යතාර්ථය Yatharthaya

යතාර්ථය Yatharthaya ~ ජීවිතයේ යතාර්ථය දකිමින් කුසල් දම් පුරන්නට ~
🙏..නිවනම නාතයි නිවනම වෙත්වා..🙏
(1)

සියලු සත්වයෝ සුවපත්වේවා...
19/06/2026

සියලු සත්වයෝ සුවපත්වේවා...

19/06/2026

ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි ශ්‍රී සෝමරථන විහාරස්ථානයේ ඉදිකිරීමට අපේක්ෂා කරන උතුම් සැ රජාණන් වහන්සේ සදහා මේ වනවිට අත්තිවාරම දමා අවසන් අතර ඉතිරි වැඩ කටයුතු ඉදිරියට කරගන යාම සදහා පින් කැමති ඔබගේ ආධාර අවශ්‍ය මොහොතයි.🙏🙏

උතුම් අට මහා කුසලයකි.
තුනුරුවන් සරණයි
වීහාරාධිපති දක්ෂිණ හිමි.
0770471962

ශ්‍රී සෝමරථනාරාමය
රළපනාව
ගල්කඩවල
අනුරාධපුර.

සුභ දවසක් වේවා සියලුම දෙනාට 🙏 බුදුසරණයි 🤍🙏
19/06/2026

සුභ දවසක් වේවා සියලුම දෙනාට 🙏 බුදුසරණයි 🤍🙏

සියලු දන හට බුදු නෙත විවර වේවා.
18/06/2026

සියලු දන හට බුදු නෙත විවර වේවා.

තේරුම්ගන්න
18/06/2026

තේරුම්ගන්න

⭕ දේවතාවන් පවා විහාරයට ඇතුල්වීම වැළැක්වූ ඒ බියකරු ස්ත්‍රිය කවුද?"━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━දිනක් සැරියුත්, මුගලන්, අනුරුද්ධ...
18/06/2026

⭕ දේවතාවන් පවා විහාරයට ඇතුල්වීම වැළැක්වූ ඒ බියකරු ස්ත්‍රිය කවුද?"

━━━━━━ ✺ •⊰🛞⊱• ✺ ━━━━━━

දිනක් සැරියුත්, මුගලන්, අනුරුද්ධ සහ කප්පින යන මහා රහතන් වහන්සේලා රජගහනුවරට කිට්ටු වනයක වැඩ විසුවා. ඒ කාලයේ බරණැස් නුවර ඉතාමත් පොහොසත් බ්‍රාහ්මණයෙක් ජීවත් වුණා. ඔහු මහණ බමුණන්ට, දුප්පත් මගීන්ට සහ හිඟන්නන්ට හැමෝටම පාවිච්චි කළ හැකි මහා පොකුණක් වගේ නිදහසේ ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ ඇඳ පුටු වැනි දේ පරිත්‍යාග කළා. ඔහු පැමිණෙන අයට වෙලාවට සුදුසු පරිදි කකුල් සෝදන වතුර සහ කකුල්වල ගාන බෙහෙත් පවා දුන්නා. දවල් දානයට පෙර ඔහු භික්ෂූන් වහන්සේලාට ඉතා ගෞරවයෙන් ආහාර පාන පිළියෙල කර පූජා කළා.

දිනක් මේ බ්‍රාහ්මණයා පිටරටකට යන්න ලෑස්ති වෙලා තමන්ගේ බිරිඳට කිව්වා, "සොඳුරිය, මම මේ පවත්වාගෙන ආපු දානය ඒ විදිහටම කිසිම අඩුවක් නොකර දිගටම කරගෙන යන්න" කියලා. ඇයත් "හොඳයි" කියලා පිළිගත්තා. හැබැයි සැමියා ගිය සැනින්ම ඇය මුලින්ම භික්ෂූන් වහන්සේලාට දෙන දානය නැවැත්තුවා. නවාතැන් හොයාගෙන එන මගීන්ට ගේ පිටිපස්සේ තිබුණු පරණ, දිරාගිය සාලයක් පෙන්වලා "ඕකේ නිදාගනිල්ලා" කිව්වා. කෑම බීම ඉල්ලගෙන එන අයට, "අසූචි කාපියව්, මුත්‍රා බීපියව්, ලේ බීපියව්, තොපේ අම්මලාගේ මොළ කාපියව්" කියමින් ඉතාමත් පිළිකුල් සහගත දේවල් මතක් කරලා බැන වැදුණා.

