ඇතුගල්පුර මුද්දර සංසදය - Ethugalpura Philatelic Society

  • Home
  • Sri Lanka
  • Kurunegala
  • ඇතුගල්පුර මුද්දර සංසදය - Ethugalpura Philatelic Society

ඇතුගල්පුර මුද්දර සංසදය - Ethugalpura Philatelic Society Beyond the Album Reading with Stamps

පත්තරේ විස්තරේ  ❤❤❤
02/07/2025

පත්තරේ විස්තරේ ❤❤❤

සංදේශ මුද්‍රා 2025  -  මලියදේව විද්‍යාලයමලියදේව විද්‍යාලයේ මුද්දර සංගමයේ වාර්ශික වැඩසටහන වන සංදේශ මුද්‍රා යූ. බී. වන්නින...
23/06/2025

සංදේශ මුද්‍රා 2025 - මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලයේ මුද්දර සංගමයේ වාර්ශික වැඩසටහන වන සංදේශ මුද්‍රා යූ. බී. වන්නිනායක ශ්‍රවනාගාරයේ දී ආරාධිත පාසල් ගනනාවක සහභාගීත්වයෙන් ජුනි 20 වෙනි දා ඉතා අලංකාරවත් ලෙස පැවැත්වූවා. ❤❤❤

මලියදේව බාලිකාව , විශ්වෝධා විද්‍යාලය , ජනාධිපති බාලිකාව , ශුද්ධවූ පවුළේ කන්‍යාරාමය ඇතුළු ආරාධිත පාසල් ගනනාවක දරු දැරියන් මෙම උත්සවයට සහභාගී වූවා. 💛

මෙහි දී නිරෝෂන් පීරිස් මහතාගේ කියවන මුද්දර වැඩසටහනක් මුද්දර ලෝලී දූ දරුවන් සදහා ඉදිරිපත් කළා. එය දරුවන් ඉතා ආදරයෙන් වැළද ගත්තා. ❤❤❤

විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ඇතුගල්පුර මුද්දර සංසදයේ සභාපති කුමාර ජයලත් ගුනරත්න , උපාලි ගුනසේකර , ඉන්දීර ධනපාල , දර්ශිණී රණසිංහ සහ අප සම්බන්ද වූවා.

මලියදේව මුද්දර සංගමය භාර ආචාරිණී දුෂ්මන්තා හේවාකොඩිකාර මහත්මිය සහ නිළධාරි මණ්ඩලය ඉතා හොදින් උත්සවයේ කටයුතු සංවිධානය කර තිබුනා.

වයඹ පළාතේ ප්‍රධානම පාසල වන මලියදේවයේ මුද්දර සංගමය ඉතා ශක්තිමත්. ඔවුන් නිරන්තර ජයග්‍රහන ලබනව. සියළුදෙනාටම ජය. 👍🙏

ජයග්‍රාහකයන් ඇගයීම - මලියදේව බාලිකාව.පසුගිය වසරේ පැවති ජාතික මුද්දර ප්‍රදර්ශණයේ දී ජයග්‍රහණ ලැබූවන් සහ සහභාගීත්ව සහතික ප...
16/06/2025

ජයග්‍රාහකයන් ඇගයීම - මලියදේව බාලිකාව.

පසුගිය වසරේ පැවති ජාතික මුද්දර ප්‍රදර්ශණයේ දී ජයග්‍රහණ ලැබූවන් සහ සහභාගීත්ව සහතික පත්ලාභීනට සහතික පත් ලබාදීම මැයි මස 22 දින බාලිකාවේ විදුහල්පති තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී සිදු කෙරුනා.

ඇතුගල්පුර මුද්දර සංසදය වෙනුවෙන් දර්ශිණී රණසිංහ මහත්මිය සහ අප ඒ සදහා සහභාගී වූවා. 🙏💖

🟩🩷🟥💜🟩💚🟧💙🟥*සංතෝෂයි ...........අප්‍රමාණ සංතෝෂයි* 👍🙏🙏🙏 *2024 ලෝක තැපැල් දින ජාතික මුද්දර ප්‍රදර්ෂක නිර්මාණ තරගයේ ජයග්‍රාහකය...
09/10/2024

🟩🩷🟥💜🟩💚🟧💙🟥

*සංතෝෂයි ...........අප්‍රමාණ සංතෝෂයි* 👍🙏🙏🙏

*2024 ලෝක තැපැල් දින ජාතික මුද්දර ප්‍රදර්ෂක නිර්මාණ තරගයේ ජයග්‍රාහකයින් 9 දෙනාගෙන් 8 දෙනෙක් කුරුණෑගලින්* 🥰🥰🥰

🟩💌🟩

2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ෂක නිර්මාණ තරගයේ ප්‍රධාන ජයග්‍රාහකයින් 9 දෙනාගෙන් 8 දෙනෙක්ම කුරුණෑගල දරුවන් වීම ඉතාම සුවිශේෂී දෙයක්. 👏👏👏

*අද දින මේ මොහොතේ අරලියගහ මන්දීරයේ පැවැත්වෙන ජාතික උත්සවයේ දී ගරු අග්‍රාමාත්‍ය තුමියගේ අතින් ඔවුනට සම්මාන ලැබීමට නියමිතයි* 🇱🇰👏🥰👍

📌 *ඇතුගල්පුර මුද්දර සංසදයේ අපිටනම් පුදුම ආඩම්බරයක්* 💪🙏

2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද (08) ආරම්භ කෙරුනා.ඒ ජනමාධ්‍ය අමාතයාංශයේ ලේකම් රංජිත් ...
08/10/2024

2024 ලෝක තැපැල් දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද (08) ආරම්භ කෙරුනා.

