Hands In Service Foundation Sri Lanka

Hands In Service Foundation Sri Lanka Being the movement of leaders who work to ensure that kids growing up in poverty get an excellent education.

Address

43, Kandy Road, Dalugama
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Hands In Service Foundation Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hands In Service Foundation Sri Lanka:

Share

අයියේ මේ පාර “අපිට පොතක්” ප්‍රොජෙක්ට් එක කරන්නේ නැද්ද?

හරියටම ඔය ප්‍රශ්නේ මීට මාස 3කට කලින් හැමෝම වගේ ඇහුවා, ඉතින් 2017 වර්ෂයේ අග භාගයට කෙමෙන් කෙමෙන් ලගා වෙනවාත් සමගම, බලාපොරොත්තු පොදි බැදන් නව වසරේ සිය නවමු වැඩකටයුතු උදෙසා යුහුසුලුව වෙහෙසෙන මිනිසුන් අතර වෙනදා වගේම Hands In Service Foundation Sri Lanka අපි සූදානම් වුනේ ලංකාවේ තවත් ඈත ගම්දනව්වක අතිශය දුශ්කරතා මධ්‍යයේ අකුරු කරන අහිංසක පුංචි සමනලුන්ට ඉගිලෙන්න ඇවසි වූ පියාපත් සවිමත්කොට ඔවුන්ගේත් ඒ මව් පියන්ගේත් බලාපොරොත්තු මල් පල ගන්වාලීමටයි. මෙතෙක් අප හා නිරතුරුව අත්වැල් බැද ගත් බොහෝ පිරිස්ද, නාමිකව නොහඳුන නමුත් සමාජයට මෙහෙවරක් ඉටුකල යුතුයැයි සිතන බොහෝ පිරිසක්ද අපගේ ඉල්ලීමට අනුව ලංකාවේ ඇති දුෂ්කරම පාසල් පිලිබඳව තොරතුරු ලබා දෙන්නට උත්සුක වුනි. කෙසේ හෝ ඒ පාසල් සියල්ල අතරින් දුෂ්කරම පාසල් 5ක් පමණ අප විසින් තෝරා ගත් අතර අපගේ කණ්ඩායමක් විසින් එම පාසල් එකින් එකට ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අවසානයේදී 90 දශකයේදී සීනී කර්මාන්ත ශාලාවේ උක් ගබඩාවක් ලෙසින් පවත්වාගෙන ගොස් පසුව හිටපු පාර්ලිමීන්තු මන්ත්‍රී P. දයාරත්න මහතා ඇතුලු තවත් සමිතියක ඉල්ලීමකින් පසුව පාසලක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අම්පාර ප්‍රදේශයේ "මුවන්ගල" නම් දුෂ්කර ග්‍රාමීය පරිසරයේ විමලවංශ විද්‍යාලය මෙවර අපිට පොතක් 2017 ව්‍යාපෘතිය සදහා තෝරාගනු ලැබිණි.

Izuru Ranaweera (Project Manager) සහ Shashini Nadeera Vidanapathirana (Assistant Project Manager) දෙදෙනාගේ අසීමිත කැපවීම යටතේ මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් මස අවසන් ඉරිදා දිනයේදී ඉතාමත් සාර්ථක අයුරින් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් වුනි. ඒ සාර්ථකත්වය පසුපස නිරතුරුවම ඇත්තේ අපේ වෙහෙස මහන්සිය මෙන්ම, ඔබේ වෙහෙස මහන්සියෙන් උපයා අපහට ලබාදුන්නාවූ රුපියල් සතවල ශක්තියයි.

දෙසැම්බර් 30 වනදා හිමිදිරියේම නාගරික පරිසරයෙන් මිදී ස්වභාවික සෞන්දර්යාත්මක පරිසරයකට රාත්‍රිය වන විට අප ලඟාවන්නේ අලි ඇතුන් පාර මාරුවන්නවූ උවදුරු සහිත අවස්තාවන් මගහරිමිනි. එදින රාත්‍රියේ සර්වෝදයේ අනුරුද්ධ මහතාගේ නිහතමානී උපකාරය මත රැය පහන් කරන අපි, පසුදා උදෑසනම අවදිවන්නේ මාස 3ක් තිස්සේ හිතේ තද කරන් සිටි සතුට මුදා හැරීමටය. තව තවත් දුෂ්කරත්වයෙන් මිරිකෙන ග්‍රාමීය පරිසරයක් තුලට ඇදුනු අපි අවසානයේ විමලවංශ විද්‍යාලයේ ඉඩම කෙලවර නවතින්නේ හදවතේ හුස්ම ගැනීමද මොහොතකට අමතක කරමින්ය. අප බලාපොරොත්තූ නොවූ පිලිගැනීමක් සුදානම් කරමින් පුංචි සුරංගනාවියන් කිහිපදෙනෙක් අපට බුලත් අත් දී වැද නමස්කාර කිරීමෙන් අනතුරුව අපගේ අතැගිල්ලේ එල්ලී පාසලේ කුඩා පන්තිකාමර තුලට අප කැදවාගෙන යන්නේ සුමිහිරි වාදනයන් මධ්‍යයේ ය. ශ්‍රී ලංකා ධජය ඉහල අහසේ ලෙලදීමෙන් පසුව ආරම්භ වූ වැඩසටහනේ ආරම්භක කතා වලින් අනතුරුව කුඩා දූ දැරියන්ගේ නර්තන හා ගායන අංග රැසක්ද නැරඹීමට අපට හැකියාව ලැබුණි.