මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front

මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front තරුණ ජවය දැයේ සවිය.. Official page of Mahajana Youth Front
People's Youth Front

02/10/2024

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අභිමානවත් නියමුවෙකු ලෙස කටයුතු කරන්නට ඔබටත් ආරාධනා ...

රටට හිතැති සහෘද ඔබ සැමට ආරාධනා 🙏🇱🇰
26/08/2024

රටට හිතැති සහෘද ඔබ සැමට ආරාධනා 🙏🇱🇰

30/05/2024
ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, එක්සත් ජාත...
30/05/2024

ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 14ක නියෝජිතයන් පිරිසක් 'පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව' පිළිබඳ සම්මන්ත්‍රණයට චීනයේදී සහභාගී වෙනවා.

හොංකොං සහ මැකාවු ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය, චීන ජාතික පාලන ඇකඩමිය සහ මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබෙනවා. මැයි 22 සිට ජුනි 4 දක්වා චීනයේ බීජිං හිදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ( Sri Lanka Mahajana Party) හා මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front නියෝජනය කරන්නේ Dushantha Alahakoon මහතායි. එහි සේයාරූ කීපයක් මෙහි දැක්වේ.

#පෙරට_එන_ජනබලය

https://m.facebook.com/story.php?story_fbid=806919024803046&id=100064548675506&mibextid=Nif5oz
23/03/2024

https://m.facebook.com/story.php?story_fbid=806919024803046&id=100064548675506&mibextid=Nif5oz

සහෝදරත්වයේ
ළෙන්ගතුකමේ
මිනිසත්කමේ
ආදරණීයත්වයේ
එකමුතුව...

එන්න..එකතුවෙමු.
පෙරට එන ජනබලය
නිකැළැල් ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග..

#පෙරට_එන_ජනබලය ෙරට_එන්න

ඔබ සැමට ළෙන්ගතු ඇරයුම් 🙏
15/02/2024

ඔබ සැමට ළෙන්ගතු ඇරයුම් 🙏

මහජන තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම්,නිතීවේදී සංජීව කඳවින්න සහෝදරයාටනිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක්...
15/02/2024

මහජන තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම්,
නිතීවේදී සංජීව කඳවින්න සහෝදරයාට
නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !

මහජන තරුණ පෙරමුණ -ගම්පහ මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front කුරැණැගල මහජන තරුණ පෙරමුණ Sri Lanka Mahajana Party Tharindu Nimanthaka මහජන තරුණ පෙරමුණ කොලොන්න මහජන පක්ෂය වත්තල ආසනය මහජන පක්ෂය හොරණ ආසනය මහජන පක්ෂය මිනුවන්ගොඩ මහජන පක්ශය වත්තල ආසනය Aththanagalla Mahajana Pakshaya Dileen Karunapala

22/01/2024

#හතලිස්_වසරක_ආවර්ජනා..✊💜️🙏

ජේ. ආර්. ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ පළමුවන විධායක ජනාධිපතිවරයාය. එක් පසෙකින් රට තුළ නිර්මාණය වී තිබූ වාර්ගික අර්බුදය බුර බුරා ඇවිලෙමින් බිහිසුණු යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබුනි. ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය පෙනෙන තෙක් මානයක නොතිබුනි. ජේ. ආර්. ජයවර්ධන පියවරෙන් පියවර ඒකාධිපතිත්වය කරා එජාපය මෙන්ම ජනතාව පෙළගස්වමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවලට මර්දනය, තර්ජනය හා පීඩනය මුදාහරිමින් තිබුණි.

