02/06/2026
මෙන්න බස් එක, මෙන්න රියදුරු හා කොන්දොස්තර! කලුතර මතුගම බස් එකක් නම දහම්!
ඊයේ මම කලුතර දක්වා බස් රියේ ගියා.
මම බසයෙන් බහින්න හැඳුවේ අන්තිමටම කලුතරින්. අවසාන එක්නෙකා දෙන්න බහින කොට මහත්තයෙක් කලබලෙන් බස් එකට ගොඩ වුනා..ආසන යට, එහෙ මෙහෙ බැලුව,
කලබලෙන් බස් එකට ගොඩවුනු පුද්ගලයා දැකපු කොන්දොස්තර මහත්තයා, අහනවා, මහත්තයා මොකද පර්ස් එක නැතිවෙලා වගේ කලබලෙන් කියලා. මගේ මිත්‍රයා කියනවා. ඔව් ඒක තමයි ප්‍රශ්නය කියලා.
මෙන්න මේකද බලන්න. කොන්දොස්තර මහත්තයා පර්ස් එක දෙනවා රියදුරු මහත්තයා කියනවා, ඉස්කෝලෙ යන වයසෙ දරුවෙක් මේක අහුලලා දුන්නේ අපි අරන් තිබ්බා අයිතිකාරයෙක් එයි කියලා. සල්ලි වලට පාර අයිනේ ඉන්න මිනිස්සු කෑදර විදිහට එකතු කරන ප්‍රයිවේට බස් ‘කාරයෝ මැද මහත්තුරු දෙන්නෙක්! බස එකේ නමට ගැලපෙන සේවාවක්!
මේ පුද්ගලයා මතුගමින් නැගල දොඩන්ගොඩින් බැහැල. ඔහු නොදැනුවත්ව පසුමිබිය බස්එකේ වැටෙනවා. ඇත්තන්ම ගෙදර ගිහිං පර්ස් එක නෑ කියල දැනගත්තට පස්සේ තමයි ඔහු අනුමාන කරන්නේ බස් එකේ වැටුනා තමයි කියලා. එයා වහාම යතුරුපැදිය අරන් පවනට බ ඳු වේගයෙන් කලුතරට යනවා. යද්දී, බස් එක කලුතර නවත්වලා සෙනග බස්සමින් ඉන්නේ. එතැන ඉඳල සිද්ධිය තමයි ඉහලින් කිව්වේ.! වැදගත්ම කොටස ඒක නෙවෙයි
පර්ස් එකේ තිබුනේ රුපියල් 1540/-යි. ඒක ඒ විදිහටම තිබුන බව කිව්වා. ඒක ලොකු ගානක් නොවුනට හැඳුනුම්පත, බැංකු හා වෙනත් ණයවර පත්, රියදුරු බලපත්‍ර රක්ෂණ පත් සියල්ල ඒ විදිහටම තියනවා. සතුටෙන් ස්තූති කරල ඒ පුද්ගලයාත් මමත් බසයෙන් බහිද්දී බස් එකේ ආපු මගීන් කීප දෙනෙක් කාන්තාවක් වටකරගෙන කතාවක් එතනම, එතනට ගිහිං බැලුවම ඒ කාන්තාව තමන්ගේ දියනිගේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවකට තැන්පත් කරන්න ගෙනාපු මුදල් සහිත පසුබිම්බිය ඇත්තටම බස් එකේදී හොරකම් කරල!
එකම බස් එක, සිද්ධි දෙකක්. එක දරුවෙක් අයිතිකරුවෙක් නැති පසුම්බියක් රියදුරු මහතාට දෙනවා. තව තැනක ඒ බසයේම, සොරෙක් ඉඳලා! නැතිවූ පසුබිම්බිය හමුවූ පුද්ගලයා අපූරු වැඩක් කරනවා. තමන්ගේ පසුම්බියේ තිබුන රුපියල් 1540න් 1000ක් අර කාන්තාවට දෙනවා.
“මෙච්චරයි මට දෙන්න පුලුවන්. මේක තියාගන්න...!“
මම මේ පුද්ගලයාට කිට්ටු වුනා..ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙක්!
NB6363 බස් රථය
උපුටා ගැනීම චමිල ලියනගේ මහතාගේ facebook ගිණුමෙන්