ආදර මායාව

ආදර මායාව එන්න like කරන්න comment කරන්න share කරන්න
(1)

🔆🔆 "ආයතපණ්හි" මහා පුරැෂ ලක්ෂණය 🔆🔆බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් එකක් වන ආයතපණ්හි යන්නෙන් අදහස් කරන්නේ...
18/06/2026

🔆🔆 "ආයතපණ්හි" මහා පුරැෂ ලක්ෂණය 🔆🔆

බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් එකක් වන ආයතපණ්හි යන්නෙන් අදහස් කරන්නේ දික් වූ, පූර්ණ වූ හා මනාව පිහිටි විලුඹ යුගලක් තිබීමයි.

🔅ආයත (Āyata) = දික් වූ, විහිදී ගිය, පූර්ණ වූ.
🔅පණ්හි (Paṇhi) = විලුඹ.

ඒ අනුව, බුදුරජාණන් වහන්සේගේ දෙපාහි විලුඹ කොටස කුඩා හෝ අසම නොවී, සමබරව, පූර්ණව හා ශෝභන ලෙස වර්ධනය වී තිබීම මෙම ලක්ෂණයෙන් දැක්වේ.

පාලි භාෂාවෙන් "ආයත" යනු දිගු/පිරිපුන් යන්නයි, "පණ්හි" යනු විලුඹයි. බුදු දහමට අනුව මෙවැනි උතුම් ශරීර ලක්ෂණයක් ලැබීමට පෙර ජාතීන්හි කරන ලද සුවිශේෂී පින්කම් හේතු වේ.

🌺🌺 මෙවැනි ලක්ෂණයක් ලැබීමට හේතු වූ පින්කම් 🌺🌺

ලක්ඛණ සූත්‍රයට අනුව, පෙර ආත්ම භවයන්හිදී:
〽️සතුන් මැරීමෙන් වැළකී, අවිහිංසාවාදීව ජීවත් වීම.
〽️අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ට අභයදානය දීම.
〽️මෛත්‍රී සහගත සිතින් යුතුව කටයුතු කිරීම.

🌺🌺 මෙහි ආනිශංස 🌺🌺

මෙම මහා පුරුෂ ලක්ෂණය නිසා උන්වහන්සේට ලැබුණු ආනිශංසය වන්නේ දීර්ඝායුෂ ලැබීමයි. කිසිදු බාහිර සතුරෙකුට, ආයුධයකට හෝ අනතුරකට උන්වහන්සේගේ ජීවිතය අවසන් කාලයට පෙර නැසීමට නොහැකි වීමේ මහා ආනුභාවයක් මෙයින් ප්‍රකාශ වේ.

බෞද්ධ අට්ඨකථාවලට අනුව මෙම ලක්ෂණය මහා පුරුෂයෙකුගේ ශක්තිමත් ගමන, ස්ථාවරභාවය, දෘඪත්වය සහ උතුම් ශාරීරික සම්පත්තිය ප්‍රකාශ කරන ලක්ෂණයක් ලෙස සැලකේ. ම

මෙම ලක්ෂණය පෙර භවයන්හි සිදුකළ මහත් පුණ්‍යකර්මයන්ගේ විපාකයක් ලෙස මහා පුරුෂයෙකුට පහළ වන බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.

🚨 තෙල්දෙණියේ මෝටර් රථයකතිබී හමු වූ භෞතචිකිත්සකවරියගේසිරුරේ අභිරහස ❌ ❎ ඝාතනයට සැක කෙරෙනපෙම්වතා සෙවීමටමහජන සහය පතයි! 🔎මහනු...
18/06/2026

🚨 තෙල්දෙණියේ මෝටර් රථයක
තිබී හමු වූ භෞත
චිකිත්සකවරියගේ
සිරුරේ අභිරහස ❌ ❎

ඝාතනයට සැක කෙරෙන
පෙම්වතා සෙවීමට
මහජන සහය පතයි! 🔎

මහනුවර තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයකින් භෞත චිකිත්සකවරියකගේ සිරුරක් හමුවීමේ සිද්ධියට අදාළව, ඇයගේ පෙම්වතා බව කියන ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයා සොයා නුවරඑළිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මේ වනවිට මහජන සහය පතයි.