ඒ ජනමාධ්‍ය අමාතයාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.

එසේම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද අද සිදු කෙරුනා.

මුද්දර ප්‍රදර්ශක තරගාවලියේ ජයග්‍රාහකයින් ගේ මුද්දර ප්‍රදර්ශකද මෙහි ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම අවස්තාවට තැපැල්පති රුවන් සත්කුමාර, තැපැල් දෙපාර්තමේන්තු මෙහෙයුම් ප්‍රධානී නියෝජය තැපැල්පති රාජිත කේ රණසිංහ ,නියෝජය තැපැල්පති පාලන චමීශා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

ජාතික මුද්දර ප්‍රදර්ශනය මේ මස 12 වනදා දක්වා පැවැත්වෙනවා..

වසන්තය නැවතත්..........වසර කීපයකට පසු ජාතික මුද්දර ප්‍රදර්ශනය නැවත්තත් මුද්දර ප්‍රදර්ෂක තරගය සමගින් ඔක්තෝබර්  8  9  10  ...
08/10/2024

වසන්තය නැවතත්..........

වසර කීපයකට පසු ජාතික මුද්දර ප්‍රදර්ශනය නැවත්තත් මුද්දර ප්‍රදර්ෂක තරගය සමගින් ඔක්තෝබර් 8 9 10 11 12.

මග නොහැර යන්න , බලන්න , විනෝදාංශය ශක්තිමත් කරගන්න.

සැමට ආරාධනා ........👍🙏

මලියදේව විද්‍යාලයේ තවත් වැඩසටහනක් 2024-09-12ජාතික මුද්දර ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් තවත් සාර්ථක මුද්දර වැඩසටහනක් ඇතුගල්ප...
13/09/2024

මලියදේව විද්‍යාලයේ තවත් වැඩසටහනක් 2024-09-12

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් තවත් සාර්ථක මුද්දර වැඩසටහනක් ඇතුගල්පුර මුද්දර සංසදයේ මෙහෙයවීමෙන් පැවැත්වූවා.

💜💚💙🟡🩷💙💚🟡💜*ලෝකයේ දිගම මුද්දරය අපේ රටින්*     🥰🥰🥰🥰*ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලොව මෙතෙක් නිකුත් කර ඇති...
22/08/2024

💜💚💙🟡🩷💙💚🟡💜
*ලෝකයේ දිගම මුද්දරය අපේ රටින්* 🥰🥰🥰🥰

*ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලොව මෙතෙක් නිකුත් කර ඇති දීර් ඝතම මුද්දරය නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකලා.*

මෙම මුද්දරයේ දිග සහ පළල පිළිවෙලින් මි.මී 205 x මි.මී 30 වනවා.

එම මුද්දරය ඇතුලත් පළමු මුල්දින කවරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පිරිනැමීම ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්්‍ය බන්දුල ගුණවර් ධන මැතිතුමා විසින් සිදුකෙරුණා.

*ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොව පුරා ගෙන යන කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අසිරිය තව තවත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සමරු මුද්දරය නිකුත් කෙරුණා*.

ඇසළ පෙරහරේ අන්තර්තග සාම්ප්‍රදායික නර් තන අංග,අලි ඇතුන් ඇතුළු පෙරහර මංගල්‍යෙය් ඇතුලත් සුවිශේෂී අංග ඇසුරින් මෙම මුද්දරය නිර්මාණය කර තිබෙනවා.

මුද්දර නිකුත් කිරීමේ අවස්ථාවට දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල, තැපැල් දෙපාර්තමේන්තු මෙහෙයුම් ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ,මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති අස්ලාම් හසන්,අධ්‍යක්ෂ මුද්දර කාර්යාංශය ලංකා ද සිල්වා යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියා.

මුද්දර නිර්මාණය සඳහා වන ඡායා රූප ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ බුද්ධික රොෂාන් මහතාගෙනි. මුද්දර නිර්මාණය මුද්දර නිර්මාණ ශිල්පී රුවන් උපසේන සහ ඉසුරු චතුරංග යන මහත්වරුන් විසින් සිදුකලා.

🩷 *මුද්දර කාර්‍යන්ශයේ fb පිටුවෙන් ගත්තෙ*

මලියදේව විද්‍යාලයේ මුද්දර වැඩමුළුව 2024 අගෝස්තු 9.මුද්දර ප්‍රදර්ෂක නිර්මාණ අත්වැලක තවත් අපූරු වැඩසටහනක් නමවන සිකුරාදා කු...
11/08/2024

මලියදේව විද්‍යාලයේ මුද්දර වැඩමුළුව 2024 අගෝස්තු 9.

මුද්දර ප්‍රදර්ෂක නිර්මාණ අත්වැලක තවත් අපූරු වැඩසටහනක් නමවන සිකුරාදා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ දී පවත්වන්නට යෙදුනා. ඇතුගල්පුර මුද්දර සංසදයේ සම්පත් දායකත්වයෙන් සිදු කෙරුනු මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ නන්දන රොඩ්රිගෝ සහ ඉන්දීර ධනපාල යන සාමාජික මහතුන් විසින්.

ඔක්තෝබර් මස දී පැවැත්වීමට නියමිත ජාතික මුද්දර ප්‍රදර්ශනය සදහා දරුවන් පෙලගැස්වීම මෙහි අරමුණ වූ අතර ඒ සදහා මලිදෙව් පුතුන් 125 දෙනෙක් පමණ සහභාගී වූවා.

Address

No 16/1, Sri Vajiragnana Mawatha, Negombo Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල්පුර මුද්දර සංසදය - Ethugalpura Philatelic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share