Lion Heart Youth Club Poththila

Lion Heart Youth Club Poththila පඤ්ඤා නරානං රතනං

26/12/2025

30/10/2025
*කිරි ආහාර සහිත උදෑසන සම්බුද්ධ පූජාව* වප් පුන්පොහෝ දින උදෑසන 6.15 සිට උඩරණ්දෙණිය පුරාණ විහාරයේදී පැවැත්වේ .එදිනට කිරි ආහ...
01/10/2025

*කිරි ආහාර සහිත උදෑසන සම්බුද්ධ පූජාව*

වප් පුන්පොහෝ දින උදෑසන 6.15 සිට උඩරණ්දෙණිය පුරාණ විහාරයේදී පැවැත්වේ .
එදිනට කිරි ආහාර පාත්‍රයක් රැගෙන මෙම පුන්‍යකර්මයට සහභාගී වීමට ඔබත් පින් සිත් පෙරදැරිව පැමිනෙන්න.



11/08/2025
නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අ...
08/08/2025

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය. ලෝකයේ හොඳ හා නරක යනුවෙන් කොටස් දෙකකි. මේවා තීරණය කරනු ලබන්නේ නිකිණි පුන් පොහොය දිනයටය.

වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදා වන සමය හැඳින්විය හැකිය.

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.

පන්සල හා ගිහියන් අතර සබැඳියාව වඩාත් තහවුරු කිරීමට මේ පොහොය වැදගත් වේ.

අන්‍යෝන්‍ය සබැඳියාව වර්ධනය කිරීමට නිකිණි පොහොය විශේෂ තැනක් ගනී. ගිහි, පැවිදි දෙපක්ෂය අතර පවත්නා යුතුකම් ඉටු කිරීමට මේ පොහොය හොඳ මාර්ගයකි. අවස්ථාවකි.

සමාජයේ හා පුද්ගලයාගේ අභිවෘද්ධිය උදෙසා පො‍හොය වඩාත් ජීවිතවලට බද්ධ වී ඇත. මසකට වරක් එළැඹෙන පොහොය දිනය සෙසු දිනවලට වඩා සුවිශේෂත්වයක් දක්වයි.

ජීවිතයට වඩාත් උද්දීප්තියක් ළඟා කරන්නක් ලෙස නිකිණි පොහොය අර්ථ දැක්විය හැකිය. බුදුදහම අනුව මූලික පරමාර්ථය හා අරමුණ, වන්නේ සංසාර සාගරයෙන් එතෙර වීමය. සසර බැමි සිඳ බිඳ දැමිය යුතුය. එසේ සිඳලන්නට හැකි වන්නේ තෘෂ්ණාව දුරු කිරීමෙනි. ආසාව දුරු නොකොට සසර බැමි බිඳ දැමිය නොහැකිය. බුදුරදුන් දස පාරමිතාවේදී මුලට යෙදුවේ දානයයි. නැත්නම් දීමයි. දෙන්නේ නැතිව කිසිවක් කළ නොහැකිය. සසර කෙටි කර ගත නොහැකිය. වර්ෂා කාලයේදී එක තැනකට වී වස් සමාදන් වීම බුදුරදුන් පැනවූ විනය ප්‍රඥප්තියක් නොවේ. ප්‍රාග් යුගයේ සිට පැවත එන සම්ප්‍රදායකි. බෞද්ධ භික්ෂූන් හේමන්ත, ගිම්හාන, වස්සාන කාලවල නිල් තණ මඬිමින් පා ගමනින් කුඩා සතුන් විනාශයට බඳුන් කරමින් චාරිකාවේ හැසිරෙද්දී සෙසු පරිබ්‍රාජිකාදීහු එක්තැන්ව වස් විසීමෙහි ඇලී සිටිති.

“අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තු” මහණෙනි මම වස්සාන ඍතුවෙහි වස් එළැඹෙන්නට අනුදනිමියි භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි පෙරවස් එළඹීම පසු වස් එළැඹීම දෙකකි. ඇසළ පුන් පොහොයට පසු දින එනම්, අවපෑළවිය දිනයෙහි පෙර වස් එළැඹිය යුතුය. ඇසළ පුන් පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසු වස් එළැඹිය යුතුය. වස් එළැඹීම ජනතාවගේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය හැකිය.

