Thawathinsa Yathra

Thawathinsa Yathra A platform for pious disciples of Buddha to accumulate merits and foster noble qualities with the goal of birth in heaven culminating in Nibbana.
(742)

අප මහා බෝසතාණන් වහන්සේ මඝ නම් මානවකයෙකු වී මෛත‍්‍රී කරුණා මුදිතා උපේක්ෂා දී ගුණ ධර්මයන් සම්පූර්ණ කරමින් මනුලොව දී පුරන ලද අසම සම වත් පුරුදු කරමින් සත්පුරුෂ ගුණ පුරන්නට, දෙව් මිනිසුන්ගේ පැහැදීම ලබන්නට, මෙලොව පරලොව සැප ලබන්නට, සුරලොව සත්පුරුෂයන් අතර උපදින්නට, ඝොරතර සසරින් අත්මිදෙන්නට පුරණා පුණ්‍ය ප්‍රතිපදාව තාවතිංස යාත්‍රාවයි.

31/12/2023
22/12/2023

සුපින්බර උඳුවප් පුන් පොහෝදින සීල භාවනා වැඩසටහන...
උදෑසන 5.30 සිට දවස පුරාවට....
බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී...
සජීව විකාශය : ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය

A platform for pious disciples of Buddha to accumulate merits and foster noble qualities with the goa

ශ්‍රී ඝටීකාර මහා සෑ භුමියේ උතුම් භුමි පූජා පිංකම සදහා පින්වත් ඔබත් එක්වන්න !
10/12/2023

ශ්‍රී ඝටීකාර මහා සෑ භුමියේ උතුම් භුමි පූජා පිංකම සදහා පින්වත් ඔබත් එක්වන්න !

*නමෝ බුද්ධාය !**තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහන -  2023.12.10 ඉරුදින  ( හෙට  ) උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා  ,*මහමෙව්නාව...
09/12/2023

*නමෝ බුද්ධාය !*

*තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහන - 2023.12.10 ඉරුදින ( හෙට ) උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා ,*

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේදී පැවැත්වේ .

තෙරුවන් සරණයි !
0717776899 / 0763885059

නමෝ බුද්ධාය !රමණීය මොරගහකන්ද ජලාශයට මායිම්ව ඇලහැර - නාඋල ප්‍රධාන මාර්ගයට මුහුණලා - කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් ...
09/12/2023

නමෝ බුද්ධාය !

රමණීය මොරගහකන්ද ජලාශයට මායිම්ව ඇලහැර - නාඋල ප්‍රධාන මාර්ගයට මුහුණලා - කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ආශීර්වාදයෙන් ඇරඹි සොඳුරු වන පියස , ශ්‍රී මහාසේන මහමෙව්නාව වන සෙනසුනයි.
පින්වත් ස්වාමින් වහන්සේලා දහම් මඟ දියුණු කරමින් වැඩ සිටින මෙම සෙනසුන අවට කිසිදු ජනාවාසයක් නොමැති නිසා එය සොඳුරු මහමෙව්නාව තපෝවනයකි.
දහස් සංඛ්‍යාත සැදැහැවතුනට ඉතා දුර සිට වුවද වන්දනා කරගත හැකි ලෙස සැලසුම් වී ඇති පූජා භූමියේ -
ඉහළ කදු මුදුනෙහි රෝපිත ,
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිරි ගෞතම බෝධී මණ්ඩපය ගොඩනැංවෙන මෙම මොහොතේ,

බෝධීන් වහන්සේට පිවිසෙන ප්‍රධාන පිවිසුම් ශෛලමය පියගැට පෙළ ගොඩනැංවීමේ දුර්ලභ අවස්ථාව තාවතිංස යාත්‍රා සංවිධානයේ අප සැම දෙනාට ලැබී ඇත.

සිව්වනක් පිරිසේම පහසුව පිණිස සිරි ගෞතම බෝධීන් වහන්සේට සිදු කරනා උත්තම උපහාර පූජාවක් ලෙස - මොරගහකන්ද මහමෙව්නාව වන පියසේ සිරි ගෞතම බෝධී මණ්ඩපයෙහි ශෛලමය පියගැට පෙළ නිම කරවන්නට තාවතිංස යාත්‍රා සංවිධාය සමග පින්වත් ඔබත් එක්වන්න.

