Social Studies Circle

Social Studies Circle The aim of this organization is to study the society in a comprehensive way.

LENIN 🚩
21/01/2026

LENIN 🚩

First they came for the CommunistsAnd I did not speak outBecause I was not a CommunistThen they came for the SocialistsA...
04/01/2026

First they came for the Communists
And I did not speak out
Because I was not a Communist

Then they came for the Socialists
And I did not speak out
Because I was not a Socialist

Then they came for the trade unionists
And I did not speak out
Because I was not a trade unionist

Then they came for the Jews
And I did not speak out
Because I was not a Jew

Then they came for me
And there was no one left
To speak out for me

- Martin Niemöller -

මුලින් ඔවුන් කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම කොමියුනිස්ට්වාදියෙකු නොවූ නිසා ය...

එවිට ඔවුන් සමාජවාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම සමාජවාදියෙකු නොවූ නිසා ය...

එවිට ඔවුන් වෘත්තීය සමිතිවාදීන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම වෘත්තීය සමිතිවාදියෙකු නොවූ නිසා ය...

එවිට ඔවුන් යුදෙව්වන්ට එරෙහිව පැමිණි විට මම කතා නොකළෙමි මන්ද මම යුදෙව්වෙකු නොවූ නිසා ය...

එවිට ඔවුන් මා වෙත පැමිණි විට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු ඉතිරි නොවී තිබුණි ...

- මාටින් නීමොලර් -

  | On October 8th, people across the world celebrate the Day of the Heroic Guerrillero to honor Che Guevara.On a day li...
09/10/2025

| On October 8th, people across the world celebrate the Day of the Heroic Guerrillero to honor Che Guevara.

On a day like today in 1967, the Cuban-Argentine revolutionary leader, Ernesto “Che” Guevara, was captured by the CIA-backed Bolivian army near La Higuera in Bolivia.

Guevara was tortured and killed the very next day, as the Bolivian right-wing government sought to crush the revolutionary wave which threatened to overturn the status quo on the continent.

ශිෂ්‍ය වීර දිනය 2025மாணவ வீரர் தினம் 2025Students' Heroes Day 2025
20/06/2025

ශිෂ්‍ය වීර දිනය 2025
மாணவ வீரர் தினம் 2025
Students' Heroes Day 2025

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 04ආණ්ඩුව තවදුරටත් අධ්‍යාපනය පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. ඒ අනුව එහි එක් අවස්...
19/06/2025

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 04

ආණ්ඩුව තවදුරටත් අධ්‍යාපනය පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. ඒ අනුව එහි එක් අවස්ථාවක් ලෙස 1987 දී කිංස්ලි සිල්වා වාර්තාව ඉදිරිපත් කළේය. මේ වන විට රට පුරාම ආණ්ඩු විරෝධයක් වර්ධනය වී තිබූ අතර විශ්වවිද්‍යාල, පාසල්, කාර්මික විද්‍යාල ඇතුළු සෑම තැනකම උද්ඝෝෂණ ඇති විය. මේ නිසා ආණ්ඩුවට කිංස්ලි සිල්වා වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණි. අනතුරුව ආණ්ඩුව විසින් " අතුරු නීති " නම් මර්දනකාරී නීති පද්ධතියක් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට හදුන්වා දෙන ලදී. නමුත් සෑම විශ්වවිද්‍යාලයකම සිසුන් ප්‍රසිද්ධියේ මෙම නීති කිරීම ආරම්භ කළ බැවින් ඒවා අවලංගු විය. ඇති වූ උද්ඝෝෂණ නිසා 1987 දෙසැම්බර් 22 වන විට මුළු විශ්වවිද්‍යාල පද්ධතියම වසා දැමීමමට ආණ්ඩුව පියවර ගත්තේය.

පෞද්ගලික ⁣වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන

1987 වන විට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ද උණුසුම් වෙමින් තිබුණි. මුල් මාසයේ දී වෛද්‍ය පීඨ සිසුන් කළු පටි පැළදීමට තීරණය කළ අතර රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ජුලි 15 සිට වැඩවර්ජනය කළහ. එයට ජුලි 16 දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එක්විය. සෞඛ්‍යය සේවා වෘත්තීය සමිති 17ක් එක්කොට ඒකාබද්ධ කමිටුවක් ද ගොඩනැගුණි. 1987 ජුලි කොළඹ වෛද්‍ය පීඨ සිසුන් පන්ති වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර 1987 සැප්තැම්බර් " වෙද සිසු හඬ" පුවත්පත ආරම්භ කළේය. " අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව " මෙහි විශාල කාර්යභාරයක් ඉටු කළ අතර අවසානයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ජයග්‍රහණය අතරට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ද එක්විය. මෙම සටනේ දී බොහෝ සිසුන් ජීවිත පරිත්‍යාග කළේය.

පළමු පාසල් සිසු ඝාතනය හා ආචාර්ය සත්‍යපාල වන්නිගම ඝාතනය

ශිෂ්‍ය අරගලවලට සහය ලබා දුන් රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සත්‍යපාල වන්නිගම මහතා 1988 ජනවාරි 06 දින අමානුෂික ලෙස ආණ්ඩුව විසින් ඝාතනය කරන ලදී. සත්‍යපාල වන්නිගම සැමරුම සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ඉන් පසුව සමහර අවස්ථාවලදී සංවිධානය කරනු ලැබීම දක්නට ලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ආණ්ඩුවට ⁣එරෙහිව 1988 මාර්තු 07 සටන් වදින බව නිවේදන කළ අතර ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ න්‍යාය පත්‍රයට දේශපාලන බලය ලබා ගැනීම එක්විය. 1988 මාර්තු 27 තංගල්ල මහා විද්‍යාලයේ වසන්ත වීරසිංහ හා සුසන්ත වනිගසිංහ යන සහෝදරවරු ඝාතනය කරන ලදී. මෙම ඝාතනවලට එරෙහිව විරෝධතා වර්ධනය විය. මෙය පළමු පාසල් සිසු ඝාතනයයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නිමල් බාලසූරිය සහෝදරයා ඝාතනය

සරසවි වසා දැමීමත් සමග දිස්ත්‍රික් සරසවි සිසු දෙමාපිය සංගම් පිහිට වූ අතර ඒවා ඒකාබද්ධ කොට සමස්ත ලංකා සරසවි සිසු දෙමාපිය සංගමය පිහිටුවීය. 1988 මැයි 08 කොළඹ දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මොරටුව විශ්වවිද්‍යාලයේ නිමල් බාලසූරිය සහෝදරයා ඝාතනය කරන ලදී. ඊට එරෙහිව රටපුරා විරෝධතා තවත් වටයකින් ඇවිල ගියේය.
මෙලෙස ආණ්ඩුව විසින් සිදු කරමින් එන නිදහස් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන අයිතීන් අහිමි කිරීමට එරෙහිවත් ඉන්දීය ආක්‍රමණිකයාගෙන් රට මුදා ගැනීමත්, ධනවාදී සමාජ ක්‍රමය වෙනුවට සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීමත්, වඩා යහපත් සමාජයක් ගොඩනගා ගැනීමත් ආදිය අරමුණු වූ පුළුල් පරාසයක අරගලයකට නායකත්වය දෙන්නට ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් විය. මෙලෙස අරගලයේ දිශානතිය පුළුල් පදනමක පවත්වා ගැනීමට පොදුවේ සියලු සිසුන් ඒකරාශි කරගත හැකි ව්‍යුහයක අවශ්‍යතාව මතු විය.

ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ආරම්භ වීම

ඒ අනුව සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් විසින් පිහිටුවන ලද දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය විසින් 1988 ජුනි 14 වන දින ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය පිහිටුවන ලදී. එහි පළමු කැඳවුම්කරු වූ⁣යේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මොහොමඩ් නිශ්මි සහෝදරයායි. " පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම " යන තේමාව ඔස්සේ ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ අතර දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය විසින් 1986 සිට මෙහෙයවූ සියලු උද්ඝෝෂණ මෙහෙය වීම එයට පැවරුණි. ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය සමන්විත වූයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් පාඨශාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් කාර්මික විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් පිරිවෙන් භික්ෂු බලමණ්ඩලය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පාසල් ද්විතීයික ශිෂ්‍ය කමිටු වලිනි. එහි ව්‍යුහය සකස් කිරී⁣මේ පළමු රැස්වීම මොරටුව සරසවියේ ද දෙවන රැස්වීම මරදාන කාර්මික විද්‍යාලයේ ද පැවැත්වූ අතර මූලස්ථානය ලෙස ක්‍රියාත්මක වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයි. එය වසා දැමූ අවස්ථාවලදී මරදාන කාර්මික විද්‍යාලය එහි මූලස්ථානය විය.

ජාතික ශිෂ්‍ය වීර දිනය ප්‍රකාශයට පත් කිරීම

1988 ජුනි 14 දින ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය ආරම්භ වූයේ රට පුරා පාසල් 2500කට ආසන්න ප්‍රමාණය සහභාගිත්වයෙන් පැවැති දැවැන්ත එක් දින උද්ඝෝෂණයකිනි. එමගින් ජුනි 20 " ජාතික ශිෂ්‍ය වීර දිනය " ප්‍රකාශයට පත් කළේය. ජුනි 19 පද්මසිරි අබේසේකර ඝාතනයත් ජුනි 21 රෝහණ රත්නායක ඝාතනයත් පදනම් කරගෙන ජුනි 20 ඒ සදහා තෝරා ගත් අතර 1988 ජුනි 20 ජාතික ශිෂ්‍ය වීර දින⁣යේ දී රට පුරා අධ්‍යාපන ආයතනවල සමරු වැඩසටහන් හා උද්ඝෝෂණ පැවැත්විණි. මාතර දික්වැල්ල විද්‍යාලයේ එලෙස පැවති සිසු උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තැබූ අතර එහි දී නිශාන්ත ජයවර්ධන සිසුවා ඝාතනයට ලක් විය. එසේම බදුල්ලේ ප්‍රදීප් කරුණාරත්න සිසුවාද එලෙස ඝාතනය විය.

1988 ජුනි 20 සිට අද දක්වා ශිෂ්‍ය වීර දිනය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සමරනු ලැබේ

සමාජ අධ්‍යයන කවය.
2025.06.19

දකුණේ දෙමළ ජනතාව දැඩි පීඩාවට ලක් කළ එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවූ කළු ජූලි⁣ය පිට දමා ආණ්ඩුව විසින් 1983 දී ජනතා විමු...
16/06/2025

දකුණේ දෙමළ ජනතාව දැඩි පීඩාවට ලක් කළ එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවූ කළු ජූලි⁣ය පිට දමා ආණ්ඩුව විසින් 1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමත් සමග සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු නිල මට්ටමෙන් අඩපණ වුණි. විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සභා ද තහනම් විය. ඒ වෙනුවට සිසුන් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනංවා ගත්තේය. 1985 සහ 1986 කාලයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වූයේ රංජිතම් ගුණරත්නම් සහෝදරයායි. 1985- 1986 වන විට විශ්වවිද්‍යාල තුළ ආයතනික මට්ටමින් අරගල පැවැති අතර ඒවාට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නායකත්වය දුන්නේය. 1985 පෙබරවාරි 12 දින 1985 අංක 07 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත නම් පනතක් ආණ්ඩුව විසින් ගෙන ආ අතර එමගින් විශ්වවිද්‍යාල තුළට දේශපාලනික අතපෙවීම් සිදු කිරීමට, සිසු නිදහස අහෝසි කිරීමට සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පසුබිම සකස් කිරීම සිදු විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට විරෝධය දැක්වූ අතර ඊට එරෙහිව විරෝධතා දියත් කළේය. දහස් ගණන් පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාලි පවත්වන ලදී. 1985 පෙබරවාරි 25 ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශ කළේය. දිවයින පුරා පාසල් 1000ක පමණ සිසුන් ද විරෝධතා වලට එක්විය.

දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය පිහිටුවීම

රට තුළ මෙවන් තත්ත්වයක් තිබිය දී තවත් පැත්තකින් රටට එල්ලවන ඇමරිකානු හා ඉන්දියානු අධිරාජ්‍යවාදයේ අතපෙවීම් සහ දෙමළ ඊලාම් අරගලයේ වර්ධනය වීම දක්නට ලැබුණි. ඒ පිළිබඳව න්‍යායික ස්ථාවර පැහැදිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් " දෙමළ ඊලාම් අරගලයට විසදුම කුමක්ද " යන කෘතිය රචනා කළේය. එක්සත් ජාතික පක්ෂ පාලනයත්, ඇමරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදී අතපෙවීම් සහ දෙමළ ඊලාම් අරගලය පිළිබඳව එම කෘතිය තුළ කරුණු ඇතුළත් විය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය එමගින් පිළි නොගත් අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහෝදරයා විසින් රචිත දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම මත පදනම් වූ කෘතිය ප්‍රතික්ෂේප විය. ඒ අනුව සමාජවාදී ශිෂ්‍ය සංගමය ඉදිරි කටයුතු සංවිධානය කළේය. ඒ අනුව මෙම අභියෝගයට මුහුණ දීම සඳහා 1986 ජුනි 20 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් " දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය " පිහිටුවන ලදී. පසුව එය කැළණිය, රුහුණ, පේරාදෙණිය හා මොරටුව සරසවි තුළ ද ආරම්භ වූ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ එය පිහිටුවීමට යාමේ දී දෙමළ ජනතා⁣වගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ විරෝධය එල්ල විය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති ලෙස පත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාරියප්පෙරුම අතුකෝරළගේ රනිල් සහෝදරයායි. කැළණිය සරසවියේ තාරපේරියේ රතනජෝති හිමි එහි ලේකම් විය. රංජිත් වීරවංශ මෙහෙයුම්කරු විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද ඊට අනුව තම වැඩපිළිවෙළ ගොඩනගා ගැනීම සිදු විය. 1986 දී මහාචාර්ය අයි. බාලසූරියගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාල විමධ්‍යගතකරණය නමින් වාර්තාවක් නිකුත් වූ අතර ඒ තුළ අන්තර්ගතව තිබුණේ විශ්වවිද්‍යාල අහෝසි කිරීමේ තර්ජනයකි. මේ කාලයේ දීම පැණ නැගුණ කැළණිය විශ්වවිද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාර සටන මෙහෙය වීම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් මෙහෙයවන ලදී. එය ජයග්‍රහණයෙන් කෙළවර වූ අතර ඉන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය කැපී පෙනෙන ශිෂ්‍ය සංවිධානයක් බවට පත්විය. 1986 ඔක්තෝබර් සිට 1987 මැයි දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ රංජිතම් ගුණරත්නම් ස⁣හෝදරයායි. 1983 දී උදලාගම කොමිසම විසින් ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබුණි.

