Past Pupils' Association, Nalanda Girls Central College

Past Pupils' Association, Nalanda Girls Central College Official Face book page of Past Pupils' Association (PPA), Nalanda Girls Central College, Minuwangoda.

19/03/2026

ආදි ශිෂ්‍ය සංගමයේ 83 OL කණ්ඩායම සංවිධානය කරන හිසකෙස් දන්දීමේ සහ විග් ලබාදීමේ වැඩසටහන මාර්තු මස 22වන දින විද්‍යාලයේදී පැවැත්වේ.

ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මාර්තු 22 වන ඉරුදින පෙරවරු 10.30 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ...
19/03/2026

ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මාර්තු 22 වන ඉරුදින පෙරවරු 10.30 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
ඒ සඳහා සහභාගී වන මෙන්ම ඔබ සියලු දෙනාට ආරාධනා කරමි.

නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම
2026 මාර්තු මස 22 වන දින පැවැත්වේ. සියලු ආදි ශිෂ්‍යයන්ට ඒ සඳහා සහභාගී වන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි.

වේලාව: පෙරවරු 10.30
ස්ථානය: ප්‍රධාන ශාලාව

ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ දිනය සැමරීම විද්‍යාලයේ පාසල් දින දර්ශනයේ වැදගත් අවස්ථාවක්  ලෙස සනිටුහන් වෙ...
18/03/2026

ශ්‍රීමත් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ දිනය සැමරීම විද්‍යාලයේ පාසල් දින දර්ශනයේ වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් වෙයි. මෙම දිනය අනුස්මරණය කිරීම සෑම වසරකම පෙබරවාරි 17 දින සම්ප්‍රදායක් වශයෙන් සිදුවනු ලබයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිදුන් විසින් ආරම්භ කරන ලද පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පාසලක් ලෙස 1942 වර්ෂයේ මැයි මස පස් වන දින අප පාසල ආරම්භ වී තිබීම මෙයට හේතුවකි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (O/L) විභාගය හේතුවෙන් එම දිනයට නිසි ලෙස සැමරීමට නොහැකි වූ අතර, එය 2026.03.17 දින එම අවස්ථාව සිහිපත් කරමින් භික්ෂූන් වහන්සේ 106 නමකට දානය පිරිනැමීම, සෙත් පිරිත් සජ්ඣායනා කිරීම මගින් භක්තිමත් ලෙස ඔල්කට් දිනය සැමරීම සිදු කරන ලදී.
මෙම පුණ්‍ය කර්මය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

📸 මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මෙහි ඇතුළත් කර ඇත.

අලුතින් ඉදිකරන ලද බුද්ධ මන්දිරය 2026.03.17 දින පෙ.ව. 7.54ට සුබ මොහොතින් නිරාවරණය කරන ලදී.  මෙම බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳ...
18/03/2026

අලුතින් ඉදිකරන ලද බුද්ධ මන්දිරය 2026.03.17 දින පෙ.ව. 7.54ට සුබ මොහොතින් නිරාවරණය කරන ලදී.

මෙම බුද්ධ මන්දිරය ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ පද්මිණි අබේරත්න (1981 A/L) ආදි නාලන්දීය සොයුරියට සහ ඒ සඳහා නන් අයුරින් දායක වූ ඔබ සියලු දෙනාට අප සංගමයේ ගෞරවනීය ස්තුතිය මෙයින් පුද කරමු.

නව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය කර්මය සහ ඕල්කට් දානමය පින්කම 2026. 03.17 වන දින විද්‍යාලීය පරිශ්‍රයේදී.
15/03/2026

නව බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය කර්මය සහ ඕල්කට් දානමය පින්කම 2026. 03.17 වන දින විද්‍යාලීය පරිශ්‍රයේදී.

