20/06/2026
ශිෂ්‍ය වීර දිනය 2026
රතු මල් අතර
තවමත් ඔබේ සුවඳ ඇත...
සරසවි මාවත් දිගේ
තවමත් ඔබේ පා සටහන් ඇත...
නිදහස් අධ්‍යාපනයේ නාමයෙන්
ඔබ දැල්වූ පහන්
අඳුර මැදත් නිවී නැත...
ඔබ ගියේ
අප හැර නොව,
අපට මඟක් තනා දී...
අපි අදත් ඇවිදින්නේ
ඔබේ සිහින මතිනි...
ඔබ නිහඬ වුවත්
ඔබේ අරගලය කතා කරයි...
"වීරයන් මිය නොයයි...
ඔවුන්ගේ සිහින හා අරගලය පරපුරෙන් පරපුරට ජීවත් වේ."
පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්ව විශ්වවිද්‍යාලයය