Wayamba Cancer Society

Wayamba Cancer Society Our mission is to equip the Cancer Treatment Unit of Teaching Hospital, Kurunegala with all the faci

26/08/2026
කුරුණෑගල, රජපිහිල්ල පාර, ලංකා විදුලිබල මණ්ඩලයේ - වයඹ පළාත 2, සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් 2026.08.19 වන දින කුරුණෑගල ශික...
21/08/2026

කුරුණෑගල, රජපිහිල්ල පාර, ලංකා විදුලිබල මණ්ඩලයේ - වයඹ පළාත 2, සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙන් 2026.08.19 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා සායන රෝගින් සඳහා උදෑසන ආහාර වේල ලබා දී කීමෝ ප්‍රතිකාර ඒකකය සඳහා විදුරු අල්මාරියක්ද, පිළිකා සායනය සඳහා ඩිස්පෙන්සර් එකක්, මේස සඳහා ඉටිරෙදි, සැරහුම් ද්‍රව්‍ය සහ ස්ටේපර් මැෂින් රු. 255,000/- කට අධික මුදලක් වැය කරමින් පරිත්‍යාග කිරිම පිළිබඳව ගෞරවපුර්වක ස්තුතිය පුද කරමු.

රෝගින් සහ ඔවුන් සමඟ පැමිණෙන පිරිස සඳහා ආහාර වේලක් ලබා දීමෙන් සහ පිළිකා සායන අංශයේ සහ කීමෝ අංශයේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරිම තුළින් ඔබ සංගමය දැක්වු මානුෂියත්වය හා සමාජ වගකීම ඉතා අගය කොට සලකමු. ඔබගේ මෙම සත්කාරය රෝගීන්ට ‍අස්වැසිල්ලක් සේම, සායනයේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වා ගෙන යාමටත් මහත් පිටිවහලක් වනු ඇත. මෙවැනි උතුම් සමාජ සත්කාරයන් ඉදිරියටත් සිදු කිරිමට ඔබ සංගමයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබ සංගමයේ සියළුම සාමාජික සාමාජිකාවන් වෙත නිදුක් නීරෝගි බව ප්‍රාර්ථනා කරන අතර, අපගේ ගෞරවණිය ස්තුතිය පුද කරමින්, ඉදිරි කටයුතු සඳහාද සුභාශිංසන පිරිනමමු.


පිළිකා සායනයේ රෝගින් සහ
මෙවැනි විශාල පරිත්‍යාගයක් සිදු කිරිමට සිත් පහළ වු ලංකා විදුලිබල මණ්ඩලයේ සුභ සාධක සංගමයේ නිළධාරි මහත්ම මහත්මින්ට

සහ සාමාජික මහත්ම මහත්මින්ට
මෙම පරිත්‍යාගය සිදු කිරිමට සිත් පහළ වු එම සියළුම මහත්ම මහත්මින්ටත්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සියළුම දෙනාටත්, මේ සඳහා උදවු උපකාර කළ සියළු දෙනාටත්, නිදුක් නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ලැබේවා! එමෙන්ම ඔබ සැමගේ රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ යහපත් අනාගත බලාපොරොත්තු සිතන පතන ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා! කියා වයඹ පිළිකා සංගමයේ අපි ප්‍රාර්ථනා කරමු!

කුරුණෑගල, විල්ගොඩ පාර, සේපාලිකා මාවත පදිංචි මුතුගල ඔටෝ සර්විස් හි අධිපති සිසිර මුතුගල මහතා සහ මහත්මිය විසින් පවුලේ සියළු...
19/08/2026

කුරුණෑගල, විල්ගොඩ පාර, සේපාලිකා මාවත පදිංචි මුතුගල ඔටෝ සර්විස් හි අධිපති සිසිර මුතුගල මහතා සහ මහත්මිය විසින් පවුලේ සියළු දෙනා සම්බන්ධ කර ගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා ශල්‍ය අංශය වෙත අත්‍යවශ්‍ය වි තිබු රු. 350,000/-ක් පමණ වටිනා සැරහුම් ද්‍රව්‍ය තොගයක් සහ ඔක්සිජන් උපකරණයක් පරිත්‍යාග කරන ලදි.

මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ එතුමාගේ ආදරණිය මෑණියන්ගේ උපන් දිනය නිමිති කර ගනිමිනි. මෙම දානයෙන් අත් වන කුසල බලයෙන් එතුමියට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවායි! දීර්ඝායුෂ ලැබේවා! තව තවත් පිං කටයුතු සිදු කිරිමට පිං සිත් පහළ වේවා! ජිවිතයෙන් සමුගන්නා මෙ‍ාහොතේදී මෙම පිං සිතුවිලි සිහිපත් වේවා! කියා වයඹ පිළිකා සංගමයේ අපි සුභ ප්‍රාර්ථනා කරමු.