🛑 සිද්ධියේ පසුබිම සහා
CCTV අනාවරණය 📌

මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ 33 හැවිරිදි පී.ආර්. ශ්‍යාමා දර්ශනී නමැති තරුණියකි. ඇය විදේශගත වීම සඳහා සිය රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලියකියවිලි ද භාර දී තිබූ බව රෝහල් බලධාරීන් තහවුරු කරයි.
ඇය සිය පෙම්වතා සමඟ නුවරඑළියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, ඉකුත් 16 වැනිදා රාත්‍රියේ ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හෝටල් ආරක්ෂක අංශ පවසන්නේ, එදින රාත්‍රී 9.00 ට පමණ සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් පැමිණ, සිය බිරිඳ රෝගාතුරව ඇති බව පවසා තරුණියව ඔසවාගෙන ගොස් මෝටර් රථයට දමාගෙන පළාගිය බවයි. මෙම දර්ශන හෝටලයේ CCTV කැමරාවල ද සටහන්ව තිබේ.
පසුව තෙල්දෙණිය රෝහල අසල වාහනයක් තුළ කාන්තාවක් ඝාතනය වී ඇති බවට පොලිසියට දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ ද මෙම සැකකරු විසින්ම බවට මේ වනවිට සැක කෙරේ.

📞 ඔබේ සහය පොලිසියට
ලබා දෙන්න!

ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් වහාම පහත අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

PLEASE SHARE 📌📌📌
📌 නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි 01 (චන්දන බස්නායක) : 0718591096
📌 නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක : 0718591097


18/06/2026

**🚨 අභිරහස් ඝාතනයක්...! 😔**

**අම්පාර රෝහලේ සේවය කළ භෞත චිකිත්සක නිලධාරිනියගේ මළ සිරුරක් තෙල්දෙණියෙන් හමුවෙයි...**

තෙල්දෙණිය නගරයේ රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළින් අභිරහස් ලෙස මියගිය තරුණ කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලිස් තොරතුරු අනුව, මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞත චිකිත්සක නිලධාරිනියක් ලෙස සේවය කළ **රත්නායක පතිරණගේ ශ්‍යාමා දර්ශනී (34)** නම් කාන්තාවකි.

මෝටර් රථයේ දොරගුලු දමා තිබූ බැවින් පොලිස් නිලධාරීන් විසින් දොර කඩා විවෘත කර පරීක්ෂණ සිදුකර ඇත.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දේහය යොමුකර ඇත.

තෙල්දෙණිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම ඝාතනයට සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

**අභිරහස් ලෙස අවසන් වූ තවත් ජීවිතයක්... 🕊️
සිද්ධියේ සත්‍යය ඉක්මනින් හෙළිවේවා...**

තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ ම #ළසිරුරක් හමුවේතෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක්...
17/06/2026

තෙල්දෙණිය රෝහල් රථගාලේ මෝටර් රථයක තිබී වෛද්‍යවරියකගේ ම #ළසිරුරක් හමුවේ

තෙල්දෙණිය මූලික රෝහලේ රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී වෛද්‍යවරියකගේ ම #ළසිරුරක් අද (17) පස්වරුවේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

​මෙසේ අභිරහස් ලෙස මි #යගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරියකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය, මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකු සමඟ නිවාඩුවක් ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇති බවයි.

​පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ රෝහල් රථගාලේ තිබූ මෝටර් රථය පරික්ෂා කිරීමේදී මෙම සි #රුර සොයාගෙන ඇත.

