Voice Of Nalanda

Voice Of Nalanda Our goal is to reconnect, renew, and rebuild the Nalanda family.Join us as we come together to create

Ayubowan 🙏 ආයුබොවන්Sri Lanka warmly welcomes the Walk for Peace monks and the lovable Aloka dog to our beautiful island....
17/04/2026

Ayubowan 🙏 ආයුබොවන්
Sri Lanka warmly welcomes the Walk for Peace monks and the lovable Aloka dog to our beautiful island.
Your inspiring journey spreading peace, compassion, kindness, and unity touches hearts across the world. We are truly honoured to have you walk on the sacred soil of Sri Lanka — a land rich with Buddhist heritage and loving people.
May your footsteps bring blessings to our country and may your message of peace shine brightly in every heart you meet along the way.
Welcome to Sri Lanka! 🇱🇰✨

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංක...
14/04/2026

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, අතීතයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.

උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන ඔබ සැමට වාසනාවන්ත නීරෝගිමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි

අපි ප්‍රාර්ථනා කරන්නෙමු.🙏🤝

Today is the day 💙
28/03/2026

Today is the day 💙

"UNLIMITED FUN BLAST WITH FOOD FEASTA" Live in Concert - අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම සමගින් රස නහර පිනවෙන ආහාර සැනකෙළියක අත්දැකීම විදගන්න... 💝
"සනිධප" සංගීතයට
මිනුවන්ගොඩම නැලවෙන රගදෙන මාර්තු 28 රාත්‍රියට ඔබත් නොවරදවාම එක්වන්න🎶

📅 දිනය: 2026 මාර්තු 28
📍 ස්ථානය: මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී...
🕗 වේලාව: ෆුඩ් ෆෙස්ටිවල් දහවල් 2.00 සිට, සංගීත ප්‍රසංගය රාත්‍රී 9.00 සිට

විමසීම්: (070) 431 8730
Tickets:
VIP - Rs.3000
NORMAL SEATING - Rs. 1,500
DANCE ZONE - Rs. 800

Ticket Link : https://mytickets.lk/events/699e893bfa8ea9fbcbd5bafc

මුළු මිනුවන්ගොඩම එකට නැලවෙන අලුත්ම අත්දැකීම විදගන්න ඔබ සූදානම්ද? 🙌
GUYS! “Be part of the magic — Book your seats"
යාලුවන්ටත් Share කරන්න. ↪️


🤝Battle of One Name - Two Generations ⌛ 🔸නාලන්දීයයන්ට එරෙහිව ආදි නාලන්දීයන් ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය   🔰2026 මාර්තු ...
27/02/2026

🤝Battle of One Name - Two Generations ⌛

🔸නාලන්දීයයන්ට එරෙහිව ආදි නාලන්දීයන් ගැටෙන මහා ක්‍රිකට් සංග්‍රාමය

🔰2026 මාර්තු 01
🔰උදෑසන 8.00 සිට
🔰මීගමුව, කදිරාන ක්‍රීඩාංගනයේ දී

සජීවීව නැරඹීමට ඔබ සැමට ආරාධනා...

මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ කාර්‍යාලය සදහා අවශ්‍ය අංග සම්පුර්ණ  පරිගණක කට්ටලයක් පරිත්‍යාග...
29/01/2026

මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ
ප්‍රාථමික අංශයේ කාර්‍යාලය සදහා අවශ්‍ය අංග සම්පුර්ණ පරිගණක කට්ටලයක් පරිත්‍යාග කිරිම පසුගිය දිනයක විද්‍යාලයේදී පැවත්වුණි.
ඒ සදහා සම්පත් දායකත්වය දක්වමින් මිනුවන්ගොඩ DFCC බැංකුව අප සමග අත්වැල් බැදගත් හ.

