06/08/2026
EPF මංකොල්ලය වහා නවතනු!
මෙම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කිරීම වහා නවතනු!
යන සටන් පාට මූලික කරගනිමින්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට යෙදිණි.
වර්තමානය වන විට සක්‍රීය දායකයන්, ලක්ෂ විසි පහක් පමණ සිටින, FPF අරමුදලෙහි වත්කම ට්‍රිලියන 4.9 කි. මේ ශ්‍රී ලංකා ආර්ථිකය ඇති විශාලතම අරමුදල වන අතර, එහි පාලනය මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර බෙදා ඇත. මෙම අරමුදල මංකොල්ලකෑමේ වෑයමක් පසුගිය කාලරාමුව තුළ, බලයට පත් වූ ආණ්ඩු විසින් කිහිප විටෙකදී සිදු කල අතර, වර්තමාන ආණ්ඩුවද මේ දිනවල එවැනි වෑයමක නිරත වී සිටි. පසුගිය ජුනි මස 15 වන දින , රජය විසින් ,එම අරමුදල මහ බැංකුවෙන් ඉවත් කිරීමටත් එය පාලනය සඳහා ත්‍රයිපාර්ශවීය කමිටුවක් පත් කිරීමටත් යෝජනාවක් නිකුත් කර ඇති අතර, ඒ හරහා මෙම අරමුදල බර බරපතල ලෙස අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එම නිසා මෙම යෝජනාවට මූලික විරෝධයක් ප්‍රකාශ කරමින් පසුගියදා වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නට යෙදිණි.
ත්‍රයිපාර්ශවික EPF මංකොල්ලය වහා නවතනු!
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) මේ වන විට ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය ප්‍රමුඛ ව්‍යාපාරික මුදලාලිලාගේ සෘජු ප්‍රහාරයකට ලක්වෙමින් පවතී. මේ ක්‍රියාන්විතය සඳහා සහය දීමට දැන් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ද පෙරට පැමින ඇත. දශක ගණනාවක් තිස්සේ දේශපාලනඥයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දූෂිත නිලධාරීන් අපගේ රුපියල් ට්‍රිලියන ගණනක අරමුදල සැලකුවේ ඔවුන්ගේ පුද්ගලික බූදලයක් ලෙසය. නිසි පොළියක් නැති රජයේ බැඳුම්කර මිලදී ගැනීමටත්, "පොම්ප කර කඩා හැලීමේ" (pump-and-dump) කොටස් වෙළඳපොළ වංචා හරහා තම හිතවතුන්ගේ අසාර්ථක ව්‍යාපාර ගොඩනැඟීමටත් ඔවුහු අපගේ අරමුදල අවභාවිතා කලෝය. ඔවුන් බිලියන ගණන් අලාබ අත් කරගත් විට, ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වූයේ අපටය.
දැන්, මහා පරිමාණ කෝටිපතියන් අපගේ අරමුදල් සූරාකෑමට මාන බලමින් සිටිති. පවතින ආර්ථික අර්බුදය සහ රාජ්‍ය දූෂණය කෙරෙහි අප තුළ ඇති සාධාරණ කෝපය තමන්ට වාසියක් කරගනිමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ඇතිව ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය (EFC) කූට නව සැලසුමක් දියත් කර ඇත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර ත්‍රයිපාර්ශවික "පෞද්ගලික-රාජ්‍ය ඒකාබද්ධ මණ්ඩලයකට" පැවරීමටය.
මෙය අරමුදල බේරාගැනීමේ මෙහෙයුමක් ලෙස වෙස් වලා පැමිනෙන මහාපරිමාන මංකොල්ලයකි. "නිදහස" සහ "ඉහළ ප්‍රතිලාභ" යන ලේබල් යටතේ, මෙම ව්‍යාපාරික ප්‍රධානීන්ට අවශ්‍ය වී ඇත්තේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15% කට වඩා වැඩි ප්‍රමාණයක් වන අපගේ ඉතිරිකිරීම් පැහැරගෙන, ඒවා ඔවුන්ගේම ව්‍යාපාර සඳහා යොදවමින් ඔවුන්ගේ පාඩු පියවා ගැනීමටත්, කොටස් වෙළඳපොළ තුළ අපගේ අනාගතය ඔට්ටුවට තබා සූදු කෙළීමටත්ය. මේ තත්වය තුල අරමුදලේ පොලී අනුපාතය අනිවාර්‍ය ලෙස පහල යන අතර එයින් ඔවුන්ට කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදු නොවේ. නමුත් අපට සිදු වන්නේ මහලු වියේදී අන්ත අසරණ වීමටය. එමෙන්ම මහජන අර්ථසාදකයේ පොලී අනුපාතය අනෙකුත් පුද්ගලික විශ්‍රාම අරමුදල් වලට ද දර්ශකයක් ලෙස ක්‍රියාත්මක වන නිසා ලංකාවේ සමස්ථ විශ්‍රාම අරමුදල් වල පොලී අනුපාත පහල වැටීමට නියමිතය.
