04/09/2026
2026.09.02 දින මිනුවන්ගොඩ රජමහා විහාරයේ විහාරාධිපති Sith Sahana Foundation අධ්යක්ෂක මණ්ඩලයේ සභාපති හැවන තැන්නේගම සීලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ද මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අනුග්රහක දායකත්වයෙන්ද ප්රාදේශීය ලේකම්තුමිය වන ගරු තනූජා රාජකරණා මැතිණියගේ සපැමිණීමෙන් හා සමාජ සංවර්ධන නිලධාරී ශාලිත මහතා සංවර්ධන නිලධාරී සාලිය මහතා හා ජ්යෙෂ්ඨ මනෝවිද්යා උපදේශිකා නිමාලි ප්රියංගනී යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ද Needs Campus ගරු අධ්යක්ෂක දේශමාන්ය නදුන් අලගියවන්න මැතිතුමාගේ ඩොක්ට සුභාංජලී මහත්මිය ජ්යෙෂ්ඨ මනෝවිද්යා උපදේශිකා Fathima Aziza මහත්මිය ඇතුළු මනෝ උපදේශකවරියන්ගේ සම්පත් දායකත්වයෙන්ද සංගීතවේදීනී ස්වර්ණා ජය කොඩි මහත්මියගේ සංගීත රසාස්වාදනයෙන්ද කලා චිකිත්සක වැඩමුළුවක් විචිත්රවත් ලෙස කාංචනා හොටෙල් පරිශ්රයේදී පවත්වනු ලැබිණි .මෙම වැඩ මුළුව සිත් සහන foundation ආයතනයේ දූ දරුවන් දෙමව්පියන් හා අවට පෙර පාසල්වල ගුරුතුමියන්ලාගේ මානස සුවපත් කිරීම හා දිරිගැන්වීම පෙරදැරි කරගෙන ක්රියාත්මක කිරීම සිදුවිය .
මෙම වැඩ මුළුව සාර්ථකව හා අලංකාරව සිදුකිරීමට අපහට කාංචනා හොටෙල් පරිශ්රය ලබාදුන් එහි අධිපති කසුන් සංජන මහතාට අපගේ හද පිරි ස්තුතිය පුදකර සිටිමු. මෙහිදී මාධ්යාවරණය උඩුගම්පොළ පුවත්පත් වාර්තාකරු ආරියරත්න මහතා හා ප්රිය ප්රේම මහතා විසින් සිදු කරනු ලැබීය.