එවැනි මොහොතක 1984 ජනවාරි 22 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී කණ්ඩායමට විජය කුමාරතුංග නම් වූ රණකාමියා නායකත්වය දෙමින් රටට නව නායකත්වයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂය නම් වූ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම තුලිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටි ප්‍රගතිශීලි නායකයන් කිහිපදෙනෙකු විජය කුමාරතුංග නම් වූ ජනහිතකාමී නායකයා නිර්මාණය කළ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග එකතු විය. ටී. බී. ඉලංගරත්න, ආචාර්ය ප්‍රේමදාස උඩුගම, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අධිනීතීඥ වී. ඩබ්ලිව්. කුලරත්න, චෙල්ලයියා කුමාරසූරියර්,
ඔසී අබේගුණසේකර, වයි. පී. ද සිල්වා, දේව බණ්ඩාර සේනාරත්න, ඇන්ටන් අමරසේකර, යසරත්න අමරතුංග, කරුණාසේන ජයලත්, ටියුඩර් දයාරත්න, ආචාර්ය රංජිත් නවරත්න, අධිනීතිඥ ඩබ්. ඒ. අබේසිංහ, ජගත් නාරංබැද්ද , වයි .අයි. ඒ. ඉසත්, එම්.එස්.එම්. අක්‍රම්, මහාචාර්ය කොල්වින් ගුණරත්න, අතුල නිමලසිරි ජයසිංහ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දයා සෝමසිරි, සෝමපාල කඳවින්න, ලොයිඩ් ගල්හේන, ප්‍රේමසිරි පෙරේරා, ආරියවංශ පතිරාජ,, පද්මසිරි කොඩිකාර, ශාන්ත ප්‍රේමරත්න, ඩල්සි ද සිල්වා, රූපා කුමාරතුංග, ජී.එම්.කරුණාපාල ඇතුළු ප්‍රවීණයන් පිරිසකගේ සහාය විජය කුමාරතුංගයන්ට ලැබුණු අතර තවත් බොහෝ දෙනෙකුගේ නිහඬ ආශිර්වාදය ලැබුනි.

විජය කුමාරතුංගයන් සිනමාව තුළ ගොඩ නගා ගෙන තිබූ ජනප්‍රියත්වය දේශපාලන ක්‍රියාවලියට රුකුලක් වන්නට ඇත. ඔහු දේශීය සිනමාව තුළ චරිතාංග නළුවකු වූවා සේම පරිණත දේශපාලනඥයෙකුට වඩා එහා ගිය යුගයට ගැලපෙන දේශපාලන චරිතයක් වශයෙන් ද වගකීම් සහිතව ක්‍රියාත්මක වීම නිසා ද දේශපාලන ක්ෂේත්‍රයේ සිටි බොහෝ දැවැන්තයින් භීතියට පත්වූහ. එවැනි පසුබිමක් තුළ විජය කුමාරතුංග භාර ගත්තේ සුවිශාල අභියෝගයකි.
1984 වන විට ලංකාව පාලනය කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් විසිනි. රට තුළ නිර්මාණය වෙමින් තිබුණේ ජනතාවාදී වැඩපිළිවෙළක් නොවේ. 1977 දී 5/6 ක බලයක් එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වමේ පක්ෂ සියල්ල අන්ත පරාජයට පත්කරමිනි. 1977 මැතිවරණ ජයග්‍රහණයත් සමඟ පාක්ෂිකයන්ට ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඉඩ දී එක්සත් ජාතික පක්ෂ පාලකයින් නිහඬව බලා සිටියහ. පරාජිතයන්ට පහරදීම්, ගිනිතැබීම්, රැකියා ස්ථානවලට පහරදීම්, පළවා හැරීම් වැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුවන තෙක් ජේ. ආර්. ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය වගකිවයුත්තන් බලා සිටියහ. අකමැත්තෙන් වුව ද පොලීසියට නිහඬව සිටීමට සිදු වී තිබුණි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම, විධායක බලය සහිත ජනාධිපති ධූරයක් නිර්මාණය කිරීම, මනාප ඡන්ද ක්‍රමය මත සමානුපාතික නියෝජනයක් නිර්මාණය කිරීම, බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරා ගැනීම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, විවෘත ආර්ථික ක්‍රමය ආරම්භ කිරීම, රාජ්‍ය දේපළ විකිණීම, බහු ජාතික සමාගම් වලට ලංකාවේ වෙළඳ පොල විවෘත කිරීම, සහල් සළාකය කපා දැමීම, යාපනය පුස්තකාලය ගිනි බත් කරමින් ජාතිවාදය හා ප්‍රචණ්ඩත්වය වැපිරීම, 1983 කළු ජූලිය නිර්මාණය කිරීම, 1982 මැතිවරණයේ දී විජය කුමාරතුංග නැක්සලයිට් කාරයෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ජනමත විචාරණ ක්‍රමයක් තුළින් තම පාලන කාලය දීර්ඝ කර ගැනීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් කිරීම වැනි ක්‍රියාවන් සඳහා විධායක බලය භාවිතා කරමින් ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණි.