දයා පතිරණ ඝාතනය

කොළඹ සරසවියේ ⁣1986 ඔක්තෝබර් 08 දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය පිහිටුවීමේ දී දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමය එයට කඩු සහ පොලුවලින් පහර දුන්නේය. කොළඹ හා වෙනත් සරසවිවල සිසුන් කිහිප දෙනෙක්ම තුවාල ලැබූ අතර සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සරත් එදිරිසිංහ, හේමන්ත, රොෂාන් ගුණවර්ධන, සමන්, තඹළුවේ ජිනානන්ද හිමි, තලකොළවැව චන්ද්‍රරත්න හිමි, ධම්මික හිමි ඇතුළු සියලු ක්‍රියාකාරීන්ට හා සාමාජිකයන්ට කොළඹ සරසවියේ ක්‍රීඩාගාර පෙදෙස එදින සිට තහනම් කලාපයක් ලෙස නම් ක⁣ළේය. පද්මසිරි වැනි ශිෂ්‍ය ඝාතනවලට එ⁣රෙහි අරගල, 1985 පුද්ගලික විශ්වවිද්‍යාල වලට ඓරෙහි අරගල ආදියේ මෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කටයුතුවලට ද ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒ වන විටත් සහභාගී විය. නමුත් ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලය තුළ මැර බලයෙන් කටයුතු කරමින් සිටි අතර වෙනත් ශිෂ්‍ය සංවිධානවල කටයුතු බලහත්කාරයෙන් යටපත් කළේය. 1986 දෙසැම්බර් 15 දින තුම්මුල්ල ශාන්ති විහාර් හෝටලය අසල දී දයා පතිරණ සහ සෝමසිරි පැහැරගෙන ගියේය. එම පැහැරගැනීම සිදු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙක් සමග දේශපාලනසාකච්ඡාවකට යමින් සිටින අතරතුර දීය. පැහැර ගැනීමෙන් පසු බණ්ඩාරගම හිරණ තොටුපොළ අසල දී ප.ව. 8.30ට පමණ දයා පතිරණ සහෝදරයා ඝාතනය කර තිබුණි. සෝමසිරි කෙසේ හෝ දිවි බේරා ගෙන තිබුණි. මෙම ඝාතනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල විය. එම ඝාතනයෙන් පසු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස 1986 දෙසැම්බර් 17 කේ. එල්. ධර්මසිරි පත් විය. ⁣දයා පතිරණ ඝාතනයෙන් පසුව ද ඔවුන් විසින් දිගටම සිදු කළ දඩබ්බරකම් තවදුරටත් සිසුන්ට ඉවසිය නොහැකි වූ අතර ගෙවිදු කුමාරතුං⁣ග නායකත්වය දුන් සිංහල බෞද්ධ ජාතිකවාදීන් වූ " ජාතික චින්තන කණ්ඩායම" ඊට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලයේ පොදු සිසුන්ට නායකත්වය දෙන්නට විය. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ බලය ඔවුන්ට හිමිව තිබුණි. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැර ක්‍රියාකාරීන් 04 දෙනෙක් ගස් බැද පොදු සිසුන් 500ක් පමණ එක්ව 1987 මාර්තු 24 සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කළේය. දයා පතිරණ සහෝදරයා ඝාතනයෙන් පසු 1988 ජනවාරි 25 ප.ව. 3.00ට කොළඹ නව නගර ශාලාවේ දී දයා පතිරණ සමරු රැලියක් ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් පවත්වන ලදී. එහි කථික⁣යන් ලෙස විජය කුමාරණතුංග, ගුණසේන මහානාම, වජිර පැල්පිට, අතාවුද සෙනවිරත්න සහභාගී විය. 1992 කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සැමරුමේ සැමරුම් දේශනය සිදු කළේ මහාචාර්ය අර්ජුන පරාක්‍රමය. දයා පතිරණ සහෝදරයාගේ දසවන සමරු සම්මන්ත්‍රණය 1996 දෙසැම්බර් 16 පැවති අතර මහාචාර්ය ජය⁣දේව උයන්ගොඩ විසින් " ප්‍රචණ්ඩත්වය පිළිබඳව සමාජ දේශපාලන ගැටලු " යන දේශනය එහි දී සිදු කරන ලදී.

කිත්සිරි මෙවන් රණවක ඝාතනය

1987 අප්රේල් 21 දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් පිටකොටුවේ බෝධිය අසල බෝම්බයක් පුපුරවා හරින ලද අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඒ පිළිබඳව ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වමින් කොළඹ මහ රෝහලේ සිට ජනාධිපති මන්දිරයට පෙළපාලියක් පැවැත්විය. ඒ වන විට ආණ්ඩුවේ මර්දනය උත්සන්න වී තිබූ අතර 1987 ලෝක කම්කරු දිනය ආණ්ඩුව විසින් තහනම් කරන ලදී. ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස අහෝසි කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මූලිකත්වයෙන් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්කර ගනිමින් නාරාහේන්පිට අභයාරාමයේ දී මැයි දිනය තහනම මැද පැවැත්වූ අතර පොලීසිය එයට තැබීය. එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කිත්සිරි මෙවන් රණවක සහෝදරයා සහ සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේ සේවය කළ ලෙස්ලි ආනන්ද ලාල් සහෝදරයා ඝාතනයට ලක් විය. කිත්සිරි මෙවන් රණවක සහෝදරයා ඝාතනය ආණ්ඩුව විසින් සිදු කළ සිව්වන සිසු ඝාතනය විය.