අර්ථසාදකයේ අනාගතය හැකර්වරුන්ට මුදල් ගෙවූ හර්ශන සූරියප්පෙරුමට පැවරීම
EPF අරමුදල මහ බැංකුවෙන් ගලවා ත්‍රයිපාර්ශවික මණ්ඩලයකට පැවරීම අධ්‍යනය කිරීම පිළිබඳව රජය දැනටමත් කමිටුවක් පත් කර ඇත. නමුත් මෙම කමිටුවේ සිටින්නේ කවුදැයි හොඳින් බලන්න. අතිශය ලැජ්ජාසහගත අදක්ෂතාවයක් ප්‍රදර්ශනය කල වත්මන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා අපගේ ඉතුරුම්වල අනාගතය තීරනය කිරීම සඳහා පත් කර ඇත. මොහු ලංකා ඉතිහාසයේ අපකීර්තිමත් මූල්‍ය ව්‍යසනයකට සෘජුවම වගකිව යුතු නිලධාරියාය. රජයේ විදේශ ණය පියවීම් හැකර්වරුන්ගේ අතට සෘජුවම ගලා යාමට ඉඩ හැරි මහා භාණ්ඩාගාර ලේකම්වරයාටම, දැන් අප විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කර ඇති රුපියල් ට්‍රිලියන ගණනක අරමුදලේ අනාගතය පිරික්සීමට භාර දී ඇත. සරල බැංකු මුදල් හුවමාරුවක්වත් ආරක්ෂා කරගත නොහැකි මිනිසුන්ට, අපේ සමස්ථ ඉතිරිකිරීම් අධ්‍යනයට භාර දීම නරියෙක්ට කුකුල් කොටුවක් භාර දීමට වඩා අන්තය.
සැබෑ විසඳුම කුමක්ද?
රාජ්‍ය දූෂණය මෙන්ම ඇති වීමට නියමිත ව්‍යාපාරික මංකොල්ලයද අප ප්‍රතික්ෂේප කළ යුතුය. එම නිසා විසඳුම වන්නේ මේ මොහොතේ EPF කළමණාකරනය කරන මහ බැංකු නිළධාරීන්ද අපගේ ඉරණමේ කොටස්කරුවන් බවට පත් කිරීමයි. මහ බැංකු නිලධාරීන් දේශපාලනඥයන්ට සහ කූට ව්‍යාපාරිකයින්ට EPF අරමුදල කොල්ලකෑමට ඉඩ දෙන්නේ ඇයි? මෙයට හේතුව වී ඇත්තේ මහජන EPF අරමුදලේ ලාබ හෝ පාඩු ඔවුන්ට බලනොපාන නිසාය. නීතියට අනුව, මහ බැංකු කාර්ය මණ්ඩලයට "සේවක මණ්ඩල අර්ථසාධක අරමුදල" (SPF) නමින් ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂී අරමුදලක් ඇත. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් මුදල් සම්පූර්ණයෙන්ම වෙන්ව, ආරක්ෂිතව සහ රහසිගතව තබා ඇත. අපගේ EPF අරමුදලට අඩු ප්‍රතිලාභ ලබා ගැනීමටත් මහා පරිමාණ පාඩු විඳදරා ගැනීමටත් බල කරද්දී, ඔවුන්ගේ පුද්ගලික අරමුදල හොඳම ආයෝජන පමණක් තෝරා බේරා ගනී. මහජන EPF අරමුදල නිසා ඔවුන්ට අහිමි වීමට කිසිවක් නැත.
මෙය නිවැරදි කිරීම සඳහා අපි සරල නමුත් ප්‍රබල නීතිමය වෙනසක් ඉල්ලා සිටිමු: මහ බැංකු සේවක මණ්ඩල අර්ථසාධක අරමුදල, පොදු මහජන EPF අරමුදල සමඟ ඒකාබද්ධ කරනු! නියාමකයින්, වත්කම් කළමනාකරුවන් සහ මහ බැංකු වෘත්තීය සමිතිවලටත් වතු කම්කරුවා, ඇඟලුම් කම්හල් සේවකයා සහ කාර්යාල ලිපිකරුවා වැනිම එකම EPF අරමුදලක් බෙදා ගැනීමට බල කළහොත්, අරමුදල ආරක්ශිතව ආයෝජනය වනු ඇත. දේශපාලනඥයෙකු හෝ කූට ව්‍යාපාරිකයකු EPF අරමුදලට වංචාවක් කිරීමට උත්සාහ කරන මොහොතේම, මහ බැංකුවේ සේවකයින් එය වැළැක්වීමට සටන් කරනු ඇත. එසේ කරනු ඇත්තේ පින්තකා නොව, ඔවුන්ගේම විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගැනීම සඳහාය!
