06/08/2025
කෑගල්ල දිස්ත්‍රික් මණ්ඩලය සහ අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය සංවිධානය කල දීපවාලි සැමරුම් උත්සවයක් සහ පැල සිටුවිමේ වැඩසටහනක් දීපවාලි දින (31) අරණායක ජම්බුගස්මඩ මොරටිය වතු පරිශ්‍රයේදී පැවැත්විය . මොරටිය වත්ත යෞවන සමාජයේ තරුණ තරුණියන් මේ වැඩසටහන සංවිධානය කිරිමේදී ලබාදුන් දායකත්වය අගයකල යුතුය. මේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂතුමිය , කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා නිළධාරිතුමිය , මාවනැල්ල කොට්ඨාසයේ තරුණ සේවා නිළධාරිතුමිය, අරණායක කොට්ඨාසයේ තරුණ සේවා නිළධාරිතුමන්,කෑගල්ල දිස්ත්‍රික් කාර්‍යාලයේ කළමණාකරන සහකාර අයිරින් මහත්මිය, ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ භාණ්ඩාගාරිකතුමන් ඇතුළු ජාතික මණ්ඩල නියෝජිතයින්, කෑගල්ල යෞවන සමාජ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිතුමන්, අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිතුමන්, ආදී යෞවනයින් ඇතුළු තරුණ නායක නායිකාවන් බෝහෝදෙනෙක් සහභාගී විය.
සමගිය මිත්‍රත්වය සහයෝගය තුළින් සංවර්ධන කරා පියවර නගමු.