මේ වන විට ප්‍රධානතම වාමාංශික දේශපාලන පක්ෂය විදිහට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීර්ඝකාලීන නිද්‍රාශීලී තත්ත්වයකට පත්ව තිබුණි. ලක්ෂ සංඛ්‍යාත ජනයා වෙනුවෙන් හඬක් නගන්නට තරම් ශක්තියක් නොතිබුණි. ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව අසරණ භාවයට පත් ලාංකීය සමාජයට නායකත්වයක් දෙන්නට තරම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවීය. උදාසීනව දේශපාලන නිහඬතාවයක ඇලී ගැලී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නට කිසිවකු නොමැති මොහොතක නව දේශපාලන දහරාවක් ඔස්සේ සංග්‍රාම භූමියට අවතීර්ණ වීමට විජය කුමාරතුංග ඉදිරිපත් වූයේ ඒ වන විට ඔහු වෙත එළඹීමට නියමිත ව තිබූ අභියෝග නොදැන නොවේ.

විජය කුමාරතුංගයන් විසින් ශ්‍රී ලංකා මහජන පක්ෂය නැමති බීජය මේ මහ පොළොව මත පැල කරන්නට රටපුරා සංවිධාන පිහිටුවමින් පක්ෂය ශක්තිමත් කිරීමටත් නගරයෙන් - නගරයට, ගමින් - ගමට ගියහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනාගැනීම,නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් පෙනී සිටීම, නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන්, ගොවි ජනතාවගේ ඉඩම් බහු ජාතික සමාගම් වලට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ වල නිරත වෙමින් ඔහු සිය දේශපාලන පක්ෂය ජනතාව අතරටම රැගෙන ගියේය.

ජනතා විමුක්ති පෙරමුණ හා නව සම සමාජ පක්ෂය තහනම් කිරීමට එරෙහිව ජනමතයක් ගොඩ නැගීම, තහනම් කරන ලද වෘත්තීය සමිති යළි සක්‍රීය කිරීම වෙනුවෙන් පෙනී සිටියහ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකර ගැනීම, විරැකියාවට විසඳුමක් ලබාදීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කර ගැනීම, වෘත්තීය සටන් දිනා දීමට කටයුතු කිරීම, 1983 කළු ජූලිය සමග රට පුරා පැන නැගුණු ජාතිවාදී බලවේග පරාජයට පත් කිරීම සහ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සියලු ජන කොටස් සමගි කරවීමට නායකත්වය දුන්හ.

එක්සත් ජාතික පක්ෂය පුමුඛ අධිරාජ්‍යවාදී ධනේශ්වර බලවේගයන්ගෙන් රට බේරාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකරාශී කිරීමටත්, වමේ පක්ෂ එක පෙරමුණකට ඒකරාශී කිරීමටත් විජය කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා මහජන පක්ෂය නායකත්වය ලබාදුන්හ.

උතුරේ ඊලාම්වාදී සන්නද්ධ කණ්ඩායම් සමඟ සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීම සඳහා මදුරාසියට ගියහ. අත්අඩංගුවට ගත් හමුදා සෙබලුන් නිදහස් කර ගැනීම සඳහා නොබියව වධකාගාර වලටත් එල් ටී.ටී.ඊ. පුහුණු කඳවුරු වලටත් ගියහ.

අවසානයේ 1988 පෙබරවාරි 16 වැනි දින විජය කුමාරතුංගයන් අමානුෂික ලෙස මරා දැමීම නිසා ශ්‍රී ලංකා මහජන පක්ෂය විශාල පසුබෑමකට ලක්විය.ඔහුගේ ඝාතනය එ.ජා.පයේ ඝාතනයක් වශයෙන්ද, විජය ගේ දූරදර්ශී දේශපාලන ඥානය පිළිබඳ බියවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසකගේ සැලැස්මක් වශයෙන්ද, තවත් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද්දක් බවට ද අදහස් පල කලහ. එකල සිදු වූ බොහෝ ඝාතන ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට එක්සත් ජාතික පක්ෂය විසින් බැර කළ බව ඉතාම පැහැදිලි සත්‍යයකි. එක්සත් ජාතික පක්ෂ රජය විසින් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවට අමතරව පාතාලයේ විවිධ කණ්ඩායම් මෙවැනි ඝාතන සහ බිය ගැන්වීම් සඳහා යොදාගනු ලැබීය. ඒ සඳහා ම වෙන් වූ පාතාල සංවිධාන එක් එක් ඇමතිවරුන් විසින් නඩත්තු කළහ.

