Buddhagosha Past Pupils' Association - Matale

Buddhagosha Past Pupils' Association - Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buddhagosha Past Pupils' Association - Matale, Nonprofit Organization, Palapathwela, Matale.

ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2026, අද දින බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ ශිෂ්‍යනායක නායිකාවන් ලෙස නිල ලාංඡන...
10/07/2026

ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2026,
අද දින බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ 2026 වර්ෂයේ ශිෂ්‍යනායක නායිකාවන් ලෙස නිල ලාංඡන පැළඳී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආදිශිෂ්‍ය සංගමයේ සුභ පැතුම් එක්කරන අතර ආදි ශිෂ්‍ය සංගමයට ආරාධනා කිරීම පිළිබඳව මෙම උත්සවය සංවිධානය කළ විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ටත්, සියලුම දරු දැරියන්ටත් එම දරු දැරියන්ගේ දෙමව්පියන්ටත් ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

මාතලේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ පාසල
01/07/2026

මාතලේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ පාසල

වසර 124ක නොඇසූ කතාව: පොල් අතු මඩුවේ සිට අද දක්වා ආ බුද්ධඝෝෂ වික්‍රමය හා ඔබ නොදන්නා රහස් කතාව 😱!

මාතලේ - කුරුණෑගල පාරේ පාලාපත්වල හන්දිය පසුකරද්දී ඔබට හමුවන "බුද්ධඝෝෂ ජාතික පාසල" දෙස ඔබ කී වතාවක් බලා තිබෙනවාද?
නමුත්, අදින් වසර 124කට පෙර, එනම් 1902 තරම් ඈත අතීතයකදී, බ්‍රිතාන්‍ය පාලන සමයේ මේ මහා විද්‍යාලය ආරම්භ වුණේ කොහොමද කියලා ඔබ දන්නවාද? 🤔 👇🔮

රහසක් වූ ආරම්භය සහ ඒ පිටුපස සිටි යතීන්ද්‍රයාණන් වහන්සේ!එදා පාලාපත්වල ප්‍රදේශයේ දරුවන්ට ඉගෙන ගන්න නිසි තැනක් තිබුණේ නැහැ. මේ අඩුව දැකපු මඩවල ශ්‍රී සුනන්ද මහා ස්වාමිපාදයන් වහන්සේ ගමේ දායක පිරිසත් එකතු කරගෙන අපූරු වැඩක් කළා.
ඔවුන් මුලින්ම හැදුවේ ගඩොල් මාලිගාවක් නෙවෙයි! කටුමැටි ගසා, පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවක්! 🛖 ඒ පුංචි මඩුව ඇතුළේ ලියැවුණු අකුරු, දවසක ලංකාවේම ප්‍රසිද්ධ පාසලක් දක්වා විහිදේවි කියලා එදා කවුරුවත් හිතන්න නැතුව ඇති!

📜 "බුද්ධඝෝෂ" නාමය පිටුපස ඇති අභිරහස් බැඳීම!
පාසලට මේ නම ලැබුණේ ඇයි? ක්‍රි.ව. 5 වන සියවසේදී දඹදිව සිට ලංකාවට පැමිණ, හෙළ අටුවා පාලි භාෂාවට පෙරළූ මහා ප්‍රඥාවන්ත "ආචාර්ය බුද්ධඝෝෂ හිමිපාණන්" සිහිපත් වන්නටයි මේ නම තැබුවේ.

තවත් විශේෂත්වයක් තිබෙනවා! මේ පාසල දියුණු කරන්න එදා කොළඹ පිහිටි පරම විඥානාර්ථ බෞද්ධ සමාගම (කර්නල් ඕල්කොට්තුමාගේ සංකල්පය) සෘජුවම මැදිහත් වුණා.
ගමේ දානපතියන් වුණු ඊ.ඩී. ද අල්විස් සහ ඊ.ජේ. ද අල්විස් මහත්වරු තමන්ගේ ඉඩම් පවා පරිත්‍යාග කරමින් මේ විද්‍යාලය රැකගන්න දිවි හිමියෙන් කටයුතු කළා!

🤝🌳🚀 1944 ජනවාරි 6:
හැරවුම් ලක්ෂ්‍යය!පාසලේ ඉරණම වෙනස් කළ ඒ සුවිශේෂී පුද්ගලයා කවුද? ඒ තමයි 1944 දී මුල්ගුරු ලෙස පත්ව ආ පී. රූබන් පීරිස් මහතා! එතුමා භාරකාර මණ්ඩලය එක්ක එකතු වෙලා ගම පුරා "සල්පිල්" පවත්වමින්, සල්ලි එකතු කරලා, පාසලට යාබද ඉඩම් මිලදී ගනිමින් අද තිබෙන මහා ක්‍රීඩා පිටිය සහ ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබුවා!