මේ අවස්‍ථාවට අප හා සම්බන්ධ වූ මිනුවන්ගොඩ නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලීය විදුහල්පති , නියෝජ්‍ය විදුහල්පති , ප්‍රාථමික අංශයෙ විදුහල්පති සහ DFCC බැංකුවෙ නිළධාරින් හට Voice Of nalanda අප ඉතා ගෞරව පූර්වක ව ස්තූතිය පුද කරන්නෙමු. 🤍


#මිනුවන්ගොඩ

11/01/2026

ඔබ අපට ලබා දුන් රෙදිපිලි , වියලි සලාක ප්‍රමාණයක් අප විසින් කෑගල්ල, සාමසර කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට කටයුතු කලෙමු.
සහයෝගය ලබා දුන් සියලුම දෙනා හට අපගේ සතූතිය පුදකර සිටිමු.
Voice Of Nalanda@top fans

අලුත් ආරම්භයක්  🌱එක්ව ගොඩ නැගීමක් 🤝සිහින රැසක් පොදි බැද අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් ලැබුවාවූ 2026 නව වසර සියලු යහ - ප...
01/01/2026

අලුත් ආරම්භයක් 🌱
එක්ව ගොඩ නැගීමක් 🤝

සිහින රැසක් පොදි බැද අලුත් ආරම්භයක් සනිටුහන් කරමින් ලැබුවාවූ 2026 නව වසර
සියලු යහ - පැතුම් ඉටුවන ජයග්‍රාහි සුබ නව වසරක් වේවා ! 🙏🤍

Wish you a Happy New Year ❤️❤️

"නාලන්දාවෙන් බෙරන්නාව ට " මානූශීය සත්කාරය 🤝🌱 දිට්වා සුළි කුණාටුවෙන් හා රුදු ජල පහරින් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාවගෙ ජ...
26/12/2025

"නාලන්දාවෙන් බෙරන්නාව ට " මානූශීය සත්කාරය 🤝🌱

දිට්වා සුළි කුණාටුවෙන් හා රුදු ජල පහරින් පීඩාවට පත් වූ අපේම සහෝදර ජනතාවගෙ ජන ජිවිතිය යළි ගොඩනැංවීම අරමුණු කරගනිමින්
දියත් වන "නාලන්දාවෙන් බෙරන්නාව ට" සත්කාරය Voice Of nalanda අප සහ
මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය එක්ව හෙට දින (27) යටියන්තොට බෙරන්නාව ග්‍රාමයේ අපේම සහෝදරයන් වෙනුවෙන් දියත් කෙරෙයි.

📌වියළි සලාක , ඇදුම් පැළදුම් , පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත් ආදි ද්‍රව්‍ය රැසක් රැගෙන ඔවුන් බලා යාමට අප සූදානම්..

මෙම මානූශීය සත්කාරයෙ සැබෑ අයිතිකරුවන් වන මෙම ද්‍රව්‍ය අප විශ්වාස කර , නන් අයුරින් උපකාර හා පරිත්‍යාග කල ඔබ වෙත අප විශේෂයෙන් ස්තූතිය පුද කරන්නෙමු. 🙏


ශ්‍රී සුභ නත්තල් ! 🎄🤍මීට වසර 2000 කට පමණ පෙර දෙසැම්බර් මස 25 වැනි දිනක වර්තමාන පලස්තීනයට අයත් වෙස්ට් බෑන්ක් හී ජෙරුසිලම්...
25/12/2025

ශ්‍රී සුභ නත්තල් ! 🎄🤍

මීට වසර 2000 කට පමණ පෙර දෙසැම්බර් මස 25 වැනි දිනක වර්තමාන පලස්තීනයට අයත් වෙස්ට් බෑන්ක් හී ජෙරුසිලම් ප්‍රදේශයේ බෙත්ලෙහෙමේ උපන් සාමයෙ කුමරුන්ගේ 👼 (ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ) උත්පත්තිය සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනය අදයි.

නත්තල යනු සෑම දෙනෙකුටම තමන්ගෙ ජීවිත දෙස ආපසු හැරී තමන් සමගම ගැඹුරු සංවාදයක යෙදිය හැකි වටිනා දිනයකි.

ඉතින් මේ වටිනා දිනය මහත් ප්‍රීතියෙන් සමරන ලංකාවාසි හා ලෝකවාසි සියලු ජනතාවට සාමය සතුට පිරි සුහ නත්තලක් වේවා. 🎅🎄🎉

“Wishing you a Merry Christmas filled with peace, love, and goodwill.
❄️❄️❄️


Address

11550
Minuwangoda
11526

Alerts

Be the first to know and let us send you an email when Voice Of Nalanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Voice Of Nalanda:

Share