Oxygen for Future

Directions Website Contact the organization

Oxygen  for  Future SELF HEALING
Become one with nature
Heal your self and build a successfu happy life on this planet 🌏🍃❤️

Self-Healing Coach
Heal Yourself & Heal The World 💚
Guiding souls to reconnect with their inner peace, self-love, and sacred wisdom, nature-based rituals, and soulful reflection.

මම Friends Meet-up එක පටන් ගන්න හිතුවේ කාරණා කීපයක් උඩ, අද මිනිසුන් වෙන කවදාටවත්ම වඩා තනිවෙලා. ×Phone එකේ තනිවෙලා ×සමාජය...
05/10/2026

මම Friends Meet-up එක පටන් ගන්න හිතුවේ කාරණා කීපයක් උඩ,

අද මිනිසුන් වෙන කවදාටවත්ම වඩා තනිවෙලා.
×Phone එකේ තනිවෙලා
×සමාජය ඇතුලේ තනිවෙලා.
×ගෙදර අය මැද තනිවෙලා.
×Office එක ඇතුලේ තනිවෙලා.
×තමන්ගේම සිතුවිලි ඇතුලේ තනිවෙලා.
ඒවගේම කල්‍යාණ මිත්‍ර ඇසුර අද කාලයේ අඩු වෙලා.

✓ අපිට මිනිසුන් අවශ්‍යයි.
✓අපේ කතාව අහන්න කෙනෙක් අවශ්‍යයි.
✓අපිව විනිශ්චය නොකර පිළිගන්න කෙනෙක් අවශ්‍යයි.
✓අපි සමඟ සතුට බෙදාගන්න, දුක බෙදාගන්න, ජීවිතය ගැන කතා කරන්න කෙනෙක් අවශ්‍යයි.
✓ අපව යහමගට ගෙනියන ඇසුර අවශ්‍යයි.

✨ඒ නිසා තමයි Friends Meet-up එකක් පටන් ගන්න අපි හිතුවේ.

මෙය නිකම්ම මිතුරන් හමුවෙන අවස්ථාවක් නෙවෙයි.

🌱 එකිනෙකාට ආදරයෙන් සවන් දෙන තැනක්.
🌱 තමන්ට තමන්ව තේරුම් ගන්න ඉඩක්.
🌱 සතුටින්, සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න මතක් කරගන්න අවස්ථාවක්.
🌱 අපේ අධ්‍යාත්මික ගමනට එකිනෙකාගෙන් ශක්තියක් ලබාගන්න අවකාශයක්.

මොකද අපි ඇසුරු කරන මිනිසුන් අපේ සිතුවිලිවලට, අපේ හැසිරීම්වලට, අපේ ජීවිත දැක්මට බලපානවා.

ඒ නිසා…
එන්න. අපි ටික වෙලාවකට ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මිදෙමු.
මුණගැසෙමු. කතා කරමු. සිනාසෙමු. අසමු. බෙදාගමු.
අලුත් මිතුරන් හඳුනාගමු.
හොඳ මිතුරු ඇසුරක් තුළින් අපේ ජීවිතය තවත් සුන්දර කරගමු. ❤️

මම ලේකා
ආදරණීය ඇරයුම

🌿 Friends Meet-up
ඔක්තෝබර් 10 වෙනදා
සවස 4-6 දක්වා
Oxygen for Future Self Healing Academy, kiribathoda.
#සතුටින්ඉන්න

SELF HEALING 🌿✨
05/10/2026

SELF HEALING 🌿✨

04/10/2026

අද යෝග නිද්‍රා Day වැඩමුළුවේදී කරන්න කියපු දින21 Plan
එක කරපු අයගේ අත්දැකීම්
බෙදා ගත්තේ මේ විදියටයි.

04/10/2026

යෝග නිද්‍රා Day වැඩමුළුවේදී දෙන දින 21 එකේ සැලැස්ම කළ අයගේ අත්දැකීම්

සතුටින් ඉන්න SELF HEALING 🌿✨

මේක හුඟක් ගැඹුරු දෙයක්. විශේෂයෙන් ළඟම කෙනෙක් වෙනස් විදිහට හැසිරුණාම, “මම මොකක් හරි වැරැද්දක් කළාද?” කියලා අපිම අපිව ප්‍ර...
23/09/2026

මේක හුඟක් ගැඹුරු දෙයක්. විශේෂයෙන් ළඟම කෙනෙක් වෙනස් විදිහට හැසිරුණාම, “මම මොකක් හරි වැරැද්දක් කළාද?” කියලා අපිම අපිව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.

අනිත් කෙනාගේ හැසිරීම අපේ හිතට දාගන්නේ නැතුව ඉන්නේ කොහොමද?

මුලින්ම මේ දෙක වෙන් කරගන්න:

“එයාගේ හැසිරීම” සහ “මගේ වටිනාකම” අතර සම්බන්ධතාවයක් නැහැ කියන එක.
කෙනෙක් කෝපයෙන් කතා කළා කියලා මම නරක කෙනෙක් වෙන්නේ නැහැ.
කෙනෙක් මාව නොසලකා හැරියා කියලා මගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ.
කෙනෙක් වෙනස් විදිහට හැසිරුණා කියලා අනිවාර්යයෙන්ම මගේ වරදක් කියලා අදහස් වෙන්නේ නැහැ.

ඒ වෙලාවේ ඔබටම මෙහෙම කියන්න:
“මේ මොහොතේ මට දැනෙන්නේ එයාගේ හැසිරීමයි. ඒක මගේ සත්‍යය කියලා මම පිළිගන්නේ නැහැ.” කියලා.
❤️ ළඟම කෙනෙක් ඔබ වැරැද්දක් කළා වගේ හැසිරුණොත්?
ඉක්මනින්ම ඔබටම දොස් කියන්න එපා.

