RED - Revolutionary Existence for human Development

Directions Website Contact the organization

RED - Revolutionary Existence for human Development Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RED - Revolutionary Existence for human Development, Non-Governmental Organization (NGO), 15/2, Temple Road Aweriwatta, Katunayake 11450, Katunayake.

"RED" is a non profit organization working in island wide including northern and eastern provinces of Sri Lanka, which is dedicated to empower women and women workers who are specially in the free trade zones of Sri Lanka.

ප්‍රජාශක්ති සහන සේවා බලකාය – “එක්ව ශක්තිමත්” ව්‍යාපෘතියේ තවත් අදියරක්වවුනියාව දිස්ත්‍රික්කයේ පෙරියකුලම් ප්‍රදේශයේ පවතින ...
16/09/2026

ප්‍රජාශක්ති සහන සේවා බලකාය – “එක්ව ශක්තිමත්” ව්‍යාපෘතියේ තවත් අදියරක්

වවුනියාව දිස්ත්‍රික්කයේ පෙරියකුලම් ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාවට සහ ඔවුන්ගේ සතුන්ට දැඩි ජල හිඟයකට මුහුණ දීමට සිදුව තිබේ. ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන කිරි ගව පාලනය මත පවුල් රැසක් යැපෙන බැවින්, මෙම ජල හිඟය සතුන්ගේ පැවැත්මට මෙන්ම ඔවුන්ගේ ආදායම් සහ ජීවනෝපාය ආරක්ෂාවටද දැඩි බලපෑමක් එල්ල කරයි.

මෙම ගැටලුව ප්‍රජාව විසින්ම හඳුනාගෙන තිබූ අතර, ඔවුන් ප්‍රදේශීය මට්ටමේ සහයෝගය සහ පවතින සම්පත් භාවිත කරමින් මූලික සහන කටයුතු ආරම්භ කර තිබුණි. ගොවීන් විසින් වැව් පතුල්වල එකතු වන සීමිත ජලය සතුන්ට ලබාදීමට කටයුතු කළ අතර, තවත් ප්‍රජා කණ්ඩායම් කුඩා බේසම් සහ වෙනත් භාජනවලට ජලය එකතු කරමින් සතුන්ගේ දෛනික ජල අවශ්‍යතාව සපුරාලීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, මෙම තාවකාලික ක්‍රම දිගුකාලීනව ප්‍රමාණවත් නොවීය.

එල් නීනෝ තත්ත්වය හා ඒ ආශ්‍රිත දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ, කිරි ගවයන් 170ක් ඇතුළු සතුන් සඳහා පානීය ජලය සපයා ගැනීම ප්‍රජාවට තවදුරටත් අභියෝගයක් විය. ඒ අනුව, ප්‍රජාව විසින් හඳුනාගත් මෙම අවශ්‍යතාවයට තිරසාර විසඳුමක් ලබාදීම සඳහා බාහිර සහයෝගයක් අවශ්‍ය විය.

මෙවැනි අවස්ථාවලදී ප්‍රජාව විසින්ම ආරම්භ කරන සහන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් RED ආයතනය විසින් 2026 සැප්තැම්බර් මාසයේදී “එක්ව ශක්තිමත්” ව්‍යාපෘතිය මගින් ප්‍රජාශක්ති සහන සේවා බලකායේ ප්‍රජා කණ්ඩායමේ ඉල්ලීම මත පෙරියකුලම් ප්‍රදේශයේ ජල හිඟයට විසඳුමක් ලබාදීම සඳහා සහයෝගය ලබාදෙන ලදී.

ඒ අනුව, ප්‍රදේශයේ ස්ථාන කිහිපයක කුඩා සිමෙන්ති ජල ටැංකි 10ක් පමණ ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් පහසුකම් සපයන ලදී. මෙම ටැංකි කිරි ගවයන්ට පමණක් නොව, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලය සොයා පැමිණෙන අනෙකුත් සතුන්ටද භාවිත කළ හැකි පරිදි සකස් කර ඇත. එමෙන්ම, සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද ප්‍රජාව දැනුවත් කරන ලදී.

