෴
ජාතික විද්වත් මණ්ඩලය බිහිවන්නේ නිවහල් සංතෘප්ත සමාජයක් අරමුණ කරගෙනය.
මේ අරමුණ සදහා විවිධ පැති මානවල ශාස්ත‍්‍රාලීය විද්වතුන්ද සොබා විද්වතුන් ගෙන්ද සැදුම් ලත් බුද්ධිමය එකතුවය. විවිධ විෂය දහරාවල මහාචාර්වරු ආචාර්යවරු සාහිත්‍යධරයන් සිනමාවෙිදීන් වෛද්‍යවරු කලාකරුවන් හා වෘත්තිකයන්ගේ බහුවිධ එකතුවය.
දේශපාලනය විදවතුන්ගේ ආගමනයෙන් නිවැරිදි දිශාවකට යොමු කරවිමත් ජාතික ප‍්‍රතිපදාවක් සහිත නව ජාතික දේශපාලන සම්ප
්‍රදායක් බිහි කිරීමත් ජාතික විද්වත් මණ්ඩලයේ ප‍්‍රාර්ථනාවය.
හුදු සංවිධානයකට වඩා ලාංකිකයන්ට ලොව මත ස්වාධීනව නැගිටීමට අතදෙන අරමුණකි.
෴
නිලධාරී මණ්ඩලය :.
උත්තරීතර සභාපති:.
මහාචාර්ය සාහිත්‍ය චක‍්‍රවර්ති ඔලිවර් අබේනායක
මෙරට සිටින බෞද්ධ දර්ශණය හා බෞද්ධ සාහිත්‍ය පිළිබ`ද ප‍්‍රාමාණික වියතාය. දෙස්
විදෙස් හී පතල ලාංකික බෞද්ධ ප`ඩිවරයාය. ජාතික දේශපාලන පරිචයක් සහිත සමාජගාමි
ප‍්‍රමුඛ බුද්ධිමතෙකි.
සභාපති:.
මහාචාර්ය පි.එස්.එම්.ගුණරත්න
කොළඹ සරසවියේ වානිජ විද්‍යාපීඨාධිපතිය. මෙරට ප‍්‍රමඛ පෙලේ අර්ථික විද්‍යා විද්වතකු
සේ සම්භාවනාවට පාත‍්‍ර වූවෙකි. සමාජශීලී අරමුණකින් යුතු විද්වතෙකි.
උත්තරීතර මණ්ඩල සභාපති:.
මහාචාර්ය සුනිල් ශාන්ත.
සබරගමු සරසවියේ සමාජවිද්‍යා පීඨාධිපතිය. සැලසුම්කරණය ගැන පුළුල් අවබෝධයෙකින් හෙබි
සමාජ උන්නතියට කැපවුනු විද්වතෙකි.
සභාපති මණ්ඩල සභාපති:.
ආචාර්ය ඩබ්.එම්.කේ.විජේතුංග.
ජයවර්ධපුර සරසවියේ හිටපු උපකුලපතිවරයාය. යුනිස්කෝ අයතනයේ හිටපු
අධ්‍යක්‍ෂකවරයෙකු මෙන්ම දිර්ඝ සමාජ දේශපාලන භාවිතාවේ නිමග්න විද්වතාය. ලක් ඉතිහාසය
පිළිබද ප‍්‍රාමාණික ප‍්‍රාඥයෙකුද වේ බහුවිද සිවිල් අරගල වල කැප වූ සමාජ
හිතකාමිත්වයෙන් පිරිපුන් බුද්ධිමතෙකි.
ලේකම්:.
ප‍්‍රවීණ ලේඛක සුජිත් අක්කරවත්ත.
ප‍්‍රඥාසම්පන්න භද්‍ර යෞවනයේ ප‍්‍රමුඛ සාහිත්‍යධරයෙකි නූතන ජාතික ව්‍යාපාරයේ පෙරගමන්
කරුවෙකි, විචාරකයෙකි, දේශපාලනීය මෙන්ම සමාජීය බුද්ධිමතෙකි ඉතිහාසඥයෙකි, ජාතික
දේශපාලන නියාමකයෙකි, ලේඛකයෙකි, නිර්මාණවේදියෙකි.
෴