SSB Family - Western Province

Directions

SSB Family - Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SSB Family - Western Province, Nonprofit Organization, Maharagama.

24/09/2026
ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම  - 2026.09.15ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ආරක්...
15/09/2026

ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම - 2026.09.15

ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී සම්පත් දසනායක මහතාගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි 2026.09.15 දින සිදුකරන ලදි.

මෙහිදි ගම්පහ දිස්ත්‍රික්කයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන්ට නව ප්‍රගති සමාලෝචන පද්ධතිය හඳුන්වාදීම හා මෙතෙක් නිලධාරීන්ගේ වෙන්වෙන්ව වාර්ෂික ප්‍රගතිය ඉටුවීම සමාලෝචනය සහ ඉදිරි ප්‍රගතිය වර්ධනය කරගැනිම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම හා ගැටළු සාකච්ඡා කිරීම සිදුකරන ලදි.

මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී නිලන්ති ඒකනායක මහත්මිය සංවිධානය කරන ලද අතර ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරීන් සහභාගී වූ අතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ලබා දෙන ලදි.

සමාජ ආරක්ෂණ විශ්‍රාමික සංගම් පිහිටුවීම - කළුතර දිස්ත්‍රික්කය,මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල -2026.09.14කළ...
15/09/2026

සමාජ ආරක්ෂණ විශ්‍රාමික සංගම් පිහිටුවීම - කළුතර දිස්ත්‍රික්කය,මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල -2026.09.14

කළුතර දිස්ත්‍රික්කයට අයත් මිල්ලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ සමාජ ආරක්ෂණ මාසික විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් සංවිධානගත කිරිමේ වැඩසටහනක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.14 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරි ආර්.සී.සනත් මහතාද, කළුතර දිස්ත්‍රික් භාර සම්බන්ධීකරණ නිලධාරී යූ.ජී.එස්.අනුෂ්ක මහතාද මිල්ලනිය සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී මනෝරි වීරසිංහ මහත්මියද බණ්ඩාරගම සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී පද්මිණී ගුණතිලක මහත්මියද බණ්ඩාරගම සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් විශ්‍රාමිකයන්ද සහභාගී විය.

ගම්පහ දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිති පිහිටුවීම - අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,2026.09.08අත්තනගල්ල ප්‍රා...
08/09/2026

ගම්පහ දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිති පිහිටුවීම - අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,2026.09.08

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 60 සම්පූර්ණ වූ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලාභීන් 65 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිතිය පළමු වරට පිහිටුවීම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැරණි ශ්‍රවණාගාරයේදි 2026.09.08 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන අත්තනගල්ල පරිපාලන නිලධාරී වත්සලා නිල්වලා මහත්මියගේ මූලිකත්වයෙන් පැවති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩී.එම්.එස්.කේ.කේ. දසනායක මහතාගේ අරමුණු පැහැදිලි කිරිමෙන් හා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරිමෙන් සහ මෙහෙයවීමෙන් සිදු කරන ලදි.

තවද ගම්පහ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඊ.එම්.නිලන්ති ඒකනායක මහත්මියගේ සම්බන්ධිකරණයෙන් සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරි එම්.ටී.එෆ්.සුෆයිනා මියගේ සංවිධානයෙන් පැවති අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ සේවා නිලධාරී(මධ්‍යම රජය) ශ්‍රියානි ස්වර්ණලතා මිය,ආපදා සංවර්ධන නිලධාරී දුෂන්ත නිර්මාල් මහතා සහ තනූෂි අමරසිරි මිය,සංවර්ධන නිලධාරි සම්පත් ද සොයිසා මයා සහ ගයත්‍රී දිලානි මිය,කළමනාකරණ සහකාර කුමුදු රාජපක්ෂ මයා සහ දුලානි ගුණරත්න මිය සහයෝගයෙන් පවත්වන ලදි.

උපන් දින සැමරුම් - 2026 අගෝස්තු 27ගම්පහ දිස්ත්‍රික්  කාර්යාලයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී ජි.සි.ගීත්මා කුලරත්න මියට සුබ...
28/08/2026

උපන් දින සැමරුම් - 2026 අගෝස්තු 27

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරී ජි.සි.ගීත්මා කුලරත්න මියට සුබම සුබ උපන් දිනයක් වේවා !!!!🎂🎂🎂🎂

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කේ.ඩබ්ලිව්. ජයමාලී පෙරේරා ගුරුතුමියගේ  දරුවන් වන ජි.ජේ.ඊ.එල්.ප්‍රනාන්දු සහ ජි.ආර්.ඒ.එල්. ප්‍...
28/08/2026

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කේ.ඩබ්ලිව්. ජයමාලී පෙරේරා ගුරුතුමියගේ දරුවන් වන ජි.ජේ.ඊ.එල්.ප්‍රනාන්දු සහ ජි.ආර්.ඒ.එල්. ප්‍රනාන්දු යන දරුවන් දෙදෙනාටම මාසිකව ගෙවන රු.1900.00ක මුදලට හිමි රු.50,000.00 බැගින් වූ මාසික විශ්‍රාම වැටුප් දෙක වෙනුවෙන්,දායකත්ව අවස්ථාවේදීම ඔප්පු දෙකක් ප්‍රදානය,බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩි.එම්.එස්.කේ.කේ. දසනායක මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ අංශයේදි 2026.08.28 දින සිදුකරන ලදි.තවද එම දරු දෙපළට ශිෂ්‍යත්ව හිමිකම් ලෙස පහ වසර,අ.පො.ස.(සා.පෙළ) සහ අ.පො.ස.(උ.පෙළ) විභාග කඩයිම් වලදි පවති.

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when SSB Family - Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share