විජය කුමාරතුංගගේ අභාවයෙන් පසු ඔසී අබේගුණසේකර මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂයට නායකත්වය දුන් අතර කෙටි කලකින් ඔසී පිල හා වයි. පී. ද සිල්වා පිල වශයෙන් පක්ෂය දෙකඩ විය. ගෙවී ගියේ ටික කලකි. ඔසී පිල එක්සත් ජාතික පක්ෂය හා එක්වූහ.වයි. පී. ද සිල්වා ‍ශ්‍රී ලංකා මහජන පක්ෂයට නායකත්වය දෙමින් පක්ෂය රැක ගනිමින්, විවිධ සංවිධාන පිහිටුවමින් පක්ෂයේ අභිවෘද්ධියට අවශ්‍ය කටයුතු මෙහෙයවීය.

ඒ අතර විදේශගතව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලංකාවට පැමිණියාය. ඇය ලංකාවට පැමිණ ටික කලකින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පිරිසක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම පක්ෂයට ඇය විසින් හිතාමතාම කළ මහා දැවැන්ත හානියකි.

මතභේද හා අසමගිය නිසා පක්ෂය දුර්වල තත්ත්වයට පත්වීම වැළැක්වීමට නොහැකි විය. ඒ වන විට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අනුශාසක පූජ්‍ය පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමිපාණන් වහන්සේ මෙන්ම පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංගයන් ඇතුළු 117 දෙනකු පක්ෂය වෙනුවෙන් දිවි පුද කර තිබුණි. ඒ ඝාතනයන් කවුරුන් විසින් කළද කුමන හෝ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවයක් බව පැහැදිලි කරුණකි.

17 වසරක ශාපය වශයෙන් බොහෝ දෙනා හැඳින්වූ එක්සත් ජාතික පක්ෂ පාලන කාලය 1977 ඇරඹි අතර නිමා වූයේ 1993 අවසන් කාලයේ ය. 1993 දී පොදුජන එක්සත් පෙරමුණ නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය ද කොටස්කාර පක්ෂයක් ලෙස අති දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන ලදී.

ඒ වන විට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය ගෙන ක්‍රියාකළේ වයි.පී. ද සිල්වාය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භයේ සිට විජය ළඟින්ම සිටි ආචාර්ය රංජිත් නවරත්නයන්ගේ සහාය පක්ෂයේ නායකත්වයට ලැබුණු මහත් ශක්තියක් විය. එවකට පක්ෂයේ සභාපතිවරයා ලෙස හිඳි රංජිත් නවරත්න පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමේ ඓතිහාසික ගිවිසුමට එදා අත්සන් තැබුවේය.

පොදුජන එක්සත් පෙරමුණ සමග ශ්‍රී ලංකා මහජන පක්ෂය සන්ධානගත වීමෙන් දකුණු පළාත් හා බස්නාහිර පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය ලබා එජාපය පරාජය කරන්නට හැකි විය.

1994 මහ මැතිවරණයේදී රටපුරා ශ්‍රී ලංකා මහජන පක්ෂ අපේක්ෂකයන් රැසක් පුටුව ලකුණින් තරඟ කළද එයින් ජයග්‍රහණය කරවීමට හැකිවූයේ කොළඹින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට පමණි.ඔහු පාර්ලිමේන්තුවට පිවිසි අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වයි.පී.ද සිල්වාට ලැබුණි. එමෙන්ම එම ආණ්ඩුවේ ආහාර නියෝජ්‍ය අමාත්‍යධූරය ද ඔහුට හිමිවිය.

විවිධ අභියෝග, ගැරහීම්, නොසලකා හැරීම් හමුවේ දූෂ්කර ගමනක් පැමිණි ශ්‍රී ලංකා මහජන පක්ෂය වැටෙන්නට නොදී රැක ගනිමින් ආචාර්ය රංජිත් නවරත්නයන් වයි. පී. ද සිල්වා ගේ අභාවයෙන් පසු එනම් 1998 දී පමණ පක්ෂයේ නායකත්වයට පත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයට නිසිතැන නොලැබුණි. විශේෂයෙන් ම විජය කුමාරතුංග හැදූ ශ්‍රී ලංකා මහජන පක්ෂයට කිසිම තැනක ඇගයීමක් හෝ ස්ථානයක් ලබාදෙන්නට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ක්‍රියා කළේ නැත. පක්ෂයක් විදියට නීත්‍යානුකූලව ලැබිය යුතු දේ පවා ලබානොදීමට ඇය කටයුතු කළාය.

