Alfa Foundation

Call Directions Website Contact the organization

Alfa Foundation අල්ෆා (සැමට ජීවිතය) රාජ්‍ය නොවන සංවිධානයකි. alfa (A Life For All) Its a non government organization in 🇱🇰 srilanka.
(5)

පරිසරයට ❤ ආදරය කළොත් පරිසරයත් අපව රකිනවා. සියැටල් ඕක තදින්ම විස්වාස කලා. ඉතින් alfa අපේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව කල්ප...
31/07/2026

පරිසරයට ❤ ආදරය කළොත් පරිසරයත් අපව රකිනවා. සියැටල් ඕක තදින්ම විස්වාස කලා. ඉතින් alfa අපේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව කල්පිටිය වෙරළ ඛාදනය අවම කිරීම සදහා කඩොලාන වගාකිරීමේ සංග්‍රාමය ආරම්භ කළා.

සංචාරය පාරාදීසයක් වන කල්පිටිය සුංදරත්වය කිසිවිටෙකත් විනාශවීමට ඉඩදිය යුතු නෑ. දැනටමත් බොහෝ ස්තාන දරුණු ලෙස ඛාදනයට ලක්වෙලා. ඒවගේම එහි යන ඔබෙන් ඉල්ලීමක් කරන්න තියනවා. නොදිරන අපද්‍රව්‍ය වෙරළේ දමා එන්නත් එපා. ඔබේ ආදරනීය පියසටහන් පමණක් වෙරළේ තබා එන්න. ❤🌻

අල්ෆා පදනමේ අපිට කල්පිටිය කඩොලාන වගාකිරීමේ සංග්‍රාමය පිණිස සවිය දුන් පිරිසත් සෙහෙහසින් සහ බැතියෙන් සිහිපත්කරනවා. අපි හැමෝම මේ පරිසරයෙ කොටස්කරුවො මිස අයිතිකරුවො නෙවෙයි.. ❤🌻🌼

ලංකාවේ තවමත් ඇතැම් පවුල් සදහා වැසිකිලි පහසුකම් නැහැ. නේවාසික සනීපාරක්ෂාව පිණිස alfa අපි වැසිකිලියක් නොමැති නිවාස සදහා වැ...
31/07/2026

ලංකාවේ තවමත් ඇතැම් පවුල් සදහා වැසිකිලි පහසුකම් නැහැ. නේවාසික සනීපාරක්ෂාව පිණිස alfa අපි වැසිකිලියක් නොමැති නිවාස සදහා වැසිකිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කලා. තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සදහා ග්‍රාමනිළදාරීන්ගේ නිර්දේශ හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල අදීක්ෂණය යටතේ මෙම සේවාව ක්‍රියාත්මකයි. මෙම එක් වැසිකිලියක් සදහා රුපියල් අනූදහසක් (90000/=) වැයවන අතර ඒ සදහා ඔබට ද්‍රව්‍යමය හෝ මූල්‍යමය පරිත්‍යාග ලබාදිමට හැකිය. සැමට ජීවිතය ලබාදීම වෙනුවෙන් මේ මහජන සේවය පිණිස එක්වීමට පරිත්‍යාගශීලී සැමට අපි ආදරයෙන් ආරාධනය කරනවා.

ඔබේ දායකත්වය දැඩි විනිවිදබාවයක් සහිතව ව්‍යාපෘතිය සදහා යෙදවීමට අපේ කණ්ඩායම සූදානම්. මෙහිදී ඔබගේ පරිත්‍යාග වෙනුවෙන් අපගේ රිසිට්පතක් පිරිනමනවා.

අල්ෆා alfa (A life for all) සමාජ සේවා අරමුදල ශක්තිමත් කිරීම පිණිස විශේෂ ස්ටිකර් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඔබට තවදුරටත් සම...
31/07/2026

අල්ෆා alfa (A life for all) සමාජ සේවා අරමුදල ශක්තිමත් කිරීම පිණිස විශේෂ ස්ටිකර් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. ඔබට තවදුරටත් සමීප වෙමින්, විස්වාසනීයම රාජ්‍ය නොවෙන සංවිධානය ලෙස සමාජ සේවා සැපයීම එම අරමුදල් හරහා සිදුකෙරේ. ලංකාවේ අඩු ආදායම් ලාබී පවුල්වල සතුට වෙනුවෙන් ජීවය දෙන්නට, අප සමග අත්වැල් බැදගන්නා ලෙස සැමට ❤ හදවතින්ම ආරාධනා කරමු. අපගේ නිලධාරීන්ගෙන් ස්ටිකරයක් මිලදීගෙන ඔබ ලබාදෙන සහයෝගය මහමෙරකි.

"අල්ෆා" රාජ්‍ය නොවන සංවිධානය මගින් දීප ව්‍යාප්තව දියත් කෙරෙන කප්රුක වැඩසටහන යටතේ, බට් පොල් පැල රෝපණය කිරීම දේවහුව ශ්‍රාස...
31/07/2026

"අල්ෆා" රාජ්‍ය නොවන සංවිධානය මගින් දීප ව්‍යාප්තව දියත් කෙරෙන කප්රුක වැඩසටහන යටතේ, බට් පොල් පැල රෝපණය කිරීම දේවහුව ශ්‍රාස්ත්‍රෝදය විද්‍යාල භූමියේදී සාර්ථකව නිම කෙරිණි.

Address

Colombo
Kurunegala
6000

Alerts

Be the first to know and let us send you an email when Alfa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Alfa Foundation:

Shortcuts

Share