🏟️🏢🌟 අද වන විට...එදා කටුමැටි මඩුවෙන් ඇරඹි ගමන, අද සිසුන් දහසකට ආසන්න පිරිසකට සිප්සතර දෙන, උසස් පෙළ පහසුකම් සපිරි, මාතලේ දිස්ත්‍රික්කයේ බැබළෙන 1C ශ්‍රේණියේ ජාතික පාසලක් බවට පත්ව තිබෙනවා!

🎓 පාලාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හෝ හිතවතෙක් නම්, ඔබේ පාසල් කාලයේ මතකයන් සහ මේ ඉතිහාසය ගැන අදහස් පහළින් කමෙන්ට් කරන්න! 👇❤️

අභිමානවත් පාසලක උරුමය ගිලිහී නොයා තව කාලයක් ලෝකයේ දිදුලන පාසලක් කරන්න ඔබගේ වගකීමක්♥️
Tharanga Samarakoon

Shout out to my newest followers! Excited to have you onboard! Daya Daya, Dinesh Chamara, Dilushi Premathilaka, Savi Pun...
14/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Daya Daya, Dinesh Chamara, Dilushi Premathilaka, Savi Punsara

Shout out to my newest followers! Excited to have you onboard! Ravidu Senadira, Dinushi Gamage, Ggrss Piyasena, Dinusha ...
06/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Ravidu Senadira, Dinushi Gamage, Ggrss Piyasena, Dinusha Karunathilaka, RC Jayawardhana, Nimsara Lakshan, Rahul Kavishka, Sampa Pradeep, Omika Methsitha, Susani Nirmala, Sriyani Gunarathna

Shout out to my newest followers! Excited to have you onboard! Suchitra Vithanage, Pradeep Kumara, Wishwa Thilakarathna,...
29/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Suchitra Vithanage, Pradeep Kumara, Wishwa Thilakarathna, LKshan Dinoth

31/03/2026
මා/බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පාසලේ ඉගෙනුම ලැබූ සියලුම සහෝදර සහෝදරියන් හට කෙරෙ...
27/03/2026

මා/බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පාසලේ ඉගෙනුම ලැබූ සියලුම සහෝදර සහෝදරියන් හට කෙරෙන විවෘත ආදරණීය ආරාධනයි.
ඔබ සියලු දෙනාම වර්ෂයකට එක්වරක් පමනක් ලැබෙන මෙම අවස්ථාවෙන් ඔබගේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. සාමාජිකත්වය ලබා ගැනීමේ දී ඔබට තනි තනි වශයෙන් හෝ කණ්ඩායම් (batch) ලෙස පැමිණ ඔබගේ සාමාජිකත්වය ලබා ගත හැක.

සාමාජිකත්වය ලබා ගැනීමට ඔබගේ නම දුරකථන අංකය සහ පාසලෙන් ඉවත් වූ අවුරුද්ද O/L, A/L යන වග සදහන් කර දුරකථන ඇමතුමක්, කෙටි පණිවිඩයක් හෝ වටිස් ඇප් වෙත යොමු කරන්න.

පහත සඳහන් දුරකථන අංක එකකට ඔබගේ විස්තර ලබා දිමෙන් පසුව එම නිලධාරීන් ඔබව සම්බන්ධ කර ගනු ලැබේ.

ගරු සභාපති (සංජය) - 077 179 6459
ගරු ලේකම් (චතුරිකා) - 077 279 1942
ගරු ප්‍රධාන සංවිධායක (අබේවික්‍රම) - 077 228 0546

මා/බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස 2025 දෙසැම්බර් මස 03 වන දින සුභ මොහොතින් තම රාජකාරි භාරගන්නට යෙදුනු එස්...
12/12/2025

මා/බුද්ධඝෝෂ මහා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස 2025 දෙසැම්බර් මස 03 වන දින සුභ මොහොතින් තම රාජකාරි භාරගන්නට යෙදුනු එස්. එම්. පී. බණ්ඩාර මහතාට එම රාජකාරි කටයුතු සාර්ථකව කරගෙන යාමට සියලු ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

Address

Palapathwela
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhagosha Past Pupils' Association - Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share