පළමුව ඔබගෙන්ම අහන්න:

“මම ඇත්තටම යම් දෙයක් කළාද?”
කළා නම් — ඒක පිළිගෙන අවශ්‍ය නම් සමාව ඉල්ලන්න.
කළේ නැත්නම් — අනෙක් කෙනාගේ හැසිරීම නිසා ඔබම වැරදිකාරයෙක් කරගන්න එපා.
හේතුව පැහැදිලි නැත්නම් — අනුමාන කරමින් ඔබේ හිත දුක් කරගන්න එපා.

ඔබට ඒ පුද්ගලයාට සන්සුන්ව මෙහෙම කියන්න පුළුවන්:
“ඔයා මට ටිකක් වෙනස් විදිහට හැසිරෙනවා වගේ මට දැනෙනවා. මම කරපු දෙයක් නිසා ඔයාට හිත රිදුණා නම් මට කියන්න. මම අහගෙන ඉන්නවා. හැබැයි හේතුව නොදැන මම මාවම වැරදිකාරයෙක් කරගෙන දුක් වෙන්න මම කැමති නැහැ.”

ඊට පස්සේ ඔබේ කොටස ඔබ කරන්න.
පැහැදිලි කළා නම්, අහලා බැලුවා නම්, අවශ්‍ය දේ කළා නම් — ඉතිරිය ඔවුන්ගේ කොටස.

🌸 මතක තියාගන්න
අනිත් අයගේ හැසිරීම පාලනය කරන්න අපට බැහැ.
⭐නමුත් ඒ හැසිරීමට අපි දෙන අර්ථය පාලනය කරන්න අපට පුළුවන්.⭐
කෙනෙක් ඔබෙන් දුරස්වුණාම,
ඒ “මම මදි නිසා” කියලා හිත හිත දුක් වෙන්න එපා,
“එයාට මේ මොහොතේ තියෙන හැඟීමක් හෝ හේතුවක් ඇති.
මම මගේ සත්‍යය දන්නවා.”
කියලා ඔබේ හිත ආරක්ෂා කරගන්න.

Self-healing කියන්නේ අනිත් අය කවදාවත් අපිව රිදවන්නේ නැති තැනකට යන එක නෙවෙයි.
ඔවුන්ගේ හැසිරීම නිසා අපි අපිවම අතහැර නොදමන තැනකට හිත හදා ගන්න එකයි. 🌿❤️

23/09/2026

යෝග නිද්‍රා වැඩමුළුවේදී ඔයාට මේවා ලැබෙනවා.
#සතුටින්ඉන්න

ස්වයං සුවය Self Healing කියන්නේ එක දවසකින් අවසන් වන දෙයක් නොවෙයි. එය තමන්ව තව තවත් හඳුනාගනිමින්, අතීතය පිළිගෙන, වර්තමානය...
23/09/2026

ස්වයං සුවය Self Healing කියන්නේ එක දවසකින් අවසන් වන දෙයක් නොවෙයි. එය තමන්ව තව තවත් හඳුනාගනිමින්, අතීතය පිළිගෙන, වර්තමානයේ තමන්ට ආදරයෙන් ජීවත් වීමට ඉගෙන ගන්නා සුන්දර ගමනක්.

OXYGEN FOR FUTURE SELF HEALING ACADEMY

සතුටින් ඉන්න - SELF HEALING 🌿✨

ශ්‍රී ගණේෂ ජන්ම දිනය සුබම සුබ වේවා! 🙏🌺🐘”May Lord Ganesha guide your journey and bless you with new beginnings and endles...
14/09/2026

ශ්‍රී ගණේෂ ජන්ම දිනය සුබම සුබ වේවා! 🙏🌺🐘”
May Lord Ganesha guide your journey and bless you with new beginnings and endless possibilities. 🙏🐘🌺
Happy Ganesha Chaturthi!
සතුටින් ඉන්න - SELF HEALING 🌿

3 වන වරට පවත්වන * යෝග නිද්‍රා DAY*  වැඩමුළුවඔබටත් දැන් සම්බන්ධ විය හැකිය. #සතුටින්ඉන්න
12/09/2026

3 වන වරට පවත්වන * යෝග නිද්‍රා DAY* වැඩමුළුව
ඔබටත් දැන් සම්බන්ධ විය හැකිය.

#සතුටින්ඉන්න

සතුටින් ඉන්න - SELF HEALING 🌿 තමන් කැමති විදියට ජීවත් වෙන්න… අපි මේ ලෝකයට ඉපදිලා තියෙන්නේ අන් අයගේ කැමැත්තට අනුව ජීවත් ව...
02/09/2026

සතුටින් ඉන්න - SELF HEALING 🌿
තමන් කැමති විදියට ජීවත් වෙන්න…
අපි මේ ලෝකයට ඉපදිලා තියෙන්නේ අන් අයගේ කැමැත්තට අනුව ජීවත් වෙන්න නෙවෙයි.
තමන්ගේ හදවතට සවන් දෙන්න. තමන්ගේ සිහින පසුපස යන්න.
අන් අය සතුටු කරන්නට තමන්ගේ ජීවිතය කැප නොකර, තමන්ට සැබෑවටම සතුටු විය හැකි ජීවිතයක් තෝරාගන්න. 💚
ඔබේ ජීවිතය… ඔබේ තේරීමයි. ✨

Address

Dalugama
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Oxygen for Future posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Oxygen for Future:

Shortcuts

Share