SSB Family - Western Province

SSB Family - Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SSB Family - Western Province, Nonprofit Organization, Maharagama.

27/08/2026
ගම්පහ දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිති පිහිටුවීම - දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,2026.08.25දොම්පේ ප්‍රාදේශීය ...
25/08/2026

ගම්පහ දිස්ත්‍රික් සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිති පිහිටුවීම - දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,2026.08.25

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 60 සම්පූර්ණ වූ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ලාභීන් 67 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමාජ ආරක්ෂණ විශ්‍රාමික සමිතිය පළමු වරට පිහිටුවීම දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ශ්‍රවණාගාරයේදි 2026.08.25 වන දින සිදුකරන ලදි.
මෙම වැඩසටහන දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්.නිශ්ශංක ආරච්චි මහතාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් අශේනි වීරසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් පැවති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩී.එම්.එස්.කේ.කේ. දසනායක මහතාගේ අරමුණු පැහැදිලි කිරිමෙන් හා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරිමෙන් සහ මෙහෙයවීමෙන් සිදු කරන ලදි.

තවද ගම්පහ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඊ.එම්.නිලන්ති ඒකනායක මහත්මියගේ සම්බන්ධිකරණයෙන් සහ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරි එම්.ජේ.එෆ්.නලීෆා මියගේ සංවිධානයෙන් පැවති අතර දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාජ සේවා නිලධාරී(මධ්‍යම රජය) සුමුදු ලියනගේ මහතාගේ,විදේශ සේවා සංවර්ධන නිලධාරි චන්දන රණතුංග මහතාගේ,අපනයනය සංවර්ධන නිලධාරී සුරංගිකා මුණසිංහ මියගේ සහයෝගයෙන් පවත්වන ලදි.

දොම්පේ සමාජ ආරක්ෂණ විශ්‍රාමිකයන්ගේ සමූහ ඡායාරූපය - 2026.08.25දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.එස්.එස්.නිශ්ශංක ආරච්චි මහතා,ස...
25/08/2026

දොම්පේ සමාජ ආරක්ෂණ විශ්‍රාමිකයන්ගේ සමූහ ඡායාරූපය - 2026.08.25

දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.එස්.එස්.නිශ්ශංක ආරච්චි මහතා,සමාජ සේවා නිලධාරී(මධ්‍යම රජය) සුමුදු ලියනගේ මහතා,සමාජ ආරක්ෂණ සංවර්ධන නිලධාරි එම්.ජේ.එෆ්.නලීෆා මිය,අපනයනය සංවර්ධන නිලධාරි සුරංගිකා මුණසිංහ මිය සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ සම්බන්ධිකරණ නිලධාරී ඩි.එම්.එස්.කේ.කේ.දසනායක හා ගම්පහ දිස්ත්‍රික් භාර සම්බන්ධිකරණ නිලධාරී ඊ.එම්.නිලන්ති ඒකනායක මහත්මිය සමඟ

20/08/2026

🍁ඔබට මෙම අයදුම් කරන ක්‍රියාවලිය හෝ අවශ්‍ය වන ලියකියවිලි ගැන තවදුරටත් දැන ගැනීමට අවශ්‍යද?🍁
👉
"ආරස්සාව"🪄 යනු ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය (SSSB) මඟින් හඳුන්වා දී ඇති, වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් පූර්ව සැලසුම් කළ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයකි.

🌷“ආරස්සාව” යෝජනා ක්‍රමයේ විශේෂතා🌷

1... දායකත්වය: වයස අවුරුදු 18ට අඩු දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට මෙම යෝජනා ක්‍රමයට සම්බන්ධ විය හැක.

2...විශ්‍රාම වැටුප් හිමිකම: දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, මෙම ගිණුම 'සුරැකුම' විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට මාරු කරනු ලබන අතර ගිණුමේ ඉතිරි වී ඇති ශේෂය මත පදනම්ව අනාගතයේදී විශ්‍රාම වැටුප් හිමිකම් ලැබේ.

3...අරමුණ: දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුඩා කල සිටම මූලික සුරක්ෂිතතාවයක් ගොඩනැගීමට සහය වීමයි.
✨️✨️✨️✨️✨️✨️✨✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න හෝ 0112 88 60 88 / 034-2261239
/076 -1959208 යන අංකවලින් අමතන්න.

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when SSB Family - Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share