16/07/2026
හෙට ලොව දිනන සුපසන් දරු පරපුරක නායකත්වයේ මාවත මල්ඵල ගන්වමින්, තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ "2026 සිසු නයු අබිසෙස් උත්සවය" 2026 ජූලි මස 12 වන ඉරිදා දින දහම් පාසල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය දුශාන් ජයවික්‍රම මහතා මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසකගේ සහ ගුරු-දෙගුරුන්ගේ සපැමිණීමෙන් උත්සව සභාව වඩාත් අභිමානවත් විය.
දහම් දැනුමෙන් මෙන්ම නායකත්ව ගුණාංගවලින්ද සන්නද්ධව, නව වගකීම් කරට ගත් අපේ දහම් පාසලේ සෙනෙහෙබර සිසු නායක නායිකාවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! 💐✨
photography by-Next Shot