Rahula College OBA 2005

Rahula College OBA 2005 Welcome to the Official Facebook of the Rahula College Old Boys Association of 2005! 🎓🤝 Join us in our journey as we build on our past to enrich our future.

Founded in 2007, our association has flourished into a dynamic and influential community of over 300 alumni, united by our shared history and enduring dedication to Rahula College. As one of the most active alumni cohorts, we take pride in our collective achievements and the diverse paths we've ventured on since our formative years at Rahula College. Beyond celebrating our past, Rahula 2005 is ste

adfastly committed to making a positive impact on both our alma mater and the wider society. We collaborate closely with the Mother OBA, harnessing the diverse expertise of our members to contribute meaningfully to the college's ongoing legacy and support initiatives that uplift our community. Follow us to stay connected with fellow alumni, keep up with our latest projects, events, and see the tangible difference we're making together. From professional success to service projects, we're more than just former classmates—we're a family, continuing the Rahula College tradition of excellence and camaraderie.

"Sir Winston Churchill Medallion Award"සර් වින්ස්ටන් චර්චිල් පදක්කම් ප්‍රදානය කසුන් ශානක ක්‍රිස්තොම්බු බදුගේ වැලිගම පදිං...
28/07/2026

"Sir Winston Churchill Medallion Award"
සර් වින්ස්ටන් චර්චිල් පදක්කම් ප්‍රදානය

කසුන් ශානක ක්‍රිස්තොම්බු බදුගේ වැලිගම පදිංචිව සිටි, මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙක්. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වුනා. පසුව ඔහු සිය ආචාර්ය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් විශ්ව විද්‍යාලයට යොමුවුනා. සිය ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසු තවදුරටත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු හා පර්යේෂකයෙකු වශයෙන් එම විශ්ව විද්‍යාලයේම සේවය කරනු ලැබුවා.

මේ අතර ඔහුට බ්‍රිතාන්‍යයේ සිටි කීර්තිමත් අග්‍රාමාත්‍ය වරයෙකු වූ සර් වින්ස්ටන් චර්චිල් ස්මරණ භාරකාර පදනම විසින් වැඩිදුර හැදෑරීමක් සඳහා අධි ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබුවා. කාලගුණ හා දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමට හා පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරිමත්, හයිඩ්‍රජන් වැනි ශක්ති ප්‍රභව ගබඩා කිරීම හා ප්‍රවාහණය සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහාත් වන නව දැනුම සොයා යෑම මේ අධ්‍යයනයේ අරමුණ වුනා.

ඉතා සීමිත පිරිසකට ලැබෙන මෙවැනි අවස්ථාවක් හිමි වුනු ඔහු ඒහා සම්බන්ධ ලෝකයේ ප්‍රකට විද්‍යාඥයන් හා පර්යේෂකයන් හමුව කටයුතු කිරීමට අවස්ථාව හිමි කරගනු ලැබුවා. එසේම හයිඩ්‍රජන් සම්බන්ධ ප්‍රමුඛ ආයතනය වන නාසා ආයතනය ඇතුළු සුවිශේෂ ස්ථාන අධීක්ෂණය කරමින් උක්ත විෂය සම්බන්ධ ප්‍රමාණික දැනුම් පදනමක් ගොඩනගා ගැනීමට සමත් වුනා.

මෙම අධ්‍යයනයන් සාර්ථකව අවසන් කළ ඔහුට සර් වින්ස්ටන් චර්චිල් පදනම විසින් සංවිධානය කරන ලද ගෞරවාන්විත සැසියකදි සර් වින්ස්ටන් චර්චිල් පදක්කම පිරිනමනු ලැබුවා. ඔහු ශ්‍රී ලාංකිකයෙකු හා රාහුල ආදි සිසුවෙකු වශයෙන් අත්කරගත්
මෙම ගෞරවාන්විත ඇගයුම සම්බන්ධයෙන් අපි ආඩම්බර වන අතර, ඔහුගේ ඉදිරි අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පැතීම හා සුභාසිංශන පිරිනැමීම අපේ යුතුකමක්...
උපුටා ගැනීමක්..

ඊයේ දින රාහුල ප්‍රධාන ශාලාවේ පැවැත්වූ වාර්ශික සම්මේලනය හා නව විධායක කමිටුව තෝරාපත් කර ගැනීමේ නිළවරණය සාර්ථකව නිමා විය.එහ...
29/06/2026

ඊයේ දින රාහුල ප්‍රධාන ශාලාවේ පැවැත්වූ වාර්ශික සම්මේලනය හා නව විධායක කමිටුව තෝරාපත් කර ගැනීමේ නිළවරණය සාර්ථකව නිමා විය.

එහිදී නව ලේකම් ලෙස නිර්මාල් ඉලංගම්ගේ සහෝදරයා වැඩි චන්ද 600 කින් ජයග්‍රහනය කරන ලදි.!!

ඒ වගේම අපට මහත් ආඩම්බරයක් සහ අභිමානයක් එකතු කරමින් අප සංගමයෙන් ඉදිරිපත්වූ සියලුම සහෝදරයන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහනය කරන ලදි.