​සිද්ධිය සැලවීමත් සමඟ තෙල්දෙණිය මහෙස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා එම ස්ථානයට පැමිණ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී. ඊට අමතරව තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී උපුලි බණ්ඩාර මහත්මියද එම ස්ථානයට පැමිණ මූලික වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කළාය.
ම #රණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තෙල්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

උපුටා ගැනීමකි

අපි හැම කෙනෙක්ටම අවවාදයක් !!!!පොඩි වෙලාවක් අරන් කියවන්න.පිළිපදින්න !ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමර...
14/06/2026

අපි හැම කෙනෙක්ටම අවවාදයක් !!!!
පොඩි වෙලාවක් අරන් කියවන්න.
පිළිපදින්න !

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම පෙරදින (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 25 වන වියෙහි පසු වූ නිවින්, කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කැනඩාවේදී උසස් අධ්‍යාපනය හැදෑරිය.

අධ්‍යාපන කටයුතු නිමා කර මෙරටට පැමිණ සිටි මෙම බුද්ධිමත් තරුණයාගේ හදිසි සමුගැනීම පවුලේ ඥාතීන්ට මෙන්ම හිතමිතුරන්ට ද දැරිය නොහැකි ශෝකයක් වී තිබේ.

* නිවින්ගේ දේහය මේ වන විට නුගේගොඩ, පැලවත්ත පාරේ, අංක 11 දරන නිවසේ තැන්පත් කර ඇත.

* ආගමික වත්පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව අද (ඉරිදා) සවස 3.00 ට දේහය නිවසින් රැගෙන යාමට නියමිතය.

* අවසාන කටයුතු සවස 5.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

හදිසි මරණයට හේතුව: DVT තත්ත්වයක්

අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව නිවින්ගේ මරණයට හේතු වී ඇත්තේ ‘Deep Vein Thrombosis’ හෙවත් DVT නමැති වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වයයි. මෙය ශරීරයේ ගැඹුරින් පිහිටි ශිරාවල (ප්‍රධාන වශයෙන් කකුල් හෝ උකුල් ප්‍රදේශයේ) ලේ කැටියක් හටගැනීම නිසා ඇතිවන සෞඛ්‍ය අවදානමකි.

මෙම තත්ත්වය ප්‍රධාන හේතු තුනක් නිසා හටගත හැක:

* ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වීම හෝ මන්දගාමී වීම.
* ශිරාවලට (ලේ නහරවලට) යම් හානියක් සිදුවීම.
* රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම.

නිශ්ශබ්ද මාරයෙකුගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

DVT තත්ත්වය බොහෝ විට හඳුන්වන්නේ ‘නිශ්ශබ්ද මාරයෙකු’ ලෙසය. කකුලේ හටගන්නා ලේ කැටියක් රුධිර සංසරණය හරහා පෙනහළු කරා ගමන් කළහොත් (Pulmonary Embolism), එය ක්ෂණික මරණයකට වුවද හේතු විය හැක.

විශේෂයෙන්ම දිගු වේලාවක් එක දිගට වාඩි වී සිටීම (උදාහරණ ලෙස දීර්ඝ ගුවන් ගමන් හෝ පරිගණකය අසල එක දිගට සිටීම) මීට ප්‍රධානතම හේතුවකි.

තරුණ වයසේ පසුවන්නන් වුවද, දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එක දිගට වාඩි වී සිටීමෙන් වැළකී වරින් වර ඇවිදීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම මඟින් මෙම දරුණු වෛද්‍ය විද්‍යාත්මක අවදානමෙන් ආරක්ෂා විය හැක.