මෙම මැදිහත්වීම හරහා නැවත පදිංචි කරන ලද පවුල් 50කට ආසන්න සංඛ්‍යාවකට සෘජුව හා වක්‍රව ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම, ගව පාලනය මත යැපෙන පවුල්වල සතුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙය වැදගත් දායකත්වයක් සපයයි.

මෙය හුදෙක් ජල ටැංකි ඉදිකිරීමක් පමණක් නොව, බාහිර සහයෝගයක් ලැබෙන තෙක් බලා නොසිට, ප්‍රජාව විසින්ම ආරම්භ කළ සහන කටයුතු ප්‍රජාව සමඟ එක්ව තවදුරටත් ශක්තිමත් කිරීමකි.

ප්‍රජාව ආරම්භ කරන විට, අපි එක්ව එය ශක්තිමත් කරමු.

“එක්ව ශක්තිමත්” – ප්‍රජාව සමඟ, ප්‍රජාව වෙනුවෙන්.

පහත දැක්වෙන්නේ ප්‍රජාශක්ති සහන සේවා බලකායේ ප්‍රජා කණ්ඩායම විසින් RED ආයතනයේ මූල්‍ය සහයෝගය සහ ප්‍රදේශීය ප්‍රජා සහභාගීත්වය මත ඉදිකරන ලද ජල ටැංකි කිහිපයකි.















🛑🛑🛑රතු විත්ති🛑🛑🛑නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ දැනුම සහ පවතින නීති රීති  රසවින්දනය වැඩිදියුණු කරගැනීම සඳහා රත...
15/09/2026

🛑🛑🛑රතු විත්ති🛑🛑🛑
නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ දැනුම සහ පවතින නීති රීති රසවින්දනය වැඩිදියුණු කරගැනීම සඳහා රතු විත්ති පුවත්පත RED සංවිධානය විසින් මුද්‍රණය කර එහි 18 වෙනි කලාපය අද දින කටුනායකය ආයෝජන මණ්ඩලයේ ඉදිරිපිට දී නොමිලේ බෙදා දෙන ලදී
🛑📢 දැන් ඔබට රතු විත්ති සඟරාව සඳහා ලිපි සහ නිසදැස් එවීමට Whatsapp ඔස්සේද හැකියාව ඇත.📢
🛑0772602602
RED - Revolutionary Existence for human Development

Happy Birthday, Sir! Wishing you a fantastic year ahead filled with great success and good health. Thank you for your co...
14/09/2026

Happy Birthday, Sir! Wishing you a fantastic year ahead filled with great success and good health. Thank you for your constant guidance and leadership!❤️

🌸 අගතියට පත් කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් හදිසි සහාය ලබා දීමේ වැඩසටහන සාර්ථකව නිම විය! 🌸ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ...
14/09/2026

🌸 අගතියට පත් කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් හදිසි සහාය ලබා දීමේ වැඩසටහන සාර්ථකව නිම විය! 🌸

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් (GBV) හේතුවෙන් අගතියට පත් කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද හදිසි සහාය ලබා දීමේ වැඩසටහන ඩබිඳු සංවිධානයේ අනුග්‍රහයෙන්, RED සංවිධානය විසින් සාර්ථකව නිම කරන ලදී.

මෙහිදී තෝරාගත් පවුල් 10 ක් සඳහා ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා සපයාලීම වෙනුවෙන් පහත සහන ලබා දීමට අපට හැකි විය:
• 🍱 වියළි සලාක සහ ආහාර ද්‍රව්‍ය (පවුල්වල පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන්)
• 📚 පාසල් උපකරණ සහ ද්‍රව්‍ය (අගතියට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා)
• 💊 අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය පහසුකම්
අගතියට පත් පුද්ගලයන්ගේ ස්වාධීනත්වය, ගෞරවය සහ රහස්‍යභාවය 100% ක් සුරකිමින්, ඔවුන්ගේ නැවත නැගී සිටීමට ශක්තියක් වීම අපගේ ප්‍රධාන අරමුණ විය.

මෙම සත්කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ ඩබිඳු සංවිධානයටත්, එකතු වූ සියලුම ප්‍රජා නායකයින් ඇතුළු
පාර්ශවයන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු! 🤝

(මෙම හදිසි සේවා සහාය "කාන්තා හඬ සහ නායකත්ව ව්‍යාපෘතිය" හරහා ක්‍රියාත්මක කරන ලදී.)