ඇය ටික කලකින් මියගිහින්, ඒ කරපු කටේ පව (වාග්දුශ්චරිතය) නිසා ප්‍රේත ලෝකයේ ඉපදිලා දරුණු ලෙස දුක් වින්දා. පසුව ඇයට තමන්ගේ පෙර ආත්මය මතක් වෙලා, සැරියුත් හාමුදුරුවන්ව හමුවෙන්න උන්වහන්සේ වැඩසිටි විහාරයට ආවා. හැබැයි විහාරයේ හිටපු දේවතාවෝ ඇයට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඒ වෙලාවේ ඇය කිව්වා, "මම මේ ආත්මයට පෙර පස්වැනි ආත්මයේදී සැරියුත් හාමුදුරුවන්ගේ අම්මා වෙලා හිටියේ. මට මගේ පුතාව දකින්න යන්න ඉඩ දෙන්න" කියලා.

ඇය කියපු දේ අහලා දේවතාවෝ ඇයට ඇතුල් වෙන්න අවසර දුන්නා. ඇය විහාරයට ඇතුල් වෙලා, සැරියුත් හිමියන් සක්මන් කරන තැන කෙළවරක සිටගෙන තමන්ව උන්වහන්සේට පෙනෙන්න සැලැස්සුවා. ඇයව දුටු සැරියුත් හිමියන් කරුණාවෙන් මෙසේ ඇසුවා:

"ඉලඇට මතුවුණු, කෙට්ටු, ඇඳුම් නැති, විරූපී පෙනුමක් ඇති, නහරවැල් ඉල්පී ගිය තැනැත්තිය, මෙතැන සිටින ඔබ කවුද?"

"පුත්‍රයාණෙනි, මම පෙර ආත්මයක ඔබේ අම්මා වෙලා හිටියා. දැන් ප්‍රේත ලෝකයේ දැඩි බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙනවා. මම බඩගින්නට කන්නේ වමනය, සෙම, කෙළ, සොටු, මිනී පුලුස්සන කොට වැහිරෙන තෙල්, දරුවන් වදපු ස්ත්‍රීන්ගේ ලේ සහ වැදෑමහ, වගේම තුවාල ඇති අයගේ ලේ සහ සැරවයි. මට පිහිටක් නෑ, ඉන්න තැනක් නෑ. මම නිදාගන්නේ අළු සහ අඟුරු පිරුණු සොහොන් බිමකයි. මගේ පුතේ, මා වෙනුවෙන් මොනවා හරි දානයක් දීලා ඒ පින මට දෙන්න. මාව මේ ලේ සැරව කන දුකින් නිදහස් කරන්න."

මේ දුක්බර කතාව ඇසූ සැරියුත් හිමියන්, පසුදා මහා මුගලන් හිමියන් ඇතුළු අනෙක් රහතන් වහන්සේලා තිදෙනාත් සමඟ රජගහනුවර පිණ්ඩපාතයේ වඩිමින් බිම්බිසාර රජතුමාගේ මාලිගාවට වැඩම කළා. රජතුමා උන්වහන්සේලාට වැඳ නමස්කාර කර, "ස්වාමීනි, කුමන කරුණකටද වැඩම කළේ?" කියා ඇසුවා. එවිට මුගලන් හිමියන් මේ ප්‍රේතියගේ කතාව රජුට විස්තර කළා. රජතුමා "මට කරුණ වැටහුණා" කියා, වහාම තමන්ගේ ප්‍රධාන ඇමතිවරයාව කැඳවා නගරයට නුදුරු වනයක ලස්සන පැල (කුටි) හතරක් හදන්න අණ කළා. නගරය ඇතුළතත් සුදුසු තැනක කුටි හතරක් හැදෙව්වා. රජතුමාම ගොස් ඒ වැඩකටයුතු සොයා බැලුවා.