(මුහුණුපොතෙන් උපුටා ගැනීමක්)

🔴 සුර යහනට බාධාවක් වූ දරුවා පහර දී මරා දාලා #අනුරාධපුර දිස්ත්‍රික්කයේ  #හොරොව්පොතාන, හුරුළුනික වැව පදිංචි සඳමාලි වයස අවු...
14/06/2026

🔴 සුර යහනට බාධාවක් වූ දරුවා පහර දී මරා දාලා

#අනුරාධපුර දිස්ත්‍රික්කයේ #හොරොව්පොතාන, හුරුළුනික වැව පදිංචි සඳමාලි වයස අවුරුදු 26ක් වූ එක් දරු මවකි. යුද හමුදාවේ සිවිල් සේවකයකු වූ සැමියාගේ වයස අවුරුදු 48කි. මේ දෙදෙනාගේ එකම පුතු දිලීපගේ වයස අවුරුදු 04කි.

සැමියා නිවෙසට එන්නේ නිවාඩුවට පමණි. ඒ පැමිණෙන තෙක් මව කෙසේ වෙතත් පුතා නම් මඟ බලා සිටියාට සැකයක් නැත.
විවාහය සිදු වූ කාලයේ සඳමාලිට මොහු පෙනුනේ සුර කුමරකු ලෙසිනි. කල් ගතවෙද්දී ඔහු තමන්ට වඩා අවුරුදු 22ක් වැඩිමල් මහල්ලකු ලෙසින් පෙනෙන්නට ගත් බැවින් ඇය නිතරම සිටියේ ඔහු ගැන නොරිස්සුම් ස්වභාවයෙනි.

#මින්නේරිය, රත්මල්ගම පදිංචි සුරේෂ් කුමාර 26 හැවිරිදි වියේ පසු වූ විවාහකයෙකි. දරුවන් නොසිටි අතර ඔහු විවාහයෙන් වෙන් වී තනිකඩයකු ලෙස ජීවත් වූයේ කුලී වැඩ වල යෙදෙමිනි.
කුලී වැඩ සොයමින් ගමින් ගමට යන මොහු හුරුළුනික වැවට එන්නේ 2017 වර්ෂයේ මුල් මාසවල දිනෙකය. ඔහුට සඳමාලි හමුවන්නේ කුලී වැඩ සොයමින් යන අතරය. දරුවා සමඟ කාන්සියෙන් නිවෙසේ කල් ගෙවූ සඳමාලි, සුරේෂ් සමඟ හිතවත් කමක් ඇති කර ගන්නේ සැමියාත් මොහුත් සංසන්දනය කරමිනි. ඒ සන්සන්දනයේ දී වැඩි ලකුණු හිමි වූයේ සුරේෂ්ටය.

මේ දෙදෙනා අතර ඇති වූ හිතවත් කම ලිංගික සම්බන්ධයක් දක්වා දුර දිග ගිය අතර ඔහු හොර රහසේ මේ නිවෙසට යෑමට ඒමට ද පටන් ගත්තේය. හැංගි මුත්තං සෙල්ලම් කරනවට වඩා එලිපිටම ඇය තමන්ගේ සන්තකයට ගැනීමට සුර‌ේෂ් කල්පනා කළේය. තමන් සමග එන්නැයි ඔහු කළ යෝජනාවට ඇය එකඟ වූවාය. ඇය ඔහු හා රත්මල් ගමට පැන යන්නේ දරුවාද රැගෙනය.

මනාලිය කැන්දන් ආවේ දරුවකු ද සමඟ වීම නිසා මේ යුවළට මදු සමය ගත කිරීමට ද නිදහසක් ලැබුණේ නැති තරම්ය. කෙසේ වෙතත් සුරේෂ් තම සුපුරුදු රැකියාව කොට ලැබෙන මුදලින් මේ මවත් දරුවාත් දෙදෙනාම නඩත්තු කළේය.
සුරේෂ්ට මේ දරුවා කරදරයක් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ඊට මුල් වූ කරුණු කිහිපයකි. පළමු වැන්න දරුවා තමන්ගේ නොවීමය. අනිත් කරුණු අතර මුල් තැන ගත්තේ දරුවා සිටින නිසා හිතෙන හිතෙන වේලාවට සඳමාලි සමඟ යහන් ගත වීමට නොහැකි වීමය.
මේ කරුණ‌ු මුල් කොට ගෙන දිලීප පුතාට සිදු වූයේ සුරේෂ් බාප්පාගෙන් නිතර නිතර ගුටි කන්නටය. සඳමාලි ද මේ සඳහා සුරේෂ්ට ආධාර අනුබල දුන්නේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට දරුවා බාධාවක් වීමේ කෝපයෙනි.
බාප්පාගෙන් ගුටි කන දරුවා මව ළඟට දිව ගියත් ඇයගෙන් ලැබෙන්නේ ද ගුටිම පමණි. සමහර දිනයක දරුවා නිවෙසින් එලවා දැමීමට පවා සුරේෂ් මෙන්ම සඳමාලි ද කටයුතු කළේ දරුවාට වඩා ලිංගික සැපතේ ආස්වාදය වැදගත් වූ නිසාය.