ඉන්දීය අධිරාජ්‍යවාදයෙන් රට බේරා ගැනීමේ සටන

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමරිකානු ගැති ප්‍රතිපත්ති හමුවේ අමනාප වී සිටි ඉන්දියාව ශ්‍රී ලංකාව තම ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටි අතර ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කර යාපනයට ගුවනින් පරිප්පු හෙළීය. එසේම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට බලපෑම් කර දෙමළ ඊලාම් අරගලයට විසදුමක් යැයි කියමින් ඉන්දු ලංකා ගිවිසුම නමින් රට පාවා දෙන ගිවිසුමක් අත්සන් කිරීමට ද සූදානම් විය. මීට එරෙහිව මතුවිය හැකි විරෝධය සමනය කිරීමට 1987 ජුනි 22 රාත්‍රියේ සිසුන් 88 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණි. රට පාවා දෙන මෙම ගිවිසුමට එ⁣රෙහිව රට පුරා දේශප්‍රේමී ජනතාව විරෝධතා පැවැත්විය. මෙම ගිවිසුමට දෙමළ ජනතාව ද විරෝධය දැක්වූ අතර දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පවා විරෝධය දක්විය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1987 ජුලි 30 දින ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. මෙම ගිවිසුම අත්සන් කිරීමට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි හට නාවික හමුදා සෙබලෙකු තුවක්කුවෙන් පහර දෙන ලදී.

ජනතා උද්ඝෝෂණවල පෙරමුණ ගෙන ශිෂ්‍ය ව්‍යාපාරය සටන් කළ අතර විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ආරම්භ කළේය. 1989 ජුනි 6 වෙනි දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විවිධ බලවේග එක්කරමින් නුගේගොඩ දී ‘ඉන්දියානු අක්‍රමණිකයාගෙන් මව්බිම් බේරාගමු’ යන තේමාව යටතේ දැවැන්ත රැළියක් සංවිධානය කරන ලදී. ජුලි 28 දින සිසුන් කොළඹට පෙළපාලිවලින් පැමිණි අතර පොලීසිය ඒවාට පහර දුනි. රට පුරා පොලිස් ප්‍රහාරවලින් සරසවි සිසුන් ඇතුළු 147 දෙනෙක් ඝාතනයට ලක් විය. මොරටුව සරසවියේ නිමල් ලියනගේ සහ ක්ලිෆඩ් පෙරේරා සහෝදරවරුන් ද ඒ අතර විය. ඔවුන් අනුස්මරණ කිරීමට නිමල් බාලසූරිය සහෝදරයාගේ මූලිකත්වයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මොරටුව සරසවියේ ස්මාරකයක් ඉදි කිරීම ආරම්භ කළේය.

තිලීපන් මිය යාම

1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පැය පැය 42ක් ඇතුළත ශ්‍රී ලංකා ආරක්ෂක අංශ උතුරින් ඉවත් වූ අතර ඉන්දීය ආරක්ෂක අංශ උතුර වෙළා ගත්තේය. පීඩිත දෙමළ කාන්තාවක් දූෂණය කර මරා දමමින් උතුරේ දැඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති කළේය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන ලද්දේ උතුරේ සහ දකුණේ සිංහල මුස්ලිම් දෙමළ ජනතාවගේ දැඩි විරෝධය ගණනකට ⁣නොගෙන විය. මෙවැනි පසුබිමක් යටතේ ඉන්දියානු හමුදාවට එරෙහිව දෙමළ විමුක්තිකාමීන්ගේ සටනක් උතුරේ ආරම්භ විය. අධ්‍යාපන ප්‍රමිතිකරණ පනතට ⁣එක හෙළා විරුද්ධ වූ තිලීපන් ශිෂ්‍ය සංග⁣මයෙන් එළියට තම හඬ අවදි කළේය. " උතුර ද දකුණු ද ගිනිගත්තේ නම් අපද එය අතර සිරවූ මිනිසුන් පමණි"යනුවෙන් ඔහු ප්‍රභාකරන් ඇමතුවේය. 1987 දෙසැම්බර් 15 යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ඔහු ආරම්භ ක⁣ළේය. උපවාසය නැවැත්වීමට නම් ඉන්දු ලංකා ගිවිසුම හකුළා ගත යුතු බව ඔහු රජයට බල කළ අතර එය සිදු නොවුණි. 1987 සැප්තැම්බර් 26 ඔහු මිය ගියේය. වසර 20ක් වන තුරු රජයේ පාලන ප්‍රදේශයේ තිබූ යාපනයේ තිලීපන් ස්මාරකය 2010 වසරේ දී ගලවා ඉවත් කළේය.

සමාජ අධ්‍යයන කවය
2025.06.16

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 021977 මැයි 27 පැවැත්වුණ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහිත...
14/06/2025

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 02

1977 මැයි 27 පැවැත්වුණ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහිතව ආණ්ඩුව පිහිට වූ අතර අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා පත් විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා⁣වේ ආර්ථිකය සංවෘත ආර්ථික මොඩලයෙන් විවෘත ආර්ථිකයට පරිවර්තනය කිරීම ආරම්භ කරන ලද අතර රාජ්‍ය ව්‍යවසාය අණපණ කරමින් පෞද්ගලික ව්‍යවසාය ප්‍රවර්ධන කිරීමටත් රජය රටේ ආර්ථිකයට මැදිහත් වීම වළක්වමින් ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් ආරම්භ කළේය. සුබසාධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රමයෙන් අහෝසි කරමින් ධනවාදී ආර්ථික මොඩලයේම නව ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කිරීම දක්නට ලැබුණි. ඒ ඔස්සේ රජයේ කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්‍යය ආදී සියලු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය සදහා අවශ්‍ය මර්දනකාරී ව්‍යවස්ථාමය බලයක් ස්ථාපිත කර ගැනීම පිණිස පාර්ලිමේන්තුවාදී 1972 පළමු ජනරජ ආණ්ඩු ක්‍රමය අහෝසි කරමින් ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකු නිර්මාණ කළ 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා සම්මත කර ගත්තේය. දැඩි ඇමරිකානු හිතවාදියෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා තම අභිප්‍රායන් මුදුන් පත් කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාද අකුළමින් ජාතිවාදය අවුස්සමින් කම්කරු ජනතාව මර්දනය කරමින් ඉතාමත් විනාශකාරී පාලනයක් රැගෙන ගියේය.