1999 පැවති පළාත් සභා මැතිවරණවල දී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂකයින් ලංකාව පුරා ජයග්‍රහණය කළ අතර කුරුණෑගලින් ඡන්ද පනස් දහසක් පමණ ලබාගත් පක්ෂ නායක රංජිත් නවරත්න පිළිබඳව පවා අවධානයට ලක් නොවීම පක්ෂය ලද පරාජයකි.

සාමාන්‍යයෙන් අනෙකුත් පක්ෂ හා සැසදීමේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙන්ම ගොඩ නැගූ සන්ධාන වලින් ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ල පමණි.

2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කිරීමේදී ද සන්ධානගත වීම පිළිබඳ පක්ෂයට විවිධ අත්දැකීම් තිබුණ ද, පැවති දේශපාලන අවශ්‍යතාවය මත සන්ධානගත වීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව පක්ෂයේ පුධාන ලේකම්වරයා ලෙස රංජිත් නවරත්න සන්ධාන ගතවීමට මහජන පක්ෂය වෙනුවෙන් අත්සන් තැබීය. රංජිත් නවරත්න මහතාට නව සන්ධානයේ උප ලේකම් ධුරයක් ද ලැබුණි.

2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුව ද, මන්ත්‍රීධුර බෙදී යාමේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයට අත්විඳින්නට සිදු වූයේ පෙර ලැබූ අත්දැකීමම වීම කණගාටුදායක කරුණකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයට හිමි විය යුතු මෙතෙක් නොලැබුණු යම් වටිනාකමක් ලබාදීමට කටයුතු කර තිබුණි. එය පක්ෂයට යම් පමණක ශක්තියක් වුව ද මහජන පක්ෂය බලාපොරොත්තු වූ ස්ථානය සන්ධානය තුළ කිසිදිනෙක නොලැබුණි.

2009 පැවති පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂය වයඹින් ආචාර්ය රංජිත් නවරත්නගේ පුත් අසංක නවරත්න, බස්නාහිරෙන් පක්ෂයේ භාණ්ඩාගාරික රේණුක දුෂ්‍යන්ත පෙරේරා, සබරගමුවෙන් පක්ෂයේ සභාපති ජී.එම්.කරුණාපාල මහතා පළාත් සභා වලට තේරීපත් විය. ඒ වන විටත් අසංක නවරත්න මහතා පක්ෂයේ සහකාර ලේකම්වරයාය.

පිළිවෙළින් 2005, 2006, 2009, 2010 පැවති ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට සන්ධානගත වෙමින් ඉදිරිපත් වෙමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයට යම් යම් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය.

හැමදාම වගේ වරින් වර පක්ෂයට නිසි තැන හිමි නොවීම සිදු විය. පළාත් සභා මන්ත්‍රීධූර, ප්‍රාදේශීය සභා මන්ත්‍රීධුර මෙන්ම සභාපතිකම් ද ලබා ගැනීමට තරම් පක්ෂය සමත් විය. පක්ෂයට ජ්‍යෙෂ්ඨයන් අහිමි වන විට පක්ෂය වැටෙන්නට ඉඩ නොදී පක්ෂය ඉදිරියට රැගෙන යන්නට පසු පෙළ නායකත්වයට හැකිවී තිබුණි.