කුටිවල වැඩ අවසන් වූ පසු, රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සුදුසු දානය, වස්ත්‍ර සහ අනෙකුත් පිරිකර සූදානම් කරලා, ඒ සියල්ල සැරියුත් හිමියන්ට භාර දුන්නා. ඊටපස්සේ සැරියුත් හිමියන් ඒ සියලු දේ අර ප්‍රේත අම්මා වෙනුවෙන් බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා.

ඒ පින අනුමෝදන් වූ සැනින්ම ඒ ප්‍රේත අම්මා සියලු සැප සම්පත්වලින් පිරුණු දිව්‍යාංගනාවක් බවට පත් වුණා. ඇය පසුදාම මහා මුගලන් මහ රහතන් වහන්සේ ළඟට ඇවිත් වැඳගෙන සිටියා. මුගලන් හිමියන් ඇගෙන් තොරතුරු විමසූ විට, ඇය තමන් ප්‍රේතියක්ව ඉපදී සිටි හැටිත්, පින් ලබාගෙන දෙව්ලොව උපන් හැටිත් විස්තර කළා.

දයාවන්ත වූ සැරියුත් හිමියන් තමන්ගේ මවගේ ඉල්ලීම ඉටුකරමින් මුගලන්, අනුරුද්ධ සහ කප්පින හිමිවරුන්ගේ සහය ඇතිව කුටි හතරක් සාදා සිව්දෙසින් වඩින සංඝයාට පූජා කර මවට පින් දුන්නා. ඒ පිනේ ක්ෂණික විපාක ලෙස ඇයට නන්වැදෑරුම් දිව්‍ය ආහාර, දිව්‍ය වස්ත්‍ර සහ දිව්‍ය පාන වර්ග පහළ වුණා.

ඒ දිව්‍ය සම්පත් ලැබුණු පසු, ඇය නෑමෙන් පිරිසිදු වූ සිරුරකින් යුක්තව, ඉතා වටිනා කසී සළුවලටත් වඩා වටිනා දිව්‍ය ඇඳුම් ඇඳගෙන, ඉතාමත් ලස්සන රූපයකින් යුතුව මහා මුගලන් හිමියන් ඉදිරියට පැමිණියා.

එවිට මහා මුගලන් හිමියන් ඇගෙන් මෙසේ ඇසුවා:

"පින්වත් දෙවිදුව, ඔබ ඔසධී තාරකාව වගේ මුළු පළාතම බබුළුවනවා. ඔබට මෙවැනි ලස්සන රූපයක් ලැබුණේ, මේ සැප සම්පත් ලැබුණේ මිනිස් ලොවදී කළ කිනම් පිනකින්ද? මම ඔබෙන් අසමි."

එවිට ඇය, "ස්වාමීනි, මම සැරියුත් මහ රහතන් වහන්සේගේ පෙර ආත්මයක මව වෙමි" යි පවසා සියලු විස්තර පැවසුවා.

පසුව මුගලන් හිමියන් මේ පුදුම සහගත පුවත බුදුහාමුදුරුවන්ට සැළ කළා. බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම මුල් කරගෙන එතැන රැස්ව සිටි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ දේශනාව ඇසූ බොහෝ දෙනා තමන්ගේ ජීවිත යහපත් කරගත්තා.

සැරියුත් තෙරුන්ගේ මව් ප්‍රේතවස්තුව නිමියේය.

