Ceylon Bank Employees' Union ලංකා බැංකු සේවක සංගමය - CBEU

  • Home
  • Sri Lanka
  • Maradana
  • Ceylon Bank Employees' Union ලංකා බැංකු සේවක සංගමය - CBEU

Ceylon Bank Employees' Union ලංකා බැංකු සේවක සංගමය - CBEU Single and Independent Largest Trade Union operating across the Banking sector in Sri Lanka.

23/06/2026

රාජ්‍ය බැංකු පනත් සංශෝධන ප්‍රතිව්‍යුහගතකරණයටද? විකිණීමටද?
කෘතිය එළිදැක්වීම

23/06/2026
අධික බදු බරට එරෙහි වෙමු !රජය විසින් වෘත්තීයවේදීන් ඇතුළු සේවා නියුක්තිකයින් මත පනවා ඇති අසාධාරණ හා අධික බදු බරට එරෙහිව සම...
19/06/2026

අධික බදු බරට එරෙහි වෙමු !

රජය විසින් වෘත්තීයවේදීන් ඇතුළු සේවා නියුක්තිකයින් මත පනවා ඇති අසාධාරණ හා අධික බදු බරට එරෙහිව සමස්ත වෘත්තීය ජනතාව එක් පෙළට ගෙන ඒමේ අරමුණින්, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සකස් කරන ලද “වෘත්තීයවේදීන් මත පැටවුණු අධික බදුබර” විවරණිකාව 2026 ජූනි 17 සහ 18 දෙදින පුරා ලංකා බැංකු සේවක සංගමයේ ශාඛා සංගම් මඟින් සාමාජිකත්වය වෙත බෙදා හැරීම සිදු කරන ලදී.

මෙම වැඩසටහන බැංකු ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන රැසක සේවකයින් අතරද ක්‍රියාත්මක විය.

අපගේ ශ්‍රමය, දැනුම සහ කැපවීම අසාධාරණ බදු බරින් දිය කර හැරීමට ඉඩ නොදෙමු !

✊ සාධාරණ බදු ප්‍රතිපත්තියක් සඳහා
✊ වෘත්තීය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්
✊ එක්සත් හඬක් – ශක්තිමත් අරගලයක් සඳහා පෙළ ගැසෙමු !

ලංකා බැංකු සේවක සංගමය
2026.06.19

18/06/2026

Government Medical Officers' Association 𝗡𝗢𝗪: /...

13/06/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

විධායක සභාව රැස්වේ !ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබඳව හා 15 වන නියෝජිත සම්මේලනය පිලිබදව දීර්ඝ සාකච්ඡාවක් !එළඹෙන ජූලි මස...
13/06/2026

විධායක සභාව රැස්වේ !
ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබඳව හා 15 වන නියෝජිත සම්මේලනය පිලිබදව දීර්ඝ සාකච්ඡාවක් !

එළඹෙන ජූලි මස පැවැත්වෙන 15 වන නියෝජිත සම්මේලනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සම්බන්ධයෙන් හා බැංකු පද්ධතිය තුළ මතුවී ඇති නොවිසඳුණු අර්බුද සම්බන්ධයෙන් විධායක සභාවේ අවධානය යොමු වූ අතර, ඒ යටතේ රාජ්‍ය බැංකූල රාජ්‍ය අයිතිය සුරක්ෂිත කිරීම, රාජ්‍ය බැංකු විශ්‍රාම ගැටළුව, HDFC සහ SMIB බැංකුවල අනාගත සුරක්ෂිතතාවය, RDB,සභාපතිවරයාගේ ක්‍රියා කලාපය ආශ්‍රිත ගැටළු, මහ බැංකුවේ ක්‍රියා කලාප හා ඒ ආශ්‍රිත ගැටලු, SDB බැංකුවේ සේවක මර්දනය, HNB හි මතුවී ඇතිි ගැටලු, මහජන බැංකුවේ නොවිසදුනු ගැටලු හා ඉදිරි ක්‍රියාමාර්ග සහ උපයන විට බදු ගැටළුව යන කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව තීන්දු තීරණ ගැනීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව පසුගියදා (11) ලංකා බැංකු සේවක සංගමයේ මරදාන මව් සංගම් කාර්යාලයේදී පවත්වන ලද අතර මෙම විධායක සභාවේදී ශාඛා සංගම් නියෝජනය කරමින් පැමිණි විධායක සභිකයින් බොහෝ පිරිසක් අදහස් දක්වන ලදී.

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල සාමූහික ගිවිසුම් සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය හා ඉදිරි පියවර සාකච්ඡා කල අතර, HDFC බැංකුවේ වැටුප් නොවන දීමනා මේ දක්වා අත්සන් නොතැබීම සහ ඉන්දියානු බැංකුවල සාමූහික ගිවිසුම් අවසන් නොවීම සම්බන්ධයෙන් විධායක සභාවේ අවධානය යොමු වූ අතර වත්මන් තත්වයද සමාලෝචනය කරමින් නිලධාරී මණ්ඩලය සමඟ ඉදිරි ක්‍රියාමාර්ග පෙළගස්වන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණි. මීට අමතරව ස්වාධීන වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතු වී මෙවර මැයි දිනය සමරන ලද අතර, එහිදී අනුමත කරගන්නා ලද යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය විධායක සභාවට වාර්තා කරන ලදී.

බැංකු පද්ධතියටත් බැංකු සේවකයාටත් මෙන්ම කම්කරු පන්තියටත් බලපවත්වන්නා වූ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විධායක සභාවේදී සාකච්ඡා වූ අතර, පෙව 9.30 ට ආරම්භ වූ විධායක සභා රැස්වීම ප.ව. 6.00 ට පමණ අවසන් විය.

ලංකා බැංකු සේවක සංගමයට ජය වේවා !

ලංකා බැංකු සේවක සංගමය.
2026.06.13

Address

No 20, Temple Road
Maradana
01000

Telephone

+94112693811

Alerts

Be the first to know and let us send you an email when Ceylon Bank Employees' Union ලංකා බැංකු සේවක සංගමය - CBEU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon Bank Employees' Union ලංකා බැංකු සේවක සංගමය - CBEU:

Share

Category