08/09/2026

ලෝකය ජයගන්න නිවැරදි නායකත්වයෙන් පටන් ගමු! 🌟💪

ආසියානු පදනමේ (The Asia Foundation) අනුග්‍රහයෙන්, RED සංවිධානයේ ප්‍රධාන පුහුණුකාරිනී නාලනි සුභසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් වවුනියාව ඇඟලුම් කර්මාන්ත ශාලාවල තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයක්! ✨🔥

ලෝකය ජය ගන්නා නිවැරදි නායකත්වය - නිවැරදි දැනුමෙන් ආරම්භ වේ! ✨🔒🛡️💻ආසියානු පදනමේ (The Asia Foundation) අනුග්‍රහයෙන් වවුනිය...
08/09/2026

ලෝකය ජය ගන්නා නිවැරදි නායකත්වය - නිවැරදි දැනුමෙන් ආරම්භ වේ! ✨🔒🛡️💻

ආසියානු පදනමේ (The Asia Foundation) අනුග්‍රහයෙන් වවුනියාව ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණ තරුණියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

‘ශ්‍රී ලංකාව තුළ කාන්තා නායකත්වය සහ හඬ සවිබල ගැන්වීම’ (Renewed Women’s Voice and Leadership - Sri Lanka / RWVL-SL) ව්‍යාපෘතිය යටතේ පැවැති පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩසටහනට RED සංවිධානය නියෝජනය කරමින් සහභාගි වී, ‘ප්‍රධාන පුහුණුකාරිනියක’ (Master Trainer) ලෙස පුහුණුව ලැබූ RED සංවිධානයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරිණි නාලනි සුභසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සහ අදාළ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩසටහන 2026 සැප්තැම්බර් 06 වන දින වවුනියාව, මූණ්ඩිමුරිප්පුව පිහිටි RED ශාඛා කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, නායකයෙකු සතු ස්වයං අවබෝධය, සන්නිවේදන කුසලතා, කණ්ඩායම් කළමනාකරණය, ගැටුම් කළමනාකරණය, තීරණ ගැනීම, ගැටලු විසඳීම, දැක්ම සහ උපායමාර්ග පිළිබඳව අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙන්ම ආචාරධර්ම හා වගකීම් සමගින් සාධාරණ සමාජයක් ගොඩනැගීමයි.

ක්‍රියාකාරී සාකච්ඡාමය ආකෘතියකින් පැවැති මෙම වැඩසටහන අතරතුර සහභාගි වූවන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම, සැබෑ ජීවිත උදාහරණ ඇසුරින් අවබෝධය වැඩිදියුණු කිරීම සහ ජාතික සමගිය හා සංහිඳියාව ඉස්මතු කරමින් වැඩ ලෝකය ජය ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සිදු විය.

මෙම වැඩසටහන මගින් වවුනියාව ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණ තරුණියන්ට නිවැරදි නායකත්වයක් තුළින් තම කුසලතා වර්ධනය කරගැනීමට අවශ්‍ය වටිනා දැනුම හා අවස්ථාව හිමි විය.

07/09/2026

🚨 නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැති සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන! 🛡️✨

RWVL-SL ව්‍යාපෘතිය යටතේ Master Trainer ලෙස පුහුණුව ලැබූ RED සංවිධානයේ මාධ්‍ය උපදේශිකා සිතුමි මාණික්කරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සංවිධානය වූ “සයිබර් අපරාධ හා පුද්ගලික දත්ත ආරක්ෂාව” පිළිබඳ වැඩසටහන කටුනායක RED ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී. 🗓️🏢

📱 අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:

🔹 සයිබර් අපරාධ හා අන්තර්ජාල වංචාවලින් ආරක්ෂා වීම 🔍
🔹 Strong Passwords හා OTP සුරක්ෂිතව තබා ගැනීම 🔑📲

🔹 සමාජ මාධ්‍ය ආරක්ෂිතව භාවිතය 🌐

🔹 පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) පිළිබඳ දැනුවත් කිරීම 📜⚖️