උපුටාගැනීමකි

උත්සාහයයි අවශ්‍ය සිත නිවීම වෙනුවෙන්
18/06/2026

උත්සාහයයි අවශ්‍ය සිත නිවීම වෙනුවෙන්

කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ1. විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,2. සිඛී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,3. වෙස්සභූ නම්...
17/06/2026

කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ

1. විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
2. සිඛී නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
3. වෙස්සභූ නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
4. කකුසඳ නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
5. කෝණාගමන නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
6. කාෂ්යප නම් වූ බුදුරජාණන් වහන්සේ ද,
7. ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ,

යන සත් බුදුරජානන් වහන්සේලා ඒකාන්තයෙන්ම අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරන සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක. ඒ සත් බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම අසම වන සේක. අසමසම වන සේක. අනාථනාථ වන සේක. අග්ර දක්ඛිණ්යෙය වන සේක. මහා කාරුණික වන සේක. තථාගත වන සේක.තුන් ලොකයෙහිම ආලොකය වන සේක. අනන්ත සිල් ඇති සේක. අනන්ත සමාධි ඇති සේක. අනන්ත ප්රඥා ඇති සේක. අනන්ත විමුක්ති ඇති සේක. අනන්ත විමුක්තිඤාණදර්ශන ඇති සේක. මහා කරුනා ඇති සේක. මහා ප්රඥා ඇති සේක.

01. භාග්යවත් වූ අරහත් වූ විපස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - කල්ප 91 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 80,000 යි.
උපන්නේ - ක්ෂත්ත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගෝත්රයේ.
පියාණන් වූයේ - බන්ධුම රාජධානියේ රජකළ බන්ධුම රජතුමාය.
මෑණියන් වූයේ - බන්ධුමතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - පළොල් රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 160,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 100,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 80,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - ඛණ්ඩ මහරහතන් වහන්සේත්, තිස්ස මහරහතන් වහන්සේත්ය.
අසෝක නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

02. භාග්යවත් වූ අරහත් වූ සිඛී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - කල්ප 31 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 70,000 යි.
උපන්නේ - ක්ෂත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගොත්රයේ.
පියාණන් වූයේ - අරුණවතී රාජධානියේ රජකළ අරුණ රජතුමාය.
මෑණියන් වූයේ - ප්රභාවතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - හෙළඹ රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 100,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 80,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 70,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - අභිභූ මහරහතන් වහන්සේත්, සම්භව මහරහතන් වහන්සේත්ය.
ඛේමංඛර නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

03. භාග්යවත් වූ අරහත් වූ වෙස්සභූ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - කල්ප 31 කට පෙර.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 60,000 යි.
උපන්නේ - ක්ෂත්රිය වංශයට අයත් රජ පවුලක, කොණ්ඩඤ්ඤ ගොත්රයේ.
පියාණන් වූයේ - අනෝම රාජධානියේ රජකළ සුප්පතීත රජතුමාය.
මෑණියන් වූයේ - යසවතී රාජදේවියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - සල් රුක් සෙවනෙදීය.

අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 80,000 ක්, පිරිවැරූ එක් මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 70,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
රහතන් වහන්සේලා 60,000 ක් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක් ද,
වශයෙන් සන්නිපාත තුනක් පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - සෝණ මහරහතන් වහන්සේත්, උත්තර මහරහතන් වහන්සේත්ය.
උපසන්ත නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

04. භාග්යවත් වූ අරහත් වූ කකුසඳ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - මේ මහා භද්රය කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 40,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රහයේ.
පියාණන් වූයේ - ක්ෂේමවතී රාජධානියේ අග්ගිදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - විසාඛා භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - මහරි රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 40,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - විධුර මහරහතන් වහන්සේත්, සංජීව මහරහතන්
වහන්සේත්ය.
බුද්ධිජ නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

05. භාග්යවත් වූ අරහත් වූ කොණාගමන නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - මේ මහා භද්රය කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 30,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රයේ.
පියාණන් වූයේ - සෝභවතී රාජධානියේ යඤ්ඤදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - උත්තරා භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - දිඹුල් රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 30,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාරාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - භියෝස මහරහතන් වහන්සේත්, උත්තර මහරහතන්
වහන්සේත්ය.
සොත්ථිජ නමින් අග්රවඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක

06. භාග්යවත් වූ අරහත් වූ කාෂ්යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - මේ මහා භද්ර කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 20,000 යි.
උපන්නේ - භ්රාහ්මණ වංශයට අයත් කාෂ්යප ගෝත්රයේ.
පියාණන් වූයේ - කකී රාජධානියේ භ්රහ්මදත්ත පුරෝහිත භ්රාහ්මණතුමා.
මෑණියන් වූයේ - ධනවතී භ්රාහ්මණතුමියයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - නුග රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 20,000 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - තිස්ස මහරහතන් වහන්සේත්, භාරද්වාජ මහරහතන්
වහන්සේත්ය.
සර්වමිත්ර නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