2013 මැයි පළමුවෙනිදා ශ්‍රී ලංකා මහජන පක්ෂයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය. ඒ ආචාර්ය රංජිත් නවරත්නයන් ජීවිතයෙන් සමු ගැනීමයි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංග සමග දේශපාලනයට පිවිසි ආචාර්ය රංජිත් නවරත්න හා වයි. පී. ද සිල්වා සමඟ පක්ෂය වැටෙන්නට නොදී විවිධ අභියෝග බාධක හමුවේ රැකගෙන ආ යුග පුරුෂයන් දෙදෙනෙකි. අවසානයේ පක්ෂය හැරදා බොහෝ අය වාසි ප්‍රයෝජන සොයා යන විට ඔහු ශ්‍රී ලංකා මහජන පක්ෂය සංවිධානය කරමින් සක්‍රීය පක්ෂයක් ලෙස පවත්වාගෙන යන්නට කැපවී සිටියේය. රංජිත් නවරත්න ගේ වියෝවීම ශ්‍රී ලංකා මහජන පක්ෂයට තදින්ම දැනුන පාඩුවක් විය. සියලු අභියෝග, කෙ⁣නෙහිලිකම්, නොසලකා හැරීම් ඉවසාගෙන පක්ෂය වෙනුවෙන් ඒ සියලු දුක් පීඩා විඳ දරාගෙන සිටි මිනිසකුගේ නික්මයාම ඔහු සමග ක්‍රියාකාරීව සිටි පක්ෂයේ අනෙක් සගයන්ට තදින්ම දැනුනේය.

ආචාර්ය රංජිත් නවරත්න පක්ෂය තුළ යම් හිඩැසක් සිදුවුවහොත් එය පිරිමසාලන්නට පෙර සූදානමක් තිබූ මිනිසෙක් යැයි ඕනෑම අයෙකුට විශ්වාස කළ හැක. ඔහු පක්ෂය තුළ යම් හිඩැසක් සිදු නොවන්නට වග බලා ගත්තා පමණක් නොව ඊට සුදුසුම පුද්ගලයා තම පුතණුවන් බව වටහා ගෙන තිබුණි.

අසංක නවරත්න ඒ වනවිටත් දේශපාලනයට පිවිස සිටියේය. එවකට පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරය දැරූ අසංක නවරත්න පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට පත් කරන්නට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබුණි. ඒ වනවිට පක්ෂයේ සභාපති වූයේ ජී.එම්. කරුණාපාලයන්ය. ඔවුන් දෙදෙනා පක්ෂයේ සියලු බර කරට ගෙන පක්ෂය මෙහෙයවන්නට කටයුතු කළහ.

ශ්‍රී ලංකා මහජන පක්ෂයට නිහතමානී මෙන්ම අවංක ප්‍රතිපත්තියක් තිබුණි. එය වටහා ගත යුත්තකි. වැරදි දේ වැරදි විදිහට දැකීමත් හරි දේ හරි විදිහට දැකීමත් යන්න මෙහි විශේෂත්වයයි. සන්ධානගතව සිටියදීම සංධානය තුළ වැරදි දෙයක් වේ නම් එය පෙන්වා දීමට තරම් හිටපු හා ඉන්න හැම දෙනාටම කොන්දක් තිබුණි. හොඳ දේ ඇගයීම ද එලෙසම පක්ෂයේ ප්‍රතිපත්තිය රැකගනිමින් සංධානයක් තුළ සිටීම ඉතාම අසීරු කාරණයකි.

අසංක නවරත්න 2013 වසරේ සිට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා වශයෙන් ද එම පක්ෂයේ නායකයා වශයෙන් ද සුවිශේෂී කාර්යභාරයක් කරමින් සිටී. ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධූරයක් හොබවා වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් පළාත් සභාවට පිවිසි ඔහු වයඹ පළාත් සභාවේ වසර 10 ක පමණ කාලයක් ක්‍රියාකාරී ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවර⁣යෙකු වශයෙන් කටයුතු කළේය. 2020 දී පැවති මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේ දේශපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් හා ප්‍රවීණයන් රැසක් පරාජය කරමිනි.

කුරුණෑගල මලියදේව විදුහල, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විදුහල හා නිකවැව මධ්‍ය මහා විදුහල්වල ආදි සිසුවෙකු වශයෙන් ද වයඹ පළාත ජන්ම භූමිය කරගත් අයෙකු වශයෙන් ද අසංක නවරත්න ශ්‍රී ලංකා මහජන පක්ෂය තුළ තරුණ, කාන්තා, වෘත්තික, භික්ෂු, ශිෂ්‍ය, කලා, ධීවර, නීතීඥ, ගුරු, වෛද්‍ය, ගොවි ආදී සියළු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සංවිධාන බිහි කරමින් වාර්ෂිකව නියෝජිත සමුළු පවත්වමින් පක්ෂය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාමටත් පක්ෂය සඳහා සක්‍රීය සාමාජිකත්වයක් ගොඩනගා ගැනීමට සියලු දෙනාගේ දායකත්වයෙන් පක්ෂය ජයග්‍රහණ කරා රැගෙන යාමට ඇප කැප වී ක්‍රියා කරන තරුණ දේශපාලන නායකයෙකි.