අවසානාවන්ත මූසල දිනය උදා විය.
සවස 02.10ට මින්නේරිය පොලිසියට දුරකතන ඇමතුමක් දෙන හිඟුරක්ගොඩ රෝහල් පොලිස් මුරපොලේ නිලධාරියකු කියා සිටියේ පහර දීමකින් බරපතල තුවාල ලබා සිටි දරුවකු රෝහලට ඇතුලත් කළ පසු මිය ගිය බවයි.

දරුවා පදිංචිව සිටි නිවෙසේ ලිපිනය ලබා ගත් ස්ථානාධිපති වරයා කණ්ඩායමක් සමඟ මුලින්ම යන්නේ මහරත්මලේ දිලීප දරුවා පදිංචිව සිටි නිවෙස වෙතය. පොලිසිය යන විටත් නිවෙස අවට අසල්වාසීන් එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.
දිලීප ජීවත් වූ කටු මැටි ගැසූ පැල්පතේ ඉදිරිපස දොර ද ශක්තිමත් එකක් වූයේ නැත. සුළඟට පවා සෙලවෙන දොරෙන් ඇතුලු වූ පොලිස් නිලධාරීන්ට දක්නට ලැබුණේ රෙදි කඩමාළු ටිකක්, කළු පැහැ වූ වලං මුට්ටි කිහිපයක් සහ තවත් ලට්ට ලොට්ට ටිකක් පමණි.
නිවෙස අපරාධ ස්ථානයක් ලෙස නම් කොට ආරක්ෂාව යෙදීමෙන් පසු ස්ථානාධිපති වරයා රෝහල බලා පිටත් විය. පොලිසිය යන විට දරුවාගේ මවත් සුලු පියාත් රෝහලේ සිටියහ. පහර දුන්නෙත් මේ දෙදෙනාය. දරුවා රෝහලට රැගෙන විත් තිබුණෙත් මේ දෙදෙනාය. පොලිසිය මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නේ පහර දී දරුවා ඝාතනය කිරීමේ චෝදනාවටය.

‘ඇයි..මේ දරුවට ගැහුවේ’ යැයි ස්ථානාධිපති වරයා ඇසූ පැනයට දෙදෙනාම නිරුත්තර වූහ. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව සිටීම පහසු කටයුත්තක් වන්‌නේ නැත. එහෙත් මේ දෙදෙනා ‘ඉතිං.. දරුවට ගැහුව’..ලෙසින් කෙටි පිළිතුරක් දී නිහඬව බිම බලා ගත්හ.
අසල් වැසියන් පවසා සිටියේ දරුවාට මාරාන්තික පහර එල්ල කිරීමට මුල් වූයේ මේ දෙදෙනාට ලිංගික සබඳතා පැවැත්වීමට දරුවා බාධාවක් වීම නිසා බවයි.

