ඒකාබද්ධ ගුරු සේවා සංගමය

Directions

ඒකාබද්ධ ගුරු සේවා සංගමය ඒකාබද්ධ ගුරු සේවා සංගමය

23/08/2026

පාසල් වැහෙන්න නොදී පවත්වාගෙන ගියාට,
වැඩබලන විදුහල්පතිවරුන්ට දඩුවමක්ද මේ කරන්නේ....?

මේ ආණ්ඩුවටත් බලය ගන්න කලින් කියපු සටන් පාට මතකත් නෑ...
දැන් කෑ ගහන අයටත් බලයේ ඉන්න කාලේ මොකද කලේ කියලා මතක නෑ...

අමිල සඳරුවන්
ප්‍රධාන ලේකම්
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

පාසල් වැහෙන්න නොදී පවත්වාගෙන ගියාට, වැඩබලන විදුහල්පතිවරුන්ට දඩුවමක්ද මේ කරන්නේ....?මේ ආණ්ඩුවටත් බලය ගන්න කලින් කියපු සටන...
23/08/2026

පාසල් වැහෙන්න නොදී පවත්වාගෙන ගියාට,
වැඩබලන විදුහල්පතිවරුන්ට දඩුවමක්ද මේ කරන්නේ....?

මේ ආණ්ඩුවටත් බලය ගන්න කලින් කියපු සටන් පාට මතකත් නෑ.....
දැන් කෑ ගහන අයටත් බලයේ ඉන්න කාලේ මොකද කලේ කියලා මතක නෑ.....

අමිල සඳරුවන්
ප්‍රධාන ලේකම්

හෙට වුණත් නෑ පමා පණ පොවා ජිවිතේ..රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ..!  ලාංකේය ගේය  සාහිත්‍යයේ යතිවර ලකුණ,  රඹුකන සිද්ධා...
21/08/2026

හෙට වුණත් නෑ පමා පණ පොවා ජිවිතේ..
රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ..!

ලාංකේය ගේය සාහිත්‍යයේ යතිවර ලකුණ,
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ වියෝව පිලිබද අපගේ සංවේගය !

ඒකාබද්ධ ගුරු සේවා සංගමය - JTSU

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමිමඟ තොටේ ඔබ දකින ගැහැනියයිගීත නොව මා මුවින් ගැයෙන්නේතැළී ගිය සුවහසක් ආත්මයහඬ නගා ඉකි බිඳින බ...
21/08/2026

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් ගැයෙන්නේ
තැළී ගිය සුවහසක් ආත්මය
හඬ නගා ඉකි බිඳින බැණ නැ‍ඟෙන රාවයයි

යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දෙශයක්, රාජ්‍යයක්
අනන්තවූ දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි

අප මැරුණු කල අපේ දරුවනේ
ගයවු තෙපි වැස භද්‍ර දේශයක, රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී

ජන පීඩනයට එරෙහිව හඩ මෙහෙය වූ,
ආචාර්ය නන්දා මාලනී මෑණියනි......

ඔබට සුබ ගමන්!

ඒකාබද්ධ ගුරු සේවා සංගමය

12/08/2026
🚩 සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ගෙන යන අරගලයේ වත්ම...
06/08/2026

🚩 සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ගෙන යන අරගලයේ වත්මන් තත්වය පිළිබඳව දැනුවත් කිරීමට සහ එයට වෘත්තීය සමිතිවල සහයෝගය ලබා ගැනීමේ අරමුණින් එම සමිති වල නියෝජිතයන් සමඟ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පැවත්වූ සාකච්ඡාව සදහා ඒකාබද්ධ ගුරු සේවා සංගමය සම්බන්ධ විය.

03/08/2026

කාර්යක්ෂමතාව විහාග තිබ්බේ නැත්තේ නිලධාරීන් මිසක් ගුරුවරු නොවේ...
වැටුප් නවත්තන්න ඕනි ඒ නිලධාරීන්ගෙයි.
4 වෙනිදා උද්ඝෝෂණය හොදයි
හැබැයි ආණ්ඩුව එක්ක හුරතල් වෙන එක නවත්තලා ඇත්තට පාරට එමු

01/07/2026

පාසල්වල භෞතික හා මානව සම්පත්වල හිඟයට නිසි උත්තර හොයන්න

නැත්නම් කුඩා පාසල් වැසී යනවා

වාස් ගුණවර්ධන
සභාපති
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

01/07/2026

සිසු ප්‍රතිඵල මත වැටුප් වර්ධක නවත්තන්න සමහර කලාප සුදානම් වෙනවා..

ගුරුවරයා පීඩාවට පත් නොකර ප්‍රතිඵල ඉහළ නැංවීමට නිසි විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න

වාස් ගුණවර්ධන
සභාපති
ඒකාබද්ධ ගුරු සේවා සංගමය

01/07/2026

📌 ගුරු අරගලය පාවා දුන්නේ කවුද?

අද වනවිට ගුරු සේවයේ ලක්ෂයකට අධික පිරිසකට උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාගැනීමේ අවස්ථාව අහිමි කර ඇත. එමෙන්ම සමස්ත ගුරු ප්‍රජාවටම තමන්ට හිමි වැටුපෙන් 2/3ක විෂමතාවයක් නිසා අවප්‍රමාණය වූ වැටුපකින් සැනසීමට සිදුවී තිබේ. ඉන් ඔබ්බට දරුවන් ශික්ෂණය කිරීමේදී සිදුවන ගැටලුවලදී දණ්ඩ නීති සංග්‍රහය ඉදිරියේ වින්දිතයන් බවට ද පත් කර තිබේ.

