15/08/2026
🔼🔼 පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි වෙනත් රථ වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
🔼 බස් නැවතුම්පොළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන බවද , එයින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිතවලට ද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බවද පොලීසිය පවසයි.
🔼 පොලීසිය පෙන්වා දෙන්නේ ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාවද පවතින බස් රථ සේවාවක්ද මේවනවිට හඳුන්වා දී තිබෙන බැවින් බස් රථ නැවතුම්පොළවල් වල එම බස් රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතු බවය.
🔼 මෙලෙස වෙනත් වාහන නවතා තබන විට ආබාධිත පුද්ගලයින්ට මෙන්ම මගීන්ට ද බස් රථවලට නැගීමේදි හා බැසීමේදි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදු ව ඇති බව පොලීසිය අවධාරණය කර සිටී.
🔼 ඒ අනුව මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර , බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30 ක් ඇතුළත හා පිටවීමට ඇති මීටර් 15 ක් ඇතුළත වාහන නවතා තැබීම එමඟින් තහනම් කර තිබේ.
@ ජායාරූපය AI නිර්මාණයකි.
සටහන - පුෂ්පකුමාර ජයරත්න