Sri Dalada Maligawa

Sri Dalada Maligawa Official page of Sri Dalada Maligawa - Kandy, Sri Lanka.
(1082)

Sri Dalada Maligawa (Sinhala: ශ්‍රී දළදා මාලිගාව), also known as the Temple of the Sacred Tooth Relic, is a revered Buddhist temple located in the city of Kandy, Sri Lanka. Situated within the historic royal palace complex, it enshrines the Sacred Tooth Relic of the Buddha. Since ancient times, the Sacred Relic has played a significant role in Sri Lankan history and governance, as it is traditiona

lly believed that the custodian of the Relic holds the right to rule the country. Kandy, the last capital of the Sinhalese kings, is recognized as a UNESCO World Heritage Site, in part due to the cultural and religious significance of this sacred temple.

සුබ දවසක් වේවා!
06/06/2026

සුබ දවසක් වේවා!

අද යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ තවත් ශාකයක් රෝපණය විය. ආගමික වශයෙන් වැදගත්කමක් ඇති, අටවි...
05/06/2026

අද යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ තවත් ශාකයක් රෝපණය විය. ආගමික වශයෙන් වැදගත්කමක් ඇති, අටවිසි බෝධීන්ට අයත් "කිණිහිරිය" ශාකයක් මේ රමණීය පරිසරයට එක්විය.

05/06/2026

ලෝක පරිසර දිනය නිමිත්තෙන් මිහිකතට තවත් දායාදයක්...

අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහ...
05/06/2026

අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සකලාභිවෘද්ධි වර්ධනය කෙරේවායි ප්‍රාර්ථනා කරමු.!

අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහ...
04/06/2026

අස්ගිරි මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අභිනව උපාධ්‍යාය ඨානාන්තරයට පත් වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත නාරම්පනාවේ සද්ධර්ම වාගීෂ්‍වර ශ්‍රී සුමනතිස්ස ආනන්දාභිධාන අනුනායක නාහිමිපාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සකලාභිවෘද්ධි වර්ධනය කෙරේවායි ප්‍රාර්ථනා කරමු.!

02/06/2026

කරඬුව වඩම්මන ඇතා ළඟින්ම යන ඇහැලමල්පේ පරපුර..

දළදා පෙරහර ගැන කියනකොට අමතක කළ නොහැකි පිරිසක් ගැනයි අද කියන්නේ. සමහර විට ඔබ මෙය දන්නවත් ඇති. ඒත් කෙටියෙන් ඒ ගැන කියන්නම්. ශ්‍රී දළදා පෙරහර කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කිරිමෙන් පස්සේ නියමිත නැකතට ඇත් රජු වාහල්කඩින් ගාම්භීර ලෙස පියවර මනින ආකාරය අපට හොඳට හුරුයි. මේ ඇත් රජු වාහල්කඩින් එළියට බසින්න කලින් සුදු ඇදුමින් සැරසුණු දෙදෙනෙක් හෝ එක් අයකු වාහල්කඩ ඉදිරියට එනවා ඔබ දැක ඇති.ඔවුන් ඇත් රජු කරඬුව වඩම්මන ආකාරය විමසිල්ලෙන් බලමින් එහි රැඳි සිටිනු පේනවා.ඒ වගේම වාහල්කඩින් පිටතට එන ඇත් රජු පෙරහරට එක්වු පසු ඇත් රජු ළගින්ම මේ කිව්ව පුද්ගලයාත් ගමන් කරනවා.

ඇතා බලාගන්නා අයකුත් නොවුණත් ඇත් රජු ගැන හා කරඬුව ගැන විමසිලි වෙමින් පෙරහරේ ඇත් රජු සමගම ගමන් කරන පුද්ගලයා කවුද?

මේ සම්බන්ධයෙන් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතාගෙන්...

"ඒ කරඬුව බැන්ද ඇතා සමග ගමන් කරන්නේ පාරම්පරිකව රන්සිවි ගෙය බඳින ඇහැලමල්පේ පරපුරේ කෙනෙක්. ඒ අය ඇසළ පෙරහර ආරම්භ කරපු කාලේ ඉඳලම පරම්පරාවෙන් පරම්පාරාවට ඒ කාර්ය සිදුකරනවා. මේ ඇහැලමල්පේ පරපුරේ අයට ඒ කාර්ය පැවරි ඇත්තේ රාජ නියමයකින්.⁣ කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා පෙරහර ආරම්භ කළේ එතුමා පුජාකරපු රන්සිවි ගෙයි කරඬුව තැන්පත් කිරිමෙන්. අදත් වඩම්මන කරඬුව පුජා කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමායි. ඒ බව කරඬුව පාදමේ කොටා තිබෙනවා. ඉතින් මේ ඇහැලමල්පේ පරපුරේ අය රන්සිවි ගෙය බැඳලා කරඬුව තැන්පත් කරලා ඉවරවෙලා පෙරහර ඉවර වෙනකල්ම පෙරහරේ ඇතා සමඟම ගමන් කරනවා. එහෙම යන්නේ ඇතා සමහරවිට කුලප්පු වුණොත් කරඩුව ආරක්ෂා කරගන්නයි.."