තවද ඔබතුමාගේ පවුලේ සියළුම සාමාජිකයින්ටත්, මේ සඳහා ඔබතුමාට සහයෝග ලබා දුන් සියළුම දෙනාටත් මෙම පිං අත්වේවා! ඒ සියළු දෙනාගේ රැකි රක්ෂා කටයුතු, ව්‍යපාරික කටයුතු සහ සියළුම යහපත් සිතුවිලි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! එමෙන්ම ඔබතුමා ඇතුළු සියළු සාමාජිකයින්ට නිදුක් නීරෝගි බව සහ දිර්ඝායුෂ ලැබේවා! ඔබ නමින් මිය ගිය සියළුම ඥාතින්ට මේ පිං අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමි ජිවිතය සැපවත් වේවා! තව තවත් මෙවැනි පිං කටයුතු සිදු කිරිමට ඔබ සියළු දෙනාට පිං සිත් පහළ වේවා! සසර දුකින් එතෙර වීමට මේ පින පාරමිතාවක්ම වේවා!

පොතුහැර, වදාකඩ පාර පදිංචි එච්.පි.එස්. හෙට්ටිආරච්චි මහතා සහ මහත්මිය විසින් 2026.08.11 වන දින රු. 103,950/-ක මුදලක් වැය කර...
13/08/2026

පොතුහැර, වදාකඩ පාර පදිංචි එච්.පි.එස්. හෙට්ටිආරච්චි මහතා සහ මහත්මිය විසින් 2026.08.11 වන දින රු. 103,950/-ක මුදලක් වැය කරමින් මෙම දින වල කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිඟව පවතින ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි.

මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ මීට වසර 04කට පෙර අභාවප්‍රාප්ත වු ආදරණිය සහෝදරයා වු සිරිනිමල් පියසෝම හෙට්ටිආරච්චි මහතාට පින් අනුමෝදන් කිරිම අරමුණු කර ගනිමිනි. මෙම පරිත්‍යාගය සිදු කිරිමෙන් ලබා ගත්තා වු කුසල් බලයෙන් අභාවයට පත් වු සොහොයුරාට පරලෝ සැපය ලැබේවා! මෙම පින් අනුමෝදන් වීමෙන් එතුමා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනිමට වාසනාව ලැබේවා! එතුමාගේ සසර ගමන සුවපත් වේවා! ඉක්මන් භවයකදී සසර දුකින් අත් මිදෙත්වා!

මෙම පරිත්‍යාගය සිදු කළ එච්.පි.එස්. හෙට්ටිආරච්චි මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ සියළුම දෙනාටත්, මේ සඳහා සම්බන්ධිකරණය කළ පි.එම්. විජේබණ්ඩාර මහතාටත්, නිදුක් නිරෝගි සුවය සහ දිර්ඝායුෂ ලැබේවා! එමෙන්ම ඔබ සැමගේ රැකිරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ යහපත් අනාගත බලාපොරොත්තු සිතන පතන ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා කියා වයඹ පිළිකා සංගමය ප්‍රාර්ථනා කර සිටිමු.

06/08/2026
වයඹ පිළිකා සංගමයේ මැදිහත් විමේන් පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද පිළිකා රෝගය පිළිබඳව දැනුවත...
06/08/2026

වයඹ පිළිකා සංගමයේ මැදිහත් විමේන් පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ ප්‍රජා අංශය මගින් සංවිධානය කරන ලද පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහන එහි කාර්යය මණ්ඩලය සදහා ඊයේ දින (2026.08.05) පැවැත්වු අතර, ඒ සඳහා සහභාගි වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා රෝග ශල්‍ය විශේෂඥ වෛද්‍ය හේෂාන් සිරිවර්ධන මහතා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශලනි සමන්ති මහත්මිය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන හෙද නිළධාරිනි එච්.ඒ.එන්. විජයන්ති මහත්මිය විසින් ඉතා හරවත් දේශන කිහිපයක් සිදු කරන ලදි.

එහිදි විවිධ පිළිකා රෝග, පිළිකා රෝග ලක්ෂණ, කලින් හදුනා ගැනිමේ ක්‍රම, ශල්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, මෙයට බලපාන ආහාර රටාවන් ආදි කරුණු පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් මෙම වැඩමුළුවේදි ලබා දුන් අතර, ඒ සදහා සහභාගි වු පිරිසට පිළිකා රෝගය පිළිබඳ විශාල අවබෝධයක් ලබා ගැනිමට හැකි විය.