තෙරුවන් සරණයි !

නමෝ බුද්ධාය !මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ - 2023 කඨින පුණ්‍ය මංගල්‍යයට සමගාමිව කඨින චීවරය සහ වස්සාවාසික චී...
22/11/2023

නමෝ බුද්ධාය !

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ - 2023 කඨින පුණ්‍ය මංගල්‍යයට සමගාමිව

කඨින චීවරය සහ වස්සාවාසික චීවරයන් වැඩමවීමේ පෙරහැර මංගල්‍යය (නොවැම්බර් 18 සෙනසුරාදා ) උදෑසන සිදු විය.
කඨින චීවරය ප්‍රධාන වස්සාවාසික චීවරයන් දහස් සංඛ්‍යාත සැදැහැවත් උපාසක උපාසිකාවන්හට වැදපුදා ගැනීමටත් අනුමෝදන් වීම පිණිසත් අරහන්තක මන්දිරයට වැඩමවා උදෑසන 10.30 ට
දහවල සම්බුද්ධ පූජාව අරහන්තක මන්දිරයේදී පූජා විය. අනතුරුව කඨින චීවරය ප්‍රධාන වස්සාවාසික චීවරයන් අභිනවයෙන් ගොඩනැංවීමට නියමිත සංඝාවාස පරිශ්‍රයට වැඩම කරන ලදී.

රැස්ව සිටි පිරිසගේ සාදු නාද මධ්‍යයේ කඨින චිවරය සඝසතු වීමත් සමගම
ගරු භාණ්ඩ - සෙසු පිරිකර සහිතව සඟසතු වීමත් සමගම සංඝ දානය සිදුවිය.දහවල සංඝගත දක්ෂිණාව අභිනවයෙන් ගොඩනැංවීමට නියමිත දාන ශාලාව සහ සංඝාවාස පරිශ්‍රයේදී සිදු වීමත් සමග එම ශාලා පරිශ්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු ඇරඹීම සනිටුවහන් කරමින් වැඩම කල මහා සංඝ රත්නය සෙත් ප්‍රර්ථනා සිදු කරන ලදී.

වත්තල පදිංචි සුගත් ජයවික්‍රම මහත්මා සහ මාකොළ දකුණ පදිංචි අනෝමි නේවා ජයවීර මහත්මිය විසින් මෙවර කඨින චීවර මංගල්‍යයේ ප්‍රධාන දායකත්වය දරන ලදී.

රැස් කල අග්‍ර වූ පුණ්‍යධර්මයන් සහසම්බන්ද වූ සැම දෙනාටත් අනුමෝදන් වූ පින්වත් ඔබ සැමටත් උතුම් ධර්මාවබෝධය පිණිස උපකාරී වේවා !!!

තෙරුවන් සරණයි !!!

නමෝ බුද්ධාය !මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ -  2023 කඨින පුණ්‍ය මංගල්‍යය නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි දී ප...
21/11/2023

නමෝ බුද්ධාය !

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ - 2023 කඨින පුණ්‍ය මංගල්‍යය නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි දී පැවැත්විණ.

2023.11.17 වැනි සිකුරාදා දින රාත්‍රී පිරිත් අනුශාසනාව
ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

අතීත සැදැහැති සිංහලයන් රාජශ්‍රීයෙන් කඨින මංගල්‍යය සිදු කළ ආකාරයෙන් මංගල සම්මත ලෙස - කඨින චීවරය සහ වස්සාවාසික චීවරයන් වැඩමවීමේ පෙරහැර මංගල්‍යය (නොවැම්බර් 18 සෙනසුරාදා ) උදෑසන සිදු විය.

දහස් සංඛ්‍යාත සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ සාධු නාද මද්‍යයේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා, අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා,අසුමහා ශ්‍රාවක වූ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සහ ලංකාදීපප්පසාදක වූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේ ප්‍රධාන ලක්දිව වාසී වූ මහරහතන් වහන්සේලාගේ අරහන්තක ධාතූන් වහන්සේලා වැඩ සිටින
ශ්‍රී ඝටීකාර මහා සෑ රජුන්ගේ ධාතු ගර්භයට උතුම් කඨින චීවරය වැඩමවීම සිදු විය.