"1992 දි සබරගමුවේ සමන් දේවාලයේ සමන් රාජා ඇතා තමයි කරඬුව වැඩම්මුවේ. වාහල්කඩින් එළියට ආවට පස්සේ ඇතා කුලප්පු වුණා. අලි බලන අයත් අහකට පැන්නා. අන්තිමට මළුවේ ඉතිරිවුනේ මමයි ඇතැයි තව දෙතුන් දෙනකුයි විතරයි. අන්තිමට ඇතා මගේ පැත්තට හැරුණා. මට දුවන්නත් බැහැ නිල ඇදුම් ඇඳලා නිසා. පස්සේ මම පශු වෛද්‍යවරයාට කිව්වා ඇතා නිර්වින්දනය කරන්න කියලා. ඇතාට ඇදුම් අන්දලා නිසා ඒකත් පහසු කාර්යයක් වුනේ නැ. කොහොම හරි නිර්වින්දනය කරපු ඇතා මහමළුවේදි වැටෙන්න යද්දි කරඬුව අතට ගන්න මට හැකිවුණා. අන්න එතැනදිත් ඔය ඇහැලමල්පේ පරපුරේ අය හිටියා."

නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේතුමා එලෙස අතීත විස්තරයක් කිව්වා..

පෙරහරේ නැටුම් ගැයුම් හේවිසි කණ්ඩායම් හා නිලමේලා කොතරම් ගියත් සැමගේ අවධානය තියෙන්නේ කරඬුව වඩම්මන ඇතා පිළිබඳවයි. ඒ නිසා කරඬුව වඩම්මන ඇතාට පවා මිනිස්සු වඳින්න පුරුදු වුණා. ඇතාගේ ගාම්භීරකම දෙගුණ තෙගුණ වන්නේ කරඬුව නිසයි. ඉතින් ඇතා මේ අන්දමින් සරසලා රන්සිවි ගෙය ගැටගසලා කරඬුව තැන්පත් කිරිමේ වගකීම තියෙන්නේ ඇහැලමල්පේ පරපුරට. වර්තමානයේ ඒ කාර්යය කරන්නේ ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර මහතායි. ඔහු මේ කාර්යය සිදුකරන්නේ 1974 සිටයි. ඊට පෙර ඒ කාර්යය කළේ එම්.ඩි. ඇහැලමල්පේ ඔහුගේ පියා විසින්. මේ පරපුර වෙසෙන්නේ ගුරුදෙණියේ. ඒ අය මේ කාර්යය දේව කාර්යයක් ලෙසයි ඉටුකරන්නේ. ඒ වගේම බොහෝම ගෞරවයකින් තමයි ඒ කාර්ය කරන්නේ. ඒ අය මස් මාංශ කෑමෙන් වැළකී පේව් මේ කටයුතු සිදුකරන්නේ. මේක පරපුරෙන් පරපුරට කෙරෙන කාර්යයක් නිසා වර්තමානයේ කටයුතු කරන ජයතිස්ස මහතාගේ පුත් දනුෂ්ක ඇහැලමල්පේ මහතා.

මුලින්ම ඇතා නහවා දළදා වහන්සේ නැමැද කරඬුව බදින ස්ථානයට ආවට පස්සේ ඇතා සරසා රන්සිවි ගෙය බඳින වැඩවලට පැය දෙකක් විතර යනවා.⁣ පෙරහරේ ගමන් කරනවිට ඇතා සමහර අවස්ථාවල හිරි ඇරීම නිසා කරඩුව සහිත රන්සිවි ගෙය බුරුල් වෙන්නත් පුළුවන්. ඒගැනත් අවධානය යොමුකරලයි මේ අය රන්සිවි ගෙය බඳින්නේ.⁣

ඉතින් අපි අලංකාර පෙරහරක් නරඹනවා වගේම පෙරහර අභිමානවත් කරන්න මෙවැනි පරපුරවල් ගැනත් දැන සිටිම වටිනවා.

සටහන: ධර්ම ශ්‍රී තිලකවර්ධන.
ඡායාරූපය: ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය.

Address

Sri Dalada Maligawa
Kandy
20000

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:00
Wednesday 05:30 - 20:00
Thursday 05:30 - 20:00
Friday 05:30 - 20:00
Saturday 05:30 - 20:00
Sunday 05:30 - 20:00

Telephone

+94812234226

Website

https://www.instagram.com/sridaladamaligawakandy, https://kandyesalaperahera.com/dates

Alerts

Be the first to know and let us send you an email when Sri Dalada Maligawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Dalada Maligawa:

Share