1976 වන තෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය හෙබවූයේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ ද කොටස්කරුවෙකු වී සිටි කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය වූ නමුත් 1976 රෝහණ වීරසූරිය ඝාතනය සහ පේරාදෙණිය මණ්ඩපාධිපතිට එරෙහි සිසු සේවක අරගලය කෙරෙහි දැක්වූ ඇල්මැරුණු ක්‍රියාකාරීත්වය සහ විරෝධතා සමනය කිරීමට උත්සාහ කිරීමෙන් පසු පොදු සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙමින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය 1976න් පසු අහිමි වී ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය හිමි විය. 1978 පෙබරවාරි 04 එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම්ව සිටිය දී පෙබරවාරි 02 දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ නායකත්වයෙන් ඊට එරෙහි විරෝධතා පා ගමනක් සරසවියේ සිට ගලහ හන්දිය දක්වා ගමන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සිසුන් කිහිප දෙනෙක් මග හරස් කර එයට බාධා කළ අතර විරෝධතාකරුවන් ඔවුන් එළවා දැමීය. එය පදනම් කරගෙන ශාන්ත බණ්ඩාර, ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති චන්ද්‍රපාල, සරත්, බෝධි, රිචඩ්, සුනිල් ශාන්ත, සුනිල් රන්තප්‍රිය යන සිසුන් 08 දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කළේය. ඉන් පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් අත්පත් කරගත්තේය. ශාන්ත බණ්ඩාර සහෝදරයා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු බවට පත්විය. එහි පළමු සටන ලෙස අඩු ආදායම්ලාභී ජනතාව⁣ට ලබා දෙමින් තිබූ හාල්පොත 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කපා දැමීමට එරෙහි අරගලය සිදු කරන ලදී. මෙම සටන පරාජයට පත්විය. 1980 ජූලි මහා කම්කරු වැඩවර්ජනයක් ආරම්භ වූ අතර ආණ්ඩුව විසින් එය මර්දනය කර කම්කරු ව්‍යාපාරය පොඩි පට්ටම් කරන ලදී. සේවකයන් ලක්ෂයකට පමණ රැකියා අහිමි විය. මේ අතර 1981 දී ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අරමුණෙන් " අධ්‍යාපන ධවල පත්‍රිකාව" ගෙන ආවේය. ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල, පාසල්,කාර්මික විද්‍යාල, පිරිවෙන් ඇතුළු සමස්ත පොදු ජනතාව සංවිධානය කරගත් දැවැන්ත බහුජන ව්‍යාපාරයක් බවට පත්වී තිබුණි. ආණ්ඩුව විසින් අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් වූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ද 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝදන පනත යටතේ 1981දි ගැසට් නිවේදනයක් හරහා අරඹන ලදී. ආරම්භයේ පටන් මිට එරෙහිව අරගල පැනනැගුණි.
1982 ජනවාරි 20 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තුව ( වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය ) වටලමින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. අශ්වාරෝහක පොලීසිය යොදවා ආණ්ඩුව මෙයට පහර දුන් අතර ඉන්පසු ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන්නට විය. එවක අධ්‍යාපන ඇමති වූයේ හිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වූ වර්තමාන එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා ය. අවසානයේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ආණ්ඩුව විසින් හකුළා ගත්තේය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීම මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලබා ගත් දැවැන්ත ජයග්‍රහණයක් ලෙස මෙම සටන හැඳින්විය හැකිය.

1982 දී පැවති පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභා නිලවරණයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය ජයග්‍රහණය ලැබීය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවි⁣යේ ශිෂ්‍ය සංගම් නිලවරණයෙන් උපරිම ජයග්‍රහණයක් ලබා ගත්තේය. නමුත් ඊට එරෙහි සමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංවිධාන එක් වී ශිෂ්‍ය සභාවේ බලය අත්පත් කර ගත්තේය. සභාපති ජනතා විමුක්ති පෙරමුණ, ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ භාණ්ඩාගාරික එක්සත් ජාතික පක්ෂය ලෙස ඔවුන් තනතුරු බෙදා ගත්තේය. යාපනය සරසවියේ අප්පුතුරෙයි විමලරාජා සිසුවා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා ය⁣ටතේ ආණ්ඩුව විසින් රඳවාගෙන සිටින ලද අතර ඊට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය රට පුරා සරසවිවල පොදු විරෝධයක් ගෙන යාමට 1982 මැයි 12 තීරණයක් ගෙන තබුණි. නමුත් ඊට එ⁣රෙහිව යමින් මැයි 14 ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සංකේත පන්ති වර්ජනයක් කැදවන ලදී. එයට සහභාගී වූයේ යාපනය, මඩකලපුව සරසවිවල සිසුන් සහ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි.1983 වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 63 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබුණි. එයින් බහුතරය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් විය. ආණ්ඩුවට දැඩි ශිෂ්‍ය මර්දනයක් අවශ්‍ය වී ඇති බව මෙයින් පෙනී ගිය අතර 1983 දෙසැම්බර් 27 වන දින පේරාදෙණිය සරසවිය තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පොලීසියක් පිහිටුවන ලදී.

පද්මසිරි අබේසේකර ඝාතනය

මෙය ලෝකයේ විශ්වවිද්‍යාලයක් පොලීසියක් පිහිට වූ පළමු අවස්ථාව විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට දැඩිව විරුද්ධ වූ අතර දිගින් දිගටම විරෝධතා දක්වන්නට විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කළේ මෙමගින් සිසුන්ට බාහිර කරදරවලින් තොරව අධ්‍යයන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන බවයි. සිසු විරෝධතා සමනය කිරීමේ අදහසින් ආණ්ඩුව විසින් මෙය හැඳින්වූයේ සුහද පොලීසියක් ලෙසයි. 1984 ජූනි 19 වැනි දින වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න ඇතුළු සිසුන් 11 දෙනෙකු පොලීසිය ඉදිරිපිටින් ගමන් කරන විට ලයනල් අලහකෝන් සිසුවාගේ අත පොලීසියේ ජනේලයක වැදීමේ සිද්ධියක් පදනම් කරගෙන යම් කාලගෝට්ටියක් ඇති විය. එහි දී පොලීස් නිලධාරීන් විසින් සිසුන්ට පහර දෙන ලදී. ඒ සමග දැඩි ශිෂ්‍ය නොසන්සුන්තාවයක් ඇති වූ අතර පසුව එය සරසවිය පුරා පැතිර ගියේය. පොලීසිය සිසුන්ට පහර දුන් අතර රාත්‍රී 10ට පමණ වෙඩි ප්‍රහාරයක් ද එල්ල කළේය. එහි දී වෙඩි වැදී පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 10ට ඇතුළ් කළ වෛද්‍ය පීඨයේ දෙවන වසර සිසුවෙකු වූ හේවා බුලත්කන්දගේ පද්මසිරි අබේසේකර සිසුවා ජූනි 20 පාන්දර 1.30ට පමණ මිය ගියේය. ඔහුගේ මරණ පරීක්ෂණය මහාචාර්ය චන්ද්‍ර අමරසේකර විසින් ද මහේස්ත්‍රාත් විභාගය මහනුවර අතිරේක දිසා විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් ද පවත්වන ලද අතර පද්මසිරි අබේසේකර සහෝදරයාගේ සහෝදරයන් වූ එච්. පී. ඒ. නයනානන්ද සහ එච්. පී. ඒ. මහින්ද යන දෙදෙනා විසින් හදුනාගනු ලැබීය. පද්මසිරි අබේසේකර ඝාතනය දෙවන සරසවි සිසු ඝාතනය විය. ඔහුගේ මරණයෙන් පසු පද්මසිරි අබේසේකර සිසුවා අනුස්මරණය සදහා ජූනි 19 දින සැමරුම් වැඩසටහන් පේරාදෙණිය සරසවිය තුළ අවිධිමත් ලෙස 1986 - 1990 පමණ වන තෙක් ක්‍රියාත්මක විය. පද්මසිරි අබේසේකර සහෝදරයා අනුස්මරණ කිරීම සඳහා පේරාදෙණිය සරසවියේ ඉදිකළ ස්මාරකය 1990 ජනවාරි මාසයේ දී අතුරු හමුදා කණ්ඩායම් විසින් කඩා බිඳ දමන ලදී.