ඔහු නිවැරදි දේ නිවැරදි වෙලාවට කරන තරුණ නායකයෙකි. ඒ බව එදා යහපාලන ආණ්ඩුවට එරෙහිව ඇරඹි මහින්ද සුළඟ වේදිකාවට ගොඩවීමෙන් ඔප්පු කර පෙන්වීය. යහපාලන ආණ්ඩුවට ජැක් ගසා ඇමතිකමක් ගන්නට තිබූ මොහොතේ ඊනියා පාලනයට විරුද්ධව ඔහු සිය පක්ෂය විපක්ෂයේ දේශපාලන කඳවුර ගොඩනැගීමට මෙහෙයවූයේය. ඒ දුරදක්නා නුවණනි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු ලෙස පසුගිය වසර පහක කාලය සිය වගකීම නොපිරිහෙළා ඉටුකරන ලදී.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් නායකයා අසංක නවරත්නය. පක්ෂයේ ලේකම්වරයා ද ඔහුය. වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පසුපෙළ ස්වාධීන මන්ත්‍රීවරයෙකි. ඔහු අදටත් කිසිවෙකුට ගැතිනොවී සිය මතය රට හමුවේ කියන කොන්ද කෙළින් තියාගත් තරුණ නායකයෙකි. කිසිවෙකුට ඔහු ගැතිකම් නොදක්වයි.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ජී.එම්. කරුණාපාලයන් පසුගිය කාලයේ අභාවයෙන් පසු වත්මන් සභාපතිවරයා ඇල්ෆ්‍රඩ් රාමනායකය. ඔහු ද පක්ෂයේ ආරම්භක සාමාජි⁣කයෙක් ලෙස දීර්ඝ කාලයක් සිය උපරිම කැපවීම කළ අයෙකි.

භාණ්ඩාගාරිකවරයා වනුයේ ගාමිණී වීරසිංහය. ඔහු ද දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති නිහතමානී නායකයෙකි. මේ අය යටතේ 19 දොනකුගෙන් සමන්විත පරිණත දේශපාලන මණ්ඩලයක් සිටී. එයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයින්, සමාජ ක්‍රියාකාරීන් හා මහජන නියෝජිතයින් රැසක් එක්ව තිබේ. 87 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම කාරක සභාව ද එසේමය. දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇත්තන් රැසක් ඒ අතරය.

ප්‍රාදේශීය සභාවල සභාපතිකම්, උප සභාපතිකම් හා මන්ත්‍රීකම් දැරූ ඇසූ පිරූ තැන් ඇති පිරිසිඳු මහජන නියෝජිතයින් රැසක්ම පසුගිය කාලයේ පළාත් පාලන ආයතන නියෝජනය කළේය. ඇහැලියගොඩ, මාතර, පෑලියගොඩ, පොල්පිතිගම, බියගම ආදී සභාවන්හි මුල්පුටුව පවා දීර්ඝ කාලයක් මහජන පක්ෂයට හිමිව තිබිනි. 1988 ආරම්භක පළාත් සභාවේ මහජන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 87 දෙනෙක් නියෝජනය කළහ.

රට පුරා සෑම දිස්ත්‍රික්කයකටම අපගේ දිස්ත්‍රික් නායකයෙක් සිටී. ඒ දිස්ත්‍රික්කවල බහුතරයක් ආසනවල අපටම කියා පක්ෂ සංවිධායකවරයෙක් සිටී. මහජන තරුණ පෙරමුණ, කාන්තා සම්මේලනය, මහජන ගුරු සංගමය, මහජන දුම්රිය සේවක සමිතිය, මහජන කලා සංවිධානය හා ලෝක වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ ශ්‍රී ලංකා මහජන වෘත්තීය සමිති සම්මේලනය අපගේ අනුබද්ධ සංවිධාන අතර සුවිශේෂීය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හරියටම කියවාගෙන ඊට නිසි විසඳුම් ලෙස අප බොහෝ විකල්ප රටට, බලයේ සිටින හා සිටි නායකයින්ට යෝජනා කර තිබේ. අදටත් හරි වැඩපිළිවෙළකින් රට ගොඩගත හැකි බව අපගේ විශ්වාසයයි ඒ වෙනුවෙන් අවංකව කැපවීම අත්‍යාවශ්‍ය බව පැහැදිලිය.

