දහම් ලිපි සරණිය - Daham Lipi

දහම් ලිපි සරණිය - Daham Lipi ශ්‍රී දළදා මාළිගාවේ දේශීය බෞද්ධ කටය? පරම පූජනීය වූ, අර්ථවත් ජීවිතයක ඇරඹුම සඳහා
෴ දහම් ලිපි සරණිය ෴

මුදල් වියදම් නොකර නොමිලේ  කළ හැකි මහ පින්කම් 100 ක්🔶1) බුදු ගුණ මෙනෙහි කිරීම🔶2) දම් ගුණ මෙනෙහි කිරීම🔶3) සඟ ගුණ මෙනෙහි කි...
14/12/2022

මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් 100 ක්
🔶1) බුදු ගුණ මෙනෙහි කිරීම
🔶2) දම් ගුණ මෙනෙහි කිරීම
🔶3) සඟ ගුණ මෙනෙහි කිරීම
🔶4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.
🔶5) නිති පන්සිල් සමාදම් වීම
🔶6) පන්සිල් කඩ නොකොට රැකීම
🔶7) උදේ සවස බුදුන් වැදීම
🔶8) අට සිල් සමාදන් වී රැකීම
🔶9) නවංග සීලය සමාදන් වීම
🔶10) දස සිල් සමාදම් වීම
🔶11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම.
🔶12) භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.
🔶13) ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
🔶14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම
🔶15) ධර්මය කියවීම
🔶16) වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )
🔶17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
🔶18) දුගීව සිටද , හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )
🔶19) පින් දීම
🔶20) සත්‍ය කථා කිරීම
🔶21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම
🔶22) හිස් වචන කතා නොකිරීම
🔶23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම
🔶24) ගිලානෝපස්ථානය
🔶25) පහන් සිතින් යුතුව මල් ආසන සෝදා සුද්ධ පවිත්‍ර කිරීම
🔶26) මල් පූජා කිරීම
🔶27) ලෝක සත්වයා හට මොහොතක් හෝ මෙත් වැඩීම සහ මෙත් පැතිරවීම
🔶28)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම සහ පැතිරවීම
🔶29) දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම
🔶30) ධර්මය හැදෑරීම
🔶31) අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම
🔶32) අභිධර්මය හැදෑරීම
🔶33) ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම
🔶34) ධර්මය වන පොත් කිරීම වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම
🔶35) නෙක්කඛම්මය
🔶36) සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභයෙන් අවසන්ව යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. පලමු පිඩ තැබීමෙන් වලකින්න .ඒ අවස්ථාවේදී ආනිශංස 200 ක් සිදුවෙන බව ධර්මයේ සදහන් . එම ක්‍රියාව වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🔶37) ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ
🔶38) පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන වැනි)
🔶39) ප්‍රත්‍යවේක්ෂා කිරීම
උදාහරණයක් ලෙස
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය බලන්න.
ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යවේක්ෂාව වෙනවා. සිව් පසයත්
ප්‍ර‍ත්‍යවේක්ෂාවෙන් (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්‍යවේක්ෂා කරනවා.
🔶40) සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.
🔶41) තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
🔶42) අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
🔶43) මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.
🔶44) දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
🔶45) සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම
🔶46) බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.
🔶47) අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම
🔶48) මල් ආසන කැඩී බිදී ඇත්නම් පිලිසකර කිරීම
🔶49) බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.
🔶50) පන්සල් පිරිසිදු කරදීම.
🔶51) අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🔶52) නින්දට පෙර පන්සිල් සමාදන් වීම.
🔶53) නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.
🔶54)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.
🔶55)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.
🔶56)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
🔶57) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