රෝහණ රත්නායක ඝාතනය

පද්මසිරි අබේසේකර සහෝදරයා ඝාතනයට එරෙහිව රටපුරා විශ්වවිද්‍යාල, පාසල්, කාර්මික විද්‍යාල ආදී අධ්‍යාපන ආයතන තුළ සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතා දියත් කළේය. ඒ අනුව 1984 ජූනි 21 දින කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයට ⁣පොලීසිය වෙඩි තැබූ අතර එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ රෝහණ රත්නායක සිසුවා ඝාතනයට ලක් විය. මෙය තෙවන සරසවි සිසු ඝාතනයයි. අවසානයේ රටපුරා ඇතිවූ සිසු විරෝධය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටා තිබූ පොලීසිය ඉවත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිදු විය. මෙය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් ජයග්‍රහණයකි. ඒ වන විට එම පොලීසියේ කාර්යභාර නිලධාරියා වූයේ පොලීස් පරීක්ෂක කේ.ඩී. කරුණාදාස මහතායි. රෝහණ රත්නායක සහෝදරයා ඝාතනය වීමෙන් පසු ජූනි 21 දින කොළඹ විශ්වවිද්‍යාලයේ ද රෝහණ රත්නායක සැමරුම් වැඩසටහන් ආරම්භ විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉදි කර ඇති රෝහණ රත්නායක ස්මාරකය අසල මෙම සමරු වැඩසටහන් සංවිධානය වූ අතර 1986 දී පමණ සිසු සැමරුම් සඳහා පොදු දිනයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන තෙක් රෝහණ රත්නායක සැමරුම ද අවිධිමත් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ද දක්නට ලැබුණි. වර්තමානය වන විට ජුනි 20 සමරන ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ විශ්වවිද්‍යාලයේ ජුනි 21 දින සැමරීම මෑත බොහෝ විට මෑත දී ද දක්නට ලැබුණි.

සිසු සැමරුම් සඳහා පොදු දිනයක් තීරණය වීම

1986 නොවැම්බර් 12 කොළඹ මහජන පුස්තකාලයේ වීරසූරිය සැමරුමක් සිදු කෙරෙණි. ඡයාරූප ප්‍රදර්ශනයක් හා සමරු ගී වැඩසටහනක් ද පැවැත්විය. මෙහි වැඩ කටයුතු සඳහා කොළඹ සරසවියට ගිය කැළණිය සරසවියේ මච්චාගම සේනාරත්න සිසුවාට ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් පහර දෙන ලදී. ඔහු නිදහස් කර ගැනීමට ආචාර්යවරුන්ට පවා මැදිහත් වීමට සිදු වූ අතර ඊට පිළිතුරක් ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ රත්නපුර උදය කුමාර තේනුවර සිසුවා ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් යන අවස්ථාවක විමලධර්ම ශාලාවට ගෙන ගොස් පහර දෙන ලදී. 1977 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති නොවැම්බර් 12 රෝහණ වීරසූරිය සමරුව සහ අවිධිමත් ලෙස පැවති 1984 පද්මසිරි අබේසේකර සහෝදරයා ඝාතනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ ජූනි 19 පද්මසිරි අබේසේකර සැමරුම මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ද අවිධිමත් ලෙස පැවති ජූනි 21රෝහණ රත්නායක සැමරුමත් යන 03ම 1986 වසරේ සිට එක්දිනයක පැවැත්වීමට සමාජවාදී ශිෂ්‍ය සංගමය තීරණය කළේය. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 1986 සිට නොවැම්බර් 12 දින එම සැමරුම සඳහා වෙන් කළේය.

සමාජ අධ්‍යයන කවය
2025.06.14

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 011970 දී පැවැත්වූ මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය  සහ කොමි...
12/06/2025

ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 01

1970 දී පැවැත්වූ මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව "ජාතික සමගි පෙරමුණ" පිහිටුවා ගත් අතර පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවීමට ජාතික සමගි පෙරමුණට හැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිවරිය ලෙස තේරී පත් විය. සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වී කෙටි කලකින් 1970 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද 1971 අරගලය පැන නැගුණි. ආණ්ඩුව විසින් එය මර්දනය කරන ලද අතර ඒ වන විට බොහෝ ශිෂ්‍ය සංගම්වල බලය හිමිව තිබුණේ සමගි පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ ලංකා සමසමාජ පක්ෂයේ "ලංකා ශිෂ්‍ය සම්මේලනය" ට, කොමියුනිස්ට් පක්ෂයේ "ලංකා ජාතික ශිෂ්‍ය සංගමය" ට, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "නිදහස් ශිෂ්‍ය පෙරමුණ" ටයි. එක්සත් ජාතික පක්ෂයේ "සමවාදී ශිෂ්‍ය පෙරමුණ" ද ක්‍රියාත්මක වුණි. 1971 අරගලය වන විට විද්‍යෝදය ( ශ්‍රී ජයවර්ධනපුර ) විශ්වවිද්‍යාලයේ "සමාජවාදී සංගමය" ලෙසත් පේරාදෙණිය සරසවියේ (ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ) "දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය" ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක වූ අතර 1971 අරගලයේ දී දැඩි මර්දනයට ලක් වන්නට ඔවුන්ට සිදු විය. 1975 වන විට පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමිව තිබුණේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයටයි. ඒ වන විට 1971 අරගලයට සම්බන්ධ වී සිරගතව සිට පැමිණි සිසුන් සහ ප්‍රගතිශීලී සිසුන් එක්ව "සමාජ අධ්‍යයන කවය" පේරාදෙණිය සරසවියේ ආරම්භ කර තිබුණි. 1976 වන විට ඇති වූ මතභේද හේතුකොට ගෙන ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය.

