11/03/2026
🎗️ UNSEEN DONATION CAMPAIGN 2026 : STAGE- 3 🎗️
➤ ස්ථානය - තෙල්දෙණිය- රංගල
➤ වැඩසටහන - දිත්වා සුලිකුණාටුව හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුවී අවතැන් වූ පවුල් 7 ක් සහ විහාරස්ථානය සඳහා මුදල් පරිත්‍යාග ලබාදීම.
➤ සම්බන්ධීකාරක - සුරේනි දිල්රුක්ෂි මිය : ඉංග්‍රීසි ගුරු තෙල්දෙණිය කණිෂ්ට විද්‍යාලය සහ අකිල සමරවික්‍රම : Unseen සාමාජික
➤ දිනය සහ ස්ථානය - 2026 මාර්තු 10 දින මකුල්දෙණිය විහාරස්ථානයේදී
➤ පරිත්‍යාග - මූල්‍ය පරිිිිිත්‍යාග සිදු කිරීම.
➤ ක්‍රියාකාරී නිල - ගරු සභාපති සහ ගරු භාණ්ඩාගාරික
➤ ස්තූතිය - මෙම වැඩසටහන සඳහා විශ්වාසනීය ලෙස නිවැරදි තොරතුරු සපයා සංවිධානය සහ නිවාස අහිමි වූවන් සම්බන්ධකරදීම සුරේනි දිලෘක්ශි මිය ගේ කාර්‍යබහුල දිවියෙන් කාලය කැප කොට ඉතාම කෙටි කාලයකින් සිදු කර දුන් අතර ඇයගෙ ඥාති සොහොයුරු වන අප සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික අකිල සමරවික්‍රම මහතා ඉතාම කැපවීමෙන් මෙම කර්තවය සාර්ථක කරගැනීමට හැකි සෑම අයුරින්ම සහය ලබා දීම ගැන විශේෂ ස්තූතිය පල කරමු.
ඉතාලියේ මෙරන්ස් කෝන්ගහ මහතා, ඉතාලියේ සම්පත් උපුල් සොයුරා සහ ඔහුගේ මිතුරු කැල, ඉන්දියාවෙ ලක්ශ්මන් ජයතිලක සොයුරා, ෆින්ලන්තයේ මදාරා රණවීර සහ චින්තක ප්‍රභාත් දෙපල, මාලදිවයිනේ කල්ප දිලන්ජන සොයුරා ශ්‍රී ලංකාවෙ ගීසර සකරාජ සොයුරා සහ සුවිමාලි රණසිංහ සොයුරිය ඇතුලු මුදල් ආධාර ලබාදුන් සැමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.
එමෙන්ම වැඩසටහනේ වීඩියෝ සංස්කරණය, මුදල් පරිපාලනය සහ අනෙකුත් සියලුම කටයුතු වලදී නිරන්තර සහය දුන් Unseen හි ගරු භාණ්ඩාගාරික විශ්ව ගොපල්ලව මහතාට බෙහෙවින් ස්තූති වන්ත වෙමු.
මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ දෙස් විදෙස් සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි!
🎗️ සටහන - විලෝචනා අබේකෝන් - සභාපති