Stop the EPF robbery immediately!
Stop the removal of this fund from the Central Bank immediately!
The trade unions and mass organizations recently held a media briefing under the slogan "Stop the removal of this fund from the Central Bank immediately!".
The assets of the EPF fund, which currently has about 2.5 million active contributors, are 4.9 trillion. This is the largest fund in the Sri Lankan economy, and its control is currently divided between the Department of Labor and the Central Bank of Sri Lanka. Attempts to rob this fund were made several times by successive governments in the past, and the current government is also engaged in such an attempt these days. On June 15, the government issued a proposal to remove the fund from the Central Bank and appoint a tripartite committee to control it, and through this, the fund is very likely to become seriously vulnerable. Therefore, the Trade Unions and Mass Organizations recently held a press conference expressing their fundamental opposition to this proposal.
Stop the tripartite EPF heist immediately!
The Employees Provident Fund (EPF) and the Employees Trust Fund (ETF) are currently under direct attack by business moguls led by the Employers’ Federation of Sri Lanka. A network of NGOs has now come forward to support this operation. For decades, politicians and corrupt officials of the Central Bank of Sri Lanka (CBSL) have treated our trillion-rupee fund as their personal estate. They have misused our fund to buy government bonds that do not pay proper interest and to build the failing businesses of their cronies through “pump-and-dump” stock market scams. When they suffered billions in losses, we had to pay for it.
Now, mega-millionaires are looking to exploit our funds. Taking advantage of the ongoing economic crisis and our justified anger at government corruption, the Employers’ Confederation of Sri Lanka (EFC), with the support of the International Monetary Fund (IMF), has launched a new insidious plan. They want to take the Employees’ Provident Fund out of the Central Bank and transfer it to a tripartite “private-public joint board.”
This is a grand robbery disguised as a rescue operation. Under the labels of “freedom” and “high returns”, these business leaders want to steal our savings, which is more than 15% of the country’s gross domestic product (GDP), invest it in their own businesses to cover their losses, and gamble our future in the stock market. In this situation, the interest rate of the fund will inevitably fall and they will not have to face any consequences. But we will have to be extremely helpless in our old age. Also, since the interest rate of the Public Provident Fund also acts as an indicator for other private pension funds, the interest rates of all pension funds in Sri Lanka are set to fall.
The future of the Provident Fund is handed over to Harshana Suriyapperuma, who paid the hackers
The government has already appointed a committee to study the transfer of the EPF fund from the Central Bank to a tripartite board. But look who is on this committee. The current Treasury Secretary, who has displayed the most shameful incompetence, has been appointed to decide the future of our savings. He is the officer directly responsible for the most infamous financial disaster in Sri Lankan history. The same Treasury Secretary who allowed the government’s foreign debt payments to flow directly into the hands of hackers, has now been entrusted with examining the future of the trillions of rupees we have saved for our retirement. Leaving our entire savings to be studied by people who cannot even protect a simple bank transfer is worse than leaving a chicken coop to a fox.
What is the real solution?
We must reject state corruption as well as the impending corporate robbery. Therefore, the solution is to make the Central Bank officials who currently manage the EPF a part of our fate. Why are the Central Bank officials allowing politicians and crooked businessmen to loot the EPF fund? This is because they are not affected by the profits or losses of the public EPF fund. By law, the Central Bank staff have their own special fund called the “Employees Provident Fund” (SPF). Their pension money is kept completely separate, safe and confidential. While our EPF fund is forced to earn low returns and endure large losses, their personal fund selects only the best investments. They have nothing to lose because of the public EPF fund.
To fix this, we are calling for a simple but powerful legal change: merge the Central Bank Employees Provident Fund with the general public EPF fund! If regulators, asset managers and central bank unions are forced to share the same EPF fund as the estate worker, the garment factory worker and the office clerk, the fund will be invested safely. The moment a politician or a crooked businessman tries to defraud the EPF fund, the Central Bank employees will fight to prevent it. They will do so not for the sake of money, but to protect their own pension!