මණ්ඩපාධිපති විතානගේට එරෙහි සිසු - සේවක අරගලය

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ භු ගර්භ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ විතානගේ මණ්ඩපාධිපති ලෙස පත් කරන ලද අතර ඔහුට ඇය සමග කිට්ටු නෑ කමක් ද තිබුණි. විතානගේ දැඩි නීති රීති පනවමින් සිසුන් සහ සේවකයන් මර්දනය කිරීම ආරම්භ කළේය. සේවකයෙකුට දඩ ගැසීමක් පදනම් කරගෙන මණ්ඩපාධිපති විරෝධී සේවක අරගලයක් ආරම්භ විය. සේවකයන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් විය. එය⁣ට එරෙහිව සේවක වැඩවර්ජනයක් ආරම්භ වූ අතර ඊට සහය දීමට සිසුන් ද ඉදිරිපත් විය. ඉන් පසු විතානගේ පේරාදෙණිය සරසවිය වසා දැමුවේය. මර්දනය හමුවේ සේවක වැඩවර්ජනය අඛණ්ඩ එකක් බවට පත් විය. නමුත් මෙහිදී මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීත්වයේ පසුබෑමක් දක්නට ලැබුණ අතර සමාජ අධ්‍යයන කවය ඉදිරිපෙළ ක්‍රියාකාරීව සිසුන්ට නායකත්වය දෙන්නට විය. අවසානයේ සරසවිය වසා දැමූවත් සරසවියෙන් ඉවත් නොවී රැදී සිටීමට සමාජ අධ්‍යයන කවය ප්‍රමුඛ සිසුන් විසින් තීරණය කරන ලදී. මෙලෙස අරගලය ඉදිරියට යන විට සේවක වර්ජනය නිසා ආහාර ලබා ගැනීමේ ගැටලු ඇති වූ අතර සරසවිය වැසීම හා විවෘත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ. විටෙක විතානගේ නේවාසික ශාලාවලට පොලීසිය යොදවා කෑම බෙදීම නතර කිරීමට ද උත්සාහ කළේය. මේ අතර කාන්තා නේවාසිකාගාරවල සිසුවියන් සමග සහයෝගයෙන් රැදී සිටි නේවාසිකාගාර නොමැති සිසුවියන් ඇල්ලීමට පාන්දර 2ට පමණ සරසවි ආරක්ෂක අංශ මැදිහත් කර තිබුණි. ඊට සිසුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. කෑම බෙදීමේ කටයුතු සදහා යොදවා තිබුණේ ද ප්‍රතිගාමී ආචාර්යවරු වූ අතර සංඝමිත්තා ශාලාවේ කෑම බෙදන විට ආචාර්යවරයෙකුට කෑම එකකින් පහර දීමක් සිදුවිය. මෙම සිදුවීම පදනම් කරගෙන සරසවිය නැවත වසා දැමූ අතර 1976 නොවැම්බර් 11 වන දා සිසුන් සනාතන මන්දිරය වට කර විතානගේ සිරකර ගත් අතර මාරුවෙන් මාරුවට සනාතන මන්දිරය පරිශ්‍රයේ රැදී සිටියහ.

රෝහණ වීරසූරිය ඝාතනය

1976 නොවැම්බර් 12 දින උදේ 6.00 - 6.30 අතර අලුත් සිසු කණ්ඩායමක් සනාතන මන්දිරයට පැමිණෙමින් සිටින අවස්ථාවේ දී පොලීසිය ඔවුන්ට වෙඩි තැබීය. එහි දී වෙඩි වැදී ශාස්ත්‍ර පීඨයේ රෝහණ වීරසූරිය සිසුවා මිය ගියේය. විජය රත්නායක සිසුවාට සහ යූ.ජී.එන්. තිලකරත්න සේවක මහතාට ද වෙඩි වැදී තුවාල සිදු විය. පොලීසිය විසින් විතානගේ මුදා ගන්නා ලද අතර ඒත් සමග සිසු විරෝධතා ඇවිලී ගියේය. පළමු සරසවි සිසු ඝාතනය මෙය විය. මහා ශිෂ්‍ය සංගමයේ බලය හෙබවූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා දිය කර හැරීමට හා සමනය කිරීමට උත්සාහ ගත් අතර ඒ හේතුවෙන් ඔවුන් පොදු සිසුන් අතර අප්‍රසාදයට ලක් වෙමින් තිබුණි.

රෝහණ වීරසූරිය සැමරුම

1977 අප්‍රේල් 05 ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විය. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ "සමාජවාදී ශිෂ්‍ය සංගමය" වැඩි ඡන්ද 700කින් පමණ ශාස්ත්‍ර පීඨය ජයග්‍රහණය කළේය. ඔවුන් විද්‍යා පීඨය සදහා ස්වාධීනව ඉදිරිපත් වූ අතර විද්‍යා පීඨය ද ජයග්‍රහණය කළේය. විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස තේරී පත් වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස තේරී පත් විය. ඉන් පසු නොවැම්බර් 12 දින රෝහණ වීරසූරිය සහෝදරයා සැමරීම ආරම්භ වූ අතර 1977 සිට 1983 පමණ දක්වා පේරාදෙණිය සරසවියේ දී එය සිදු කෙරිණි. පසුකාලයේ දී එනම් 1986 දී පමණ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ තීරණයක් මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එවකට පැවති සියලු සිසු සැමරුම් සදහා පොදු දිනයක් ලෙස නොවැම්බර් 12 දිනය ප්‍රකාශයට පත් කළේය. 1977 නොවැම්බර් 12 දින පැවති පළමු රෝහණ වීරසූරිය සැමරුමට ජනතා විමුක්ති පෙරමුණේ ⁣නායක රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක සහෝදරවරු පුෂ්පෝපහාර දැක්වීම සදහා සහභාගී වූහ. වර්තමානය වන විට ජුනි 20 ශිෂ්‍ය වීර දිනය සැමරුව ද මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නොවැම්බර් 12 දින මහා ශිෂ්‍ය සංගමය විසින් රෝහණ වීරසූරිය සමරුව සංවිධානය කරනු ලබයි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිකර ඇති රෝහණ වීරසූරිය ස්මාරකය අභියස දීය. 1977 දී නිර්මාණ කළ ⁣රෝහණ වීරසූරිය ස්මාරකයට මුල්ගල තබන ලද්දේ වෙඩි වැදී තුවාල වුණ යූ. ජී. එන්. තිලකරත්න සේවක මහතා සහ විජය රත්නායක සිසුවා විසිනි. ඒ අනුව රෝහණ වීරසූරිය සැමරුම ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු සිසු සැමරුම ලෙස හදුනාගත හැකිය.

සමාජ අධ්‍යයන කවය
2025.06.12

ලෝක කම්කරු දිනය 2025" සකල දේශවාසී කම්කරුවනි එක්වව් "වඩා යහපත් සමාජයක් උදෙසා පෙළ ගැසෙමු!සමාජ අධ්‍යයන කවය
01/05/2025

ලෝක කම්කරු දිනය 2025

" සකල දේශවාසී කම්කරුවනි එක්වව් "

වඩා යහපත් සමාජයක් උදෙසා පෙළ ගැසෙමු!