අනතුරුව උදැසන සම්බුද්ධ පූජාව උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ අරහන්තක ධාතුන් වහන්සේලා උදෙසා පූජා කිරීමෙන් අනතුරුව උදෙසන 8.00 ට
කඨින චීවරය ප්‍රධාන වස්සාවාසික චීවරයන් දහස් සංඛ්‍යාත සැදැහැවත් උපාසක උපාසිකාවන්හට වැදපුදා ගැනීමටත් අනුමෝදන් වීම පිණිසත් අරහන්තක මන්දිරයට වැඩම කරන ලදී.

රැස් කල අග්‍ර වූ පුණ්‍යධර්මයන් සහසම්බන්ද වූ සැම දෙනාටත් අනුමෝදන් වූ පින්වත් ඔබ සැමටත් උතුම් ධර්මාවබෝධය පිණිස උපකාරී වේවා !!!

තෙරුවන් සරණයි !!

21/11/2023
නමෝ බුද්ධාය ! කඨින පුණ්‍ය මංගල්‍ය - 2023මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ  කඨින පුණ්‍ය මංගල්‍ය ට සමගාමිව 2023 න...
21/11/2023

නමෝ බුද්ධාය !

කඨින පුණ්‍ය මංගල්‍ය - 2023

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ කඨින පුණ්‍ය මංගල්‍ය ට සමගාමිව 2023 නොවැම්බර් 17 වන සෙනසුරාදා දින
සර්ව රාත්‍රික පිරිත් දේශනය,

දාන ශාලාව සහිත නව සංඝාවාස පරිශ්‍රය ගොඩනැංවීමට ආශීර්වාදය පිණිස ගොඩනැංවීමට නියමිත සංඝාවාස පරිශ්‍රයේ දී සිදු විය .
තුන්යම් රැයක් මුළුල්ලේ උතුම් වූ රතන පිරිත ද, මහා සමය සුත්‍ර දෙසුම ද, අටානාටිය සුත්‍ර දෙසුමද, කරණීයමෙත්ත සුත්‍ර දෙසුම ද යන උතුම් වූ පිරිත් සුත්‍ර දේශනා සජ්ජායනයෙන්,
රැස් කරගත් සියලූ ම පින් පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස උපකාර වේවා !

තෙරුවන් සරණයි !
මෙයට,
මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය - මාලඹේ
076 388 5059 / 071 296 6669

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.අනුබුදු මිහිඳු  මහරහතන් වහන්සේගේන් ලද ධර්...
21/11/2023

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!

"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේන් ලද ධර් ම දයාදයෙන් පිළිසරණ ලැබූ භික්ෂුන් වහසේලා අතරට එක්වී , සිංහල දෙරණේ පිනැතියන් අතරින් - ලක්දිව නිකෙලෙස් සිතින් වැඩසිටි,

පරම පූජනීය මලියදේව මහරහතන් වහන්සේගේ ගුණයන්ට උපහාර පිණිස -
2023 නොවැම්බර් 12 වැනි ඉරිදා දින ,

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී
පුජ්‍ය පන්නල සුමනවංශ ස්වාමින් වහන්සේ විසින් සොදුරු සදහම් දෙසුම සිදුකරන ලදී ...

උතුම් ධර් ම දානයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර් ම දේශනාවන්හි දායකත්වය දැරූ සියලු දෙනාටත්,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ විකාශන දායකත්වය දැරූ සියලු දෙනාටත්,
පරිෂ්කාර පූජා කරගනිමින්ද පුෂ්ඵ පූජාවන් සිදු කරමින් ද -
ශ්‍රී සද්ධර් ම ශ්‍රවනය කරමින් ද වස්සාන දේශනා මාලාවන් සංවිධානය කරමින් සහසම්බන්ධ වූ සියලු දෙනාට උතුම් ධර් මාවබෝධය පිණිස උපකාර වේවා!