බුදුරදුන් ප්‍රඥාප්ති ආවට ගියාට පැනවූයේ නැත. යම් යම් හේතු මත විනයන් පන වන ලදි. සඟරුවනේ නිදහසට බාධා කරන්නට බුදුරදුන්ට වුවමනාවක් නොවීය. සිවු මසක් පමණ වැසි පවතින බැවින් ස්වකීය පන්සලට වී ‘වස්සික සාටිකය’ හෙවත් වැසි සළුව වස් වසන භික්ෂූන් විසින් වස් වසන දිනයේ දීම අධිෂ්ඨාන කොට වස්සාන මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් ලෙස නියම කොට ඇත.

නාන කඩය යනුවෙන් හඳුන්වන මේ චීවරය සඟරුවනට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට

ලබා ගැනීමට ප්‍රථමයෙන් කටයුතු කරන ලද්දේ විශාඛා මහෝපාසිකාවගේ ඉල්ලීමකට අනුවය.

වස්සාන කාලයෙහි සැදැහැවතුන් සඟරුවන වෙසෙන ආරාමයට ගොස් නිතරම පින් දහම් කටයුතුවල යෙදීම මත ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට නිකිණි පොහොය උපස්තම්භක වේ.

බොහෝ අය ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් ලෙස සලකති. එහෙත් මෙය දෙකකි. මනුෂ්‍යත්වය මිනිස්කම මතු වන්නේ ජීවිතයෙනි.

සද්භාවය යහපත්භාවය සත්පුරුෂ ලක්ෂණ කෘතවේදීත්වය, සංවේදී බව යන ගුණාංග මතු වන්නේ මනුෂ්‍යත්වය පදනම් කර ගෙනය.

ජීවිතය යනු පොදු වූවකි. එහෙත් මනුෂ්‍යත්වය මානුෂික භාවය පොදු ගුණාංග නොවේ. මිනිසාගේ විඥානය ප්‍රගුණ කිරීමෙන් මතු වන ලක්ෂණ වන්නේ මනුෂ්‍යත්වයයි.

මානුෂික හැඟීම් මතු වීමට නිකිණි පොහොය හොඳම භූමිකාවකි. පරිශ්‍රයක උදවුවට භාජනය වූ පුද්ගලයා එම ගුණ නිරන්තරයෙන්ම මෙනෙහි කිරීම මිනිස්කමකි. මෙතනදී උදවු කළ තැනැත්තාට හෝ තැනැත්තියට එහි ඵලවිපාක අත් වේ. දත් මැදලා දමන දැහැටි දඬු මෙන් ප්‍රයෝජන ගෙන අමතක කිරීම ඉවතට වීසි කිරීම අසත්පුරුෂයන් කෙරෙහි පවත්නා දුර්ගුණයකි. මේවා අපට අවබෝධ කොට දෙන්නේ නිකිණි පො‍හෝ දින පන්සලට ගිය විටය.

ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පො‍හෝදාකය. නිකිණි පුන් පොහොය දින වෙනත් පොහොය දින මෙන් සිද්ධි සමුදායක් සිදු නොවුණ ද පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර විය


Lion Heart Youth Club Poththila

2025 වර්ෂය ආරම්භ කරමින් ශ්‍රී සංඝරාජ දහම් පාසලේ පැවැති පිරිත් දේශනය
08/01/2025

2025 වර්ෂය ආරම්භ කරමින් ශ්‍රී සංඝරාජ දහම් පාසලේ පැවැති පිරිත් දේශනය

සුබ නව වසරක් වේවා      #2025
31/12/2024

සුබ නව වසරක් වේවා



#2025

*පින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.* සිරිමා බෝ සමිඳුන් වැඩමවීමත්, මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙ...
14/12/2024

*පින්බර උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.*

සිරිමා බෝ සමිඳුන් වැඩමවීමත්, මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයත් සිදු වූ දිනය ලෙස උදුවප් පුර පසළොස්වක පෙහොය බෞද්ධ සැදැහැවතුන්ට වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි.

වසරේ අවසන් පොහෝ දිනය වන අද ශ්‍රී ලාංකේය බෞද්ධ සැදැහැවත්හු දාන, සීල, භාවනාදී පිං දහම්වල නිරත වෙමින් නව වසරේ උදාවට සූදානම් වෙනවා.

මේ අතර සිරිපා වන්දනා සමය ද අදින් ආරම්භ වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි...!!!



© *හෙට දින ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිය හා ධෛර්යයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ඔබ සැමට ලැබේවායි ...
24/11/2024

©

*හෙට දින ආරම්භ වන උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීම සඳහා ශක්තිය හා ධෛර්යයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ඔබ සැමට ලැබේවායි ප්‍රාර්ථනය එක් කරන්නේ සංඝරාජ මාධ්‍ය සමූහය.*


15/11/2024

Address

313/Poththila
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Lion Heart Youth Club Poththila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share