සමාජ අධ්‍යයන කවය

ලෝක කම්කරු දිනය 2025" වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම...
30/04/2025

ලෝක කම්කරු දිනය 2025

" වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේ දී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති."

( වී.අයි. ලෙනින් - ජනතා අධ්‍යාපනය ගැන, පිටුව 98 )

සමාජ අධ්‍යයන කවය

25/03/2025

රතු පොත් දිනය 🚩
පෙබරවාරි 21

කොමියුනිස්ට් ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරන ලද 1848 පෙබරවාරි 21 වන දිනය පදනම් කර ගනිමින් සමරු වැඩසටහන් පැවැත්වීමට Left Word Books සහ එහි ඉන්දීය හවුල්කාර ප්‍රකාශන ආයතන වන Bharati Puthakalam, Chintha, National Book Agency, Nava Telengana, Prajasakti සහ Vaam ප්‍රකාශන ඇතුළු ඉන්දීය වාම ප්‍රගතිශීලී පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් 2020 වසරේ දී කටයුතු කරන ලදී. ඒ අනුව සෑම වසරකම පෙබරවාරි 21 " රතු පොත් දිනය " ලෙස නම් කිරීමට තීරණය වූ අතර 2020 වසරේ දී ලොව පුරා වැඩ කරන ජනතාව විසින් සමරන ලදී. එහි දී අවිචාරවත්භාවයට හා මර්දනයට එරෙහිව පොදු ස්ථානවලට ගොස් කොමියුනිස්ට් ප්‍රකාශනය ඔවුන්ගේ භාෂාවලින් කියවන ලෙස ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා International Assembly of the Peoples සහ දේශපාලන පක්ෂ , ප්‍රකාශන ආයතන, ලේඛකයන්, කලාකරුවන් ඇතුළු සංවිධානයවල සහය හිමි විය.

ඉන්දීය නිර්මාණකරු ඔරිජින් සෙන් ලාංඡනය නිර්මාණය කළ අතර Institute for Social Research ආයතනය පෝස්ටර් සංවර්ධනය කළේය. වැඩසටහන් සඳහා කේන්ද්‍රස්ථානය වූයේ ඉන්දීය ආන්ද්‍ර ප්‍රදේශ්, කේරළ, තමිල්නාඩු, තෙලන්ගානා ප්‍රාන්තයි. මෙහිදී ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත ලේකම් කාර්යාලය ( මාක්ස්වාදී ) විශාල වැඩසටහන් ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි. ⁣චෙන්නායි මරීනාවේ කම්කරු ප්‍රතිමාව යටතේ උදෑසන ප්‍රකාශන කියවීමේ සිට වෘත්තීය සමිති ශාලාවල සවස කියවීම් දක්වා විශාල පිරිසක් සහභාගී වී තිබුණි. එසේම හවානාවේ අධ්‍යයන කවයන් ප්‍රකාශනය කියවීමට එක් වූ අතර දිල්ලියේ ස්ටුඩියෝ සෆ්ඩාර් හිදී ප්‍රකාශනය බොහෝ ඉන්දියානු හා යුරෝපීය භාෂාවලින් කියවන ලදී. දකුණු අප්‍රිකාවේ දී කොමියුනිස්ට් ප්‍රකාශනය පළමු වරට සෙසතෝ භාෂාවෙන් කියැවිණි. නේපාලයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව, බ්‍රසීලයේ ඉඩම් අහිමි කම්කරුවන්ගේ සංවිධානය විසින් අත්පත් කරගත් ප්‍රදේශ ඇතුළු දකුණු කොරියාවේ සිට වෙනිසියුලාව දක්වා රටවල්වල ජනතාව මේ සඳහා එක්ව සිටියහ. මෙය පෙබරවාරි 21ට යෙදෙන ජාත්‍යන්තර මව් භාෂා දිනයට ද උපහාරයක් ලෙස හදුනාගත හැකිය. එහි දී කොමියුනිස්ට් ප්‍රකාශන කියවීමට පමණක් සීමා නොවූ අතර පීඩිත ජනතාව අරමුණු කරගෙන රචනා කරන ලද වාමවාදී අදහස්, ග්‍රන්ථ හා රචකයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර විවිධ වැඩසටහන් සංවිධානය වී තිබුණි.

පසුගිය දශකවල දී වාමවාදී රචනයන්ට සහ රචකයන්ට ලොව පුරා මර්දනයන් එල්ල වූ අතර එවැනි අවස්ථාවක් ලෙස ඉන්දීය කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු හා මාක්ස්වාදී රචකයෙකු වූ ගෝවින්ද් පන්සාරේ හා ඔහුගේ බිරිඳ 2015 පෙබරවාරි 16 දින වෙඩි ප්‍රහාරකට ලක් වීම හඳුනා ගත හැකි අතර 2015 පෙබරවාරි 20 දින ඔහු අභාවයට පත් විය. රතු පොත් දිනය ප්‍රකාශයට පත් කිරීමට මෙම සිදුවීම ද යම් බලපෑමක් සිදු කර තිබුණි. 2021 වසරේ දී වාමාංශික රාජ්‍ය අනුග්‍රහය ද මෙම වැඩසටහන් සඳහා ලැබුණ අතර වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝ ද එවැනි වැඩසටහනකට සම්බන්ධ වී තිබුණි. 2022 වසරේ දී ඉන්දීය කේරළ ප්‍රාන්තයේ ජනතාව ලක්ෂ 05ක් පමණ මෙම වැඩසටහන් සමඟ එක්ව සිටියහ.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා වර්ණභේදවාදයට එරෙහි ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රචලිත මැල්කම් එක්ස් වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද 1965 පෙබරවාරි 21 දිනයි. මෙවර රතු පොත් දින සැමරුම් වැඩසටහන්වලට සමගාමී ව ඔහු පිළිබඳව සාකච්ඡා ද දක්නට ලැබේ. මේ වන විට පුළුල් පරාසයක පැතිරී පවතින "රතු පොත් දිනය" සඳහා උතුරු ඇමරිකා, යුරෝපා, ඕස්ට්‍රේලියා මහද්වීපයවල රටවල් ඇතුළු මිලියනයකට අධික ජනතාවක් මෙම වසරේ ද එක්ව සිටී.

සමාජ අධ්‍යයනය සඳහා වාමවාදී රචනා තුළින් ලැබෙන සහය අතිමහත්ය. එබැවින් ජාත්‍යන්තර රතු පොත් දිනය හා ඒ සම්බන්ධ වැඩසටහන් යනු සමාජ අධ්‍යයන ක්ෂේත්‍රයේ නියුතුවන්ට විශාල දැනුම් සම්භාරයක් එක් රැස් කරගත හැකි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.

මූලාශ්‍රය : https://redbooksday.org/

සමාජ අධ්‍යයන කවය

Address

University Of Peradeniya, Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Social Studies Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Social Studies Circle:

Share