05/08/2025
ආතතියෙන් මිදෙන්න - නිදහස්ව සිතන්න
දෙදින නේවාසික ප්‍රායෝගික හා මනෝ විද්‍යාත්මක වැඩමුළුව..............................................................................................
අප සමාජයේ තරුණ පරපුරේ සිට වැඩිමහල් අය දක්වා බොහෝ දෙනෙක් දිනපතා අධික කාර්ය බහුලතාවය, ආර්ථික පීඩා, පවුල් ගැටලු, සමාජ තර්ජන සහ තාක්ෂණික හා ඩිජීටල් ඇබ්බැහිවීම් වැනි නොයෙකුත් හේතු නිසා තදබල ආතතියෙන් සහ විවිධ මානසික ගැටලු වලින් පෙළෙති. මේ තත්වයන් සියදිවි හානිකරගැනීම්, පවුල් අවුල් වීම් සහ දික්කසාදය, සිහිය විකල් බව ඇතුළත් විවිධ මානසික රෝගයන්ට ගොදුරුවීම දක්වා පැතිර ඇති බවට දිනපතා හමුවන පුවත් සාක්ෂි දරයි.
අපට මේවා වලක්වාගත හැකිය.
ඒ සදහා,
• ආතතිය කළමනාකරණය,
• චිත්තවේග පාලනය,
• විශාදය සහ භීතිය සමනය,
• සාර්ථක සන්නිවේදනය,
• සමාජ කඅසලතා සංවර්ධනය,
• දෛනික ජීවිතයට ධනාත්මක බලවේගයක් එක් කිරීම
• පෞරුෂ කුසලතා සංවර්ධනය
යන කරුණු මූලික කරගනිමින් සැලසුම් කර ඇති නේවාසික වැඩමුළුවක් ඔබ සදහාම සංවිධානය කර ඇත. මෙය ඔබට නැවත ජීවිතය සමඟ සංවාදයක යෙදීමට සහ මානසික ශක්තිය සොයා ගැනීමට උදව් කරනු ඇති බව විශ්වාස කරන්න.
වැඩමුළුවේ විශේෂත්වය
✅ දෙස් විදෙස් අත්දැකීම් සහිත/පුහුණු මනෝවිද්‍යා උපදේශකයින්ගේ මග පෙන්වීම සහිත
✅ චිත්තවේග පාලනයේ හා කළමණාකරණයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග
✅ මිතුරන් හා විශ්වාසනීය පරිසරය නිර්මාණය කර ගැනීම
✅ විවේකීය සන්නිවේදනය, විනෝදාත්මක හා කලාත්මක ක්‍රියාකාරකම් සහිත
✅ ජීවන ආකල්ප නවීකරණය කිරීමේ ක්‍රම ඇතුළත්
✅ මිත්‍රශීලී මගපෙන්වීම සහිත
වැඩමුළුවේ විස්තර
දිනය : ලියාපදිංචියෙන් පසුව දැනුම් දෙනු ඇත.
ස්ථානය : මහනුවර, පහසු හා නිසංසල පරිශ්‍රයක
කාලය : දිවා/රාත්‍රි නේවාසිකව
ගාස්තු : රු - 10 000/- (කොටස් දෙකකින් ගෙවිය හැකිය)
වෙනත් : ආහාර, නවාතැන්, පුහුණු සහ අවශ්‍ය පුහුණු ද්‍රව්‍ය සැපයේ. /භාරකරුවන්ටද පැමිණිය හැක.
කවුරුන්ට අදාළ ද?
👉 ආතතිය සහ විශාදයෙන් මිදී නිදහස් ජීවිතයකට උනන්දුවක් ඇති ඕනෑම පුද්ගලයෙකුට
👉 සාර්ථක සම්බන්ධතා සහ සමාජශීලී හැසිරීම පුහුණු කර ගැනීමට අවශ්‍ය අයට
👉 දෛනික ජීවිතය වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට කැමති අයට
👉 සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීමට අපේක්ෂා කරන්නන්ට
👉 ඩිජිටල් තාක්ෂණයට/දුරකතන ඇබ්බැහිව ඉන් මිදීමට අවශ්ය යෞවනයන්ට
👉 ව්‍යවසායකයින්ට
👉 විභාගවලට පෙනිසිටිමට නියමිත තරුණ සිසුන්ට
________________________________________
අප හා සම්බන්ධ වන්න
📞 දුරකථන : Kasun - 0766020889, Niluka - 0772004177
📧 Email : [email protected]
💬 WhatsApp : 0766020889, 0772004177
Child Care Path Lanka හි උපදේශන හා මාර්ගෝපදේශ අංශයේ සමාජ සත්කාර වැඩසටහනකි
------ ආරක්ෂිත පරිසරයක, සතුට සහ ශක්තිය නැවත සොයා ගන්න!-----