( ශ්‍රද්ධා රුපවාහිනී විකාශනය - 2023.12.09 වන සෙනසුරාදා උදෑසන 09.00 ට )

තෙරුවන් සරණයි!
මෙයට,
මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය - මාලඹේ
076 388 5059 / 071 296 6669

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.අනුබුදු මිහිඳු  මහරහතන් වහන්සේගේන් ලද ධර්...
21/11/2023

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!

"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේන් ලද ධර් ම දයාදයෙන් පිළිසරණ ලැබූ භික්ෂුන් වහසේලා අතරට එක්වී , සිංහල දෙරණේ පිනැතියන් අතරින් - ලක්දිව නිකෙලෙස් සිතින් වැඩසිටි,

පරම පූජනීය කුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ගුණයන්ට උපහාර පිණිස -
2023 නොවැම්බර් 11 වැනි ඉරිදා දින ,

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී
පුජ්‍ය පොතුහැර මහින්දසිරි ස්වාමින් වහන්සේ විසින් සොදුරු සදහම් දෙසුම සිදුකරන ලදී ...

උතුම් ධර් ම දානයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර් ම දේශනාවන්හි දායකත්වය දැරූ සියලු දෙනාටත්,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ විකාශන දායකත්වය දැරූ සියලු දෙනාටත්,
පරිෂ්කාර පූජා කරගනිමින්ද පුෂ්ඵ පූජාවන් සිදු කරමින් ද -
ශ්‍රී සද්ධර් ම ශ්‍රවනය කරමින් ද වස්සාන දේශනා මාලාවන් සංවිධානය කරමින් සහසම්බන්ධ වූ සියලු දෙනාට උතුම් ධර් මාවබෝධය පිණිස උපකාර වේවා!

( ශ්‍රද්ධා රුපවාහිනී විකාශනය - 2023.12.02 වන සෙනසුරාදා උදෑසන 09.00 ට )

තෙරුවන් සරණයි!
මෙයට,
මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය - මාලඹේ
076 825 5698 / 071 296 6669

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.අනුබුදු මිහිඳු  මහරහතන් වහන්සේගේන් ලද ධර්...
10/11/2023

ශ්‍රී ඝටීකාර සෑ රජුන්ට නමස්කාර වේවා !!!

"ලක්දිව මුණි වරුණ" - වස්සාන ධර් ම දේශනය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේන් ලද ධර් ම දයාදයෙන් පිළිසරණ ලැබූ භික්ෂුන් වහසේලා අතරට එක්වී , සිංහල දෙරණේ පිනැතියන් අතරින් - ලක්දිව නිකෙලෙස් සිතින් වැඩසිටි,

පරම පූජනීය මිලක්ඛතිස්ස මහරහතන් වහන්සේගේ ගුණයන්ට උපහාර පිණිස -
2023 නොවැම්බර් 05 වැනි ඉරිදා දින ,

මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරයේ දී
පුජ්‍ය කඩවත විජිතවංශ ස්වාමින් වහන්සේ විසින් සොදුරු සදහම් දෙසුම සිදුකරන ලදී ...

උතුම් ධර් ම දානයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර් ම දේශනාවන්හි දායකත්වය දැරූ සියලු දෙනාටත්,
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ විකාශන දායකත්වය දැරූ සියලු දෙනාටත්,
පරිෂ්කාර පූජා කරගනිමින්ද පුෂ්ඵ පූජාවන් සිදු කරමින් ද -
ශ්‍රී සද්ධර් ම ශ්‍රවනය කරමින් ද වස්සාන දේශනා මාලාවන් සංවිධානය කරමින් සහසම්බන්ධ වූ සියලු දෙනාට උතුම් ධර් මාවබෝධය පිණිස උපකාර වේවා!

( ශ්‍රද්ධා රුපවාහිනී විකාශනය - 2023.11.25 වන සෙනසුරාදා උදෑසන 09.00 ට )

තෙරුවන් සරණයි!
මෙයට,
මහමෙව්නාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය - මාලඹේ
076 388 5059 / 071 296 6669

Address

New Kandy Road, Pittugala
Malabe
10115

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94712955 559

Alerts

Be the first to know and let us send you an email when Thawathinsa Yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Thawathinsa Yathra:

Share