දීර්ඝ කාලීන අරගලයකින් පසු දිනාගත් ගුරුසේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරුන්ට හිමි වැටුපේ විෂමතාව ඉවත් කිරීම සඳහා වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ අප සටන් කර තිබේ. ඒ හා සමානම කාලයක් ගුරුවරුන්ගේ උසස් වීම් හා වැටුප් වර්ධක සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් දිනා ගැනීම වෙනුවෙන් අරගල කිරීමට සිදුවිය.

2024 ජුලි මාසයේ කොළඹට කැඳවූ 13,000කට වැඩි පිරිසක් සහභාගී වූ උද්ඝෝෂණයේදී අපගේ ඉල්ලීම් ජයග්‍රහණය කිරීම සඳහා ඓතිහාසික අවස්ථාවක් උදාවිය. එහෙත් ඉදිරියට පැමිණීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් එම සටන පාවා දෙනු ලැබීය. අනාගතයේ තමන් පිහිටවන ජනතාවාදී ආණ්ඩුවකින් සියලු ඉල්ලීම් ලබාදෙන බවට ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහ ප්‍රසිද්ධියේ පොරොන්දු විය. ඔහුගේ වචන විශ්වාස කළ කේවට්ට ගුරු සංගම්වල පාවාදීම හමුවේ සටන විසිර ගියේය.

දැන් එම ඊනියා ජනතාවාදී ආණ්ඩුවට වසර එකහමාරකට වඩා කාලයක් රට ආණ්ඩුකරණය කර තිබේ. කලින් කලට ආණ්ඩු විසින් පොදුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම් කරනු ලැබුව ද, එහි ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම හෝ ගුරු වෘත්තිය ගුණාත්මකභාවය වර්ධනය කිරීම වෙනුවෙන් අප කළ ඉල්ලීම්වලට සම්බන්ධතාවයක් හෝ අනුකූලතාවයක් නොවීය.

ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ උසස් වීම් සහ වැටුප් වර්ධක වෙනුවෙන් ආවරණය කළ යුතු මොඩියුල 21ක් දක්වා ඇතත් මොඩියුල ඉගැන්වීමේ ක්‍රමවේද බිඳ වැටී ඇත. දැන් වසර එකහමාරක් තිස්සේ මේ සඳහා නියමිත ක්‍රමවේදයක් සැකසීමට ආණ්ඩුව අසමත්වීමත් සමග සිය උසස් වීම හා වැටුප් වර්ධකය අහිමි කර ගනිමින් විශ්‍රාම යෑමට දැවැන්ත ගුරු පිරිසකට සිදුවී තිබේ.

පාසල් 10,047ක ලක්ෂ 43ක් පමණ වන දරුවන් වෙනුවෙන් 230,000ක් ගුරුවරුන් විද්‍යාත්මක පදනමකින් තුලනය කිරීම ආණ්ඩුව අතහැර දමා තිබේ. පාසල්වල දරුවන් ශික්ෂණය කිරීමේදී ඇතිවන දණ්ඩන නීති හා මානව හිමිකම් බිඳ වැටීම් වෙනුවට අධ්‍යාපනික බලපෑම් කිරීමේ විෂයානුබද්ධ පුහුණුවක් ගුරුවරයාට ලබාදී නැත. ගුරුවරයා නීතිය ඉදිරියේ වින්දිතයෙක් බවට පත්ව තිබේ. ඊට ප්‍රතිචාර ලෙස ගුරුවරුන් ශික්ෂණ ක්‍රියාවලිය පන්ති කාමරයේ විෂය ඉගැන්වීමට සීමාකිරීමට පෙළඹීමෙන් පාසල් පද්ධතිය වේගයෙන් බිඳ වැටෙමින් තිබේ.

ආණ්ඩුව හඳුන්වා දී තිබෙන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩ වඩාත් දුෂ්කර කර තිබේ. ආර්ථිකමය හැකියාවන් සහිත පිරිසකට අධ්‍යාපනය සීමාවෙමින් දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරමින් තිබේ. ලංකා ගුරු සේවය වෘත්තීය සේවාවක් බවට පත්කිරීම සඳහා සියලු ගුරුවරුන් පුහුණු උපාධිධාරීන් බවට පත් කිරීමත්, සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට නියමිත සේවා කාලයකට පසු වෘත්තීය සේවා ගුණාත්මකභාවය යාවත්කාලීන කිරීම සඳහා නේවාසික පුහුණු ආරම්භ කිරීමත්, ගුරුසේවයට බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ හරහා අධ්‍යාපනවේදී උපාධි ප්‍රධානයන් පුළුල් කිරීමත් අපගේ ප්‍රධාන ඉල්ලීම් විය.

එහෙත් ආණ්ඩුව වසර හතරක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනවේදී උපාධිධාරින් ගුරු සේවාවට බඳවාගෙන නැත. ඒ වෙනුවට පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උපාධි ලබාදීම නියාමනය කිරීම සඳහා නීති සැකසීමට ප්‍රමුඛතාවය දී තිබේ. ගුරුවරුන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔවුන්ගේ කරමතින් බලයට පැමිණි ආණ්ඩුව ඉතා වේගයෙන් රටේ අධ්‍යාපනයත්, ගුරුවරුන්ගේ වෘත්තීය ඉල්ලීමත් පාවා දී තිබේ.

අයිතිය පුවත්පත

Address

Colombo
Maharagama
10223

Website

Alerts

Be the first to know and let us send you an email when ඒකාබද්ධ ගුරු සේවා සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share