"ඩිජිටල් ලෝකයේ ආරක්ෂාව - නිවැරදි දැනුමෙන් ආරම්භ වේ." ✨🔒🛡️💻

ඩිජිටල් ලෝකයේ ආරක්ෂාව - නිවැරදි දැනුමෙන් ආරම්භ වේ.✨🔒🛡️💻ආසියානු පදනමේ අනුග්‍රහයෙන් නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන් සඳහා ...
07/09/2026

ඩිජිටල් ලෝකයේ ආරක්ෂාව - නිවැරදි දැනුමෙන් ආරම්භ වේ.✨🔒🛡️💻

ආසියානු පදනමේ අනුග්‍රහයෙන් නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන් සඳහා සයිබර් අපරාධ හා පුද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.

‘ශ්‍රී ලංකාව තුළ කාන්තා නායකත්වය සහ හඬ සවිබල ගැන්වීම’ (Renewed Women’s Voice and Leadership - Sri Lanka / RWVL-SL) ව්‍යාපෘතිය යටතේ පැවැති පුහුණුකරුවන් පුහුණු කිරීමේ (ToT) වැඩසටහනට RED සංවිධානය නියෝජනය කරමින් සහභාගි වී, ‘ප්‍රධාන පුහුණුකාරිනියක’ (Master Trainer) ලෙස පුහුණුව ලැබූ සිතුමි මානික්කරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් සහ අදාළ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද “සයිබර් අපරාධ හා පුද්ගලික දත්ත ආරක්ෂාව” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2026 සැප්තැම්බර් 06 වන දින කටුනායක, ඇවරිවත්ත පිහිටි RED ප්‍රධාන කාර්යාලයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතයේදී තරුණ තරුණියන් මුහුණ දෙන සයිබර් අවදානම්, අන්තර්ජාල වංචා, සයිබර් හිංසන සහ පුද්ගලික දත්ත අවභාවිතයන් පිළිබඳ දැනුවත් කිරීමත්, ඒවායින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා අවබෝධය ලබාදීමත්ය.

මෙම වැඩසටහන මෙහෙයවූ RED සංවිධානයේ මාධ්‍ය උපදේශිකා සිතුමි මානික්කරත්න මහත්මිය විසින් සයිබර් අපරාධ හඳුනා ගැනීම, ශක්තිමත් මුරපද (Passwords) භාවිතය, එකවරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP - One-Time Password) සුරක්ෂිතව තබා ගැනීම සහ ඒවා වෙනත් අය අතර හුවමාරු නොකිරීමේ වැදගත්කම, සමාජ මාධ්‍ය ආරක්ෂිතව භාවිත කිරීම, අන්තර්ජාල වංචාවලින් ආරක්ෂා වීම සහ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

එමෙන්ම, පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act - PDPA) පිළිබඳවද සහභාගි වූවන් දැනුවත් කිරීමට පියවර ගැනුණි. පුද්ගලික දත්ත එකතු කිරීම, භාවිත කිරීම සහ ගබඩා කිරීමේදී පවතින නීතිමය වගකීම්, දත්ත හිමිකරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම දත්ත ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් පැහැදිලි කරන ලදී.

ක්‍රියාකාරී සාකච්ඡාමය ආකෘතියකින් පැවැති මෙම වැඩසටහන අතරතුර සහභාගි වූවන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම, සැබෑ ජීවිත උදාහරණ ඇසුරින් සයිබර් අපරාධ පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ වගකීම්සහගත පුරවැසියන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමද සිදු විය.

මෙම වැඩසටහන මගින් නිදහස් වෙළඳ කලාපයේ තරුණ තරුණියන්ට තම පුද්ගලික දත්ත හා තොරතුරු සුරක්ෂිත කරගනිමින්, සයිබර් අවදානම් අවම කරගැනීමට අවශ්‍ය වටිනා දැනුම හා කුසලතා රාශියක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

Digital Safety Begins with the Right Knowledge. ✨🔒🛡️💻

An awareness programme on Cybercrime and Personal Data Protection for young women and men working in the Free Trade Zone was successfully conducted with the support of The Asia Foundation.

