28/03/2025
එම්. ආර්. වීරසුරිය මහතා 1983 ගණිත ගුරුවරයෙක් වශයෙන් ආනන්ද විද්‍යාලයට පැමිණ,2007 විශ්‍රාම යන තෙක්ම පාසල වෙනුවෙන් මහගු සේවයක් ඉටු කළ ගුරුවරයෙකි.1997-2001 දක්වා 8 ශ්‍රේණි භාර ආචාර්යවරයා වශයෙන් ද, 2002-2007 දක්වා ද්විතීය කණිෂ්ඨ අංශයේ ප්‍රධානාචාර්ය ලෙසද,කටයුතු කළ අතර,සමස්ථ ලංකා මලල ක්‍රිඩා( ජේෂ්ඨ හා කණිෂ්ඨ) ශූරතාවන් අඛණ්ඩව වසර 10 ක් ද,ජෝන් ටාබට් ශූරතාවය( කණිෂ්ඨ හා ජේෂ්ඨ) ලබා ගැනීම සදහා මහත් කැපවීමෙන් කටයුතු කළ ගුරුවරයෙකි. එමෙන්ම ජාතියේ දූ දරුවන් සදහා කරන ලද මෙහෙය වෙනුවෙන් “විද්‍යා කීර්ති ශ්‍රි” ජනාධිපති සම්මානය 2004 සහ 2005 සදහා පිදුම් ලැබීය. තවද 2023 හා 2024 වර්ෂවල ආදී ගුරු සංගමයේ ගරු සභාපති ලෙසද මහත් සේවයක් ඉටු කරනු ලැබීය. එතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ආනන්ද විද්‍යාලයීය ආදී ගුරු සංගමයේ සංවේගය පල කරන අතර එතුමාට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.