26/06/2024
To Celebrate World Environment Day, World Ocean Day and World Rainforest Day, the SDG Classroom in Sri Lanka held a session for young activists with the goal of bringing attention to the Sustainable Development Goals (SDGs) 13 (Climate Action), 14 (Life Below Water), and 15 (Life on Land).
The goal of the program was to encourage and equip young individuals to take initiative in building a cleaner, greener, and more sustainable Sri Lanka. Participants learned about recycling, biodiversity conservation, and the importance of sustainable behaviors, including fostering empathy towards living beings affected by environmental pollution. With this initiative, the younger generation was supposed to feel committed to making changes that are beneficial in their community and environment.
The session was conducted by Ms. Kanchana Weerakoon who is an Ornithologist and an environmental conservationist specializing in Climate Change, Organic Farming, Conservation education, wetland conservation, Invasive Alien Species, Biodiversity Conservation, Spirituality and Conservation, Conscious Consumerism, Sustainable Management. She is a practitioner and a trainer for sustainable living and zero waste lifestyles for different stakeholders.
ලෝක පරිසර දිනය, ලෝක සාගර දිනය සහ ලෝක වැසි වනාන්තර දිනය සමරමින්, Arigatou International ආයතනයේ, ශ්‍රී ලංකා තිරසර සංවර්ධනය පිළිබඳ ආදර්ශ පංතිකාමරය විසින් තරුණ ක්‍රියාකාරීන් සඳහා සැසියක් පැවැත්වීය. මෙම සැසිය ප්‍රධාන වශයෙන් තිරසර සංවර්ධන අරමුණු 13 (දේශගුණික ක්‍රියාකාරකම්), 14 (ජලය තුළ ජීවිතය) සහ 15 (ගොඩබිම මත ජීවිතය) ඉලක්ක කොටගෙන පැවැත්විණි.
වැඩසටහනේ මූලික ඉලක්කය වූයේ පිරිසිදු, හරිත හා වඩා තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා මූලිකත්වය ගැනීමට තරුණ පරපුර දිරිමත් කිරීම සහ ඊට අවැසි දැනුමෙන් සහ කුසලතාවන් ගෙන් ඔවුන් සන්නද්ධ කිරීමයි. පරිසර දූෂණයෙන් පීඩාවට පත් ජීවීන් කෙරෙහි සංවේදනය වර්ධනය කිරීම ඇතුළුව ප්‍රතිචක්‍රීකරණය, ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ තිරසර හැසිරීම්වල වැදගත්කම පිළිබඳව සහභාගි වූ තරුණ කණ් ඩායම මෙහි දී දැනුම්වත් වන ලදී. මෙම වැඩසටහන තුළින් මෙම දරුවන් තම ප්‍රජාවට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන වෙනස්කම් කිරීමට කැපවී සිටින්නන් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පාදම සකස් කරන ලදී.
ප්‍රවීණ පක්‍ෂි විද්‍යාඥවරියක සහ පරිසර සංරක්‍ෂණ ශිල්පිනියක වන කාංචනා වීරකෝන් මහත්මිය විසින්
මෙම සැසිය මෙහෙයවන ලදී. ඇය, පරිසර සංරක්‍ෂණ විෂයය ක්‍ෂේත්‍රය තුළ; දේශගුණික විපර්‍යාස, කාබනික ගොවිතැන, සංරක්‍ෂණ අධ්‍යාපනය, තෙත්බිම් සංරක්‍ෂණය, ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ, ජෛව විවිධත්ව සංරක්‍ෂණය, අධ්‍යාත්මිකත්වය සහ සංරක්‍ෂණය, සවිඥානික පරිභෝජන කළමනාකරණය, සශ්‍රීක පරිභෝජනවාදය, පරිසර සංරක්‍ෂණය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවන් දරන අතරම, තිරසර ජීවන රටාව සහ ශුන්‍ය අපද්‍රව්‍ය ජීවන රටා පිළිබඳ වෘත්තිකයෙකු සහ විවිධ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් පුහුණු කරන්නියකි.
உலக சுற்றாடல் தினம், உலகப் பெருங்கடல் தினம் மற்றும் உலக மழைக்காடு தினம் ஆகியவற்றை நினைவுப் படுத்துவதற்கக , இலங்கையில் SDG வகுப்பறையானது, நிலையான அபிவிருத்தி இலக்குகள் (SDGs) 13 (காலநிலைக்கான நடவடிக்கைகள் ), 14 (நீர் வாழ் உயிரினங்கள் ) , மற்றும் 15 (புவி மீதான வாழ்வு ).
தூய்மையான, பசுமையான, மேலும் நிலையான இலங்கையை கட்டியெழுப்புவதற்கு முன்முயற்சியில் இளம் நபர்களை ஊக்குவிப்பதும் அவர்களை ஆயத்தப்படுத்துவதும் நிகழ்ச்சித் திட்டத்தின் குறிக்கோளாகும்.
பங்கேற்பாளர்கள் மீள் சுழற்சி, பல்லுயிர் பாதுகாப்பு மற்றும் சுற்றுச்சூழல் மாசுபாட்டால் பாதிக்கப்பட்ட உயிரினங்கள் மீது கரிசனையை வளர்ப்பது உட்பட நிலையான நடத்தைகளின் முக்கியத்துவம் பற்றி அறிந்து கொண்டனர். இந்த முன்முயற்சியின் மூலம், இளைய தலைமுறையினர் தங்கள் சமூகம் மற்றும் சுற்றுச்சூழலில் நன்மை பயக்கும் மாற்றங்களைச் செய்வதில் உறுதியாக இருக்க வேண்டும் என்பது எதிர்பார்ப்பு.
காலநிலை மாற்றம், வேளாண்மை, பாதுகாப்புக் கல்வி, ஈரநிலப் பாதுகாப்பு, ஆக்கிரமிப்பு வேற்றுக்கிரக உயிரினங்கள், பல்லுயிர் பாதுகாப்பு, ஆன்மிகம் மற்றும் பாதுகாப்பு, விழிப்புணர்வு நுகர்வு மேலாண்மை, நிலைத்தன்மை ஆகியவற்றில் நிபுணத்துவம் பெற்ற ஒரு பறவையியல் நிபுணரும் சுற்றுச்சூழல் பாதுகாப்பாளருமான திருமதி காஞ்சனா வீரகோன் இந்த அமர்வை கொண்டு நடத்தினார்.