්ථාවක් ඇත.
▶️ කවුරුන් සඳහා ද ?
✅ වෘත්තීමය වශයෙන් උපදේශනයේ නියැළීමට බලාපොරොත්තුවන අය සඳහා.
✅ රජයේ ලියාපදිංචි පිළිගත් සංගමයක සාමාජිකත්වය නොලැබ උපදේශන වෘත්තීය නියැලෙන අය සඳහා.
✅ මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ උපාධි පාඨමාලා හදාරා ඇති අය සඳහා.
▶️ රජයේ ලියාපදිංචි සංගමයක් වන මෙමඟින් වෘත්තීය ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ඔබගේ අධ්‍යාපනික මට්ටම අනුව පහත ආකාරයට සාමාජික බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
❇️ O/L + Dip in Counselling ( Student member ) (Cannot Practice )
❇️ A/L + Dip in Counselling
( Associate Member )
❇️ Any degree + Dip in Counselling or Counselling first degree
(Graduate member - Grade 02)
❇️ Post Graduate (Master degree + Dip in Counselling or Master degree in Clinical or Counselling or Mphill in Clinical Psychology or Counselling)-
(Graduate Member - Grade 01)
❇️ PhD/ Doctor of Clinical or Counselling Psychology.
(Fellow Membership)
▶️ සැ: යු: ඔබට වෘත්තීයමය වශයෙන් උපදේශනය කිරීමට සංගමයේ අනුමැතිය ලබා දීම සඳහා අවම වශයෙන් අ.පො.ස. උසස් පෙළ සමත්ව (Being A/L qualified) සහ පිලිගත් ආයතනයකින් මනෝ උපදේශනය පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරා තිබීම අනිවාර්යය වේ.
▶️ අ.පො.ස. සාපෙළ සමත් අය සඳහා අවශ්‍ය නම් ලබා දෙන්නේ "ශිෂ්‍ය සාමාජික" (Student Member) වන අතර එය ලබාගත් අයට වෘත්තීය උපදේශනය කිරීමට සංගමය අනුමැතිය ලබා නොදේ.
▶️ ලංකා මනෝවිද්‍යාඥයින්ගේ සහ උපදේශන වෘත්තීයවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය ගැනීමෙන් ඔබ හට ලැබෙන වරප්‍රසාද.
1️⃣ උපදේශන වෘත්තීය ක්ෂේත්‍රයේ මනා පිළිගැනීමක් ඇතිවීම.
2️⃣ වෘත්තීය ජීවිතයේදී මුහුණ දෙන ගැටලු වලට රැකවරණය ලබාදීම.
3️⃣ අපගෙ අධ්‍යාපන ආයතන මගින් මනෝ උපදේශන දැනුම, කුසලතා යාවත්කාලීන කිරීම සඳහා පවත්වන ලද වැඩමුළුවලට නොමිලේ සහභාගී වීමට අවස්ථාව ලැබීම.
4️⃣ ක්ෂේත්‍රයේ පලපුරුද්ද සහිත විද්වත් පිරිස් සමඟ සබඳතා ගොඩනැගීමේ හැකියාව.
5️⃣ සාමාජිකයින් උපදේශන වෘත්තියේ නියැලීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්ව වලදී මනෝ උපදේශන විශේෂඥ දැනුම ලබාගත හැකිවීම.
6️⃣ සංගමය වෙත එන උපදේශන අවස්ථා සඳහා සාමාජිකයින් යොමු කිරීම...
▶️ සංගමය විශේෂ වීමට හේතූ
✅ නිසි ක්‍රමවේදයක් යටතේ රජයේ ලියාපදිංචි සංගමයක් වීම.
✅ විධායක කමිටුව තුළ ක්ෂේත්‍රයේ පිළිගත් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයින් සහ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශකවරුන්/ වරියන් තනතුරු දැරීම.
✅ මනෝ උපදේශනය ක්‍රමවත්ව නියාමනය කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීම.
✅ නිසි අධ්‍යාපනික සුදුසුකම් මත සාමාජිකත්වය ලබාදීම.
✅ සාමාජිකයින් දැනුමෙන් පෝෂණය කිරීම වෙනුවෙන් වැඩසටහන් නිර්මාණය කිරීම.
✅ වාර්ෂිකව සුහද හමු පැවැත්වීම හා නිල තනතුරු පත්කිරීම.
▶️සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන අය වේ නම් පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න🔽
https://chat.whatsapp.com/C5LZgeo7ziaIIdHb7tuIoy
අමතන්න :
ලේඛකාධිකාරී - Registrar
Lanka Association of Psychologists and Counselling Professionals ( LAPCP )
Govt Reg No : GL 00276491
431-2/1 , දෙවන මහල , ගාළු පාර , ගල්කිස්ස
Tel : 077 212 6699 , 011 7007 201