29/07/2023
යන්ග් හාර්ට්ස් විසින් වාර්ෂිකව පවත්වනු ලබන අපේක්ෂා රෝහල් දානමය පින්කම මෙවරත් සාර්ථකව නිම කිරීමට අපට හැකි විය. ඒ හැමදාමත් අප හා එක්ව කටයුතු කරන පින්වත් ඔබගේ මූල්‍යමය/ද්‍රව්‍යමය හා ශ්‍රම දායකත්වය නිසාවෙනි.
රටේ වත්මන් තත්වය හා පවත්නා මූල්‍යමය දුශ්කරතා මැද උවත් ඔබගෙන් ලද ඒ නොමසුරු දායකත්වය ඉතා අගයකොට සලකමු. අප රටේ වෙසෙන මෙන්ම විදෙස් රටවල සිටිනා අපේම සොයුරු සොයුරියන්ගෙන්ද ලද දායකත්වයද ආදරයෙන් සිහිපත් කරමු.
ඔබගේ සියලු සහයෝගයන් මැද මෙවර අප විසින් අපේක්ෂා රෝහල සදහා තැඹිළි ගෙඩි 2300ක් ළමා පුස්ථකාලය සදහා වටිනා කතන්දර පොත් රාශියල් හා රුපියක් 300,000 කට වැඩි අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට හැකිවිය.
නම් වශයෙන් සිහිපත් නොකලද වචනකින් හෝ උපකාර කල සැමට අනේකවාරයක් පින්. 🙏❤
මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා.
නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, පින්වත් සියලු දෙනාට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා,
ප්‍රත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා.
ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්
ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා.
වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පහල වේවා.
වාප පිත් සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතුසමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා.
සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා.
දෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, ඇතුලු මේ ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා.
යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරනචන්ද්‍රයා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා!
පතන්නාවූ සියලු යහ බලාපොරොත්තු සිතනා ලෙසින් ඉටු වේවා! 🙏🙏❤