11/03/2023
කාරුණික නිවේදනයයි!
හලා/වෙන්/අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන - 2023.
අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය විසින් පාසලේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඕප් නැංවීම අරමුණු කොට ගෙන 2023.04.04 වන අඟහරුවාද දින ප්‍රදර්ශනාත්මක අත්පන්දු ක්‍රීඩා තරගාවලියක් ඔස්සේ දරුවන්ට අවශ්‍ය වන ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා නිල ඇඳුම් යනාදිය නිල වශයෙන් ලබාදීමට කටයුතු සුදානම් කර ඇත.
මෙහිදී ප්‍රදානය අදහස් කරනු ලබන ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා නිල ඇඳුම්, ප්‍රමාණයන් හා ඒකක මිල පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
01. අත්පන්දු (Volleyball - Mikasa - Original Japan) - 5 x LKR.11,000.00
02. අත්පන්දු දැල් (Volleyball Net) - 2 x LKR.4550.00
03. මලල ක්‍රීඩා නිල ඇඳුම් (Athletic skinners) - 35 x LKR.1400.00
04. අත්පන්දු ක්‍රීඩා නිල ඇඳුම් (Volleyball Jerseys) -
25 x LKR.1500.00
වර්තමානයේ දී පාසලේ මෙම උපකරණ හා ක්‍රීඩා නිල ඇඳුම් වල හිඟයක් ඇති බවත් ඒ සඳහා යම් උපකාරයක් පාසල විසින් මේ මොහොත් අපේක්ෂා කරනු ලැබේ. එම නිසා ආදී ශිෂ්‍ය සංගමය විසින් ඒ සදහා උපකාරී වීමට තීරණය කලහ. ඒ සඳහා අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් වන ඔබගේ නොමසුරු දායකත්වය දැඩිව අපේක්ෂා කෙරේ.
ඔබගේ මූල්‍ය ප්‍රදාන ඍජුව ආදී ශිෂ්‍ය සංගමයේ පහත සඳහන් ගිණුම් අංකයට හැකි ඉක්මනින් බැර කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ගිණුමේ නම : OLD PUPILS ASSOCIATION
ගිණුම් අංකය : 076200120032115
බැංකුව : මහජන බැංකුව (People's Bank)
බැංකු අංකය : 7135
ශාඛාව : ලුණුවිල(වෙන්නප්පුව)
ශාඛා අංකය : 076
SWIFT/BIC CODE : PSBKLKLX
(ඔබ විසින් තැන්පත් කරනු ලබන මුදල් වලට අදාල තැන්පතු පත්‍රිකාවල ,ස්ලිප් හෝ මුදල් online Treansfer කරන්නේ නම් එහි සටහනක් ඔබගේ "නම, දුරකථන අංකය" ඇතුළත්ව ඡායා පිටපතක් හෝ ඡායාරූපයක් ලෙස ලැබීමට සලස්වන්න.)
මේ පිළිබඳව වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අදාල ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට ඔබට හැකිය.
ලේකම් - චරිත (+94771175954)
භාණ්ඩාගාරික - ශෂික (+94774387063)
කාරක සභික - ලහිරු (+94771292565)
දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මෙන්ම අප අනුරුදු මාතාවගේ දියුණුව වෙනුවෙන් ආදී අනුරුදු විද්‍යාර්ථීන් ලෙස අපගෙ උපරිම සහයෝගය පාසලේ ප්‍රගමනය වෙනුවෙන් නොපසුබට ව ලබාදෙමු.
ස්තූතියි!
ආදී ශිෂ්‍ය සංගමය
අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය
ලුණුවිල