අපගේ ආදරණීය පාසල නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ ඉතිහාසයේ සිට මේ දක්වා ආ ගමන් මග  ලේඛනගත කරමින් සම්පාදනය කරන ල...
12/03/2026

අපගේ ආදරණීය පාසල නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ ඉතිහාසයේ සිට මේ දක්වා ආ ගමන් මග ලේඛනගත කරමින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය මාර්තු මස 08 වන දින පාසැල් ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. පාසලේ නිර්මාතෘවරු, ඉතිහාසයේ විවිධාකාර වූ චරිත, සිදුවීම්, ගුරු මාපියවරු, සිසුන් යන සියල්ලන්ගේම මාහැඟි කැපවීම පිළිබඳ මතක අවදි කරමින් ලියවුණු මෙම ග්‍රන්ථය අනාගත පරම්වපරාවට වටිනා උරුමයක් ලෙස දායාද වනු ඇත. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට දායක වූ විදුහල්පතිනියට, ගුරු මණ්ඩලයට, සියලුම සහභාගී වූ සම්භාවනීය අමුත්තන්නට සහ සංගමේ සියලු සාමාජිකාවන්ට අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.

මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.

ආදි ශිෂ්‍ය සංගමය විසින් සම්පාදනය කළ 1942 වර්ෂය ආරම්භයේ පටන් අද දක්වා අප විද්‍යාලය ආ ගමන ලියා දක්වන ලද "නාලන්දා බාලිකා මධ...
09/03/2026

ආදි ශිෂ්‍ය සංගමය විසින් සම්පාදනය කළ 1942 වර්ෂය ආරම්භයේ පටන් අද දක්වා අප විද්‍යාලය ආ ගමන ලියා දක්වන ලද "නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය" ග්‍රන්ථය එළිදැක්වීම 2026.03.08 වන දින සිදු කරන ලදී.

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ආරම්භකයෙක් මෙන්ම ප්‍රථම විදුහල්පති වූ ජේ. එන් ජිනේන්ද්‍රදාස මැතිතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙ...
28/02/2026

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ආරම්භකයෙක් මෙන්ම ප්‍රථම විදුහල්පති වූ ජේ. එන් ජිනේන්ද්‍රදාස මැතිතුමාගේ ගුණානුස්මරණය වෙනුවෙන් දිනමිණ 2026 පෙබරවාරි 25 වන බදාදා පිටු අංක 9 හි පලවූ ලිපිය.

2024 වර්ෂයේ දී අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ලබාගත් දියණියන් වෙනුවෙන් මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම...
23/02/2026

2024 වර්ෂයේ දී අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ලබාගත් දියණියන් වෙනුවෙන් මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම "විදුහල්පති ජේ.එන් ජිනේන්ද්‍රදාස මැතිදුන් අනුස්මරණ ශිෂ්‍යත්වය" අද දින ප්‍රදානය කෙරුණි.

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ආරම්භය සඳහා පුරෝගාමී වූ ප්‍රථම විදුහල්පති ජේ. එන් ජිනේන්ද්‍රදාස මැතිතුමා (1942-1946) අභාවප...
22/02/2026

මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ආරම්භය සඳහා පුරෝගාමී වූ ප්‍රථම විදුහල්පති ජේ. එන් ජිනේන්ද්‍රදාස මැතිතුමා (1942-1946) අභාවප්‍රාප්ත වී වසර 78 ක් සපිරෙන ඔහුගේ ගුණානුස්මරණ සංවත්සරය පෙබරවාරි 23 වන සඳුදාට යෙදී තිබේ. එතුමා මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ ප්‍රථම විදුහල්පති ධුරයට පත්වන්නේ 1942 වර්ෂයේ මැයි 5 වැනිදාය.
කාලයත් සමඟ සමාජයට වටිනාකම් දායාද කළ මානව හිතවාදීන් අපෙන් සමුගෙන ගියද, විදුහල්පති පියාණෙනි, ඔබ විසින් දායාද කළ එම වටිනා සම්පත තවත් බොහෝ කාලයක් යනතුරු මිනුවන් පුරයේ දරුවන්ගේ නැණස පාදමින් ලංකාදීපය බබළවනු ඇත.
පියාණනි,මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ ජීවය සමග ඔබතුමාගේ නාමය සදාකල්හිම ජීවමාන වේ.

Address

Nalanda Girls Central College
Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association, Nalanda Girls Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils' Association, Nalanda Girls Central College:

Share