‘ඔය ගෑනියි මිනිහයි එකතු වෙලා මේ අහිංසක පොඩි දරුවට නිතරම ගහනවා. මැරුණ දවසේ දවල් දරුව කෑ ගගහ අඬ අඬ පාර දිගේ දිව්වා. බලද්දි අර කාලකණ්නි මිනිහ දරුවට ගහල ගෙදරින් එලවල’
‘අපි දරුවව ගෙදරට එක්ක ඇවිත් බිස්කටුයි කෙසෙල් ගෙඩියි කන්න දීල කිරි එකකුත් පොවල ටික වෙලාවක් තියාගෙන ඉඳල ගිහින් කිව්ව ඇවිත් දරුවව අරන් යන්න කියල. ඊට පස්සෙ දරුවගෙ අම්ම කියන එකියි අර මිනිහයි ඇවිත් බැන බැන ගගහ දරුවව ඇදගෙන ගියා.
දරුවගෙ ගෙදර ඉඳල අපේ ගේ ළඟට කිලෝ මීටර් බාගෙකට වඩා වැඩියි. මේ පොඩි දරුව එච්චර දුරක් තනියම ඇවිත් තිබුණේ’ ලෙසින් අසල්වැසි කාන්තාවක පැවසුවේ කඳුලු පිරි දෙනෙතිනි.
මවත් සුලු පියාත් දරුවාට අතින් පයින් මෙන්ම කොටුවකින් ද පහර දී තිබිණි. පහර කෑමෙන් අඩපන වූ දරුවා රෝහලට රැගෙන යන විට සිටියේ අවසන් හුස්ම පොද වාතලයට පිට කිරීමට සූදානමිනි.

දරුවාගේ දේහය පිළිබඳ පැවැති පස්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ සිරුරේ තැලුම් තුවාල 48ක් තිබෙන බවයි. දරුවා මිය ගොස් තිබුණේ හෘදය වස්තුවට රුධිරය ගමන් කිරීම ඇන හිටීම නිසා අති වූ කම්පනයෙනි.

අධිකරණ වෛද්‍ය වරයා පවසා තිබුණේ මෙවැනි දරුවකුගේ සිරුරේ තිබෙන්නේ ලේ පයින්ට් එකක පමණ ප්‍රමාණයක් බවත් දරුවාගේ සිරුරේ තිබූ ‌ලේ ප්‍රමාණය ඊටත් වඩා අඩු වන්නට ඇති බවත්ය.
මාස තුනක් තිස්සේ මවගේ හා සුලු පියාගේ නොසලකා හැරීම්වලට භාජනය වීම හේතුවෙන් නිසි අහරක් නොලබන්නට ඇති බව ද වෛද්‍ය වරයා පවසා තිබිණි. දෙදෙනා එක්ව කළ පහර දීම් නිසා ඇති වූ තැලුම් තුවාල 48 වටා සිරුරේ තිබූ රුධිරය එකතු වීම ‌හේතුවෙන් දරුවාගේ හෘදය වස්තුවට ගමන් කිරීමට රුධිරය ඉතිරි වී නැත.

දරුවා කම්පන තත්ත්වයට පත් වන්නේ ඒ නිසාය.
අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි. දරුවාගේ දේහය බාර ගත් පියා එය රැගනෙ හුරුළුනික වැවට ගියේ හඬා වැටෙමිනි.
කම් සැප විඳීමට බාධාවක් වූ දරුවා ඝාතනය කළ මේ දෙදෙනාට සිදු වූයේ හිර කූඩුවේ කම්බි කූරු ගැනීමටය.

🇱🇰

උපුටා ගැනීමකි

14/06/2026

🙏

14/06/2026
මම ශමිලා ලියනාරච්චි කෑගැසීම්, රණ්ඩු දබර සහ අර්බුද මැද අවසානයේ ඇය මියගොස් සිටියාය. සිරගතව සිටි තම පෙම්වතා නිදහස් වී පැමිණ...
12/06/2026

මම ශමිලා ලියනාරච්චි

කෑගැසීම්, රණ්ඩු දබර සහ අර්බුද මැද අවසානයේ ඇය මියගොස් සිටියාය. සිරගතව සිටි තම පෙම්වතා නිදහස් වී පැමිණි පසු, ඔහු රහසිගතව වෙනත් කාන්තාවක් සමඟ ජීවිතයක් ගොඩනඟාගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. එම ආරංචිය ඇගේ සිත දැඩි ලෙස බිඳ දැමීය. අවසානයේ, තමන්ට අයත් කුඩා බිම් කඩක තිබූ ඇඳක් මත ඇය මියගොස් සිටියාය.