රට පුරා අපගේ සමස්ත සාමාජිකත්වය ලේඛනගතව දෙලක්ෂයකට ආසන්නය.

40 වන වසර සමරන ශ්‍රී ලංකා මහජන පක්ෂය පැමිණි දුෂ්කර ගමන් මඟ දෙස හැරී බලන විට පක්ෂයේ නිර්මාතෘ විජයගෙන් පසු බිහිවූ සාර්ථකම පක්ෂ නායකයා අසංක නවරත්න වේවා යන්න පක්ෂ සාමාජිකත්වයේ ප්‍රාර්ථනයයි.

ශ්‍රී ලංකා මහජන පක්ෂය දිගුකල් දිනේවා !!!

ෙරට_එන්න

Visit us on www.slmp.lk

#පෙරට_එන_ජනබලය
Sri Lanka Mahajana Party #මනුස්සකම මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front

15/11/2023

ආයතනය මගින් සංවිධානය කරන ලද අලෙවිකරණ සම්මාන උළෙලේදී Territory Managers - Industrial Manufacturing and Energy අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අප හිතවත්
තරිඳු නිමන්තක සොයුරාට අපගේ සුබ පැතුම් !

මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front

ුස්සකම #මනුස්සකම
Tharindu Nimanthaka
මහජන තරුණ පෙරමුණ -ගම්පහ Sri Lanka Mahajana Party කුරැණැගල මහජන තරුණ පෙරමුණ

ඊශ්‍රායල් පලස්තීන යුධ ගැටුම් තුරන් කරන්නටසියලු දේශපාලන පක්ෂ එකම වේදිකාවකට...පලස්තීනය තුළ සිදුවන යුද්ධය නවතා ස්වාධීන රාජ්...
14/11/2023

ඊශ්‍රායල් පලස්තීන යුධ ගැටුම් තුරන් කරන්නට
සියලු දේශපාලන පක්ෂ එකම වේදිකාවකට...

පලස්තීනය තුළ සිදුවන යුද්ධය නවතා ස්වාධීන රාජ්‍යයක් ලෙස පලස්තීනයට කටයුතු කිරීම සඳහා බල කෙරෙන යෝජනාවකට අද මෙරට සියලුම දේශපාලන පක්ෂ අත්සන් තැබුවා.

ඒ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කළ කොළඹ නව නගර ශාලාවේ පැවති පලස්තීනයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සහාය පළකෙරෙන රැස්වීමකදීය.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, එක්සත් ජනරජ පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ඇතුළු සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටීම අතිශයින්ම වැදගත්වුනා.

මෙහිදී අදහස් දක්වමින් මා විසින් මෙම ඓතිහාසික වේදිකාව නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අප පක්ෂයේ ගෞරවය පිරිනමන බවත් හැමදාම යුධ විරෝධී පෙරමුණේ සිටි විජය කුමාරතුංගයන් ඇතුළු මහජන පක්ෂය ඊශ්‍රායල් පලස්තීන යුද්ධය වහා නවතා සටන් විරාමයකට යා යුතු බව අවධාරණය කළා.

වහාම ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමයක් ඇති විය යුතු යැයි ඉල්ලා සිටිමින් පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරන ලදි. ගාසා තීරයට අවශ්‍ය ආධාර ප්‍රවේශ වීමට ඉඩ ලබා දෙන ලෙසත් එයින් ඉල්ලා ඇත.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 121ක් ඡන්දය දුන් අතර ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 14ක් ඊට විරුද්ධ වී ඇත. මහා බ්‍රිතාන්‍යය, කැනඩාව හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් 44ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

කෙසේ නමුත් ඊශ්‍රායලය එම සටන් විරාම යෝජනාව මායිම් නොකරමින් දිගින් දිගටම ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කරයි. දස දහස් ගණනින් ජීවිත අහිමිවන මෙම යුද්ධය වහාම නවත්වන ලෙස ජාත්‍යන්තරයට බල කරන යෝජනාවක් මෙහිදී සම්මත වුනා.

#මනුස්සකම

Address

Kurunegala Colony

Telephone

+94372229993

Alerts

Be the first to know and let us send you an email when මහජන තරුණ පෙරමුණ- Mahajana Youth Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share