07. භාග්යවත් වූ අරහත් වූ ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ -

ලොව පහළ වී වදාළේ - මේ මහා භද්ර කල්පයේය.
එකල මිනිස් ආයුෂ - අවුරුදු 120 යි.
උපන්නේ - ක්ෂත්රි වංශයට අයත් ගෞතම ගෝත්රයේ.
පියාණන් වූයේ - කපිලවස්තු රාජධානියේ සුද්ධෝදන රජතුමා.
මෑණියන් වූයේ - මහාමායා බිසවුන් වහන්සේයි.
උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුනේ - ඇසතු රුක් සෙවනෙදීය.
අරහත්වයට පත් වූ ශ්රාවක භික්ෂූ වහන්සේලා 1250 ක්, රහතුන් පිරිවැරූ මහා සංඝ සන්නිපාතයක්
පිරිවරා වැඩ සිටි සේක.
අග්රශ්රාවකයන් වහන්සේලා වශයෙන් වැඩ සිටියේ - සාරිපුත්ත මහරහතන් වහන්සේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්ය.
ආනන්ද නමින් අග්රඋපස්ථායකයන් වහන්සේ නමක්ද වැඩසිටි සේක.

ඒ උතුම් සත්බුදුරජානන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා.
සාදු!! සාදු!! සාදු!!!

සත්බුදුරජානන් වහන්සේලා වන්දනාකරමු .
සත්බුදු වන්දනාව

විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්සපි නමත්ථු - සබ්බභූතානුකම්පිනෝ

සදහම් ඇස් ඇති - සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට - නමස්කාර වේවා
සියළු සතුන් හට - අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට - නමස්කාර වේවා

වෙස්සභුස්ස නමත්ථු - නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස - මාරසේනාපමද්දිනෝ

සියළු කෙලෙස් නැති - වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට - නමස්කාර වේවා
දස මර සේනා - ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට - නමස්කාර වේවා

කෝණාගමනස්ස නමත්ථු - බ්රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී

කෙලෙස් බැහැර කළ - බඹසර නිම කළ
කෝණාගමන බුදුරජාණන් හට - නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් - හොඳින් මිදී ගිය
කස්සප බුදුරජාණන් හට - නමස්කාර වේවා

අංගීරසස්ස නමත්ථු - සක්යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී - සබ්බදුක්ඛාපනූදනං

ලොවේ සියලූ දුක් - මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ - යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති - ශාක්ය පුත්ර වූ
අංගීරස වූ අප ගේ ගෞතම බුදු සමිඳුන් හට නමස්කාර වේවා

යේ චාපි නිබ්බුතා ලෝකේ - යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා - මහන්තා වීතසාරදා

ඒ බුදුවරු ලොව - නිවනට වැඩි සේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්වය - විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා - පිසුණු බස් නො පවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය - සසර බිය නැති සේක් ම ය

හිතං දේවමනුස්සානං - යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං - මහන්තං වීතසාරදං
විජ්ජාචරණසම්පන්නං - බුද්ධං වන්දාම ගෝතමං

දෙවි මිනිසුන් හට - හිත සුව සලසන
ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ - හැම බියෙන් නිදහස් වූ
බුදු රජාණන් වහන්සේට - දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය
ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදු රජාණන් වහන්සේට - අප ගේ නමස්කාරය වේවා

සාදු ! සාදු ! සාදු !..

17/06/2026

ශ්‍රද්ධාව තමයි නිවනර පාර කියන්නේ.....

Address

Thammenna Elawaka, Neriyakulama
Medawachchiya
50500

Alerts

Be the first to know and let us send you an email when යතාර්ථය Yatharthaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to යතාර්ථය Yatharthaya:

Share