ඇය පැමිණි මාවතක් තිබුණා. යාමට නියමිතව තිබූ ගමනක්ද තිබුණා. නමුත් හමුවූ පෙම්වතා නිසා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. කිසිවක් දුරදිග නොසිතා ඔහු සමඟ විවාහ වීමට තීරණය කළත්, එසැනින්ම ඔහුට සිරදඬුවමක් හිමි විය.

ඇය දින ගණන් බන්ධනාගාරය අසල රැඳෙමින් විරෝධතා පැවැත්වූවාය. එහෙත් බොහෝ දෙනා ඇය දෙස බැලුවේ මානසික ගැටලුවක් ඇති අයෙකු ලෙසිනි. පෙම්වතා නිදහස් කරගැනීමට නොහැකි වුවද, ඇය මංගල ඇඳුම සකස් කරගෙන අවසර ලබා බන්ධනාගාරය තුළදී චාරිත්‍රානුකූලව විවාහ වූවාය.

එම අරමුණ වෙනුවෙන් ඇය “සිරකරු සුරැකීමේ සංවිධානය” නමින් එකමුතුවක්ද ආරම්භ කළාය. නමුත් ඒ සඳහා එක්වූ පිරිස ඉතා අඩු විය. ගැහැනුන් හා පිරිමින් බොහෝ දෙනා ඇයව මඟහැර ගියහ. මාධ්‍ය කිහිපයකට අදහස් දක්වමින් ඇය කෙටි කලක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. එහෙත් ඇය වැඩිපුරම ජනප්‍රිය වූයේ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ හැසිරීම් හේතුවෙන් උපහාසයට ලක්වීම නිසාය.

කෙසේ වෙතත්, තමන් විශ්වාස කළ මතයක් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරමින්, අර්බුද මැද දිගු ගමනක් යාමට බලාපොරොත්තු වූ තරුණ, මැදිවියට ආසන්න කාන්තාවක් වූ ඇය, පසුව රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් ජීවිතයෙන් සමුගත්තාය. එය සිදු වූයේ කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව, කිසිවෙකුටත් නොදන්වා, දුප්පත්කමද තුරුලු කරගෙනය.

මිනිස් ජීවිතය යනු අනපේක්ෂිත හැරවුම්වලින් පිරුණු ගමනකි. අප යාමට සැලසුම් කළ මාවත වෙනස් වී, කිසිදා නොසිතූ මඟක ගමන් කිරීමට සිදුවන්නේ කුමන මොහොතේදැයි කිසිවෙකුට කිව නොහැක. ඇගේ ජීවිත කතාව එම සත්‍යය තවත් වරක් අපට මතක් කර දෙයි.

උපුටා ගැනීමකි

✅ වාහනවල තනියම වැඩ කරත්දී ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න...   🎈ජැක් ගහන කොට අඩේට එක්‍ස්ට්‍රා කොටයක් වත් අනිවාර්යයෙන් තියා ගන...
10/06/2026

✅ වාහනවල තනියම වැඩ කරත්දී ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න...

🎈ජැක් ගහන කොට අඩේට එක්‍ස්ට්‍රා කොටයක් වත් අනිවාර්යයෙන් තියා ගන්න...

අස්සෙ වැඩනම් ජැක් ශුවර් කරන්න එපා 🥺😢

(නිවන් සුව ලැබේවා සහොදරා🙏)

©️Photo Credit goes to Respective Owners

🇱🇰

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when ආදර මායාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ආදර මායාව:

Share