මේ සඳහා වයඹ පිළිකා සංගමයේ ගරු සමලේකම්, ගරු භාණ්ඩාගාරික, උපසභාපති යන නිළධාරින් සහභාගි විය

13 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026.04.08 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වූ බව ඔබ සියලු දෙනා ...
09/04/2026

13 වන වාර්ෂික මහා සභා රැස්වීම 2026.04.08 වන දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්වූ බව ඔබ සියලු දෙනා වෙත සතුටින් දන්වා සිටිමු.

2026 වසරේ ගරු සභාපතිධුරය සඳහා නිමල් ඒකනායක මහතා ද, ගරු සම ලේකම්වරු ලෙස ජේ. ද එස්.ඒ. ගුණසේකර මහතා සහ පි.එම්. විජේබණ්ඩාර මහතා ද, ගරු භාණ්ඩාගාරික ලෙස සුනිල් එදිරිසිංහ මහතාද තේරී පත් විය.
එහි මතක සටහන් කිහිපයක්...

වෑ උඩ, උඩමාරාකඩ පදිංචි රංජිත් ධර්මසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා සංගමයේ පරි...
26/03/2026

වෑ උඩ, උඩමාරාකඩ පදිංචි රංජිත් ධර්මසිරි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අද දින කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකා සංගමයේ පරිහරණය සඳහා රු. 54,000/=ක් වටිනා ශබ්ද විකාශන යන්ත්‍රයක් (Karaoke Party Box) පරිත්‍යාග කරන ලදී.

රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අත්‍යවශ්‍ය වී තිබූ මෙම උපකරණය පරිත්‍යාග කිරීමෙන් ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනා අත්කරගත් කුසල බලයෙන් ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ශක්තිය ධෛර්යය ලැබීමට මෙන් මෙම පින් හේතු වාසනා. එමෙන්ම මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු කළ පි.එම්. විජේබණ්ඩාර මහතාට සහ සිසිර වලිසිංහ මහතාටත් මෙම පිං අනුමෝදන් වේවා.

ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගියා වූ සියලූම ඥාතීන්ටත්, මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් පරලොව සැපය ලැබේවා ලැබේවා! ඉක්මන් භවයකදී නිර්වාණාවබෝධය ලබා ගැනීමට මෙම පින් හේතු වාසනාවේවා! ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර, ඔබ සැමගේ රැකීරක්ෂා කටයුතු, ව්‍යාපාරික කටයුතු සහ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිතන පතන ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවායි වයඹ පිළිකා සංගමය සුභ ප්‍රාර්ථනා කර සිටිමු.

තල්විට මල්අස්න දේවරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි වයඹ පිළිකා සංගමයේ මැදිහත් විමේන් පාසලේ සිසුන්ගේ දෙමාපියන...
18/03/2026

තල්විට මල්අස්න දේවරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීම පරිදි වයඹ පිළිකා සංගමයේ මැදිහත් විමේන් පාසලේ සිසුන්ගේ දෙමාපියන්ට සහ ග්‍රාමිය ජනතාවට පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද දින (2026.03.18) පැවැත්වු අතර, ඒ සඳහා සහභාගි වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු පිළිකා රෝග ශල්‍ය වෛද්‍ය අනුප්‍රිය එදිරිසිංහ මහතා සහ සෞඛ්‍ය ප්‍රවර්ධන හෙද නිළධාරිනි එච්.ඒ.එන්. විජයන්ති මහත්මිය විසින් ඉතා හරවත් දේශන කිහිපයක් සිදු කරන ලදි.
එහිදි විවිධ පිළිකා රෝග, පිළිකා රෝග ලක්ෂණ, කලින් හදුනා ගැනිමේ ක්‍රම, ශල්‍ය හා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම, මෙයට බලපාන ආහාර රටාවන් සහ සිත සකස් කර ගත යුතු ආකාරය ආදි කරුණු පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් මෙම වැඩමුළුවේදි ලබා දුන් අතර, ඒ සදහා සහභාගි වු විදුහල්පතිතුමිය, ගුරුමණ්ඩලය ඇතුළු ගම්වාසින්ට පිළිකා රෝගය පිළිබඳ විශාල අවබෝධයක් ලබා ගැනිමට හැකි විය.
මේ සඳහා වයඹ පිළිකා සංගමයේ ගරු සමලේකම් ජේ. ද එස්.ඒ. ගුණසේකර මහතා, කෘත්‍යාධිකාරි සභික චුලා ධර්මපාල මහතා සහ මනෝරි මහත්මිය සහභාගි විය

Address

Wayamba Cancer Fund, Teaching Hospital
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00

Telephone

+94372227250

Alerts

Be the first to know and let us send you an email when Wayamba Cancer Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Wayamba Cancer Society:

Shortcuts

Share