එහිදී, රුවිමල් පෙරේරා 2වන ස්ථානයට පත් වෙමින් චන්ද 132 චතුරංග නානායක්කාර 4වන ස්ථානයට පත් වෙමින් චන්ද 107 MK ඩිල්ශාන් 11වන ස්ථානයට පත් වෙමින් චන්ද 78 ලෙස ලබා ගනිමින් විශිෂ්ඨ ලෙස ජයගත් අතර එය වසර කණ්ඩායමක් ලෙස ඉතිහාසගත විජයග්‍රහණය කරන ලදි.

මේ සඳහා උදව් කල සියලු දෙනාට බෙහෙවින්ම ස්තූතී. ❤️

රහල් අපි 2005 අපේම සොයුරන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ඉරිදා උදෑසන රහල් බිමට එක්රොක් වෙමු.
27/06/2026

රහල් අපි 2005 අපේම සොයුරන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ ඉරිදා උදෑසන රහල් බිමට එක්රොක් වෙමු.

මාතර  රාහුල විද්‍යාලිය සෑම වැඩකදී ඉතාමත් කැපීපෙනෙන අන්දමින් සම්බන්ද වි, එම කාර්තවයන්  ඉතා සාර්ථක ලෙස නිම කිරිමට කැපවු ආද...
25/06/2026

මාතර රාහුල විද්‍යාලිය සෑම වැඩකදී ඉතාමත් කැපීපෙනෙන අන්දමින් සම්බන්ද වි, එම කාර්තවයන් ඉතා සාර්ථක ලෙස නිම කිරිමට කැපවු ආදි ශිෂ්‍ය කණ්ඩායමක් වන "රහල් අපි 2005" වසර කණ්ඩායමේ දක්ෂ වුර්තිකයන් තිදෙනෙක් මෙවර පැවැත්වීමට නියමිත , 2026 වසර සදහා ආදී ශිෂ්‍ය නිලවරණයේ අපේක්ෂකත්වන් සදහා ඉදිරිපත් වී ඇති බව ඉතා සතුටින් දන්වා සිටින්නෙමු.

සුවිශේෂී දක්ෂතා සහා මනා කැපවිමකින් වැඩ කල හැකි අපගේ 2005 සොහොයුරන් තිදෙනා වන චතුරංග නානායක්කාර - (අංක 06) / රුවිමල් පෙරෙරා (අංක 24) / දිල්ශාන් ( අංක 21) , රහල් මවගේ සේවය සදහා ඔබගේ වටිනා මනාප වලින් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරී මඩුල්ලට පත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.

අප පාසලේ කණිශ්ඨ පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් පුහුණුවීම් සඳහා අත්‍යාවශ්‍යව පැවති රුපියල් 80,000ක් පමණ වටිනා ගෝල් කණු යුගලයක් ...
23/06/2026

අප පාසලේ කණිශ්ඨ පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් පුහුණුවීම් සඳහා අත්‍යාවශ්‍යව පැවති රුපියල් 80,000ක් පමණ වටිනා ගෝල් කණු යුගලයක් (Goal posts) රාහුල විද්‍යාලීය 2005 කණ්ඩායමේ ආදි ශිෂ්‍ය සුපුන්දික ජයතුංග විසින් අද දින විදුහල්පතිතුමන් වෙත පිරිනමන ලදි.
මෙම අවස්ථාවට පාසල් පාපන්දු භාර ආචාර්‍ය මුණසිංහ මහතා සහ පාපන්දු පුහුණුකරු අසිත මහතාද සහභාගී විය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පැවති  ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලින් දෙකම එකවර වසර 15 කට පසු ජයගත් රහල් ක්‍රි...
08/06/2026

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව පැවති ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලින් දෙකම එකවර වසර 15 කට පසු ජයගත් රහල් ක්‍රිකට් කණ්ඩායමට රහල් අපි 2005 කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම් #සුබ #පැතුම්

අසිරිමත් වෙසක් මංඟල්ලය වෙනුවෙන් රහල් අපි 2005 කණ්ඩායම පස්වන වරට පවත්වන්නට යෙදුන ඖෂධීය බෙල්මල් දන්සල සාර්ථකව 5000කට අදික ...
05/06/2026

අසිරිමත් වෙසක් මංඟල්ලය වෙනුවෙන් රහල් අපි 2005 කණ්ඩායම පස්වන වරට පවත්වන්නට යෙදුන ඖෂධීය බෙල්මල් දන්සල සාර්ථකව 5000කට අදික බොදුබැති ජනතාවකගේ සහබාගිත්වයෙන් පවත්වනු ලැබුවා.!!

මේ සඳහා නන් අයුරින් අපව දිරිමත් කරන ලද අප සොයුරු කැළටත් ආධාර ලබා දුන් විවිද ආයතන හා අප සාමාජිකයන්ටත් සංවිධාන කණඩායම ලෙස අප අපගේ ස්තුතිය සහ පුන්ග්ඥනුමොදනාව පලකර සිටිමු !!

30/05/2026
Walk for Rahula 2026 — Rahalapi 2005 taking it beyond the ground 🚁🚤
21/03/2026

Walk for Rahula 2026 — Rahalapi 2005 taking it beyond the ground 🚁🚤

Address

Rahula College Old Boys Association 2005
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Rahula College OBA 2005 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share