03/08/2026
අධික වර්ෂාපතනය හේතුවෙන් ජල සැපයුමට බාධා
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අසුපිණී ඇල්ල සහ මාවනැල්ල ජල පවිත්රාගාර වෙත ජලය ලබාගන්නා ස්ථාන (Intake- තුළුමුව) අවහිර වී ඇති බැවින්, එම පවිත්රාගාර සාමාන්ය පරිදි ක්රියාත්මක කිරීමේ අපහසුතාවයක් මතුවී ඇත.
ඒ අනුව,
• මාවනැල්ල සහ අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.
• මාවනැල්ල සිට කරඳන හංදිය දක්වා සහ මාවනැල්ල–රඹුක්කන මාර්ගය ආශ්රිත ප්රදේශ වෙත ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදු කෙරේ.
කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජල ලබාගැනීමේ ස්ථාන පිරිසිදු කර පවිත්රාගාර නැවත ක්රියාත්මක කරමින්, හැකි ඉක්මනින් සාමාන්ය ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කරනු ඇත.