17/03/2024
මා/ දික්වැල්ල මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයට වර්ෂ 126 ක් සැපිරීම නිමිත්තෙන් 2024.03.16 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලද උත්තම රුහිරු පූජා ලේ දන් දීමේ උතුම් පුණ්‍ය කටයුත්තට ගරු විදුහල්පතිතුමියගේ ඇරයුම් ලැබ සමස්ත ලoකා රුධිර දායකයින්ගේ සoසදයේ අපි ඒ වෙනුවෙන් සම්බන්ධ වුණා.විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඉතාමත් විශිෂ්ට ලෙස මෙම සමාජයීය සත්කාර්‍යය මැනවින් සoවිධානය කර තිබීම අගය කර සිටිය යුතුමයි...
එම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය,
සහකාර විදුහල්පතිතුමන් ප්‍රමුඛ සමස්ත ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය, දෙමව්පියන් ඇතුලු සියලු දෙනා මෙවන් වැඩසටහනක් වෙනුවෙන් කළ කැපවීම වඩාත් ප්‍රශoසනීයයි.මෙවන් අර්ථවත් ජාතික සමාජයීය සත්කාර්‍යයක් සදහා අපට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් අප සoසදයේ ප්‍රණාමය එම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුලු පිරිස වෙත පුද කර සිටිමු. ඉකුත් වසරේද මෙම පරිශ්‍රයේදී ඉතා සාර්ථක ලේ දන් දීමක් පැවැත්වීමට කටයුතු කර තිබුණා....
මෙහිදී ලබාගත් සියලු රුධිර සoචිත මාතර ශික්ෂණ රෝහල වෙනුවෙන් පරිත්‍යාග කළ අතර ශ්‍රී ලoකාවේ අසාධ්‍ය,අසරණ රෝගීන් වෙනුවෙන් ලේ බිදක් දන් දෙමින් උතුම් මනුෂ්‍යත්වය තිළිණ කරන්නට එකතු වුණු සියලුම රුධිර පරිත්‍යාගශීලීන්හට අපගේ ප්‍රණාමය මෙසේ පුද කර සිටින වගයි....
අද පවතින අභියෝගාත්මක සමාජ වපසරිය හමුවේ වුවද රුධිර පරිත්‍යාගශීලීන් 100 කට අධික පිරිසක් මෙම කටයුත්ත හා එක්වී සිටි අතර ඒ අතරෙන් ලියාපදිංචි රුධිර දායකයින් 99 ගෙන් නිරෝගී රුධිර දායකයින් 67 කගේ රුධිරය ජාතික රුධිර පාරවිලයන සේවයට පරිත්‍යාග කිරීමට හැකිවීම සතුටට කරුණකි....
ජාතික රුධිර පාරවිලයන සේවයේ මාතර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන්, හෙද කාර්‍යය මණ්ඩලය ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් කෘතවේදී ප්‍රණාමය පුද කර සිටින අතරම පැමිණ රුධිර පරිත්‍යාග කළ සැමටත් රුධිර පරිත්‍යාග කළ නොහැකි වූ සැමටමත් අපගේ කෘතවේදී ප්‍රණාමය පුදකරනුයේ හදවතේ ගෞරවය පුද කරමිනි.දහසකුත් බාධක හමුවේ ලොවක් ලස්සන කරන්නට වෙරදරනා ඔබ කළ මෙහෙය අනගිභවනීය වූත්, සදානුස්මරණීය වූත් සොදුරු සිහිවටනයක් බවට සටහන් තැබිය යුතුමය....
මෙම කටයුත්තේදී අප ක්‍රියාකාරී චාමර සම්පත් රාමවික්‍රම සොයුරා,අකිල තිරාජ් කාරියවසම් සොයුරා, කසුන් බුද්ධික රත්නායක සොයුරා සිදු කළ කැපකිරීමත්,මධුසංක කුමාර කෙන්ගල්ල සොයුරා, ජානක දිසානායක, ප්‍රියoකර ශ්‍රීලාල් සොයුරා ඇතුලු අප ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පළ කිරීමත්, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ කළ්‍යාණ මිත්‍රත්වයත් වෙනුවෙන් එම සත්ක්‍රියාවන් අගය කර සිටිය යුතුමයි....
දිවයින පුරා පැවැත්වෙන උත්තම රුහිරු පූජා ලේ දන් දීමේ උතුම් පුණ්‍යකර්මයන් හා එක්ව මෙම ජාතික සමාජයීය සත් කාර්‍යය වෙනුවෙන් ස්වේච්ඡා සමාජයීය සහයෝගය ලබාදෙම්න් ජාතික ලේ දීමේ සේවයට සවියක් වන්නට එක්වන මෙන් සියලුම රුධිර ක්‍රියාකාරීන්ගෙන් අප ඉතා ළෙoගතුව, ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු....
පරාර්ථකාමී මිනිසුන් ලොව දුර්ලභය. ලෝකය ලස්සන කරන්නේ එවන් මිනිසුන් ය. චිරාත් කාලයක් මෙවන් සමාජයීය සත්කාර්‍යයන් වෙනුවෙන් කැපවන්නට විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයට නිදුක්,නිරෝගී,දීර්ඝායු ලැබේවායි යන්න අපේ ප්‍රාර්ථනයයි....
#ලේ