🔶58) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම
🔶59) තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම
🔶60) දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
🔶61) ත්‍රිපිටකය අටුවා ටීකා ධර්ම ග්‍රන්ථ ආදිය අඩංගු මෘදුකාංග ස්ථාපනය කර දීම
🔶62) ධර්ම මෘදුකාංග, වෙබ්අඩවි භාවිතා කරන අයුරු ඉගැන්වීම
🔶63) ධර්මය නොදන්නා අයට පැහැදිලි කරදීම/ නිර්වචනය කරදීම.
🔶64) සැමවිටම මනා සිහියෙන් ගත කිරීම.
🔶65) ගස්වල ඇති මල් බුදු රදුන්ට පූජා කිරීම
🔶66) ගස්වල ඇති මල් කැකුළු බුදුරදුන්ට පූජා කිරීම.
🔶67) ගස්වල ඇති මල් ධර්ම රත්නයට පූජා කිරීම.
🔶68) ගස්වල ඇති මල් කැකුළු ධර්ම රත්නයට පූජා කිරීම.
🔶70 ගස්වල ඇති මල් සංඝ රත්නයට පූජා කිරීම.
🔶71 ගස්වල ඇති මල් කැකුළු සංඝ රත්නයට පූජා කිරීම.
🔶72) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා රෝපනය කිරීම
🔶73) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා පැල පැල කර අවශ්‍ය අයට නොමිලේ බෙදා දීම.
🔶74) එම සිටවූ තුරුලතා පෝෂණය කර රැක බලා ගැනීම.
🔶75) පරිසරයේ ඇති වටිනා තුරුලතා රැක බලා ගැනීම සහ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම
🔶76) තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරු ගස්වල පලවැල නෙලෙන විට සියලුම පලවැල කඩා නොගෙන ගෙඩි කිහිපයක් සතා සිව්පාවුන් වෙනුවෙන් ඉතිරි කිරීම.
🔶77) අහිංසක සතුන් ගෙවත්තට පැමිණි විට හිංසා නොකිරීම
🔶78) අහිංසක සතුන් වෙනුවෙන් කෑම දැමීම සදහා කෑම ලෑල්ලක් පිලියෙල කිරීම.
🔶79) අහිංසක සතුන්ට ජලය බීමට ජලය රැස් කර ගත හැකි ස්තානයක් තම ගෙවත්තේ පිලියෙල කිරීම.
🔶80) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම ආහාර තැබීම.
🔶81) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම සතුන් වෙනුවෙන් ජලය තැබීම.
🔶82) තම ගෙවත්තේ සතුන්ට කෑම සහ ජලය තැබීමට වෙන්කල ස්ථාන පිරිසිදු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
🔶83) සැමට ප්‍රිය උපදවන ලෙස තම නිවස සහ ගෙවත්ත පිරිසිදුව සහ පිලිවෙලකට තබා ගැනීම.
🔶84) තම මා දෙමාපියන්ව රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වස්තුවලින් සංග්‍රහ කිරීම.
🔶85) මා දෙමාපියන් හැර තම පවුලේ වැඩිහිටි වයසක ඇත්තන් රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වලින් සංග්‍රහ සහ අනුග්‍රහය දැක්වීම.
🔶86) අසල්වාසීන්ට/ නෑදායින්ට තම හැකි පමණින් උදව් පදව් කිරීම
🔶87) ගම්වාසීන්ට තම හැකි පමණින් උදව් සංග්‍රහ කිරීම.
🔶88) ගමේ සිදුවන පොදු කටයුතුවලට සම්බන්ධ වීම
🔶89) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී සුද්ධ පවිත්‍ර කිරීම
🔶90) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම
🔶91) ගමේ යම් කිසි අයෙකුට කරදරයක් වූ විට හැකි පමණින් උදව් උපකාර කිරීම .
🔶92) තමා එම දිනයේ කල පිංකම් දිනය අවසානයේ මෙනෙහි කර සතුටු සිතින් නින්දට යෑම.
🔶93) නිදා ගැනීමට ප්‍රථම පංසිල් සමාදම් වී විනාඩි පහක් පමණ ලෝකයා වෙනුවෙන් මෛත්‍රීය වැඩීම.
🔶94) තමා කළ සෑම පිංකමක් ම සටහන් කර තබා පිං පොතක් පවත්ව ගෙන යාම. (මේ කරුණ ජීවිතයේ ඉතාම වටිනා දෙයක් සේ සලකා අනුගමනය කරන්න)
🔶95) දිනය, මාසය,අවුරුද්ද අවසානයේ පිංපොත බලා නැවත නැවතත් මෙනෙහි කර තමන් කළ පිංකම් ගැන සතුටුවන්න.
🔶96) පිං කිරීම,සිල් රැකීම, ධර්මයේ හැසිරීම යන කරුණු තමන්ගේ ජීවිතයේ තරුණ කල සිටම ආරම්භ කරන්න .
🔶97) සැමවිටම ධර්මයේ සදහන් දස කුසල්ම වඩන්න. දස අකුසල් වලින් හැකි පමන ඈත් වන්න.
🔶98) ජීවිතයේ සැදෑ සමය සැමට කරදරයක් නොවන සේ ගත කරන්න.
🔶99) සැදෑ සමයේදී ධර්මය ගැන, තමා පෙර කල පිංකම්, පිං පොත නිතරම මෙනෙහි කරන්න.
🔶100) අවසානයේ ඉතාමත් සතුටු සිතින් තම කළ පිංකම් ගැන මෙනෙහි කරමින් කැමති ස්ථානයක තම සිත පිහිටවා නිවන අරමුණු කරගෙන මෙලොව සැමගෙන් මෙන්ම තව ජීවිතයේනුත් සමු ගන්න.
මේ සියලු පින්කම් නිවන් දැකීමටම උපකාර වෙත්වා🙏
මේ කරුණු ගැන ඔබත් දැනුවත් වී අනිකුත් අයත් දැනුවත් කරන්න

Address

Kandy

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 13:30

Telephone

+94812204684

Alerts

Be the first to know and let us send you an email when දහම් ලිපි සරණිය - Daham Lipi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to දහම් ලිපි සරණිය - Daham Lipi:

Share