The awareness programme on “Cybercrime and Personal Data Protection” was successfully held on 6 September 2026 at the RED Head Office in Averiwatta, Katunayake. The programme was organized under the Renewed Women’s Voice and Leadership – Sri Lanka (RWVL-SL) project, with the support of the project and the resource contribution of Ms. Sithumi Manikkaratne, who represented RED at the Training of Trainers (ToT) programme and was trained as a Master Trainer.

The primary objective of the programme was to raise awareness among young women and men about the various cyber risks they may encounter while using the internet and social media, including online scams, cyber harassment, cybercrime, and misuse of personal data, while providing them with the practical knowledge and understanding necessary to protect themselves from such threats.

The session was facilitated by Ms. Sithumi Manikkaratne, Media Consultant at RED, who provided comprehensive awareness on identifying cybercrimes, using strong passwords, the importance of keeping One-Time Passwords (OTPs) secure and never sharing them with others, using social media safely, protecting oneself from online scams, and safeguarding personal information.

Participants were also introduced to the Personal Data Protection Act (PDPA). Special attention was given to the legal responsibilities involved in the collection, use, and storage of personal data, the rights of data subjects, and the importance of protecting personal information.

The programme was conducted through an interactive and discussion-based approach. Participants were given the opportunity to ask questions, enhance their understanding of cybercrime through real-life examples, and learn about the importance of acting as responsible digital citizens in the online space.

Through this programme, young women and men in the Free Trade Zone gained valuable knowledge and practical skills to protect their personal data and information, minimize cyber risks, and navigate the digital world more safely and responsibly.

🔴RED සහන සේවා කවුළුවඔබ ජීවිතේම කැප කරලා වැඩ කරන කෙනෙක් නේද?ඒත්…කවදාහරි ඔබටත් හිතෙනවාද “මට ටිකක් නිදහසක් ඕන…” කියලා?💭 වැඩ...
03/09/2026

🔴RED සහන සේවා කවුළුව

ඔබ ජීවිතේම කැප කරලා වැඩ කරන කෙනෙක් නේද?
ඒත්…
කවදාහරි ඔබටත් හිතෙනවාද “මට ටිකක් නිදහසක් ඕන…” කියලා?

💭 වැඩ කරන ස්ථානයේ ඇතිවන පීඩනය, ආතතිය, ජීවිතේ ගැටළු…
මේ හැම දෙයක්ම ඔබේ මනසට බරක් වෙලා තියෙන්න පුළුවන්.

👉 ඔබ තනි වෙලා නෑ.
👉 ඔබට කතා කරන්න කෙනෙක් ඉන්නවා.

නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සඳහාම වෙන් වූ
RED සහන සේවා කවුළුව
ඔබට ආරක්ෂිත,විශ්වාසනීය සහ හිතවත් අවකාශයක් ලබා දෙනවා.

📞 ඔබට ඕන වෙන්නේ කතා කරන්න පුළුවන් තැනක් නම්…
අපි ඔබව අහන් ඉන්න,තේරුම් ගන්න, සහාය වෙන්න සූදානම්.

🤝 පෞද්ගලිකත්වයෙන්
🤝 විශ්වාසනීයත්වයෙන්
🤝 සහෝදරත්වයෙන්

📩 අදම අපට කතා කරන්න - 0772 602 602
ඔබේ හඬට වටිනාකමක් තියෙනවා ❤️

See less

02/09/2026

✊🏽 කැපවීමෙන්, මහන්සියෙන් ගොඩනැගූ අපේ අනාගත සුරක්ෂිතතාවය අහිමි වෙන්න දෙන්න බැහැ!

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සොහොයුරියන් සහ සමස්ත වැඩකරන ජනතාව වෙනුවෙන් අපේ හඬ අවදි කළ මොහොත.

❌ අපේ EPF අරමුදලට අත නොතබනු! ✨

Address

15/2, Temple Road Aweriwatta, Katunayake 11450
Katunayake
POSTALCODE11450-KATUNAYAKE,WESTERNPROVINCE

Alerts

Be the first to know and let us send you an email when RED - Revolutionary Existence for human Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to RED - Revolutionary Existence for human Development:

Shortcuts

Share